යුරෝපානු වාහන එකලස් කරන්න කුලියාපිටිය සු

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    යුරෝපානු වාහන එකලස් කරන්න කුලියාපිටිය සු

    යුරෝපානු මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීම කුලියාපිටිය ලබුයාය මහනුගවත්ත ප්‍රදේශයේදී අද සිදුවනවා.

    ඒ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ආරාධනයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ සහභාගිත්වය ඇතිවයි.

    අක්කර පනහක පමණ භූමියක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ඩොලර් මිලියන විසිහයයි දශම පහක ආයෝජනයකින් මෙම මෝටර් රථ කර්මාන්ත ශාලාව ආරම්භ වනවා.

    වෙස්ටර්න් ඔටෝමෝබයිල් ඇසම්බ්ලි ප්‍රයිවෙට් ලිමිටඩ් යනුවෙන් මේ දේශීය සමාගම ආරම්භ වන අතර වොක්ස්වාගන් පමණක් නොව රෙනෝල්ට්, අවුඩි ඇතුළු යුරෝපයේ නිෂ්පාදනය කෙරෙන වාහන වර්ග රැසක් එකලස් කිරීම මෙහිදී සිදු වනවා.

    මේ ව්‍යාපෘතිය තුළ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙන්ම තරුණ තරුණියන්ට මෝටර් රථ කර්මාන්තය පිළිබඳ පුහුණුව ලබාදීමත් සිදුකිරීමට නියමිතයි.

    එමගින් තරුණ තරුණියන් සඳහා රැකියා 3000ක් ද වක්‍ර රැකියා 10000ක් ද ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

    මෝටර් රථ කර්මාන්ත ශාලාව තුළ ඇන්ජින් ධාරිතාව 1000 සහ 2000 වන මගී මෝටර් රථ, ක්‍රීඩා සඳහා භාවිතා වන මෝටර් රථ, සහ වෙළෙඳවාහන, ආදිය එකලස් කිරීමට නියමිතයි.


    Untitled-1024x486.png


    nethgossip.lk
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කෝ මේ රජාගේ මීඩියා යුනිට් එකේ එවුන්????

    බැනපල්ලා මොකක් හරි කියලා නැත්තන් පඩි හම්බවෙන එකක් නෑ.....
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    කෝ මේ රජාගේ මීඩියා යුනිට් එකේ එවුන්????

    බැනපල්ලා මොකක් හරි කියලා නැත්තන් පඩි හම්බවෙන එකක් නෑ.....

    :lol::lol:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    හොද වාහනයක් අඩුවට ලෑබෙනවනම් හොද දෙයක්. :) :)
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කෝ මේ රජාගේ මීඩියා යුනිට් එකේ එවුන්????

    බැනපල්ලා මොකක් හරි කියලා නැත්තන් පඩි හම්බවෙන එකක් නෑ.....

    ගූගල් බැලුන් වලට උන දේ මතකයි නේද? එලකිරියෙ අදහස් ප්‍රකාශ කිරීමේදී පරිස්සම් වෙයන්. උඹේ රිප්ලයි කවුරු හරි එකෙක් බුක්මාර්ක් කරල තියාගෙන පස්සෙ කාලෙක බම්ප් කරොත් තොටත් වෙන්නෙ ගාසට වෙච්ච දේම තමයි.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    යකෝ වාහන එකලස් කරන ඒවා ලංකාවේ කොච්චර නම් තියනවද​? ඇයි මේ ආණ්ඩුවෙ උන් මේකට මෙච්චර උඩ පනින්නේ. :lol: :lol: :lol: