Earn Decent Money From Dialog Idea Mart!

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Programing දැනුම නැති සහ ඇති අයට මුදල් ඉපයීම සදහා DIM..

    Part - 1

    මොකද්ද මේ Dialog Idea Mart එක කියන්නේ! :rolleyes:



    oie_transparent-21.png



    මේ ලිපිය මම ලියන්න පටන් ගත්තේ හරියටම January 10 වෙනිදා රෑ 1ත් පහුවෙලා. එතකොට මම මේ ලිපිය ලියලා ඉවර වුනේ අද තමයි. දවස් 5ක Trip එකක් ගියා පවුලේ අයත් එක්ක. අද තමයි ආවේ ඉතින්. ගොඩාක් PM ඇවිත් තියනවා පේනවා. ඒ හැම එකකටම Reply දාන්නම් අනිවාර්යයෙන්.:yes:


    හොදයි. ගොඩාක් අය මේ ගැන දන්නවා ඇති. මම මේ Idea Mart ගැන කරපු Research එකක ප්‍රතිපල විදියට මම ඒ සොයාගත් කරුනු නොදන්නා අය වෙනුවෙන් ගොනු කල යුතුයි යන සිතිවිල්ල ඇතිව මේ ත්‍රෙඩ් එක දාන්න තීරණය කලේ.
    අපි කාරණාවට බහිමු. :yes::)


    Dialog Idea Mart එක කියන්නේ තාක්ෂණය පැත්තෙන් ලංකාවේ අලුත් දෙයක් කරන්න හිතන ඒ වගේම අලුත් විදියට හිතන , යම් දෙයක් දිහා වෙනස් විදියට බලලා යම් නිර්මාණයක් කරන්න පුලුවන් අයට අත දීමක් විදියට ඩයලොග් ආයතනයෙන් හදුන්වා දුන් වෙලදපොලක් කියන එකයි සරල තේරුම නම්.


    සරලවම කියනවා නම් මෙතනදී වෙන්නෙ අලුත් දෙයක් හිතලා ඒ හිතපු දේ සරලව ඇප් එකක් බවට පත් කිරීමෙන් පස්සේ ඒ ඇප් එක කරන්න අවශ්‍ය වෙලදපොල සකසා දීම. හැබැයි ඔවුන් මේ අතදීම කරන්නේ ඒ වෙනුවෙන් මහන්සි වෙන සහ ඒ හදන Idea ඇප් එක ශ්‍රී ලංකාවට ගැලපෙන විදියේ නිර්මාණයක් නම් විතරයි.:yes:


    ඒ වගේම මේකෙන් ගොඩ යන අය වගේම ආරම්භ කරලා මාස 5ක් 6ක් වැනි කෙටි කාලයක් තුල විශාල වශයෙන් ඒ කියන්නෙ ලක්ෂ ගණනින් මුදල් හොයපු අය සමඟ කල interviews සියලු තොරතුරු සාක්ෂි සහිතව මේ ත්‍රෙඩ් එක තුල අන්තර්ගත කරන්න මම තීරණය කලා.:yes:


    වැදගත්ම දේ තමයි මේ ඇප් හදන්න ලොකු ප්‍රොග්‍රෑමින් දැනුමක් තියෙන්න අවශ්‍ය නැති කම. ඒක මම කිවුවාම ගොඩාක් අයට හිතෙන දෙයක් තමයි ඒ කොහොමද එහෙම වෙන්නෙ කියන එක.:yes:

    මම ඒක උදාහරණ ඇතුව විස්තර කරලා දෙන්නම් ඉදිරියේදී.. දැන් කවුරුවත් මගෙන් අහන්න එපා මම මේක කලාද කියලා. නැහැ. මම මේ පැත්තට යොමු උනේ නැහැ. ඒ වෙලාවක් වෙන් කරගන්න මට අපහසු නිසාමයි.


    එහෙනම් මම මේ ගැන කියන්නේ ඇයි?

    හේතුව මේ දේ කරලා කෙනෙක්ට දියුනු වෙන්න පුලුවන් බව මම ඉදුරාම දන්නා නිසා. හැබැයි ඒකට හොද චින්තන හැකියාවක් තියෙන්න ඕනෑමයි. හේතුව අපි නිර්මානය කල යුත්තේ අලුත් දෙයක් නිසා.
    කාටවත් නොහිතෙන අලුත් දෙයක් නිසා.:yes:


    හොදයි ඉතිරිය පටන්ගන්න කලින් මේ News Paper Article එක බලලා එන්න.:yes:


    News Paper Article


    මේ කවුද?:confused::confused:
    මොහු ලංකාවේ ලාබාලම ලක්ෂපතියා කිවුවොත් මම නිවැරැදියි. නමින් දිලින දක්ශිල මොල්ලිගොඩ ( Facebook Profile : Link ) වන මොහු මේ අවුරුද්දේ තමයි A/L විභාගය ලියන්නේ.
    බලන්න මේ දිලින මල්ලිට Software Knowledge එකක් තිබිලද අද මෙතන ඉන්නේ. නැහැ යාලුවනේ.!


    මේ මලයා අලුත් විදියට හිතලා අලුත් නිර්මාණයක් බිහි කල නිසයි අද ඔහු මේ තැනට ඇවිත් ඉන්නේ. ඔහු කිසිම Programming ගැන දැනුමක් නැතුව කොහොමද මේ නිර්මානය බිහි කලේ . ??:shocked:


    ඒ ඔහුගේ නව නිර්මාණය දිලින මල්ලී සුලු මුදලක් වියදම් කරලා දැනුම තියන කෙනෙක්ට කියලා සකස් කරගත් එකක්. අන්න ඒ නිසයි මම මුලදී කිවුවේ මේ ඇප් හදන්න ප්‍රෝග්‍රෑමින් දැනුමක් තියෙන්නම ඕන නැහැ කියල. :yes::yes:


    ඉතින් ඔයාලටත් බැරිද ඔහු ආපු තැනට එන්න.??:confused:
    පුලුවන්.


    මොකද්ද කරන්න අවශ්‍ය වෙන්නේ. ??:confused:
    පලවෙනි එක ඔයාලා තමන්ට බැහැ කියන මානසිකත්වයෙන් අයින් වෙන්න ඕන.:yes:
    දෙවෙනි එක ඔයාලා හිතන විදිය වෙනස් කරගන්න ඕන.:yes:
    තුන්වෙනි එක අවංකව කැප වෙලා තමන්ගේ දියුනුව සලසාගන්න ඕන කියලා හැම මොහොතකදීම හිතන්න ඕන.:yes:


    හොදයි . මේ දේවල් එක එකක් ගැන වෙන වෙනම මම පහදලා දෙන්නම් මම සොයාගත්තු කරුනුත් එක්ක.:)


    මේ මොන දේ කරන්නත් අපි මුලින්ම කරන්න ඕන Dialog Connect Account එක හදාගන්න එක.
    මොකද Idea Mart එකට ලොග් වෙන්න නම් ඔයාලට Dialog Connect Account එකක් අවශ්‍ය වෙනවා.:yes:


    ඒක කරන්නේ මෙහෙමයි.:)


    Step 1
    යන්න මේ ලින්ක් එකට connect.dialog.lk


    11-1024x599.png




    Step 2
    දකුනු පැත්තේ තියනවා “Create an accountකියලා තැනක්. අන්න ඒක ක්ලික් කරන්න.:yes:




    Step 3
    ඔයාගේ ඇත්තම තොරතුරු ඇතුලත් කරන්න.:yes:


    3-1024x679.png




    Step 4
    සියලු තොරතුරු ඇතුලත් කරාට පස්සෙ ඔයා දුන්නු Email ඇඩ්‍රස් එකට එනවා Verification code එකක්. අන්න ඒ Code එක Submit කරන්න ඊලඟට.:yes:


    4-1024x430.png




    Step 5
    Verification Code එක Submit කලාට පස්සේ ඔයාලා දුන්නු Email ඇඩ්‍රස් එකයි Password එකයි ලබාදීලා Login වෙන්න.:yes:

    6-1024x422.png




    Step 6
    පලවෙනිවතාවට ලොග් වෙද්දී මෙන්න මේ තොරතුරු නිවැරැදිව ලබාදීලා අනන්‍යතාව තහවුරු කරන්න.:yes:

    7-1024x515.jpg



    Step 7
    සියලු තොරතුරු ඇතුලත් කරන්න.:yes:




    Step 8
    Connection එකත් ඇතුලත් කරන්න. මෙය සිදු කිරීම අත්‍යාවශ්‍යයි .:yes:

    9.png




    Step 9
    ඔයා පාවිච්චි කරන SIM වර්ගය (i.e. DTV, Mobile, Fixed) සඳහන් කරලා ඊලඟට ඔයාගේ එක ඇතුලත් කරන්න ‘0’ නැතුව.:yes:

    10-1024x420.png




    Step 10
    ඊලගට ඔයා ඇතුලත් කරන එකට එනවා Verification SMS එකක්. අන්න ඒ Phone Number එක තමයි දිගටම ඔයාලගේ Access Number එක වෙන්නෙත්.:yes:



    Step 11
    දැන් ඔයාලාට පුලුවන් එකෙන් වැඩ කරන්න. පලවෙනි වතාවට Log වෙනවානම් ඔයාලාට Form එකක් Fill කරන්න වෙනවා. ඔයා ඒකට දාන තොරතුරු ගැන දැනට දැනීමක් නැත්නම් පස්සෙ Fill කරන්න පුරවන්න පුලුවන් වෙන්න, දැනට තාවකාලික තොරතුරු වලින් Fill කරන්න. :yes:



    Idea Mart එකේ ක්‍රියාවලිය සිද්ධවෙන හැටි...


    Idea Apps Platform එක Link here


    ප්‍රධාන වශයෙන්ම මේ Idea Apps Platform එක හදලා තියෙන්නෙ Non- Developersලාට. ඒ කියන්නේ Programming Knowledge එකක් නැති අය වෙනුවෙන්. :):)


    ඔයාට පුලුවන් මේ Platform එකේ තියන ඇප්ලිකේශන් වර්ග කිහිපය අතුරින් ඔයාට ගැලපෙන හොදම ඇප් වර්ගය තෝරාගන්න ඔයාගේ අවශ්‍යතාවය අනූව.:):)

    ඔයාගේ මාතෘකාවට අදාලව Idea ඇප් එක හදාගත්තට පස්සේ, ඔයාට පුලුවන් ඒ හදන Idea ඇප් එකට අදාලව Dedicated SMS Short Code (i.e : 7788, 770077, 40440, 22002.. etc) එකක් හදාගන්න ඔයා කැමති විදියට.:yes::yes:


    Short Code එක හදාගන්න හේතුව තමයි යාලුවනේ ඒ SMS Code එක පාවිච්චි කරලා ඔයාලට පුලුවන් ඔයාව Subscribeකරන්න කියලා මිනිස්සුන්ට කියන්නත්, ඒ වගේම ඔයාගේ Product එකට, ඔයා කරන Project එකට පුද්ගලයින්ව සම්බන්ධ කරගන්නත්.:yes:



    මොනවද මේ Idea Mart Apps Platform එකෙන් කරන්න පුලුවන්? :cool:




    • විනෝදාත්මක දේවල්, අධ්‍යාපනික දේවල්, තොරතුරු සම්බන්ධ දේවල්, සහ දැන්වීම් වගේ දේවල් සම්බන්ධ හදන්න පුලුවන්. Create Fun based (Daily Joke), Educational Based (Marketing tip of the day), Information Based (Techwire) and Notice based (Cricket Score) alerts.

    • Mobile Twitter එකක් විදියට පාවිච්චි කරන්නත් පුලුවන්. ( මහජන නියෝජිතයන්ට සහ යම් මත දරන්නන්ට තමන්ගේ මතය මහජනතාව අතරට ගෙන යන්න මාධ්‍යයක් වශයෙන් ..) Use as a mobile twitter. (For public figures and opinion leaders)

    • යම් සංවිධානයක තොරතුරු එම සංවිධානයේ සාමාජිකයන් අතරට ක්ෂණිකව දැනුම් දීම සඳහා සහ අසරන වූවන් වෙනුවෙන් මුදල් එකතු කිරීමේ කර්තව්‍යයකදී. SMS alerts to membership bases on various functions, gatherings and activities as fund raisers.

    • විශේෂ තොරතුරු ගැන දැනුවත් කිරීමට, ක්ෂණික දැන්වීම් වලට සහ හමුවීම් පිලිබඳ දැනුම් දීම පිලිබඳව. Informing of special events, quick notices and meetings alerts.

    • රහසිගත ඡන්දයක් පැවැත්වීමෙදී ඡන්දය ලබාදීම සඳහා. Poll / Vote (Including secret Ballot) on ideas presented.

    • ප්‍රශ්න සහ පිලිතුරු සැපයීමේ මධ්‍යස්ථානයක් වශයෙන්. Question and Answer sessions.

    • සාමාජිකයන්යින්ගේ අදහස් දැනගැනීම සඳහා සහ මහජන අදහස් දැනගැනීම සඳහා මාධ්‍යයක් වශයෙන්. Gather feedback information from memberships or the general public.



     
    Last edited:

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Part - 2

    හොදයි. අපි බලමු දැන් මොනවද මේ Idea Apps වර්ග කියලා.:yes:


    Idea Mart Apps


    Idea App එකක් විනාඩි 5කදී හදාගන්න ඔබටත් පුලුවන්..!:yes::D


    දැන් කියන්න යන්නේ... :yes::yes:

    Idea Mart වල කිසිම Coding Skill එකක්, කිසිම Programming Code එකක් පාවිච්චි නොකර SMS මූලික පදනම කරගත් ඇප්ලිකේෂන් එකක් සකස් කරගන්න (SMS based applications ) පුලුවන් වීම
    සහ
    ඉක්මනින් හා පහසුවෙන් ගැලපෙන audienceලාට ඔයාගේ message එක යවන්න පුලුවන් වෙන්න සකස් කරගන්න පුලුවන් ආකාරය Dialog Idea Mart එකෙන් සලසා දී ඇති ආකාරය ගැනයි. :yes::yes:


    ඒ වගේම ඒ Messages ඔයාලාට යවන්න පුලුවන් Daily Messages විදියට. එහෙමත් නැත්නම් මුලින් සඳහන් කලා වගේ ඔයාලගේ අවශ්‍යතාව වෙනුවෙන්.:yes:


    දැන් ඒ මූලික Idea Application ගැන සඳහන් කරන්නම්.;););)



    1) Voting Applications – ඡන්දය ලබාදීමට ඇප්ලිකේෂන්ස්:)

    මෙහිදී සිදුවන්නේ ඔයාලාට ඉඩ ලබාදෙනවා ඔන්ලයින් මත විමසීමක් කරන්න පුලුවන් විදියට ඇප් එකක් නිර්මාණය කරලා ලියාපදිංචි වෙන අයගෙන් ඡන්දය ලබාගන්න නම් කරන පුද්ගලයින් වෙනුවෙන්.
    උදාහරණ විදියට:

    • සිරස සුපර් ස්ටාර්/ Derana Dream Star තරගාවලියේ ඔබ කැමතිම තරුව තෝරන්න ඔබට SMS වලින් ඡන්දය ප්‍රකාශ කරන්න ලැබෙන අවස්ථාව.. :P
    • සමිතියට සභාපති තොරා පත් කර ගැනීමේදී..



    2) Contact Applications – පණිවිඩ ලබාදීමට ඇප්ලිකේෂන්ස්:)

    Subscribe කරපු අයට Requestඑකක් කරලා message එකක් යවන්න, ඔවුන්ගේ අදහස් දක්වන්න, යෝජනා චෝදනා යොමු කරන්න මේ වර්ගයේ ඇප්ලිකේෂන් භාවිතා කරන්න පුලුවන්.
    උදාහරණ විදියට:

    • කැමතිම සිංදුවක් ඉල්ලන්න ..
    • Web Site එකකට Feedback එකක් දෙන්න..



    3) Alert Applications – ක්ෂණික පණිවිඩ ලබාදීමේ ඇප්ලිකේෂන්ස් ..:)

    ක්ෂණික පණිවිඩ යැවීමට, අනතුරු ඇඟවීමක් කිරීමට, හදීසි ආපදා තත්ව දැනුම් දීමට, වෙනත් විචිත්‍රවත් අවස්තා පිලිබඳ දැනුම් දීමට, ජාතික උත්සව පිලිබඳ දැනුම් දීමට මේ මේ වර්ගයේ ඇප්ලිකේෂන් භාවිතා කරන්න පුලුවන්.
    උදාහරණ විදියට:

    • ක්ෂණික පණිවිඩ ප්‍රවෘත්ති සේවාව – Ada Derana , News1st, Hiru News
    • හදීසි ආපදා තත්ව දැනුම් දීමට.. ( ගං වතුර, සුලි සුලං)



    4) Services Applications – සේවාවන් සැපයීමට භාවිතා කරන ඇප්ලිකේෂන්ස්..:)

    මේක තමයි ඔයාලට හොදින්ම මුදල් උපයන්න පුලුවන් එක කිවුවොත් මම නිවැරැදියි.
    මේකෙදි කෙරෙන්නේ ඔයා සකස් කරන ලද SMS සෙට් එකක් ඒ කියන්නේ ඔයාගේ Idea එකට අදාලව සකස් කරගනිපු Messages, Tips සෙට් එකක් ඔයාව Subscribe කරපු Subscribersලාට පැයෙන් පැයට, දිනපතා, සතිපතා සහ මාස්පතා වශයෙන් SMS විදියට Automaticallyයවන්න පුලුවන් විදියට සකස් කරන එක.
    උදාහරණ විදියට:

    • ඔයාට පුලුවන් ඔයා කරන බ්ලොග් එකට අදාලව Posts Updates Messages විදියට ඔයාව Subscribe කරන අයට යවන්න.
    • ඔයා කරන්නේ Fashion Store එකක් නම් අලුත්ම Fashion Deals / Sale Discounts ගැන Customersලාව දැනුවත් කරන්න පුලුවන්..
    • එතකොට දිලින මල්ලී කරපු ඔබේ ප්‍රියතම අය සිටින ස්ථානය දැනගන්න හදපු ඇප් එක..
    • ඔයා සූප ශාස්ත්‍රයේ ප්‍රවීනයෙක් නම් කෑම හදන කොට පාවිච්චි කරන Tips Tricks ගැන..
    • Celebritiesලා ගැන නවතම තොරතුරු Subscribersලාට දන්වන්න..
    • දිනපතා රටේ සිදුවන විශේෂ සිදුවීම් ගැන දැනුවත් කරන්න..


    මේ වගේ දේවල්ම නැතුව අලුත් දෙයක් හිතලා කරන්න..:yes::yes::)

    Newspaper article for clue : Link
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Part - 3

    ගෙවීම් සිදුවෙන්නෙ මෙහෙමයි යාලුවනේ.. :yes:

    Sign up වලටයි registration වලටයි ඔයාගේ සතයක්වත් අය වෙන්නෙ නැහැ. ඒ හැම දෙයක්ම නොමිලේ ..:)


    ඔයාගෙන් මුදලක් අයවෙන්නේ ඔයාව Subscribe කරන Userගෙන් Share එකක් විදියට. ඒ කියන්නෙ ඇප් එක හදන ඔයාට ලබෙනවා එක Subscriberකෙනෙක්ගෙන් 70%ක් සහ Dialog එකට 30% ක් විදියට. :yes: ( Revenue from Idea Apps application are split between Application creator and Dialog on a 70:30 ratio in favor of the application creator. ):yes::yes::yes:



    image.jpg




    මේ Revenue Share එක ඉතාමත් සාධාරණයි කියලා කියන්න පුලුවන් ඇත්තටම. හේතුව එයාලා මේ සේවාව ලබාදෙනවා ඔයාලාට කිසිම ගෙවීමක් රහිතව.

    ඒ වගේම කවුරුහරි කෙනෙක් Subscribe වුනොත් පමණක් තමයි ඒ User Earningඑකෙන් 30% Share එක අරගන්නේ. ගෙවීම් වුනත් ඉතාමත් සාධාරණව ලාබාදෙනවා ඔවුන් විසින්. ඒ වගේම ඇප් එක Market කරාට පස්සෙ හැම User කෙනෙක්ගේම හැසීරීම ( Subscribe count, unsubscribe count, earnings) ඔයාට checkකරගන්නත් පුලුවන් වෙනවා.:yes:


    වැදගත් : Adult only, Sexual සම්බන්ධයෙන් කිසිම දෙයක් ඔයාලාට හදන්න බැහැ. හැදුවත් ඒක Approve කරන්නේ නැහැ Dialog එකෙන්. ඉතින් අලුත් දෙයක් කරන්න.. අනිවාර්යෙන්ම ගොඩ යන්න පුලුවන්.:yes:






    Dialog එකෙන් ඔයාගේ ඇප් එක පබ්ලිසිටි කරන්න අනුමත කරන්නේ News Paper Ads, වෙබ් සයිට් Ads වගේ දේවල්.. ඒ ගැන තව දැනගන්න මෙතනින් එයාලගේ Publicity වලට ලබාදෙන guide එක කියවන්න.
    Link here - Marketing-terms-conditions


    නොතේරෙන තැනක් තිබුනොත් අහන්න. කියලා දෙන්නම් .:yes:

    ඒ වගේම වැදගත්ම දේ ගිය අවුරුද්දේ අගදී Dialog Idea Martඑක්ක Hutch එකත් එකතු වුනා .ඒ කියන්නෙ තවත් පාරිභෝගිකයන් ඔයාලාට ලැබෙනවා කියන එක.:yes::)


    මොකද ඔයා කරන දේ Dialog වගේම Hutch පාරිභෝගිකයනුත් පාවිච්චියට ගන්න පටන් ගත්තොත් ඔයාගේ අදායම හිතන්නවත් බැරි තරම් වැඩි වේවි. හිතන්නවත් බැරි තරම්.:):):D


    අවශ්‍ය වෙන්නෙ අලුත් දෙයක් හිතලා ලස්සනට මහන්සි වෙලා මේ දේ කරන්න, තනියම බැරි නම් කීප දෙනෙක් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්න. දිලින මල්ලී මේක ගොඩ දාගන්න ගොඩාක් කැපකිරීම් කරලා තියනවා එයා කියන විදියට නම්..:) ඒ මල්ලී ලොකු ආදර්ශයක් අලුත් විදියට හිතන අය ඉන්නවා කියන එකට.. මම පවා එයා එදිනෙදා පත්තර වල එයාගේ ඇප් එක ගැන දාපු ඇඩ් දැකලා තිබුනා. ඒත් මම මුලින් දැනගෙන හිටියේ නැහැ ඒක පානදුරෙන් බිහිවුන කොල්ලෙක්ගේ සුපිරි අදහසකට කරපු දෙයක් කියලා. අද එයා ඒ තැන ඉන්නේ ඒ මලයා වෙනස් විදියකට හිතපු නිසා.:yes::)


    ඔයාලටත් පුලුවන් එහෙම වෙන්න. මොකද හැමෝගෙම තියෙන්නේ එකම මානව මොලයනේ.:yes: අවශ්‍ය වෙන්නේ ඔය මොලේ පොඩ්ඩක් පදම් කරලා Right Path එකට දාගන්න එක විතරයි. එතන ඉදලා ඔයාව ඔයාගේ සාර්ථකත්වය කරා ගෙනයාවි ඔයාගේ මොලය විසින්ම.

    අදයි මේක ලියලා ඉවර කරේ. ට්‍රිප් එක යන අතරේ ටික ටික Type කලා. උඩින් සඳහන් කල ඇප් වර්ග 4ම සකස් කරගන්න විදිය මෙතනින් බලන්න. හැබැයි ඉංග්‍රීසියෙන් තමයි තියෙන්නේ නම්.


    Voting Applications Setup

    Services application Setup

    Contacts application Setup

    Alerts application Setup


    නොතේරෙන තැනක් තිබුනොත් අහන්න. මම මේ ගැන හොයපු කරුනු වලින් උත්තර ලබාදෙන්නම්. :yes:

    අලුත් දේවල් හිතන අයට මේක ඔයාලගේ ජීවිතේ වෙනස් කරගන්න ආයතනයෙන් ලබාදුන් වටිනා අවස්ථාවක් විදියටයි මම දකින්නේ නම්.

    ඒත් ඒකත් ආවට ගියාට නොකර දිලින මල්ලී වගේ මහන්සි වෙලා මේ දේ කලොත් ඒ අයට තවත් දිලින මල්ලී කෙනෙක් නොවී ඊටත් ඉහලට යන්න ඉඩ ලැබේවි කියලා මම විශ්වාස කරනවා තදින්ම.:yes:

    ඒ වගේම මම හැමදාමත් කියනවා වගේ අලුත් විදියට හිතන , මහන්සියෙන් කැපවීමකින් ඉස්සරහට යන්න හිතන කාටවුනත් වරදින්නේ නැහැ කවදාවත්ම.


    පසුව ලියමි. හොද Programing Knowledge එකක් තියන අයට Idea Pro වලට ඇතුලත් වෙලා මීටත් වඩා ඉහලට යන්න පුලුවන් හැකියාව ලබා දීලා තියනවා. හොඳ Programing Knowledge එකක් තියන අය ඒ ගැන මෙතනින් බලන්න.:yes::yes:

    මේ ගැන ප්‍රශ්න තියනවා නම් අහන්න. මට උත්තර දෙන්න අමාරු දෙයක් නම් Idea Mart කරන අයගෙන් අහලා හරි පිලිතුරු ලබාදෙන්නම් ඒවාට.


    අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතනවානම් Bump එකක් දාගෙන යන්න.

    බොහොම ස්තූතියි හැමෝටම. :yes::yes:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    decent mokakda ooi oke app hadapu un higaakanawa elakiriyeth "dawasama mal kadanna rupiyal 3i" kiya kiya :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම වැඩක් ඕකෙන් කරන්න බැරිද බන්, වෙබ් එකේ මොකක්හරි දෙයක් සල්ලි දීල ගන්න ඕනේ උනාම sms එකක් ෆෝන් එකට එනවා, user Reply එකකින් ok එක දුන්නොත් ෆෝන් එකේ බැලන්ස් එකෙන් ගාන කපාගෙන වෙබ් එකේ අදාළ දේ එයාට ගන්න පුළුවන්. (බඩුවක්ම නෙවේ නිකන් මොකක්හරි ගෙවල access දෙන සයිට් එකකට යන්න, membership එකක් ගන්න, key එකක් ගන්න වගේ)
     

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    මෙහෙම වැඩක් ඕකෙන් කරන්න බැරිද බන්, වෙබ් එකේ මොකක්හරි දෙයක් සල්ලි දීල ගන්න ඕනේ උනාම sms එකක් ෆෝන් එකට එනවා, user Reply එකකින් ok එක දුන්නොත් ෆෝන් එකේ බැලන්ස් එකෙන් ගාන කපාගෙන වෙබ් එකේ අදාළ දේ එයාට ගන්න පුළුවන්. (බඩුවක්ම නෙවේ නිකන් මොකක්හරි ගෙවල access දෙන සයිට් එකකට යන්න, membership එකක් ගන්න, key එකක් ගන්න වගේ)
    අර දිව‍්‍ය නාඩි එකේ වෙන්නේ ඕක තමයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර දිව‍්‍ය නාඩි එකේ වෙන්නේ ඕක තමයි

    එල :) ඒ කියන්නේ මචන් sms එකකට හරි මාසෙට මෙච්චරයි කියල නැතුව එකපාරක් විතරක් කරන ගෙවීමකට මේක පාවිච්චි කරන්න පුලුවන්ද :oo:
     

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    එල :) ඒ කියන්නේ මචන් sms එකකට හරි මාසෙට මෙච්චරයි කියල නැතුව එකපාරක් විතරක් කරන ගෙවීමකට මේක පාවිච්චි කරන්න පුලුවන්ද :oo:
    දිව්‍ය නාඩි එකේ තීන්නේ Daily Subscription එකක් 3rs කපාගන්නවා. පස්සේ unsubscribe කරාම කැපෙන්නේ නෑ. එක SMS එකෙන්ම වැඩේ කරගන්නත් පුලුවන් system එකක් ඇති මචං හොයලා බලපන්.