ස්තුතියි tharindumj
කැමති අය තනියම කියන්න
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී... ඔබයි ගෙන ආවේ..
වසන්තය මලක් සේ...
නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්
සිනා පිපෙනා...
නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සගවමි හද සෙනේ සුසුමින්
සිනා පිපෙනා...//
එලකුමාරදාස සපුතන්ත්‍රිගේ ගංගා සහ නිශ්ශංක නවකතාව ඇසුරෙන් බර්මන් ලයිලි ප්‍රනාන්දු අධ්‍යක්ෂනය කල ගංගා සහ නිශ්ශංක ටෙලි නාට්‍ය වෙනුවෙන් සපුතන්ත්‍රි පද රචනා කල ලක්ෂ්මන් විෙජ්සේකර සංගීතවත් කල සමිතා මුදුන්කොටුව ගායනයෙන් සහය දැක්වු ගීතයක්