♧ ♧ ♧ ♧ ♧ ♧ Davydov Art ♧ ♧ ♧ ♧ ♧ ♧

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    ♧ ♧ ♧ ♧ ♧ ♧ Davydov Art ♧ ♧ ♧ ♧ ♧ ♧

    vova1.jpg


    599454886f.jpg



    Vladimir Davydov නම් වූ ඔහු බොහෝ ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ Davydov Art ලෙසයි. 1980 වර්ෂයේදී සෝවියට දේශයේ උපන් ඔහු කලාකරුවෙකු වුවත් කලාව පිළිබඳව කිසිදු විෂය මට්ටමක් තුළ අධ්‍යාපනය නොලැබූ අයෙකි. ඔහු විසින් වෘත්තියෙන් විදුලි කාර්මික ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කරයි. 2003 වර්ෂයේදී විදුලි ඉංජිනේරුවරයෙකු වශයෙන් කටයුතු කළ මොහු Kyrgyz Technical University හි උපාදිධාරියෙකි.

    ඔහු අවුරුදු කිහිපයක් කාර්මික ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය කරමින් සිටි අතර, 2010 වර්ෂයේදී ඔහු රැකියාවෙන් ඉවත්ව තිබේ. ඉන්පසු ඔහු ලී කැටයම් ශිල්පය සඳහා යොමු වී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය සියලුම යන්ත්‍රෝපකරණයන් ඔහු විසින්ම නිෂ්පාදනයකර ඇත. ඒ සඳහා ඔහුට වසරක කාලයක් ගතව ඇති අතර, 2011 වර්ෂයේදී ඔහුගේම කලාගාරයක්ද ආරම්භකර තිබේ.

    ඔහු 2011 වර්ෂයේ මුල් කාලයේදී කිසිදු කැටයම් මූර්තියක් අලෙවිකර නොමැති අතර, මුල්ම වශයෙන් තමාගේ නිර්මාණ තම පාසල් මිතුරන් සහ අවට අයට නොමිලේ ලබා දී තිබේ. ඉන්පසු ඔවුන්ගේ අගය ලබමින් තම නිර්මාණ ශක්තිය දියුණු කරගත් ඔහු විශාල අලෙවිකරණයක් සමගින් වෙළෙඳපොළ ජයගැනීමට සමත් වී තිබේ.


    ecaceb54-b436-4a3f-90c3-ecb0f84f322e_ORIGINAL.jpg


    743474154f.jpg


    2879929e466f3c337f702ac57dfc51c4.jpg


    64ab92660ca61aa5f1655b5926e1be78.jpg


    52407630f.jpg


    a1b0f2ff-d4ae-489e-b7f0-7e5eb1052ffd_ORIGINAL.jpg


    8d43d1a4fd6daaa5001e026111719c68.jpg


    il_340x270.388599503_jwd7.jpg


    6d1653e6fac08abf3151f1fcd0b430a9.jpg


    f21acc8baa14f14a385ae708be0e449a.jpg


    dac64fbd5b42b7980d30fc46d4f95127.jpg


    ඔහු සිය නිර්මාණ සඳහා භාවිතකරනු ලබන්නේ වියළී දිරපත්ව ගිය ගස්වල කඳන්ය. ඔහු රසායනිකයන් භාවිතයෙන් එම දැව කඳන් දීර්ඝ කාලයක් රඳාපවත්වා ගැනීමට කටයුතු කරයි. අද වන විට මොහු නිර්මාණය කරනු ලබන සත්ත්ව නිර්මාණ විශාල වශයෙන් අලෙවි වනු ඇත. කලාව නොදත් පුද්ගලයෙකු ලෙස කලාවට පිවිසි මොහු අද වනවිට විශිෂ්ට ගණයේ කලා නිර්මාණකරුවෙකු බවට පත්ව තිබේ.


    1381763386_1416597290.jpg