රාජ්‍ය අංශය ඇයි කඩාවැටෙන්නේ...

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රාජ්‍ය අංශය ඇයි කඩාවැටෙන්නේ...

    ලංකාවේ රජයේ සේවකයෝ විදිහට බඳවා ගන්නේ බහුතරය වෘත්තිකයන්ට වඩා සුලු හා පහළ ශ්‍රේණියේ අයවලුන්... ඔවුන් බොහෝවිට දේශපාලන හෙංචයියෝ දශක දෙකකට වැඩි කාලෙක ඉඳන්... වෘත්තිමය තත්වයේ බහුතර නිලධාරීන් සේවයක් විදියට හෝ වෙනත් සරල කාරණා මත රජයේ සේවයේ ඉහළ සේවයක් කරනවා. මොකද ඔවුන්ට පෞද්ගලික අංශයේ ඉහල වැටුප් ගැනීමට තියෙද්දියි සේවය කරන්නේ... හැබැයි බහුතර සුදු අලි විදියට බඳවා ගැනීම් කල සේවා කිහිපයක්ම 1) රාජකාරි නොමැතිවීම මත හෝ 2) ලැබී ඇති රාජකාරි කිරීමට ඇති නොහැකියාව මත අතිශය අකාරියක්ශමතාවයක් ඇතිවී ඇත.

    තාක්ෂණික නිලධාරීන් වෙනුවට සංවර්ධන නිලධාරීන් බඳවාගෙන රාජකාරි කරවන තරමට දේශපාලන මඩ ගොහොරුව රාජ්‍ය අංශය වසා පැතිර ඇත.

    ඔය පරිපාලන සේවය ඇති කල හේතුවත් ඔවුන්ගේ අද සැබෑ රාජකාරිය කුමක්ද කියා සොයා බැලුවහොත් මෙහි ගැඹුරුව දැනගත හැකිය. දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් නීතියේ කවුලු විවර කිරීමත් පරිපාලනය නාමයෙන් සියලු රාජ්‍ය සේවය තමන්ගේ මිටිගුලියෙහි රඳවා ගැනීමත් කරගෙන යයි. විශ්‍රාමයෙන් පසු ඉල්ලුමක් නොමැති වීම මත වයසට යනවිට ජ්‍යෙෂ්ට වන පරිපාලන නිලදරුවා (අමාත්‍යංශ ලේකම් හෝ අධ්‍යක්ශවරයා) දේශපාලුවාට කඩේ යන්නෙ විශ්‍රාමයෙන් පසු තවත් තනතුරක් දෙස ඇස් උල් කරගෙනය.

    වෘත්තිකයින් පසු පසට ඇදදමා සිදුකරන රාජ්‍ය පරිපාලනය තුල වර්ධනයක් බලාපොරොත්තු වීම උගහටය... කොටින්ම වාරිමාර්ග අමාත්‍යන්ශය, ඉදිකිරීම් අමාත්‍යන්ශය ආදි ආයතනවල සිදුවන්නේ කුමක්දැයි නොදන්නා පරිපාලන නිලදරුවෙකු ලෙකම් වේ....මහා භාන්ඩාගාරයේ වැඩිපුර ඉන්නේ මැනෙජ්මන්ට් උපාධිය ගත් වෘත්තිකයෝ නොව භෂාව ආගම සහ දෙශපාලන විද්‍යාව ඉගෙනගත් පරිපාලන නිලදාරීන්ය...

    මතුවට...

    සාකච්චාවට ඉඩ...:yes:
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    සංවර්ධන නිලදාරීන්ට උපාධිය අවශ උවත්, හිටපු හා ඉන්න දේශපාලන කුනු පක^%$ යන් කඩේයන අවලමුන්ට රාජ්ය සේවය බදුදී ඈත.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කලා උපාධි ඔක්කොටම බඳවා ගන්න කට්ටිය බාගෙකින් විතර කපල දාන්න ඕනේ.

    කලා උපාධිධාරියාට කළහැකි රාජකාරියට මිසක වෙනත් තාක්ශණික රාජකාරි සඳහා සුදුස්සන් බඳවාගතයුතුය. :love::yes:

    විෂය විශේෂඥයන් වන්වූ සේවකයන්/නිළදාරීන් බඳවාගැනීම් කරන්නේ සීමසහිත වන පරිදිය. බොහෝවිට මෙයට හේතුව පරිපාලකයන්ට යටත්වැසියන් වන සේවක පරම්පරාවක් පවත්වාගෙන යාමයි.සංවර්ධන නිළධාරියා එයට හසු කරගෙන ඇත.

    විෂය විශේෂඥයන් බඳවා ගැනීම හැකිතරම් අඩුකර සුදු අලි පවත්වාගෙනයාමට දේශපාලුවන් උදවු ගනී. විෂය විශේෂඥයන් හට දේශපාලුවන් ඉදිරියේ ඔලුව කැසීමට හෝ කියන කියන දේ කරමින් මහජන මුදල් නැති භන්ගස්තාන කිරීමට අවශ්‍ය නොවන්නෙ, ඔවුන්ට ඕනෑ තරම පෞද්ගලික අංශයේ අවස්තා පවතින බැවිනි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කලා උපාධි ඔක්කොටම බඳවා ගන්න කට්ටිය බාගෙකින් විතර කපල දාන්න ඕනේ.

    දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ කලා කරන එකද ? :dull: :dull:
     
    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ කලා කරන එකද ? :dull: :dull:

    රාජ්‍ය සේවයේ ඉන්න බහුතරයක් කාලකන්නි art කාරයෝ
    පන්නලම දන්න ඕන ඕකුන්ව
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රාජ්‍ය සේවයේ ඉන්න බහුතරයක් කාලකන්නි art කාරයෝ
    පන්නලම දන්න ඕන ඕකුන්ව

    ආට්වත් නොකල අයව පාර්ලිමේන්තු යවන්න හොඳා ආට් ඉගෙන ගත්තු කෙනෙක් රාජ්‍ය ආයතනේක සේවය කරද්දි තමා හැමෝටම අමාරුව :dull: :dull:
     
    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    ආට්වත් නොකල අයව පාර්ලිමේන්තු යවන්න හොඳා ආට් ඉගෙන ගත්තු කෙනෙක් රාජ්‍ය ආයතනේක සේවය කරද්දි තමා හැමෝටම අමාරුව :dull: :dull:

    කොහෙද බන් සේවයක් කරන්නේ ඕකුන් ice ගහන එකම තමඊ කරන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ කලා කරන එකද ? :dull: :dull:
    කලා කරන එක නෙවෙයි ඕනෙවට වඩා කලා කරන එකයි ප්‍රශ්නේ. කලා කරාට කමක් නෑ ඉගෙනගත්ත ජාතියෙන්ම කලා කටයුත්තක් කරගෙන රටට බරක් නැතුව ඉන්නවනං. ඊළඟට රස්සා ඉල්ලගෙන පාරට බැස්සම රස්සා දෙන්න එපැයි ආණ්ඩුව.
     
    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    කලා කරන එක නෙවෙයි ඕනෙවට වඩා කලා කරන එකයි ප්‍රශ්නේ. කලා කරාට කමක් නෑ ඉගෙනගත්ත ජාතියෙන්ම කලා කටයුත්තක් කරගෙන රටට බරක් නැතුව ඉන්නවනං. ඊළඟට රස්සා ඉල්ලගෙන පාරට බැස්සම රස්සා දෙන්න එපැයි ආණ්ඩුව.

    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආට්වත් නොකල අයව පාර්ලිමේන්තු යවන්න හොඳා ආට් ඉගෙන ගත්තු කෙනෙක් රාජ්‍ය ආයතනේක සේවය කරද්දි තමා හැමෝටම අමාරුව :dull: :dull:

    ආට්වත් නොකරපු දේශපාලුවා අමාත්‍යංශේ වැඩ භාර අරන් ටික කාලයක් යනකොට අල්ලන්න බැරිවෙන තරමට ට්‍රික්ස් දාන්නේ මැජික් එකකින් කියලා හිතනවද? ඒ ඉගැන්වීම කරන්නේ ඔය රාජ්‍ය සේවයේ ඉහළම ඉන්න මොන පක්ෂේ ආවත් රජ වෙන සෙට් එක...

    මේ දෙගොල්ලම නැතිකරගන්න වෙනවා මහත්මයා... මේ දැනුවත්වීම ඒවාට විරුද්දවෙන්න සවියක් වේවා!
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    හැම එකාම මුල් කාලේ වැඩ කරන්න හදනවා හැබයි අනිත් අයෙක් ආකල්ප නිසා ඔවුන් ත් මුල් පරම්පරාවෙ ⁣godata වැටෙනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැම එකාම මුල් කාලේ වැඩ කරන්න හදනවා හැබයි අනිත් අයෙක් ආකල්ප නිසා ඔවුන් ත් මුල් පරම්පරාවෙ ⁣godata වැටෙනවා

    එහෙමද එහෙම නැත්නම් එන එන සේවකයා හෝ නිලධාරියා ඒ සිස්ටම් එකට අනුගත කරගන්න හදපු කූට සිස්ටම් එකද? පරිපාලන සේවයට එරෙහිව නොයන ලෙස ඒකාධිකාරයක් හදලා යටත්ව ඉන්න පිරිසක් හැදීම??? ඒකෙන් බොහෝවිට වෙන්නේ සාම්ප්‍රධායික රාජකාරි කරන්නා ආරක්ෂාවෙලා රාජකාරිය දේවකාරිය වගේ කරන්නා කොන්වීම...
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    මේකයි සීන් එක. ලංකාවේ ගොඩක් අමාත්‍යංශ ගත්තම ඒවා විද්‍යාව / ඉංගිනේරු විද්‍යාව වගේ දේවල් හා බැදී පවතිනවා. (උදා = ධිවර, වන සංරක්ෂන, වන ජීවි , කෘෂිකර්ම, ඉදිකිරීම්, ඛනිජ තෙල් ). බොහෝ විට මේ අමාත්‍යංශේ ඇමතිට තම විෂය පිළිබද සුදුසුකමක් නෑ. නියෝජ්‍ය ඇමැතිටත් නෑ. අමාත්‍යංශ ලේඛම් බොහෝ දුරට ආර්ට් ඩිග්රි එකක් ගත්තු කෙනෙක්. අතිරේක ලේඛම්ගේ තත්ත්වෙත් ඒ හා සමානයි. අධක්ෂක ජනරාල් වගේ තැනක ඉදන් තමා ඒ ඒ අමාත්‍යංශයේ විෂය දැනුම සහිත කෙනා ඉන්නේ. ඉතින් දුරාවලිය අනුව ඒ කෙනා අමාත්‍යංශයේ අංක 5ටත් පහල තැනක තමා ඉන්නේ. ඉතින් අමාත්‍යංශ තීරණ ගැනීමේදී විෂය දැනුමට සමගාමිව තීරණ ගන්න ලැබෙන අවස්ථාව අඩුයි. එවැනි රටවල් ඉතින් සැමදාම "සංවර්ධනය වෙමින් පවතින රටවල්ම" තමා. මේ ක්‍රමය වෙනස් කරන්න ඔය පරිපාලන සේවය කියන සෙට් එක කීයටවත් කැමති නෑ. උන් හරියට පරිපාලනයක් කළා නම් රට මේ වගේ වල පල්ලට යන්නේ නෑ. යහපාලන , ලිච්චවී පාලන ආදී මෙකි නොකී මොන පාලනය ගෙනාවත් ඒ ඒ අමාත්‍යංශයට ගැලපෙන පරිපාලකයා නොලැබෙනතාක් මේ රටට ගොඩ ඒමක් නෑ. නිදහසින් පසුව අවුරුදු 70 ක් ගතවෙන්න ලං වෙලත් මේ ක්‍රමය අසාර්ථකයි, ඒක වෙනස් කරන්න ඕන කියන එක බලධාරීන්ට තේරෙන්නේ නෑ. උවමනාවක් නෑ. ඉතින් හොදම දේ පුළු පුළුවන් විදියට සුදුසුකම් හදාගෙන පිටරටකට පැන ගන්න එක තමා.
     
    බොහොමත්ම සතුටුයි ඔබේ කොමෙන්ටුවට... ඉතාම පැහැදිලිව රාජ්‍ය අංශයේ තත්වය විස්තර කරලා තියෙනවා..

    තව තවත් කොමෙන්ටු බලාපොරොත්තු වෙනවා හැමෝගෙන්ම... අරමුණ සත්‍යය වැපිරවීම තුළ රට ආපස්සට යවන්නන් හැඳින ගැනීම.... සත්‍යය හැඳිනගැනීම තුල රැවටීම අපහසු වනු ඇත... දේශපාලුවන්ගෙ බලය රැඳී ඇත්තේ නොමග යන/යවන රාජ්‍ය නිලධාරියාගේ උපදේශ මතය... දේශපාලකයා රැකෙන්නේ දේශපාලුවන් අංගවිකල කළහොත් පමනි.
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    Bandanagara niyamaka 2016 anthima intv karala thoragatta 350k pathwim dena eka thahanam kara amathi swaminadan. Eyagen 150k aran nati nisa. Okkoma amathilagen thamai yanne bn