මේකයි සීන් එක. ලංකාවේ ගොඩක් අමාත්‍යංශ ගත්තම ඒවා විද්‍යාව / ඉංගිනේරු විද්‍යාව වගේ දේවල් හා බැදී පවතිනවා. (උදා = ධිවර, වන සංරක්ෂන, වන ජීවි , කෘෂිකර්ම, ඉදිකිරීම්, ඛනිජ තෙල් ). බොහෝ විට මේ අමාත්‍යංශේ ඇමතිට තම විෂය පිළිබද සුදුසුකමක් නෑ. නියෝජ්‍ය ඇමැතිටත් නෑ. අමාත්‍යංශ ලේඛම් බොහෝ දුරට ආර්ට් ඩිග්රි එකක් ගත්තු කෙනෙක්. අතිරේක ලේඛම්ගේ තත්ත්වෙත් ඒ හා සමානයි. අධක්ෂක ජනරාල් වගේ තැනක ඉදන් තමා ඒ ඒ අමාත්‍යංශයේ විෂය දැනුම සහිත කෙනා ඉන්නේ. ඉතින් දුරාවලිය අනුව ඒ කෙනා අමාත්‍යංශයේ අංක 5ටත් පහල තැනක තමා ඉන්නේ. ඉතින් අමාත්‍යංශ තීරණ ගැනීමේදී විෂය දැනුමට සමගාමිව තීරණ ගන්න ලැබෙන අවස්ථාව අඩුයි. එවැනි රටවල් ඉතින් සැමදාම "සංවර්ධනය වෙමින් පවතින රටවල්ම" තමා. මේ ක්‍රමය වෙනස් කරන්න ඔය පරිපාලන සේවය කියන සෙට් එක කීයටවත් කැමති නෑ. උන් හරියට පරිපාලනයක් කළා නම් රට මේ වගේ වල පල්ලට යන්නේ නෑ. යහපාලන , ලිච්චවී පාලන ආදී මෙකි නොකී මොන පාලනය ගෙනාවත් ඒ ඒ අමාත්‍යංශයට ගැලපෙන පරිපාලකයා නොලැබෙනතාක් මේ රටට ගොඩ ඒමක් නෑ. නිදහසින් පසුව අවුරුදු 70 ක් ගතවෙන්න ලං වෙලත් මේ ක්‍රමය අසාර්ථකයි, ඒක වෙනස් කරන්න ඕන කියන එක බලධාරීන්ට තේරෙන්නේ නෑ. උවමනාවක් නෑ. ඉතින් හොදම දේ පුළු පුළුවන් විදියට සුදුසුකම් හදාගෙන පිටරටකට පැන ගන්න එක තමා.
BUMP


