රාජ්‍ය අංශය ඇයි කඩාවැටෙන්නේ...

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මේකයි සීන් එක. ලංකාවේ ගොඩක් අමාත්‍යංශ ගත්තම ඒවා විද්‍යාව / ඉංගිනේරු විද්‍යාව වගේ දේවල් හා බැදී පවතිනවා. (උදා = ධිවර, වන සංරක්ෂන, වන ජීවි , කෘෂිකර්ම, ඉදිකිරීම්, ඛනිජ තෙල් ). බොහෝ විට මේ අමාත්‍යංශේ ඇමතිට තම විෂය පිළිබද සුදුසුකමක් නෑ. නියෝජ්‍ය ඇමැතිටත් නෑ. අමාත්‍යංශ ලේඛම් බොහෝ දුරට ආර්ට් ඩිග්රි එකක් ගත්තු කෙනෙක්. අතිරේක ලේඛම්ගේ තත්ත්වෙත් ඒ හා සමානයි. අධක්ෂක ජනරාල් වගේ තැනක ඉදන් තමා ඒ ඒ අමාත්‍යංශයේ විෂය දැනුම සහිත කෙනා ඉන්නේ. ඉතින් දුරාවලිය අනුව ඒ කෙනා අමාත්‍යංශයේ අංක 5ටත් පහල තැනක තමා ඉන්නේ. ඉතින් අමාත්‍යංශ තීරණ ගැනීමේදී විෂය දැනුමට සමගාමිව තීරණ ගන්න ලැබෙන අවස්ථාව අඩුයි. එවැනි රටවල් ඉතින් සැමදාම "සංවර්ධනය වෙමින් පවතින රටවල්ම" තමා. මේ ක්‍රමය වෙනස් කරන්න ඔය පරිපාලන සේවය කියන සෙට් එක කීයටවත් කැමති නෑ. උන් හරියට පරිපාලනයක් කළා නම් රට මේ වගේ වල පල්ලට යන්නේ නෑ. යහපාලන , ලිච්චවී පාලන ආදී මෙකි නොකී මොන පාලනය ගෙනාවත් ඒ ඒ අමාත්‍යංශයට ගැලපෙන පරිපාලකයා නොලැබෙනතාක් මේ රටට ගොඩ ඒමක් නෑ. නිදහසින් පසුව අවුරුදු 70 ක් ගතවෙන්න ලං වෙලත් මේ ක්‍රමය අසාර්ථකයි, ඒක වෙනස් කරන්න ඕන කියන එක බලධාරීන්ට තේරෙන්නේ නෑ. උවමනාවක් නෑ. ඉතින් හොදම දේ පුළු පුළුවන් විදියට සුදුසුකම් හදාගෙන පිටරටකට පැන ගන්න එක තමා.

    BUMP
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    16427631_10208097013093037_1020172419130868403_n.jpg
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මීට පස්සේ pension එකක් නැති හින්දා රාජ්‍ය සේවයට කොහොම එවුන් එකතු වෙයිද මන්දා දැනුත් pension එක තියෙන හින්දා තමා ටිකක් හරි වැඩ කරන්න පුලුවන් එවුන් ඕකට යන්නේ.
    තව ටික කලෙකින් ඉස්ස්කොලේ ගිහින් නැති එවුනුත් ගන්න වෙයි..
    :lol::lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මීට පස්සේ pension එකක් නැති හින්දා රාජ්‍ය සේවයට කොහොම එවුන් එකතු වෙයිද මන්දා දැනුත් pension එක තියෙන හින්දා තමා ටිකක් හරි වැඩ කරන්න පුලුවන් එවුන් ඕකට යන්නේ.
    තව ටික කලෙකින් ඉස්ස්කොලේ ගිහින් නැති එවුනුත් ගන්න වෙයි..
    :lol::lol::lol::lol:
    තවත් වැදගත්ම, කතාකල යුතුම අංශයක්....

    විශ්‍රාම වැටුපට "දායක" කියලා කෑල්ලක් සමග බඳවා ගැනීම් කරනවා 2016 ජනවාරි මාසයේ සිට. මෙය කෙසේ මැජික් එකක්දැයි දන්නේ කවුද? තවම එළිදක්වා නැති සමහරවිට වචනය දාපු එකාවත් නොදන්නා හරුපයකි.

    පැහැදිලිව රාජ්‍ය සේවයේ අඩු වැටුප (සාපේක්ෂව ) ගැන නොසිතා පෞද්ගලික අංශයේ රැකියා සුලභව තියෙද්දිත් රාජ්‍ය අංශය තෝරාගන්නා වෘත්තිකයින් තව දුරටත් අඩුවේවි.. බහුතර සැලසුම් රහිත බඳවාගැනීම් වලින් වන පාඩුව මැකීමට ගත් මෝඩ තීරණයක්...

    පුදුමයක් නැත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඇති නියෝජනයත් වෘත්තිමය නිලධාරීන්ට දොර වැසූ ස්ථානයකි....

    ඇනලිටිකල් මයින්ඩ් (විශ්ලේෂණ හැකියාව ) ඇත්තන් කොන් කර ඇත්තේ ඔවුන්ට රාජ්‍ය පෞද්ගලික ඕනෑම අංශයක පුරප්පාඩු හා දැඩි ඉල්ලුමක් තිබීම තුල කිසිවෙකුට ඔලුව කසා තානාන්තර ලබාගැනීමට අවශ්‍ය නොවීම නිසයි.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ලංකාවේ රජයේ සේවකයෝ විදිහට බඳවා ගන්නේ බහුතරය වෘත්තිකයන්ට වඩා සුලු හා පහළ ශ්‍රේණියේ අයවලුන්... ඔවුන් බොහෝවිට දේශපාලන හෙංචයියෝ දශක දෙකකට වැඩි කාලෙක ඉඳන්... වෘත්තිමය තත්වයේ බහුතර නිලධාරීන් සේවයක් විදියට හෝ වෙනත් සරල කාරණා මත රජයේ සේවයේ ඉහළ සේවයක් කරනවා. මොකද ඔවුන්ට පෞද්ගලික අංශයේ ඉහල වැටුප් ගැනීමට තියෙද්දියි සේවය කරන්නේ... හැබැයි බහුතර සුදු අලි විදියට බඳවා ගැනීම් කල සේවා කිහිපයක්ම 1) රාජකාරි නොමැතිවීම මත හෝ 2) ලැබී ඇති රාජකාරි කිරීමට ඇති නොහැකියාව මත අතිශය අකාරියක්ශමතාවයක් ඇතිවී ඇත.

    තාක්ෂණික නිලධාරීන් වෙනුවට සංවර්ධන නිලධාරීන් බඳවාගෙන රාජකාරි කරවන තරමට දේශපාලන මඩ ගොහොරුව රාජ්‍ය අංශය වසා පැතිර ඇත.

    ඔය පරිපාලන සේවය ඇති කල හේතුවත් ඔවුන්ගේ අද සැබෑ රාජකාරිය කුමක්ද කියා සොයා බැලුවහොත් මෙහි ගැඹුරුව දැනගත හැකිය. දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් නීතියේ කවුලු විවර කිරීමත් පරිපාලනය නාමයෙන් සියලු රාජ්‍ය සේවය තමන්ගේ මිටිගුලියෙහි රඳවා ගැනීමත් කරගෙන යයි. විශ්‍රාමයෙන් පසු ඉල්ලුමක් නොමැති වීම මත වයසට යනවිට ජ්‍යෙෂ්ට වන පරිපාලන නිලදරුවා (අමාත්‍යංශ ලේකම් හෝ අධ්‍යක්ශවරයා) දේශපාලුවාට කඩේ යන්නෙ විශ්‍රාමයෙන් පසු තවත් තනතුරක් දෙස ඇස් උල් කරගෙනය.

    වෘත්තිකයින් පසු පසට ඇදදමා සිදුකරන රාජ්‍ය පරිපාලනය තුල වර්ධනයක් බලාපොරොත්තු වීම උගහටය... කොටින්ම වාරිමාර්ග අමාත්‍යන්ශය, ඉදිකිරීම් අමාත්‍යන්ශය ආදි ආයතනවල සිදුවන්නේ කුමක්දැයි නොදන්නා පරිපාලන නිලදරුවෙකු ලෙකම් වේ....මහා භාන්ඩාගාරයේ වැඩිපුර ඉන්නේ මැනෙජ්මන්ට් උපාධිය ගත් වෘත්තිකයෝ නොව භෂාව ආගම සහ දෙශපාලන විද්‍යාව ඉගෙනගත් පරිපාලන නිලදාරීන්ය...

    මතුවට...

    සාකච්චාවට ඉඩ...:yes:
    ------Ohun hithanne ohun padi ganne, thamange sevayata nova , thamange pattamata kiyaya.Ohun padi ganne Mahajanayage money valin bava ohun amathaka karai.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ------Ohun hithanne ohun padi ganne, thamange sevayata nova , thamange pattamata kiyaya.Ohun padi ganne Mahajanayage money valin bava ohun amathaka karai.
    තරමක් වෙනස් දෙයක් කියන්නම්... වැටුපක් ගන්නේ ඔවුන් කරනු ලබන සේවාවටය... මුදල් වලින් ගත්විට කරනු ලබන සේවාවට නියමකරනු ලබන මුදල ගෙවයි... එය මහජනයාගේ මුදල නොව ඔහුට හිමි වැටුපය... නියමිත රාජකාරිය නොකර හෝ අදාල රාජකාරියට නොගැළපෙන ලෙස බඳවාගැනීම තුල ගෙවනු ලබන/ලබනු ලබන වැටුප මහජන මුදල කාබාසිනියා කිරීමකි...

    මහජන මුදලින් හෝ මොන මුදලින් හෝ ලබාගන්නේ ඔහු කල රාජකාරියට නියමිත වැටුපය. වැටුපට රාජ්‍ය පෞද්ගලික අදාළම නැත. පෙර කිව් පරිදි රාජකාරිය නොකිරීම හෝ උචිත නොවන රාජකාරි හෝ වගකීම් ලබාදීම රාජ්‍ය පෞද්ගලික කවුරුහෝ ආයෝජකයාට පාඩුවක්.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    South vala sidu una true ekaki---------Several years before, -----------Mata kiwwwe pradesiya saba Manthiri keneki. Siri Lankave Degree Holders lata Job dee gena giye, Aladin ge puduma pahana meni.Ekthara pradesiya Lekak karyalayaka, Mulin duty kaley chief and piyan vea. Ema office ekata Degree Holders la dennek[2] new appointment laba gena aveya. Dan ara chief work karanne , mea degree Holders la denna smagaya. Kalin piyan karpu service eka Degree Holders la denna karathi. Mehev country ekak develop vevidha??
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    South vala sidu una true ekaki---------Several years before, -----------Mata kiwwwe pradesiya saba Manthiri keneki. Siri Lankave Degree Holders lata Job dee gena giye, Aladin ge puduma pahana meni.Ekthara pradesiya Lekak karyalayaka, Mulin duty kaley chief and piyan vea. Ema office ekata Degree Holders la dennek[2] new appointment laba gena aveya. Dan ara chief work karanne , mea degree Holders la denna smagaya. Kalin piyan karpu service eka Degree Holders la denna karathi. Mehev country ekak develop vevidha??

    රාජ්‍ය සේවය තුල තනතුරු ඇති කිරීමේදි වැටුප් හා සේවක කොමිසම ප්‍රභල භූමිකාවක් සිදු කරයි...පෙර කිවි පරිපාලන සේවා හස්තයේ අනවශ්‍ය හා වැඩිපුර අතපෙවීම තුලින් හා හුදෙක් තම පරිපාලන සේවයේ උන්නතිය හා බූවලු න්‍යාය වෙනුවෙන්ම ක්‍රියාත්මක වීම තුල, පහසුවෙන් අත පෙවිය හැකි යටත් පිරිසක් ලෙස සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගැනීම් සිදු කල අතර එවැනි යෝජනාවක් කිරීම මෙන්ම අනුමත කිරීම ද එකම කණ්ඩායමක අතින් සිදුවේ.

    කල යුතුව තිබුනේ විශ්ලේශනයකින් තෝරාගත් විෂය ක්ෂේත්‍ර වලට බඳවා ගැනීම් කිරීමය... අවසානයේ නමට රාජ්‍ය සේවය විශාලය... එහි ඵලදායිතාවය ශෝකජනකය
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි රාජ්‍ය පරිපාලනයේ සහ රාජ්‍ය සේවයේ අඩුපාඩු සහ ඔබ දකින හේතු වගේම විසඳුම් ගැනත් කතාකරමු...

    කැමතියි දැනගන්න ඔබේ අදහසුත් රාජ්‍ය පරිපාලනය ගැන
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඵලදායීතාවය සහ එස්5 සන්කල්ප වලින් පිරුනු එහෙත් එකම කාර්යාලයේ එක මේසෙකින් තවත් මේසයකට ලිපියක් යාමට දවස් ගනන් ගතවෙන අරුමපුදුම පරිපාලනය..:dull:
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    1980 ට පෙර ලංකාවේ රාජ්‍ය සේවය බොහොම ගෞරවාන්තිකව තිබුණා.80 ජුලී වර්ජකයෝ ටික අයින් කළාට පස්සේ ජේ.ආර් ආණ්ඩුව කලේ ඒ පුටුවල ගෙවල්වල හිටපු මෝඩ ගෑණු ගෙනල්ලා වාඩි කරලා හාන්සි කරගත්ත එක.සමහරු හාන්සි කරලා වාඩි කෙරෙව්වා.
    ඊට පස්සේ තමයි මේ විනාශය අපිට අත්වුණේ.
    බලපල්ලකෝ ඔෆිස් එකකට ගිහින් මේ ගෑණු මොනාද?කරන්නේ කියලා.
     

    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    1) රාජකාරි නොමැතිවීම මත හෝ 2) ලැබී ඇති රාජකාරි කිරීමට ඇති නොහැකියාව මත අතිශය අකාරියක්ශමතාවයක් ඇතිවී ඇත.
    Yes ,