Tiger vs Leopard

ushankv

Member
Feb 15, 2009
189
71
0
Tiger vs Leopard එහෙම නැත්තම් කොටියද දිවියද?

අපේ ලංකාවේ ගොඩක් දෙනෙක් හරියට දන්නේ නැති දෙයක් තමයි ලංකාවේ වනෝද්‍යාන වල ඉන්නේ ඇත්තටම කොටියද දිවියද කියන එක.
ඉතින් මේ දිගහැරුම ඒ ගැන පොඩි පැහැදිලි කිරීමකුයි.

කොටියා සහ දිවියා දෙන්නම එකම පවුලේ සහෝදරයෝ තමයි. දෙදෙනාගේම සමානකම් වගේම අසමාන කම් ගොඩකුත් තියෙනවා. දෙදෙනා පැහැදිලිවම අදුන ගන්න පුළුවන් විදිහක් තමයි මේ දෙන්නගේ සමේ තියන රටාවන්. කොටියාගේ කළු පැහැති ඉරි දික් අතට සුදු සහ තැබිලි පාට පසුබිමක සමේ තියන අතර, දිවියාගේ කළු පැහැති ලප සමේ පිහිටයි.
මේ අපුර්ව සතුන් දෙදෙනාගේ බර සසදන විට කොටියා වැඩි බරකින් සමන්විත අතර දිවියා ගේ බර කොටියාට සාපේක්ෂව අඩු වේ. ඒ වගේම කොටියා ශක්තිවන්ත බවින්ද දිවියා පරදවයි.
දිවියා කොටියව පරදවන එක් අවස්ථාවක් වන්නේ ගස් නැගීමේ හැකියාවයි. දිවියාට ඉතා වේගයෙන් ගසක් මුදුනට නැග ගත හැකි අතර, කොටියාට මේ හැකියාව එතරම් නැත. බොහෝ අවස්ථාවල දිවියන් තම විවේක සුවය ගත කිරීමට තොරගන්නේද ගසක මුදුනයි. පිහිනීමේ හැකියාව අතින් නම් කොටියා දිවියා පරදවයි.

එතකොට අපේ වනෝද්‍යාන වල අපි බලන්නේ මොකාද? ඔව් ඒ දිවියා. යාල වනෝද්‍යානය සහ විල්පත්තු වනෝද්‍යාන දිවියන් බැලීමට පහසුම වනෝද්‍යානයි. මිට අමතරව හෝර්ටන් ප්ලේන්ස් (horton plains) තුලද දිවියන් අපට බලාගන්න පුළුවන්. මම නම් දැකපු ලස්සනම දිවියා ඉන්නේ horton plains වල. ඔව් ඔය හැම කැලේකම දිවියෝ මම දැකල තියනවා. මොකද මම ආසම කරන සතෙක් තමයි දිවිය කියන්නේ.
දිවියා බලන්න පහසුම විල්පත්තු සහ යාල වලදියි. උදේ කාලයේ වතුර වලවල් ලගත් සවස් කාලයේ ගල් සහ ගස් උඩ විවේක සුවයෙනුත් දිවියෝ බලාගන්න පුළුවන්. හැබැයි දිවියෝ බලන්නම යනවා නම් හද හොදින් පායන දවස් මග ඇරලා යන එක තමයි හොදම. මොකද හද තියන රෑට දිවියා දඩයමේ යනවා හොදට. රෑ තිස්සේ ඇවිදලා අපි දවල් උන්ව බලන්න යන වෙලාවට මෙයාල හොදට නිදා ගන්නවා. සෝ ඒ දවස් වලට දිවියා හොයනවා බොරු.

එහෙනම් ඒ විස්තරෙත් ඉවරයි. ලංකාවේ වටේ ඇවිදින්න හැබෙයි අරගෙන යන කිසිම දෙයක් ඔය කොහෙවත් දාල එන්නේ නැතුව අරගෙන එන්න. අපේ ලංකාව අපි රැක ගන්න ඕනි.
 
Mint90

Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මචං උබ හොඳට ඇවිදින කෙනෙක් වගේ.ඔය ගිය ගමන් වල රසබර අත්දැකීම් එහෙම තියෙනවා නම් මේකෙ දැම්මට අපි තරහ නෑ.:lol: පින්තූර එක්කම දානවනම් තමයි හොඳ...:)
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    මචං උබ හොඳට ඇවිදින කෙනෙක් වගේ.ඔය ගිය ගමන් වල රසබර අත්දැකීම් එහෙම තියෙනවා නම් මේකෙ දැම්මට අපි තරහ නෑ.:lol: පින්තූර එක්කම දානවනම් තමයි හොඳ...:)
    අනිවා මචං. විස්තර දාන්නම්. ඔව් මචං ටිකක් විතර ඇවිදිනවා මම. මම ලංකාවෙන් පිට ඉන්නේ. සෝ ලංකාවට ආව ගමන් කරන්නේ ඇවිදින එක තමයි. හෙමින් සැරේ විස්තර කට්ටිය එක්ක බෙදා ගන්නම් කෝ. බොහොම ස්තුතියි සහෝදරයා.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    Tiger vs Leopard එහෙම නැත්තම් කොටියද දිවියද?

    අපේ ලංකාවේ ගොඩක් දෙනෙක් හරියට දන්නේ නැති දෙයක් තමයි ලංකාවේ වනෝද්‍යාන වල ඉන්නේ ඇත්තටම කොටියද දිවියද කියන එක.
    ඉතින් මේ දිගහැරුම ඒ ගැන පොඩි පැහැදිලි කිරීමකුයි.

    කොටියා සහ දිවියා දෙන්නම එකම පවුලේ සහෝදරයෝ තමයි. දෙදෙනාගේම සමානකම් වගේම අසමාන කම් ගොඩකුත් තියෙනවා. දෙදෙනා පැහැදිලිවම අදුන ගන්න පුළුවන් විදිහක් තමයි මේ දෙන්නගේ සමේ තියන රටාවන්. කොටියාගේ කළු පැහැති ඉරි දික් අතට සුදු සහ තැබිලි පාට පසුබිමක සමේ තියන අතර, දිවියාගේ කළු පැහැති ලප සමේ පිහිටයි.
    මේ අපුර්ව සතුන් දෙදෙනාගේ බර සසදන විට කොටියා වැඩි බරකින් සමන්විත අතර දිවියා ගේ බර කොටියාට සාපේක්ෂව අඩු වේ. ඒ වගේම කොටියා ශක්තිවන්ත බවින්ද දිවියා පරදවයි.
    දිවියා කොටියව පරදවන එක් අවස්ථාවක් වන්නේ ගස් නැගීමේ හැකියාවයි. දිවියාට ඉතා වේගයෙන් ගසක් මුදුනට නැග ගත හැකි අතර, කොටියාට මේ හැකියාව එතරම් නැත. බොහෝ අවස්ථාවල දිවියන් තම විවේක සුවය ගත කිරීමට තොරගන්නේද ගසක මුදුනයි. පිහිනීමේ හැකියාව අතින් නම් කොටියා දිවියා පරදවයි.

    එතකොට අපේ වනෝද්‍යාන වල අපි බලන්නේ මොකාද? ඔව් ඒ දිවියා. යාල වනෝද්‍යානය සහ විල්පත්තු වනෝද්‍යාන දිවියන් බැලීමට පහසුම වනෝද්‍යානයි. මිට අමතරව හෝර්ටන් ප්ලේන්ස් (horton plains) තුලද දිවියන් අපට බලාගන්න පුළුවන්. මම නම් දැකපු ලස්සනම දිවියා ඉන්නේ horton plains වල. ඔව් ඔය හැම කැලේකම දිවියෝ මම දැකල තියනවා. මොකද මම ආසම කරන සතෙක් තමයි දිවිය කියන්නේ.
    දිවියා බලන්න පහසුම විල්පත්තු සහ යාල වලදියි. උදේ කාලයේ වතුර වලවල් ලගත් සවස් කාලයේ ගල් සහ ගස් උඩ විවේක සුවයෙනුත් දිවියෝ බලාගන්න පුළුවන්. හැබැයි දිවියෝ බලන්නම යනවා නම් හද හොදින් පායන දවස් මග ඇරලා යන එක තමයි හොදම. මොකද හද තියන රෑට දිවියා දඩයමේ යනවා හොදට. රෑ තිස්සේ ඇවිදලා අපි දවල් උන්ව බලන්න යන වෙලාවට මෙයාල හොදට නිදා ගන්නවා. සෝ ඒ දවස් වලට දිවියා හොයනවා බොරු.

    එහෙනම් ඒ විස්තරෙත් ඉවරයි. ලංකාවේ වටේ ඇවිදින්න හැබෙයි අරගෙන යන කිසිම දෙයක් ඔය කොහෙවත් දාල එන්නේ නැතුව අරගෙන එන්න. අපේ ලංකාව අපි රැක ගන්න ඕනි.

    මචන් යාල, විල්පත්තු වනෝද්‍යාන වල ඉන්නෙ කොටියා. කොටියා කියන්නෙ ලංකාවට ආවේනික බළල් පවුලේ සතෙක්.

    ඔය රතු පාටින් ලකුණු කරල තියෙන තැන උඹ ඔය සංසන්දනේ කරන්නෙ ව්‍යාග්‍රයා සහ කොටියා. ව්‍යාග්‍රයො ලංකාවෙ නෑ. ඉන්දියාවෙ , බංගලිදේශෙ, මියන්මාරෙ වගෙ රටවල නම් ඉන්නව.

    ව්‍යාග්‍රයා
    Bengal_Tiger_In_Sundarbans_Bangladesh.jpg

    කොටියා
    SriLankaLeopard-ZOO-Jihlava.jpg

    අල වගේද ගෝවා කිව්වලු... වෙනස බලපන්කෝ

    මුන් දෙන්නා ප්‍රමානෙනුත් පට්ටම වෙනස්. ව්‍යාග්‍රයා ප්‍රමාණයෙන් විශාලයි වගේම දරුණුයි.
     
    Last edited:

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඒ කියන්නේ ලංකාවේ වනාන්තර වල (සත්තු වත්තේ හැර ) කොටියන් නෑ, ඉන්නේ දිවියන් කියන එකද ?
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඒ කියන්නේ ලංකාවේ වනාන්තර වල (සත්තු වත්තේ හැර ) කොටියන් නෑ, ඉන්නේ දිවියන් කියන එකද ?

    නෑ බං ලංකාවෙ කොටි වගේම දිවියන් විශේෂ කීපයක්ම ඉන්නව. ලංකාවෙ නැත්තෙ ව්‍යාග්‍රයො.
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    මචන් යාල, විල්පත්තු වනෝද්‍යාන වල ඉන්නෙ කොටියා. කොටියා කියන්නෙ ලංකාවට ආවේනික බළල් පවුලේ සතෙක්.

    ඔය රතු පාටින් ලකුණු කරල තියෙන තැන උඹ ඔය සංසන්දනේ කරන්නෙ ව්‍යාග්‍රයා සහ කොටියා. ව්‍යාග්‍රයො ලංකාවෙ නෑ. ඉන්දියාවෙ , බංගලිදේශෙ, මියන්මාරෙ වගෙ රටවල නම් ඉන්නව.

    ව්‍යාග්‍රයා
    Bengal_Tiger_In_Sundarbans_Bangladesh.jpg

    කොටියා
    SriLankaLeopard-ZOO-Jihlava.jpg

    අල වගේද ගෝවා කිව්වලු... වෙනස බලපන්කෝ

    මුන් දෙන්නා ප්‍රමානෙනුත් පට්ටම වෙනස්. ව්‍යාග්‍රයා ප්‍රමාණයෙන් විශාලයි වගේම දරුණුයි.
    කතිකාවතක් ආරම්භ උන එක හොදයි. එතකොට අපි හැමෝගෙම සැක දුරු කරගන්න පුළුවන්. ලංකාවේ වනෝද්‍යාන වල කොටියා එහෙම නැත්තම් අපි ඉංග්‍රීසියෙන් හදුන්වන Tiger කියන බළල් පවුලේ සත්වයා නැහැ.

    ඔයා එහෙම ඉන්නවා කියනවා නම් ඒ ඉන්න කොටි විශේෂ සහ දිවියන් විශේෂ හදුන්වන්න පුළුවන් ද සහෝදරයා? අනික මචං මේ කවුරුත් ලංකාවට අවේනික නැහැ. පුළුවන් නම් ඉන්ටෙර්නෙට් source එකක් හරි මට පෙන්නන මේ විස්තර සදහන් වෙන.

    ලංකාවේ කොටි නැති බවත් ඉන්නේ දිවියන් බවත් මම කියනවා. ලංකාවේ tiger ජිවත් වෙන බව ඔප්පු කලොත් මම පරාජය බාරගන්නවා. සංවාදයට විවෘත්තයි.
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    නෑ බං ලංකාවෙ කොටි වගේම දිවියන් විශේෂ කීපයක්ම ඉන්නව. ලංකාවෙ නැත්තෙ ව්‍යාග්‍රයො.
    ඔය කියන්නේ හදුන් දිවියා සහ කොළ දිවියා ගැන නම්, එය පිලිගන්නවා. මේ අය අපේ පුසෙකුට වඩා ටිකක් විශාල වන බළල් පවුලේ ලගම නෑදැයෝ. නමුත් ඔබ කියන්නේ කොටියන් වර්ගත් ඉන්නවා කියලද ලංකාවේ?
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    කොටියා අපි ඉංග්‍රීසියෙන් හදුන්වන්නේ එහෙම නැත්තම් scientific name එක Panthera tigris කියන එක. ව්‍යාග්‍රයා හදුන්වන්නේ Panthera tigris tigris එහෙම නැත්තම් Bengal tiger කියල. මම වැරදි නම් නිවැරදි කරන්න.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කොටියා අපි ඉංග්‍රීසියෙන් හදුන්වන්නේ එහෙම නැත්තම් scientific name එක Panthera tigris කියන එක. ව්‍යාග්‍රයා හදුන්වන්නේ Panthera tigris tigris එහෙම නැත්තම් Bengal tiger කියල. මම වැරදි නම් නිවැරදි කරන්න.

    මචන් ලොකු පැටලිල්ලක් නේ වෙලා තියෙන්නෙ? කොටියා කියන්නෙ ලංකාවට ආවෙනික සතෙක්. ලංකාවෙ කොටියාගෙ විද්‍යාත්මක නාමයටත් (Panthera pardus kotiya) කොටියා කියන කොටස එකතු කරල තියෙන්නෙ ඌ අපේ රටට ආවේනික Sub-species එකක් නිසා.

    ටයිගර් කියන සතා ලංකාවෙ නැතත් අසල්වැසි ඉන්දියාවෙ ඉන්න නිසා ඌටත් සිංහල අපි නමක් දීල තිබුන ව්‍යාග්‍රයා කියල.

    මෙන්න මෙතන මම විස්තරේ ලියල තියෙනව.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කොටියා අපි ඉංග්‍රීසියෙන් හදුන්වන්නේ එහෙම නැත්තම් scientific name එක Panthera tigris කියන එක. ව්‍යාග්‍රයා හදුන්වන්නේ Panthera tigris tigris එහෙම නැත්තම් Bengal tiger කියල. මම වැරදි නම් නිවැරදි කරන්න.

    කොටියාගෙ විද්‍යාත්මක නාමය - Panthera pardus kotiya

    Panthera tigris කියන්නෙ ව්‍යාග්‍රයාගෙ පොදු විද්යාත්මක නාමය. ව්‍යාග්‍රයො විශේෂ ගණනාහක්ම ඉන්නවනේ.
     
    Last edited: