Tiger vs Leopard

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,770
    16,872
    113
    Kottawa
    කොටියා අපි ඉංග්‍රීසියෙන් හදුන්වන්නේ එහෙම නැත්තම් scientific name එක Panthera tigris කියන එක. ව්‍යාග්‍රයා හදුන්වන්නේ Panthera tigris tigris එහෙම නැත්තම් Bengal tiger කියල. මම වැරදි නම් නිවැරදි කරන්න.

    Capture.png

    විකී අයියගෙන් ගත්තේ.. :P

    ඔක්කොම පැටලිලා ඔයි තියෙන්නේ දැන්.. :angry::angry::angry::angry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,770
    16,872
    113
    Kottawa
    Leopard = දිවියා = තිත් තියෙන එකා?
    Tiger = වයාග්‍රයා= ඉරි තියෙන එකා?
    Jaguar = ? = ? මූ මොකාද එතකොට? :dull::dull:

    කොටියා මොකාටද අයිති වෙන්නේ? :nerd::nerd:

    ඔක්කොම ටපලැවිල තියෙන්නේ දැන් :dull::dull:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කතිකාවතක් ආරම්භ උන එක හොදයි. එතකොට අපි හැමෝගෙම සැක දුරු කරගන්න පුළුවන්. ලංකාවේ වනෝද්‍යාන වල කොටියා එහෙම නැත්තම් අපි ඉංග්‍රීසියෙන් හදුන්වන Tiger කියන බළල් පවුලේ සත්වයා නැහැ.

    ඔයා එහෙම ඉන්නවා කියනවා නම් ඒ ඉන්න කොටි විශේෂ සහ දිවියන් විශේෂ හදුන්වන්න පුළුවන් ද සහෝදරයා? අනික මචං මේ කවුරුත් ලංකාවට අවේනික නැහැ. පුළුවන් නම් ඉන්ටෙර්නෙට් source එකක් හරි මට පෙන්නන මේ විස්තර සදහන් වෙන.

    ලංකාවේ කොටි නැති බවත් ඉන්නේ දිවියන් බවත් මම කියනවා. ලංකාවේ tiger ජිවත් වෙන බව ඔප්පු කලොත් මම පරාජය බාරගන්නවා. සංවාදයට විවෘත්තයි.

    Sri Lankan Leopard කියන්නෙ ලංකාවට ආවෙනික Leopard sub-species එකක්
    https://en.wikipedia.org/wiki/Sri_Lankan_leopard
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වැරදි වැටහීම්

    වසර කිහිපයකට පෙරාතුව, ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධානි‍යෙකුගෙන් ලද තොරතුරු වැරදි ලෙස වටහාගත් මාධ්‍යය ආයතනයක් විසින්, ශ්‍රී ලංකා කොටියා, tiger ලෙස පළ කර ඇත. පසුව වනජීවී දෙපාර්තමේන්තු‍වේ ප්‍රධානි‍යා විසින්, ශ්‍රී ලංකාව තුළ tiger වාසය නොකරන බවට කල ප්‍රකාශය, ලංකාව තුල 'කොටි' වාසය කරන්නෙ නැත, ලෙසට තවදුරටත් වැරදි ලෙස තේරුම් ගෙන ඇත. පුරාණ ප්‍රස්ථාව පිරුළක් වන "කැළේ මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ " යන්න නිවැරදි සිංහල ව්‍යවහාරයට අනුව කොටියා සතුව පවතින්නේ පුල්ලි බවත් ඉරි පවතින්නේ ව්‍යාඝ්‍රයාට බවත් තහවුරු කරයි.
    Panthera pardus kotiya යන්නෙන් පැහැදිලි වන පරිදි "කොටියා" සත්‍යවශයෙන්ම ශ්‍රී ලංකාව තුළ ස්වභාවික තත්‍ව යටතේ වාසය කරනු ලබයි. තව ද Panthera pardus diviya ලෙස ද හදුන්වන සත්‍යවයෙක් වාසය කරනු නොලබයි. මෙසේ ගැටළුකාරී තත්‍වයක් උදා වී ඇත්තේ, මිනිසුන් විසින් ඉංග්‍රීසි බසේ යෙදෙන, tiger යන්න කොටියා ලෙසත්, leopard යන්න දිවියා ලෙසත් භාවිතා කරන බැවිනි. නිවැරදි සිංහල භාවිතය අනුව tiger යනු 'ව්‍යාඝ්‍රයා' වන අතර leopard යනු 'කොටියා' වේ. තව ද ශ්‍රී ලංකාව තුළ දිවියා යන යෙදුම සියවස් ගනනාවක සිටම බළල් පවුලට අයත් තරමක් කුඩා ප්‍රමානයේ සතුන් සදහා පොදුවේ භාවිතා කර ඇත. උදා: හඳුන් දිවියා, කොළ දිවියා.
    මෙම වැරදි වැටහීම් ඉතා තදින් භාවිතා වන බවට බව 2011-ජන්වාරි-23 ලංකාදීප පුවත් පතේ ඇති පුවත් 2 කින් සනාථ වෙයි. "සිංහරාජයට තවත් දිවියෙක් අහිමි වේයි "[4] යන පුවත යටතේ නිවැරදිව නීති විරෝධීව මරා දමන ලද දිවියෙක් පිලිබඳව වාර්තා කරන අතර "දිවියෙක් මිනිස් උගුලට දිවි පුදයි" [5]යන පුවත යටතේ සැබෑ ලෙසම උගුලකට අසුවූ කොටියෙකු ගැන වාර්තා කරයි. එකම පුවත් පතේ වෙනස් සතුන් දෙදෙනෙක් ගැන එකම වචනය ( දිවියා) භාවිතා කරමින් වාර්තා කරයි. නමුත් ඉදිරිපත් කර ඇති ජායරූප වලින් අනතුරට පත් සතුන් දෙදෙනාගේ වෙනස පැහැදිලිව පෙනේ.

    https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකා_කොටියා
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    leopard යනු 'කොටියා' ද..

    දිවියා කොටියාලු

    tiger යනු 'ව්‍යාඝ්‍රයා'

    ඔක්කොම පැටෙලනවානෙ බන්..:baffled::baffled:

    Kotiya is a subspecies of leopard that is native to Sri Lanka.
     
    ඔය තියෙන්න පැහැදිල කරල අගේට.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    කොටියව ටැපළුනාද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1785247

    ඔය උඩින් තියෙන ත්‍රෙඩ් එකත් එලකිරි මෙම්බ කෙනෙක් දාපු එකක්.. පොඩ්ඩක් බලපන් මචන්.. :) ඒකේ ව්‍යාග්‍රයා ගැනත් සඳහනක් තියෙනවා.. එතකොට උඹ කොටියා කියන එකා තමයි එතනදි ව්‍යාග්‍රයා වෙන්නේ..:baffled:

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    ඔක්කොම ටැපලුනා. වෙලාව අරගෙන පොඩ්ඩක් හොයල බලමු. බොහොම ස්තුතියි හැමෝටම.
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    ළමයි, මෙහෙමයි කේස් එක. අපි ලංකාවේ යාල විල්පත්තු දකින සතා ගේ scientific name එක Panthera pardus kotiya. උට එහෙම සුද්ද නම දාල තියෙන්නේ අතීතයේ ඉදන් අපි මෙයාට කියල තියෙන්නේ කොටියා කියලා. වරදවා වටහාගන්න එපා කොටියා කියන එකේ English වචනය Tiger කියල. Tiger කියන්නේ වියාග්‍රයා. මෙයා ලංකාවේ නැහැ.

    ඒ කියන්නේ කොටියා ලංකාවේ ඉන්නවා, Tiger ලංකාවේ නැහැ.

    ලංකාවේ ඉන්න කොටියට අපි කියන English නම තමයි Leopard කියල බොහෝ දෙනෙක් හදුන්වන්නේ. මෙන්න මෙතන තමයි අපි පටල ගන්නේ සහෝදරවරුනි.

    මේක සෑහෙන බොන්න ඕනි ප්‍රශ්නයක් උනා ඕයි.