Tiger vs Leopard එහෙම නැත්තම් කොටියද දිවියද?
අපේ ලංකාවේ ගොඩක් දෙනෙක් හරියට දන්නේ නැති දෙයක් තමයි ලංකාවේ වනෝද්‍යාන වල ඉන්නේ ඇත්තටම කොටියද දිවියද කියන එක.
ඉතින් මේ දිගහැරුම ඒ ගැන පොඩි පැහැදිලි කිරීමකුයි.
කොටියා සහ දිවියා දෙන්නම එකම පවුලේ සහෝදරයෝ තමයි. දෙදෙනාගේම සමානකම් වගේම අසමාන කම් ගොඩකුත් තියෙනවා. දෙදෙනා පැහැදිලිවම අදුන ගන්න පුළුවන් විදිහක් තමයි මේ දෙන්නගේ සමේ තියන රටාවන්. කොටියාගේ කළු පැහැති ඉරි දික් අතට සුදු සහ තැබිලි පාට පසුබිමක සමේ තියන අතර, දිවියාගේ කළු පැහැති ලප සමේ පිහිටයි.
මේ අපුර්ව සතුන් දෙදෙනාගේ බර සසදන විට කොටියා වැඩි බරකින් සමන්විත අතර දිවියා ගේ බර කොටියාට සාපේක්ෂව අඩු වේ. ඒ වගේම කොටියා ශක්තිවන්ත බවින්ද දිවියා පරදවයි.
දිවියා කොටියව පරදවන එක් අවස්ථාවක් වන්නේ ගස් නැගීමේ හැකියාවයි. දිවියාට ඉතා වේගයෙන් ගසක් මුදුනට නැග ගත හැකි අතර, කොටියාට මේ හැකියාව එතරම් නැත. බොහෝ අවස්ථාවල දිවියන් තම විවේක සුවය ගත කිරීමට තොරගන්නේද ගසක මුදුනයි. පිහිනීමේ හැකියාව අතින් නම් කොටියා දිවියා පරදවයි.
එතකොට අපේ වනෝද්‍යාන වල අපි බලන්නේ මොකාද? ඔව් ඒ දිවියා. යාල වනෝද්‍යානය සහ විල්පත්තු වනෝද්‍යාන දිවියන් බැලීමට පහසුම වනෝද්‍යානයි. මිට අමතරව හෝර්ටන් ප්ලේන්ස් (horton plains) තුලද දිවියන් අපට බලාගන්න පුළුවන්. මම නම් දැකපු ලස්සනම දිවියා ඉන්නේ horton plains වල. ඔව් ඔය හැම කැලේකම දිවියෝ මම දැකල තියනවා. මොකද මම ආසම කරන සතෙක් තමයි දිවිය කියන්නේ.
දිවියා බලන්න පහසුම විල්පත්තු සහ යාල වලදියි. උදේ කාලයේ වතුර වලවල් ලගත් සවස් කාලයේ ගල් සහ ගස් උඩ විවේක සුවයෙනුත් දිවියෝ බලාගන්න පුළුවන්. හැබැයි දිවියෝ බලන්නම යනවා නම් හද හොදින් පායන දවස් මග ඇරලා යන එක තමයි හොදම. මොකද හද තියන රෑට දිවියා දඩයමේ යනවා හොදට. රෑ තිස්සේ ඇවිදලා අපි දවල් උන්ව බලන්න යන වෙලාවට මෙයාල හොදට නිදා ගන්නවා. සෝ ඒ දවස් වලට දිවියා හොයනවා බොරු.
එහෙනම් ඒ විස්තරෙත් ඉවරයි. ලංකාවේ වටේ ඇවිදින්න හැබෙයි අරගෙන යන කිසිම දෙයක් ඔය කොහෙවත් දාල එන්නේ නැතුව අරගෙන එන්න. අපේ ලංකාව අපි රැක ගන්න ඕනි.

පින්තූර එක්කම දානවනම් තමයි හොඳ...