දොස්තරගෙන් මවක් කෝටි 100ක් වන්දි ඉල්ලයි
සිසේරියන් සැත්කමකදී නොසැලකිලිමත් ලෙස තම කුස තුළ විශාල පුළුන් ගුලියක් තැබිමෙන් ජීවිත අවදානමකටත් මාස පහක් තිස්සේ අනේකවිධ බරපතළ ශාරීරික හා මානසික පීඩාවන්ට ලක් කිරීමත් අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට සැලැස්වීමත් සම්බන්ධයෙන් පෞද්ගලික රෝහලක ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරයකුගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා ඊයේ (14) 23 හැවිරිදි දෙදරු මවක් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළාය.
කැලණිය දලුගම ජෝනික්වත්තේ අංක 669/5 දරන නිවසේ පදිංචි එම්.සී.ටී.ඩී. පෙරේරා මහත්මිය මෙම පැමිණිල්ල ගොනු කළාය.
කොළඹ පෞද්ගලික රෝහලකට හා එහි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සී. වර්ණසූරිය මහතා මෙහි වගඋත්තරකරු වශයෙන් නම් කොට ඇත.
තමන් තම දෙවන දරුවා ප්‍රසූත කිරීම සඳහා 2016 ජනවාරි මස 03 වැනි දින අදාළ පෞද්ගලික රෝහලට ඇතුළු වූ බවත් වගඋත්තරකාර විශේෂඥ වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකින් දරුවා පිටතට ගත් බවත් ඇය පවසයි.
දින කිහිපයකට පසු උදරයේ අධික වේදනාවක් නිසා වගඋත්තරකාර වෛද්‍යවරයා හමුවී පැමිණිලි කළ විට වේදනා නාශකයක් පමණක් දුන් බවත් දිගින් දිගටම වේදනාව වැඩි වූ නිසා වෙනත් වෛද්‍යවරයකු ලවා සිදු කරගත් ස්කෑන් පරීක්ෂණයකදී යමක් කුස තුළ ඇති බව අනාවරණය වූ බවත් ඇය පවසයි.
ඒ අනුව ඒ බැව් වගඋත්තරකාර වෛද්‍යවරයාට නැවත ගොස් දන්වා සිටියද ඒ පිළිබඳව ඔහු කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවත් පවසන ඇය අනතුරුව වෛද්‍ය මහාචාර්ය අර්ජුන සිල්වා මහතා ස්කෑන් වාර්තාව පිරික්සා ශල්‍ය වෛද්‍ය මහාචාර්ය මොහාන්ද සිල්වා මහතාට යොමු කළ බවත් එහිදී 2014 අප්‍රේල් මස 01 වැනි දින සිදු කළ සැත්කමකින් ෙසෙල වර්ධනය වී මසටම යාවී තිබූ පුළුන් ගුලිය පිටතට ගත් බවත් පවසයි.
එම සැත්කමේදී එය බඩවැලට බද්ධ වී තිබූ නිසා බඩවැලේ කොටසක්ද ඉවත් කළ බවත් ඇය පැමිණිල්ලෙන් කියා සිටී.
මේ සැත්කමින් පසු බඩවැලේ වර්ධනය සිදුවන තෙක් දින 45ක් පමණ කාලයක් මල මූත්‍රා පිට කිරීම පවා ශරීරයෙන් පිටතදී සිදුකිරීමට සිදුවූ බවත් යළි 2016 මැයි මස 15 වැනි දින තවත් සැත්කමකින් පසුව ඒවා යථා තත්ත්වයට පත් වූ බවත් ඇය පවසයි.
මේ තත්ත්වය මත තම කුලුඳුල් දරුවා වන අවුරුදු එකයි මාස හතරක් වයසැති දරුවාද අතිමහත් අසීරුතාවකට මුහුණ දුන් බවද තම දරුවාට මාස පහක් යනතුරු මව්කිරි දීමටද නොහැකි වූ බවත් ඇය පවසයි.
කමල් මහේන්ද්‍ර වීරරත්න