දොස්තරගෙන් මවක් කෝටි 100ක් වන්දි ඉල්ලයි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දොස්තරගෙන් මවක් කෝටි 100ක් වන්දි ඉල්ලයි

    doc-640x400.png


    සිසේරියන් සැත්කමකදී නොසැලකිලිමත් ලෙස තම කුස තුළ විශාල පුළුන් ගුලියක් තැබිමෙන් ජීවිත අවදානමකටත් මාස පහක් තිස්සේ අනේකවිධ බරපතළ ශාරීරික හා මානසික පීඩාවන්ට ලක් කිරීමත් අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට සැලැස්වීමත් සම්බන්ධයෙන් පෞද්ගලික රෝහලක ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරයකුගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා ඊයේ (14) 23 හැවිරිදි දෙදරු මවක් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළාය.

    කැලණිය දලුගම ජෝනික්වත්තේ අංක 669/5 දරන නිවසේ පදිංචි එම්.සී.ටී.ඩී. පෙරේරා මහත්මිය මෙම පැමිණිල්ල ගොනු කළාය.

    කොළඹ පෞද්ගලික රෝහලකට හා එහි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සී. වර්ණසූරිය මහතා මෙහි වගඋත්තරකරු වශයෙන් නම් කොට ඇත.

    තමන් තම දෙවන දරුවා ප්‍රසූත කිරීම සඳහා 2016 ජනවාරි මස 03 වැනි දින අදාළ පෞද්ගලික රෝහලට ඇතුළු වූ බවත් වගඋත්තරකාර විශේෂඥ වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකින් දරුවා පිටතට ගත් බවත් ඇය පවසයි.

    දින කිහිපයකට පසු උදරයේ අධික වේදනාවක් නිසා වගඋත්තරකාර වෛද්‍යවරයා හමුවී පැමිණිලි කළ විට වේදනා නාශකයක් පමණක් දුන් බවත් දිගින් දිගටම වේදනාව වැඩි වූ නිසා වෙනත් වෛද්‍යවරයකු ලවා සිදු කරගත් ස්කෑන් පරීක්ෂණයකදී යමක් කුස තුළ ඇති බව අනාවරණය වූ බවත් ඇය පවසයි.

    ඒ අනුව ඒ බැව් වගඋත්තරකාර වෛද්‍යවරයාට නැවත ගොස් දන්වා සිටියද ඒ පිළිබඳව ඔහු කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවත් පවසන ඇය අනතුරුව වෛද්‍ය මහාචාර්ය අර්ජුන සිල්වා මහතා ස්කෑන් වාර්තාව පිරික්සා ශල්‍ය වෛද්‍ය මහාචාර්ය මොහාන්ද සිල්වා මහතාට යොමු කළ බවත් එහිදී 2014 අප්‍රේල් මස 01 වැනි දින සිදු කළ සැත්කමකින් ෙසෙල වර්ධනය වී මසටම යාවී තිබූ පුළුන් ගුලිය පිටතට ගත් බවත් පවසයි.

    එම සැත්කමේදී එය බඩවැලට බද්ධ වී තිබූ නිසා බඩවැ‍ලේ කොටසක්ද ඉවත් කළ බවත් ඇය පැමිණිල්ලෙන් කියා සිටී.

    මේ සැත්කමින් පසු බඩවැ‍ලේ වර්ධනය සිදුවන තෙක් දින 45ක් පමණ කාලයක් මල මූත්‍රා පිට කිරීම පවා ශරීරයෙන් පිටතදී සිදුකිරීමට සිදුවූ බවත් යළි 2016 මැයි මස 15 වැනි දින තවත් සැත්කමකින් පසුව ඒවා යථා තත්ත්වයට පත් වූ බවත් ඇය පවසයි.

    මේ තත්ත්වය මත තම කුලුඳුල් දරුවා වන අවුරුදු එකයි මාස හතරක් වයසැති දරුවාද අතිමහත් අසීරුතාවකට මුහුණ දුන් බවද තම දරුවාට මාස පහක් යනතුරු මව්කිරි දීමටද නොහැකි වූ බවත් ඇය පවසයි.

    කමල් මහේන්ද්‍ර වීරරත්න
     
    • Like
    Reactions: tewera

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    ඕක තමා කියන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකින් බේත් ගන්න කියලා
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    sure එකට SITAM පොරක් වෙන්න ඇති. :(
    හොඳ වැඩේ. :baffled:
    රජයේ campus වලින් අපු අයගෙන් නම් මෙහෙම වැරදි කවදාවත් වෙන්නේ නෑලු.:cool:
    ඒ නිසා අද ඉඳන් අපි SITAM ඩොකාලා වර්ජනය කරමු. :dull:
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඕක තමා කියන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකින් බේත් ගන්න කියලා

    දැන් මේ දොස්තර GMOA එකෙක් නෙවෙයිද?
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    sure එකට SITAM පොරක් වෙන්න ඇති. :(
    හොඳ වැඩේ. :baffled:
    රජයේ campus වලින් අපු අයගෙන් නම් මෙහෙම වැරදි කවදාවත් වෙන්නේ නෑලු.:cool:
    ඒ නිසා අද ඉඳන් අපි SITAM ඩොකාලා වර්ජනය කරමු. :dull:

    :yes::yes::lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕවට නඩු දාන්න පුලුවන්ද බං? සාමාන්‍යයෙන් ඕනම සැත්කමකට කලින් භාරකරු අත්සන් කරනවනෙ මොනාහරි අවුලක් ගියොත් ඩොකා සහ හොස්පිටල් එක වගකීමෙන් නිදහස් කරනව කියල :baffled::oo:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඕවට නඩු දාන්න පුලුවන්ද බං? සාමාන්‍යයෙන් ඕනම සැත්කමකට කලින් භාරකරු අත්සන් කරනවනෙ මොනාහරි අවුලක් ගියොත් ඩොකා සහ හොස්පිටල් එක වගකීමෙන් නිදහස් කරනව කියල :baffled::oo:

    මම හිතන්නෙ නෑ උන්ට එහෙම නිදහස් වෙන්න පුලුවන් කියල
     

    Palihawadana1990

    Well-known member
  • ඕවට නඩු දාන්න පුලුවන්ද බං? සාමාන්‍යයෙන් ඕනම සැත්කමකට කලින් භාරකරු අත්සන් කරනවනෙ මොනාහරි අවුලක් ගියොත් ඩොකා සහ හොස්පිටල් එක වගකීමෙන් නිදහස් කරනව කියල :baffled::oo:

    ඉස්සර නම් එහෙම ගත්තෙ නෑ... හැබැයි දැන් නම් ගනීවි.... මොකද ශුවර් නෑ නේ....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ස්කෑන් එකට පුළුන් ගුලියක් අහුවෙනවද :eek:

    "සෛල වර්ධනය වී මසටම යාවී තිබූ පුළුන් ගුලිය පිටතට ගත් බවත් පවසයි." පුලුන් වටේට ආවරණයක් වගේ තිබ්බ කියල තියෙන්නෙ, එතකොට පේනව ඇති,
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    http://www.dailymirror.lk/106307/Doctor-operates-on-wrong-knee

    A child who had been admitted to Peradeniya Teaching Hospital for treatment of a swelling on her right knee, had had her left knee operated on instead, it was reported yesterday.

    :lol::lol::lol::lol::lol:


    The child’s father had lodged a complaint with the Peradeniya Police and also brought this matter to the notice of the director of the hospital. The director had conducted an inquiry and said that the specialist who was abroad would return to the island on the 8th, and a formal inquiry would then be held.
    තාම inquiry එක තියලා නැද්ද :dull:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    ඕවට නඩු දාන්න පුලුවන්ද බං? සාමාන්‍යයෙන් ඕනම සැත්කමකට කලින් භාරකරු අත්සන් කරනවනෙ මොනාහරි අවුලක් ගියොත් ඩොකා සහ හොස්පිටල් එක වගකීමෙන් නිදහස් කරනව කියල :baffled::oo:
    Medical negligence සහ complications කියන්නේ දෙකක් නේද :dull:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    තාම inquiry එක තියලා නැද්ද :dull:

    eka ithn ahanna ona director gen ma thamai.

    machan ara anith thread eke neville pappa kiwwa eke link eka deepan ko. nondiyata newei ahuwe. attatama balanna ona nakiya ehema kiwwada kiyala:growl:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඕක තමා කියන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකින් බේත් ගන්න කියලා

    aanduwen isportalaa wala un ma tama private karanne etkoat thane aulada tiyenne ?:eek:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    aanduwen isportalaa wala un ma tama private karanne etkoat thane aulada tiyenne ?:eek:

    දන්න තරමට සැත්කමට දොස්තර අතට දෙන හැම දෙයක්ම පුළුන් කෑල්ල , ඉදිකට්ට නූල් කෑල්ල ගණන් කරල එතැන තියන ලොකු board එකක ලියනව .

    සැත්කම ඉවරවෙලා වහන්න කලින් එතැන ඉන්න nurse දීපු බඩු සේරම ආපහු ගණන් කරලා බලන්න ඕනි ....:sorry:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අපේ උන් දොස්තරලා ලඟට එන්නේ බුදු මහත්තයෝ මාව බේරා ගන්න නැතිනම් මගේ ඥාතියා බේරා ගන්න කියමින්. ගොඩක් උන් යනකොට යන්නේ දොස්තරලාට අමු තිත්ත පට්ට බැනුම් බනිමින්. ඔන්න ලංකාවේ මිනිස්සුන්ගේ හැටි.
     

    Similar threads