කැලේ කොටි

ushankv

Member
Feb 15, 2009
189
71
0
පහුගිය දවස් ටිකේම අපේ ලොකු සාකච්චාවක් ගියානේ අපේ කැලේ ඉන්න කොටි ගැන. ඒ අතරතුර බොහෝ දෙනක් කරපු ඉල්ලීමක් නිසා මම මගේ ජිවිතේ ගත්ත හොදම චායරුපයක් කට්ටිය එක්ක බෙදා ගන්න හිතුවා.

දැන් ආයේ කවුරුත් මෙතන කෑ ගහන්න එපා මේ ඉන්නේ කොටියා නෙමෙයි දිවියා කියල.

මේ ගැන ලොකු පැහැදිලි කිරීමක් අපේ "පිස්සු මැට්ට" සහෝදරයා කරපු නිසා ඒකෙ link එකත් මම මෙතන දාන්නම්කො.

http://www.elakiri.com/forum/showthread.php?t=1785247

හරි, ඔය පහල තියෙන්නේ මම ගත්ත ෆොටෝ එක තමයි.

HFLjdGN.jpg

මේක මම වඩාත්ම ආදරය කරන ෆොටෝ එකක්. ලොකු මහන්සියක් කැප කිරීමක් මේක පිටිපස්සේ තියනවා. ඒවා නොදන්න අපේ සමහරු හරි ලේසියෙන් මේ ෆොටෝ හොරකම් කරන නිසා තමයි ෆොටෝ quality එක අඩු කරලා ලොකු water mark එකක් දාන්න උනෙත්.

මේ චායරුපය මම ගත්තේ යාල වනෝද්‍යානය තුලදී. පලවෙනි වතුර වල නමින් හදුන්වන තැනදී. උදේ 7.30 ට විතර. මේ දවස් ටිකේම කොටියා මෙතනට එන්න පුරුදු වෙලා හිටිය බව අපිට දැන ගන්න ලැබුනා. ඉතින් උදේ පාන්දරම අපි මෙතනට ගිහින් බලාගෙන හිටියා.

මෙන්න ටික වෙලාවකින් යාළුවා එනවා. හරිම හැඩකාර ගමන. වතුර වලෙන් වතුර එහෙම ටිකක් බීල ලග තිබුන ගහකටත් නැග ගත්තා. මේ හැම වෙලාවකදීම මගේ camera ඇස තිබුනේ කොටි මහත්තය දිහාවට. මගේ වාසනාවට මේ යකා එක ගහක ඉදන් තවත් ගහකට පැන්න. ඒ අවසරයෙන් මම ෆොටෝස් 3ක් ගත්ත. පියවරෙන් පියවර මෙයා පනින හැටි වාසනාවට මගේ camera එකේ සටහන් උනා. මේ එතනින් එක ෆොටෝ එකක්.

වනජීවින් චයරුපකරනය කියන්නේ හරිම ඉවසීමක් තියෙන්න ඕනි දෙයක්. එදා අපි ටික වෙලාවක් බලාගෙන ඉදල යන්න ගිය නම් අද මට සතුටු වෙන්න මේ ෆොටෝ එක නැහැ.

අන්තිමට කියන්න ඕනි, මේ කොටි ( tiger නෙමෙයි හොදේ) ලංකාවට ආවේනිකයි. ඉතින් අපි හැමෝගෙම යුතුකම මේ සතුන් ආරක්ෂා කර ගන්න එක.
 
Last edited:

ushankv

Member
Feb 15, 2009
189
71
0
හරි ළමයි. සමාවෙන්න වැරදීමක් උනා. "lasa_dal" සහෝදරයා තමයි උදවු කලේ, ෆොටෝ එක upload කරන්න.
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ai bun poto eka aran hangagena inne
    oka hamoma ekka share kara ganinko

    mama godak ewunge balala tiyenwa pohot ekak illuwama marenna hadanawa

    photo eka wikunanawa nam tawa kamakut na
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    එල මචං තව පොටෝ තියනවනං දාන්න. මමත් උඩවලවෙ ගිහින් කට්ටක් කෑව පොටො ගන්න ඒත් උබට තරං වාසනාවක් ,කාලයක් තිබුනෙ නෑ ( ගෙදර අය එක්ක ගියෙ , දන්නවනෙ ඉතින්) REP++
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    ai bun poto eka aran hangagena inne
    oka hamoma ekka share kara ganinko

    mama godak ewunge balala tiyenwa pohot ekak illuwama marenna hadanawa

    photo eka wikunanawa nam tawa kamakut na
    හරි බං හංගගෙන නැහැ ඔය දැන්මේ. ගොඩක් අය ෆොටෝ එලියට දාන්නේ නැත්තේ මචං ලංකාවේ ඉන්න සුපිරි හොරු නිසා. මුන් අපේ ෆොටෝ හොරකම් කරගෙන වෙන වෙන තැන්වල පොස්ට් කරනවා බය නැතුව උන් ගත්තා කියලම. එතකොට මචන් ඇත්තටම ෆොටෝ එක ගත්ත එකාට දැනෙන දේ හිතපන්කෝ. DSLR එකකින් ෆොටෝ එකක් ගන්න ඕනි කෙනෙක් ට පුළුවන්. නමුත් කලාත්මක විදිහට තව කෙනෙක් ට හිතට වදින විදිහට ගන්න හැමෝටම බැහැ. සමහරු ලොකු කැප කිරීමක් කරලා ගන්න ෆොටෝ එකක් තව කෙනෙක් computer එක ඉස්සරහ ඉදන් තව තැනක පොස්ට් කරලා ලකුණු ගන්නකොට කාටද කියපන්කො තමන්ගේ ෆොටෝ එලියට දාන්න හිතෙන්නේ.
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    එල මචං තව පොටෝ තියනවනං දාන්න. මමත් උඩවලවෙ ගිහින් කට්ටක් කෑව පොටො ගන්න ඒත් උබට තරං වාසනාවක් ,කාලයක් තිබුනෙ නෑ ( ගෙදර අය එක්ක ගියෙ , දන්නවනෙ ඉතින්) REP++
    එල එල. හෙමින් සැරේ දාන්නම් තව ෆොටෝස්. ඔව් ඔව් ගෙදර අය එක්ක ගිහින් නම් අපිට ඕනි දේවල් කරන්න බැහැනේ ;)
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    පට්ට මචං. මමත් සෑහෙන ට්‍රයි එකක් දුන්නා දිවියගේ ෆොටෝ එකක් ගන්න. ඒත් ඒකට පිනක් තිබුනේ නෑ බං.:no::no: අන්තිමට අඩි සලකුණක් අරගෙන එන්න උනා. :yes::yes:
    ඒ අතින් උඹ වාසනාවන්තයි බං. තව තියෙනවානම් ෆොටෝ ටිකක් දාපන් මචෝ:rofl::rofl:.​
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    හරි බං හංගගෙන නැහැ ඔය දැන්මේ. ගොඩක් අය ෆොටෝ එලියට දාන්නේ නැත්තේ මචං ලංකාවේ ඉන්න සුපිරි හොරු නිසා. මුන් අපේ ෆොටෝ හොරකම් කරගෙන වෙන වෙන තැන්වල පොස්ට් කරනවා බය නැතුව උන් ගත්තා කියලම. එතකොට මචන් ඇත්තටම ෆොටෝ එක ගත්ත එකාට දැනෙන දේ හිතපන්කෝ. DSLR එකකින් ෆොටෝ එකක් ගන්න ඕනි කෙනෙක් ට පුළුවන්. නමුත් කලාත්මක විදිහට තව කෙනෙක් ට හිතට වදින විදිහට ගන්න හැමෝටම බැහැ. සමහරු ලොකු කැප කිරීමක් කරලා ගන්න ෆොටෝ එකක් තව කෙනෙක් computer එක ඉස්සරහ ඉදන් තව තැනක පොස්ට් කරලා ලකුණු ගන්නකොට කාටද කියපන්කො තමන්ගේ ෆොටෝ එලියට දාන්න හිතෙන්නේ.

    ඔව් බං. සමහරු ඉන්නවා වෙන එවුන්ගේ ෆොටෝ උස්සලා උගේ වගේ දාලා තව පොර ටෝක්සුත් දෙන. මේ එල කිරියෙත් ඒ වගේ ඩයල් ඉන්නවා. උන් හිතන්නේ DSLR එකක් තිබ්බම ඔක්කෝම හරි කියලා. ඒවුනාට ඒකකින් නියම කොලිටි ෆොටෝ එකක් ගන්න කන කට්ට දන්නේ එහෙම ෆොටෝ එකක් ගත්තු උන් විතරයි.​
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    බොහොම අපූරුයි... කැපවීම වාසනාව දෙකම එකට රැඳුණු පින්තූරයක්...
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    පහුගිය දවස් ටිකේම අපේ ලොකු සාකච්චාවක් ගියානේ අපේ කැලේ ඉන්න කොටි ගැන. ඒ අතරතුර බොහෝ දෙනක් කරපු ඉල්ලීමක් නිසා මම මගේ ජිවිතේ ගත්ත හොදම චායරුපයක් කට්ටිය එක්ක බෙදා ගන්න හිතුවා.

    දැන් ආයේ කවුරුත් මෙතන කෑ ගහන්න එපා මේ ඉන්නේ කොටියා නෙමෙයි දිවියා කියල.

    මේ ගැන ලොකු පැහැදිලි කිරීමක් අපේ "පිස්සු මැට්ට" සහෝදරයා කරපු නිසා ඒකෙ link එකත් මම මෙතන දාන්නම්කො.

    http://www.elakiri.com/forum/showthread.php?t=1785247

    හරි, ඔය පහල තියෙන්නේ මම ගත්ත ෆොටෝ එක තමයි.

    HFLjdGN.jpg

    මේක මම වඩාත්ම ආදරය කරන ෆොටෝ එකක්. ලොකු මහන්සියක් කැප කිරීමක් මේක පිටිපස්සේ තියනවා. ඒවා නොදන්න අපේ සමහරු හරි ලේසියෙන් මේ ෆොටෝ හොරකම් කරන නිසා තමයි ෆොටෝ quality එක අඩු කරලා ලොකු water mark එකක් දාන්න උනෙත්.

    මේ චායරුපය මම ගත්තේ යාල වනෝද්‍යානය තුලදී. පලවෙනි වතුර වල නමින් හදුන්වන තැනදී. උදේ 7.30 ට විතර. මේ දවස් ටිකේම කොටියා මෙතනට එන්න පුරුදු වෙලා හිටිය බව අපිට දැන ගන්න ලැබුනා. ඉතින් උදේ පාන්දරම අපි මෙතනට ගිහින් බලාගෙන හිටියා.

    මෙන්න ටික වෙලාවකින් යාළුවා එනවා. හරිම හැඩකාර ගමන. වතුර වලෙන් වතුර එහෙම ටිකක් බීල ලග තිබුන ගහකටත් නැග ගත්තා. මේ හැම වෙලාවකදීම මගේ camera ඇස තිබුනේ කොටි මහත්තය දිහාවට. මගේ වාසනාවට මේ යකා එක ගහක ඉදන් තවත් ගහකට පැන්න. ඒ අවසරයෙන් මම ෆොටෝස් 3ක් ගත්ත. පියවරෙන් පියවර මෙයා පනින හැටි වාසනාවට මගේ camera එකේ සටහන් උනා. මේ එතනින් එක ෆොටෝ එකක්.

    වනජීවින් චයරුපකරනය කියන්නේ හරිම ඉවසීමක් තියෙන්න ඕනි දෙයක්. එදා අපි ටික වෙලාවක් බලාගෙන ඉදල යන්න ගිය නම් අද මට සතුටු වෙන්න මේ ෆොටෝ එක නැහැ.

    අන්තිමට කියන්න ඕනි, මේ කොටි ( tiger නෙමෙයි හොදේ) ලංකාවට ආවේනිකයි. ඉතින් අපි හැමෝගෙම යුතුකම මේ සතුන් ආරක්ෂා කර ගන්න එක.

    පට්ට මචන්. මෙන්න ගන්නව නම් ෆොටෝ. මේ වගේ ෆොටෝ ගන්න ඉවසීම, කැපවීම සහ දක්ශතාවය එක වගේ තියෙන්න ඕන.
    11.gif

    තව ෆෝටෝ දාපන් මචන්. +රෙප්.
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    පට්ට මචං. මමත් සෑහෙන ට්‍රයි එකක් දුන්නා දිවියගේ ෆොටෝ එකක් ගන්න. ඒත් ඒකට පිනක් තිබුනේ නෑ බං.:no::no: අන්තිමට අඩි සලකුණක් අරගෙන එන්න උනා. :yes::yes:
    ඒ අතින් උඹ වාසනාවන්තයි බං. තව තියෙනවානම් ෆොටෝ ටිකක් දාපන් මචෝ:rofl::rofl:.​
    ඔයා කොහෙද මචං try කලේ. අනිවා වාසනාවත් තියෙන්න ඕනි මෙයාව අල්ලගන්න. බොහොම ස්තුතියි සහෝ අගය කිරීමට.

    ඔව් මචං ඔය ෆොටෝ උස්සන කෙරුවාව නිසා තමයි මමත් වැඩිය ෆොටෝස් දාන්නේ නැත්තේ කොහෙවත්.
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    පට්ට මචන්. මෙන්න ගන්නව නම් ෆොටෝ. මේ වගේ ෆොටෝ ගන්න ඉවසීම, කැපවීම සහ දක්ශතාවය එක වගේ තියෙන්න ඕන.
    11.gif

    තව ෆෝටෝ දාපන් මචන්. +රෙප්.
    බොහොම ස්තුතියි සහෝ. නොදැන සිටි ගොඩක් දේවල් ඔයා නිසා දැනගත්තා පහුගිය ටිකේ.