ලෝකයේ කෙටිම විවාහය ශ්‍රී ලංකාවෙන්

Grand Warden

Member
Aug 9, 2016
151
38
0
ලෝකයේ කෙටිම විවාහය ශ්‍රී ලංකාවෙන්

මනාලියට බීමට වතුර බෝතලයක් ගෙන ඒමට සුපිරි වෙළඳසලකට මනාලයා ගිය අවස්ථාවේදී පිටුපසින් පැමිණි මෝටර් රථයක නැගී මනාලිය පලාගොස් ඇති බැව් අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

මනාලිය වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර මනාලයා නුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.

විදේශ රටක රැකියාව කරමින් සිටියදී ඇති වූ හිතවත්කමක් මත දෙපාර්ශ්වයේම කැමැත්ත මත ඉකුත් 18 වැනිදා අලුත්ගම හෝටලයකදී විවාහ මංගල උත්සවය මහ ඉහළින් පවත්වා ඇති බවද පොලිසිය කියයි.

විවාහ මංගල උත්සවයේ කටයුතු අවසන් වී නව යුවළ මධුසමය ගත කිරීමට කොළඹ බලා මෝටර් රථයකින් පිටත්ව ඇති අතර පයාගල ප්‍රදේශයේ වෙළඳසලක් අසල නතර කර මනාලයා සුපිරි වෙළඳසලකට ගොස් ඇති බව පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

මනාලියගේ පිපාසය නිවීමට වතුර බෝතලයක් මිලදී ගන්නා අවස්ථාවේදී නව යුවළ ගමන්ගත් මංගල රථය පිටුපසින් පැමිණි වෙනත් මෝටර් රථයක් වෙත ගිය මනාලිය එහි නැග පලාගොස් තිබේ.

පලාගිය මනාලිය සොයා ගිය මනාලයා පසුව ඇය සොයාගත නොහැකි වූ බැවින් අම්බලන්ගොඩ පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර ඇත.

අම්බලන්ගොඩ පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

2017 පෙබරවාරි මස 20 | www.lankadeepa.lk
 
  • Like
Reactions: dilshan KASUNJITH

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ශර්මා කියන්නේ ඕක තමා..කෝ ඉතින් අපේ උන් අහන්නේ නැහැනේ.:lol:
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    ඇයි බන් අරූ පස්සේ ගිහින් තියෙන්නේ හොයන්න.

    දන්නෙ නෑ බන්. අල්ලගෙන නෙලන්න ගියාද දන්නෙ නෑ
    මේ ගෑනි වෙඩින් එකට කලින් පැනල ගියා නම් කොල්ලගෙ සල්ලිත් ඉතුරුයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දන්නෙ නෑ බන්. අල්ලගෙන නෙලන්න ගියාද දන්නෙ නෑ
    මේ ගෑනි වෙඩින් එකට කලින් පැනල ගියා නම් කොල්ලගෙ සල්ලිත් ඉතුරුයි
    කෙල්ලගේ තාත්තා දැවැද්දක් දුන්නා නම් කොල්ලා ගොඩ. කෙලින්ම ද්වේශසහගත ලෙස අත හැර යාම කියලා නිකන් ඉන්න තිබ්බා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    දන්නෙ නෑ බන්. අල්ලගෙන නෙලන්න ගියාද දන්නෙ නෑ
    මේ ගෑනි වෙඩින් එකට කලින් පැනල ගියා නම් කොල්ලගෙ සල්ලිත් ඉතුරුයි

    :lol:නෙලන්න?නෙලන්න නෙමෙයි කකුල් දෙක අල්ලලා වැදලා හරි හනිමූන් එකට යන්න එන්න කියන්න වෙන්න ඇති.:rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    sY1LFx.jpg

    ඕව දැන් ලංකාවෙ සුලබ දේවල්, මේක 2016-05-30 මව්බිම පත්තරේ තිබ්බ එකක්, තව පත්තරේට නොයෙන ඒව කීයක් ඇත්ද..?
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    කෙල්ලගේ තාත්තා දැවැද්දක් දුන්නා නම් කොල්ලා ගොඩ. කෙලින්ම ද්වේශසහගත ලෙස අත හැර යාම කියලා නිකන් ඉන්න තිබ්බා.

    වටේ ගිහින් ආවත් සමාව දෙන එව්න් දැන් ඉන්නෙ. සමාව දීල පැනි හදට එක්කගෙන යන්න හෙව්වද දන්නෙ නෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වටේ ගිහින් ආවත් සමාව දෙන එව්න් දැන් ඉන්නෙ. සමාව දීල පැනි හදට එක්කගෙන යන්න හෙව්වද දන්නෙ නෑ.
    නැතිම කමට බැන්ද උන් තමා ඒ.. පව් මිනිස්සු අසරන වෙනවා. ලාමක මනුස්සයෙක් වෙන්ඩ ඇති.
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0

    sY1LFx.jpg

    ඕව දැන් ලංකාවෙ සුලබ දේවල්, මේක 2016-05-30 මව්බිම පත්තරේ තිබ්බ එකක්, තව පත්තරේට නොයෙන ඒව කීයක් ඇත්ද..?

    මේකනම් පොඩ්ඩක් හරි අව්ලක් නෑ වෙඩින් එකට කලින් නෙ. අරූට කොහොම ලැජ්ජාවක්ද එන්නෙ ලොකුවට වෙඩින් එක අරගෙන පැනි හදට යද්දි ගෑනි පැනල ගියා කිව්වම. සමාජෙට මූන දෙන්න බැරුව වෙස් මූනක් දාගෙන ඇති මේ දවස්ක් වල.