වැඩකරන තැන එකපාර වහන්න යන්නේ (උදව් )

chootid

Member
Jun 4, 2013
178
84
0
වැඩකරන තැන එකපාර වහන්න යන්නේ (උදව් )

මචන්ංලා මම වැඩකරන්නේ ලංකාවට හාඩ්වෙයාර් අයිටම් ගෙනත් මෙහේ බෙදා හරින චීන කම්පැනියක.මම මේකේ ස්ටෝර් කීපර් කෙනෙක් විදියට වැඩ කරනවා.දැනට මාසෙකට කලින් අපේ පොඩි මීට්න් එකක් කැඳවලා මේකේ ඉන්න චීනා කියාපි අපි කොම්පැනිය වහන්න යන්නේ මාස 2කින් කියලා.ඔක්කොටම වෙන ජොබක් හොයාගන්නලු.අපේ මේ වෙනකන් කම්පැනිය සේවකයෝ එක්ක හොඳට වැඩ කරන් ගියා.අපේ ඔස් එක දෙමටගොඩ තමයි තියෙන්නේ.දැන් වෙන ජොබක් එක පාර හොයාගන වෙලා.

කොහොම උනත් මෙහෙම එක පාර මාසෙන් කියලා අයින් කරන්න පුලුවන්ද.මම මෙතන දැන් අවුරුදු තුනක් වැඩ කරනවා.එහෙම එක පාර අයින් කරන්න නීතියෙන් අවසර තියනවද.අපිට මොකක් හරි වන්දියක් ගන්න බැරිද. ජොබ් එක ගන්නකොට දීපු ඇග්‍රිමන්ට් එකේ කම්පැනිය එක පාර වැහුවොත් මොකද වෙන්නේ කියන එක ගැන මොකුත් සටහනක් නෑ..උදව් උදව්
 
gepa

Well-known member
  • මාත් ටිකක් දන්නවා ඕක ගැන..මාස තුනක සැලරි දෙන්න ඕනි..අවුරුදු පහකට වඩා හිටියා නම් ග්‍රැටිවිටි දෙන්න ඕනි
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    අස් කරනවද?
    අස් වෙන්න විදිහට කිව්වද?

    අස් කරනවනන් අඩුම ගානෙ මාස 2,3 ක පඩියක් දෙන්න වෙනවා..
    එහෙම නැතුව අස් වෙන්න වෙනවනන් උඹලටම.. අවුරුදු 5 කට අඩු නිසා වන්දියක් ගන්න නීතිමය තත්ත්වය අඩුයි..
    ඔක්කොම ටික බලපන් උඹලට ලැබෙන්න තියෙන.. ඊටීඑෆ්.. ඊපීඑෆ් එහෙම හරියට දාලද කියල..
    උඹලත් හරියට පැමිනීම එහෙම තියෙනවද කියල බලපන්...
     
    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    මාත් ටිකක් දන්නවා ඕක ගැන..මාස තුනක සැලරි දෙන්න ඕනි..අවුරුදු පහකට වඩා හිටියා නම් ග්‍රැටිවිටි දෙන්න ඕනි

    එහෙම කේස් එකක් තියනවා නම් අපි කාටද කියන්න ඕනි
     
    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    අස් කරනවද?
    අස් වෙන්න විදිහට කිව්වද?

    අස් කරනවනන් අඩුම ගානෙ මාස 2,3 ක පඩියක් දෙන්න වෙනවා..
    එහෙම නැතුව අස් වෙන්න වෙනවනන් උඹලටම.. අවුරුදු 5 කට අඩු නිසා වන්දියක් ගන්න නීතිමය තත්ත්වය අඩුයි..
    ඔක්කොම ටික බලපන් උඹලට ලැබෙන්න තියෙන.. ඊටීඑෆ්.. ඊපීඑෆ් එහෙම හරියට දාලද කියල..
    උඹලත් හරියට පැමිනීම එහෙම තියෙනවද කියල බලපන්...

    අස් කරනවා..ඒ කියන්නේ වැද්දක් නැතුව..ආයතනය ඉස්සරහට පවත්වාගෙන යන්නේ නැති නිසා සේවකයන් කරන්නේ.. ඊ පී එෆ් ඊ ටී එෆ් ගෙවනවා කියලා ලියුම් නම් ආවා පහු ගිය කාලේ.. ඒවා වෙනම චෙක් කරලා නම් නෑ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,342
    1
    4,029
    113
    Make a complain to the labour department. There is special unit called termination. They will try to mediate for you.
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    අස් කරනවා..ඒ කියන්නේ වැද්දක් නැතුව..ආයතනය ඉස්සරහට පවත්වාගෙන යන්නේ නැති නිසා සේවකයන් කරන්නේ.. ඊ පී එෆ් ඊ ටී එෆ් ගෙවනවා කියලා ලියුම් නම් ආවා පහු ගිය කාලේ.. ඒවා වෙනම චෙක් කරලා නම් නෑ

    ළගම තියෙන පොලිසියෙ වෙනත් පැමිණිලි අංශයෙ පැමිණිල්ලක් දාලා ඒ පැමිණිල්ලෙ කොපියක් සමග නාරාහේන්පිට කම්කරු එකට ගිහින් කේස් එකක් ෆයිල් කරපන්..
    ඊට කලින් පොඩ්ඩක් උඹේ සර්විස් ඇග්‍රිමන්ට් එක ආයිත් හොදට බලපන් මොනහ හරි කොන්දේසි තියෙනවද කියල අස් කිරීම සම්බන්ධයෙන්...
     
    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    Make a complain to the labour department. There is special unit called termination. They will try to mediate for you.

    ළගම තියෙන පොලිසියෙ වෙනත් පැමිණිලි අංශයෙ පැමිණිල්ලක් දාලා ඒ පැමිණිල්ලෙ කොපියක් සමග නාරාහේන්පිට කම්කරු එකට ගිහින් කේස් එකක් ෆයිල් කරපන්..
    ඊට කලින් පොඩ්ඩක් උඹේ සර්විස් ඇග්‍රිමන්ට් එක ආයිත් හොදට බලපන් මොනහ හරි කොන්දේසි තියෙනවද කියල අස් කිරීම සම්බන්ධයෙන්...

    ස්තුතියි මචන්ලා.. ඇග්‍රිමන්ට් එකේ එකෙම ටර්මිනේශන් ගැන මොකුත් සටහනක් නම් නෑ..ඒක මතම ඕක තීරනය වෙනවද නැත්නම් සාමානයයෙන් ආයතනයක ස්තිර සේවයේ ඉන්නවා නම් අනිවා ලැබෙන පහසුකමක් නෙවෙයිද මාස තුනක වන්දිය
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    ස්තුතියි මචන්ලා.. ඇග්‍රිමන්ට් එකේ එකෙම ටර්මිනේශන් ගැන මොකුත් සටහනක් නම් නෑ..ඒක මතම ඕක තීරනය වෙනවද නැත්නම් සාමානයයෙන් ආයතනයක ස්තිර සේවයේ ඉන්නවා නම් අනිවා ලැබෙන පහසුකමක් නෙවෙයිද මාස තුනක වන්දිය

    ඒක හරියටම දන්නෙ නැහැ බන්.. බම්ප්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කෝකටත් පොඩ්ඩක් බලපන් මචන් කම්කරු එකට ගිහින්
    මාස 2-3ක පඩි දෙන සීන් එකක් තියෙනවා
    ඇග්රිමන්ට් එකක් ගහනවා නම් termination එක ගැන නැතිවෙන්න විදියක් නෑ බන්
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම 2013 සෝන් එකක වැඩ කරද්දි අපේ කම්පනි එකට එහා පැත්තේ කම්පනි එක ඔහොම වැහුවා.. ඒකෙ 1000ක් විතර වැඩ කරා.. උන්ට මාස 3ක පඩි දීලා, පාටි එකකුත් දීලා, යැව්වේ.. ඊට අමතරව වන්දියකුත් දුන්නා.. සමහර උන මාස 3 පඩි අරගෙන අපේ එකට වැඩට ආවා පහුවෙනිදා ඉදන්....
    උඹ පර්මනන්ට් නම්, උඹට ඊපීඑෆ්, ඊටීඑෆ් ගෙවනවා නම් උඹව නිකම්ම අස් කරන්න බැහැ..
    වන්දියක් ඉල්ලපන්..