Human GOD (SRI LANKAN)

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මෙම සිදුවීම වූයේ 2017/03/04 දිනයි. මාගේ සොහොයුරා වන මහරගම පිළිකා රෝහලේ ශල්‍ය වෛද රන්දිල් ප්‍රමෝද් ද අල්විස් ඔහුගේ බිරිදගේ නැගණියගේ විවාහයේ දෙවැනි ගමන උත්සවය සදහා පිටත් වීමට එදින උදැසන 8.30 ට පමණ වැලිසර සිට කුරුණෑගල බලා තම මෝටර් රථයෙන් පිටත් විය.

    ඔහු විසින් උදැසන 9ට පමණ ඔහු විසින් මා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් කියා සිටියේ " ඒකල දී කාර් එකට හරකෙක් හැප්පුනා පුලුවන්නම් එන ලෙසය".
    මා එම ස්ථානයට යන විට උදැසන 9.30 පමණ විය. කුරුණෑගල 05 බස් මාර්ගයේ ඒකල ිමඩම හන්දියේ සිය මීටර් 300 පමණ මිනුවන්ගොඩ දෙසට යන විට මා හට දැක ගත හැකි වුයේ දැඩි මාර්ග තදබදයක් හා සෙනග වටවී සිටින අයුරුයි.

    එම ස්ථානයට ගිය විටදී මා හට දැකගත හැකි වුයේ මාගේ සොහොයුරා විසින් මෙම සත්වයාට ශල්‍යකර්මයක් සිදු කරන අයුරුයි. ඒ වන විටත් එහි බොහෝ කොටසක් ඔහු විසින් අවසන් කර තිබිණි.

    මෙම අනතුර ඇසින් දුටුවන් පැවසුවේ මෙම වැස්සිය පිටුපස බල්ලෙකු එලවා ඇති අතර බියවූ වැස්සිය ප්‍රධාන මාර්ගයට වේගයෙන් දිව ආ බවත් ඒ සමගම මාගේ සොහොයුරාගේ කාර් රථයේ ගැටුණු බවත්ය.

    මා යන විටත් වස්සියගේ අයිතිකාරියද පැමිණ සිටි අතර ඇය වයස්ගත දිලිදු කාන්තාවක් බව පෙනුනි.

    ඇසින් දුටුවන් පැවසුවේ අනතුර සිදුවූ වහාම මාගේ සොහොයුරා කාර් රථය නවතා පැමිණ එතන සිටි ඇය සමග සතාව මහා මාර්ගයෙන් ඉවත් කරගත් බවයි.
    සතාගේ ඉදිරි පාද දෙකම කාර් රථයේ බොනට්ටුවේ වැදීම නිසා එක් පාදයක අස්ථියක් බිදී එලියට පැමිණ තිබිණි.

    මා යන විටත් මාගේ සොහොයුරා එම බිදී ගිය අස්ථිය සකසා මැහුම් දමමින් සිටි අතර එම අනතුර අහම්බෙන් දැක එම ස්ථානයට පැමිණි කොළඹ ජාතික රෝහලේ තාක්ෂණික ශිල්පී මහත්මෙයෙකුද අවශ්‍ය බෙහෙත් හා ශල්‍ය උපකරණ ජා ඇල ට ගොස් ගෙන එමින් ඒ සදහා සහයෝගය දැක්වූ අතර ඒ අසල සිටි ඉලෙක්ට්‍රික් වැඩපලක මහත්මයෙක්ද සහයෝගය ලබා දුනි.

    අවසානයේ සාර්ථක ශල්‍ය කර්මයකින් පසු සතා අයිතිකාරිය පින් දෙමින් රැගෙන යන ලදී.

    මල්ලි විසින් වාහනයේ රක්ෂණයට දැනුම් දුන්නේ ඉන් පසුවය, ඔහු රථයට සිදුවී ඇති හානිය දැක්කේ එවිටය.
    රථය පණගන්වන්නට පවා නොහැකි ලෙස එන්ජිම කොටසද හානි වී තිබිණි.ඉන් පසුව එය ලොරියකට පටවා ගරාජයක් වෙත ගෙනයන ලදී.

    මෙහි ඇති වටිනාම නම් "තමාගේ කිසිදු වරදකින් මෙම අනතුර සිදු නොවුවත් හරි වැරැද්ද තබා තමාගේ වාහනය හෝ තමා පිටත්වන්නට ගිය ගමන ගැන හෝ නොසිතා පළමුව සතාගේ ජීවිතය බේරාගන්නට කරන ලද කැපකිරීමයි.

    තම ශල්‍ය ව්‍යිද්‍යා දැනුම මිනිසුන්ට මෙන්ම තිරිසන් සතාටත් එකසේම ලබා දුන් සොයුර ඔබ ගැන මා හට කියන්න වචන නැත.

    අවසන් වශයේ කියන්නට ඇත්තේ රුපියල් ලක්ෂ 120 ක් තිබු පමණින් ජීවකයකු විය නොහැකි බවත් ඉන් ඔබ්බට ගිය මුළු මිනිස් හා සත්ව සංහතියටම දායාද කල හැකි මෙත්තා ගුණය හදවත් තුල තිබිය යුතු බවත්ය

    17156052_10210292680726477_4246446703464201673_n.jpg

    17155436_10210292681046485_4225693285740995688_n.jpg

    15589789_10210292680766478_4023036404731053983_n.jpg

    17190827_10210292686166613_7459530368963116663_n.jpg

    17191054_10210292688886681_2331774210233104733_n.jpg

    17155377_10210292689126687_2547247977547869297_n.jpg

    17191185_10210292690926732_1468353566146626930_n.jpg

    https://www.facebook.com/asangaranil/videos/10210292674606324/

    https://www.facebook.com/asangaranil/videos/10210292802049510/

    https://www.facebook.com/asangaranil/videos/10210292928292666/

    https://www.facebook.com/asangaranil/videos/10210292948013159/
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Heh+you+figured+it+out+my+hats+off+to+you+_e7638c8aac758f45e5f60eb77b264195.jpg

    අවසන් වශයේ කියන්නට ඇත්තේ රුපියල් ලක්ෂ 120 ක් තිබු පමණින් ජීවකයකු විය නොහැකි බවත් ඉන් ඔබ්බට ගිය මුළු මිනිස් හා සත්ව සංහතියටම දායාද කල හැකි මෙත්තා ගුණය හදවත් තුල තිබිය යුතු බවත්ය.

    uda highlight tika, me vidiyata wenas unoth narakada?

    අවසන් වශයේ කියන්නට ඇත්තේ රුපියල් ලක්ෂ 120 ක් තිබු පමණින් හෝ A/L AAA තිබු පමණින් ජීවකයකු විය නොහැකි බවත් ඉන් ඔබ්බට ගිය මුළු මිනිස් හා සත්ව සංහතියටම දායාද කල හැකි මෙත්තා ගුණය හදවත් තුල තිබිය යුතු බවත්ය.

    9.gif
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඔක්කොම හොඳයි අර ලක්ෂ 120 කතාව තමා නොතේරුනේ :eek: ලක්ෂ 120ක් කිව්වෙ රජයට එක ළමයෙක් දොස්තර කරන්න යන වියදමද? :shocked::eek:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    ඔක්කොම හොඳයි අර ලක්ෂ 120 කතාව තමා නොතේරුනේ :eek: ලක්ෂ 120ක් කිව්වෙ රජයට එක ළමයෙක් දොස්තර කරන්න යන වියදමද? :shocked::eek:
    අවසන් වශයේ කියන්නට ඇත්තේ රුපියල් ලක්ෂ 120 ක් තිබු පමණින් ජීවකයකු විය නොහැකි බවත් ඉන් ඔබ්බට ගිය මුළු මිනිස් හා සත්ව සංහතියටම දායාද කල හැකි මෙත්තා ගුණය හදවත් තුල තිබිය යුතු බවත්ය.

    uda highlight tika ,me vidiyata wenas unoth hodai wage neda. :D

    අවසන් වශයේ කියන්නට ඇත්තේ රුපියල් ලක්ෂ 120 ක් තිබු පමණින් හෝ A/L AAA තිබු පමණින් ජීවකයකු විය නොහැකි බවත් ඉන් ඔබ්බට ගිය මුළු මිනිස් හා සත්ව සංහතියටම දායාද කල හැකි මෙත්තා ගුණය හදවත් තුල තිබිය යුතු බවත්ය.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,662
    33,865
    113
    බුද්ධදාසලාගේ පරම්පාරවේ ජීවකයෙක්! අවාසනාවට කරුණ නම් මේ කරුණාව මිනිස් ප්‍රජාව වෙත නොමැතිකමය. තම ඉල්ලීම් දිනාගැනීමට, තමන්ට වෛද්‍ය උපාදිය දක්වා ඉගැනීමට වියදම් කළ මහජනතාවගේ ජීවිත ප්‍රාණ ඇපයට ගැනීමය. නිදහස් අධ්‍යාපනය නොවන්නට ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් 90% ක් පමණ මේ වන විට ගොවියන්, කම්කරුවන්, ලිපිකරුවන් ආදී රැකියාවල නියුතු වෙමින් පාරේ බස් බස් වල තැලී පොඩිවී මිරිකී වැඩට යන්නට තිබුනි.
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    රජයේ ද ප්‍රයිවට් ද කියා නෑත...මේ වගේ මනුස්සකම තියන මිනිසුන් තවමත් අප අතර ජීවත් වනවා දෑකීම ම සතුටක්...මෙතනදී උදව් කරන සෑම දෙනාත් එයට ඈතුලත්...
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    අවසන් වශයේ කියන්නට ඇත්තේ රුපියල් ලක්ෂ 120 ක් තිබු පමණින් ජීවකයකු විය නොහැකි බවත් ඉන් ඔබ්බට ගිය මුළු මිනිස් හා සත්ව සංහතියටම දායාද කල හැකි මෙත්තා ගුණය හදවත් තුල තිබිය යුතු බවත්ය.

    uda highlight tika ,me vidiyata wenas unoth hodai wage neda. :D

    අවසන් වශයේ කියන්නට ඇත්තේ රුපියල් ලක්ෂ 120 ක් තිබු පමණින් හෝ A/L AAA තිබු පමණින් ජීවකයකු විය නොහැකි බවත් ඉන් ඔබ්බට ගිය මුළු මිනිස් හා සත්ව සංහතියටම දායාද කල හැකි මෙත්තා ගුණය හදවත් තුල තිබිය යුතු බවත්ය.
    අන්න ඒක ඇත්ත, ඔය රජයේ දොස්තරලා වර්ජන කරලා ලෙඩ්ඩු මරන්නෙ මෙත්තා ගුණේ වැඩි වෙලා නෙමේ නෙ
    තමන්ගේ ගොඩ වැඩි කර ගන්න ඕන උනාම මෙත්තා ගුනේ මෙයන්න නිකම්ම හැලිලා වෙන අකුරක් වැටෙනවා :lol:
     
    Ediriges

    Banned
    Feb 26, 2017
    162
    18
    0
    අන්න ඒක ඇත්ත, ඔය රජයේ දොස්තරලා වර්ජන කරලා ලෙඩ්ඩු මරන්නෙ මෙත්තා ගුණේ වැඩි වෙලා නෙමේ නෙ
    තමන්ගේ ගොඩ වැඩි කර ගන්න ඕන උනාම මෙත්තා ගුනේ මෙයන්න නිකම්ම හැලිලා වෙන අකුරක් වැටෙනවා :lol:

    okkoma hodai ekenuth saitm eka adarala aran karapu hoda wadeth pach wela. :lol:
     
    • Like
    Reactions: TharushiKU