කෝච්චි නං සෙනග හිටියත් නොගිහින් ඊළඟ එකේ එන්න කියලයැ. යන්නම වෙනව මැරෙන්න හරි.කෝච්චියේ යද්දි ඕක උනා මට දවසක් ෆුට් බෝර්ඩ් එකේ ඉද්දි.
එක්ස්ප්රස් කෝච්චියක් නිසා හැමතැනම නවත්තෙන්නෙත් නෑ.
කැරි සෙනගක් හිටියේ.
විනාඩි 15 විතර එල්ලිලා ඉද්දි අත දෙක දැනෙන්නේ නැතුව ගියා මට.
ඇතුලේ හිටිය උන්ට තේරුනා මට අමාරුයි කියලා.
අපරාදේ කියන්න බෑ ඇතුලේ හිටපු දෙන්නෙක් මගේ පිටට අත තියන් හිටියා මට වැටෙන්න නොදි.
සමහර හොඳ උන් ඉන්නව මල්ලි අමාරුද කියල අහල උඩට ගන්නව. ආමි එකේ කොල්ලෝ එහෙම මම දැකල තියෙනව තනි අතින් උනත් එල්ලිලා යන්න පුළුවන්.
අපි වගේ හාල්මැස්සා ටයිප් එකේ උන්ට අමාරුයි වැඩේ.

හිත පුළුවන් කියල කීවට වැඩේ කරන්න ඕනේ අසරණ අත් දෙක නෙ. උන් දෙන්නට බැරි වැඩ දෙන්න එපා. මමනං එදායින් පස්සේ ෆුට්බෝඩ් එකට පිරිච්ච බස් එකක් දිහා ඇහැක් ඇරල බලන්නේ නෑ. දන්න එකෙක්ට යන්න දෙන්නෙත් නෑ.

අතට දාඩියත් දාල ලිස්ස ලිස්ස හෙන අමාරුවෙන් ආවේ.. ඒ මදිවට හොඳටම හිරි වැටිලා.. ඔහොම ගිහින් බස් කාරයා වංගුවක් ගත්තා කනේ වැලි ගෑවෙන්නම.. ඇල උනෙත් දොර පැත්තටමයි..
මගෙත් එක්කම අන්තිම පඩියේ තව කොල්ලෙක් හිටියා.. ඌ බස් එකේ සයිඩ් කණ්නාඩියේ යකඩ බාර් එක අල්ලගෙනයි හිටියේ.. මම ඉතින් ඌට කිව්වා මම අල්ලන් ඉන්න එක අත ඇරෙන්නයි යන්නේ, මම ඔයාව අල්ලගන්නයි හදන්නේ කියලා..(හැම එකාටම මචන් කියන්නේ නෑ ඒ කාලේ..)

බත්තරමුල්ලේ ඉඳල පැලවත්තට පොඩි දුර උනත් උඹ කිව්වා වගේ පොඩි දුරද කියලා අදාළ නෑ අත් දෙකට වාරු නැති උනාම..

