මොරටුව සරසවිය (www.mrt.ac.lk)
හන්තානට පායන සද අපට නැත
කොලඹ වගේ හැඩ පොෂ් අය අපට නැත
ජපුරේ වගේ එකට තුනක් අපට නැත
බීලා ගත්ත ආතල්නම් එමට ඇත
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයක් පවතින අතර එහි පිරිමි සිසුන්ට වඩා සිසුවියන් ගණන තුන් ගුණයක් බව තුන් වැනි පදයෙන් අදහස් කරනවා. හැබැයි අවසාන පදයෙන් කියවෙන දේට වඩා ගැඹුරු දෙයක් ඒ කියන්නේ සරසවි දිවිය රසවත් කරගන්න කරන සියළුම ක්‍රියාකාරකම් මේ පදයේ අන්තර්ගත වෙනවා කියලයි සරසවි සිසුන් පවසන්නේ.
ගෙදර තිබෙන අඩු ලුහුඩුකම් ආර්ථික ප්‍රශ්න ගැන සිතමින් අධ්‍යාපන කටයුතු කරන විද්‍යාර්ථින් සරසවිය තුළ දකින්නට පුළුවන්. තමන්ගේ වැඩිමහලු සහෝදර සහෝදරියන් අධ්‍යාපන කටයුතු ඉවර කර දෙමාපියන්ට විය යුතු යුතුකම් ඉටු නොකර ඒවා පැහර හරින සිදුවීමක් අළලා නිර්මාණය වුණු මේ කවිය හොයා ගත්තේ පේරාදෙණිය සරසවියෙන්.
වැහි දාට හැම දාම අපේ ගේ තෙමෙනවා
අයියලා අක්කලා තව ගෙවල් හදනවා
අම්මගේ ජිවිතේ ලණු ඇදෙහි ගෙවෙනවා
අම්මේ මම කවදාහරි අපේ ගේ හදනවා
බොහෝ විට අතේ මුදල් නොමැති අවස්ථා වලදී විශ්ව විද්‍යාල ආපන ශාලාවෙන් ඒ කියන්නේ කැන්ටින් එකෙන් පාන් එක්ක පරිප්පු හොදි ගන්න පුළුවන්. විශේෂයෙන් කැන්ටින් එකේ කෑම බීම වලින් කවදාවත් රසක්නම් දැනෙන්නේ නෑ. හැමදාම දකින්නට පුළුවන් වෙන්නේ අල, පරිප්පු ගෝව වගේ නීරස දේවල්. ඒ වුනාට මේ වගේ දේවල් අතේ තියන මුදලත් එක්ක සලකලා බැලුවහම ගොඩක් වටිනවා. මේ සිද්ධීන් දැක්වෙන කවියක් පේරාදෙණිය සරසවියෙන් අහන්නට ලැබුනා.
පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
මලකඩ වතුර නේරංජන ගඟ වේවා
සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා
සුප්පයියා මුදලාලි ලෙස සදහන් වෙලා තියෙන්නේ එකල පේරාදෙණි සරසවියේ කැන්ටිම පවත්වාගන ගිය දමිල වෙළද මහතෙක්.
පේරාදෙණිය සරසවිය (eng.pdn.ac.lk)
පේරාදෙණිය සරසවිය (eng.pdn.ac.lk)
පාන් කියන්නේ සරසවිය තුළදී අඩු මුදලකට කන්න පුළුවන් ජනප්‍රිය ආහාරයක්. පාන් දිගටම කන එක අමාරු දෙයක් වුනත් ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒක කරන්නම වෙනවා. හැබැයි ලෙහෙසි ක්‍රමයකින් බත් කන හැටි එක අවස්ථාවක කවියක මෙහෙම සටහන් වෙලා තියනවා.
ආවේ ගෙදර සිට ඩිග්‍රිය අර ගන්න
කෑවේ පාන් අප හට නැත බත් කන්න
කොක්කක් ගැසුවොතින් මට හැක බත් කන්න
කවුරුද කැමති මට බත් අම්මා වෙන්න
මෙම කවිය තුළ පාන් යනු පාන්ම නොවේ. කටට රසට කෑමට නොහැකි හැමදෙයක්ම මෙයට අන්තර්ගත වෙනවා. කොක්කක් යනුවෙන් හදුන්වන්නේ ගැහැණු ළමයෙකු තමන්ට කැමති කරවා ගැනීමයි. නිවසේ සිට සරසවියට යන එන ගැහැණු ළමයෙකු හා ප්‍රේම සම්බන්ධතාවයක් ඇරඹුවහොත් තමන්ටත් හොදින් ජිවත් වෙන්නට හැකි වෙනවා.
විශ්වවිද්‍යායට පැමිණෙන බොහෝ සිසුන් මුල් කාලයේදීම සරසවිය තුළදීම තම අනාගත සහකාරිය හොයා ගන්නවා. පෙම්වන්තියක් සොයා ගැනීමට පසුවට කල් දැමු සිසුවෙක්ගේ අදහසක් අපුරු කවියකට පෙරළා තිබෙනවා.කොකු ලෙස අදහස් කර තිබෙන්නේ ප්‍රේම සම්බන්ධතාවයන්ය.
ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය
මෙය කියූ එකාගේ කට කෑවත් මදිය
ඉස්සර වුනු එවුන් හට කොකු හත අටය
ඉවසපු නිසා මම තාමත් තනිකඩය
අවසානයේ තමන් අධ්‍යාපන රාමුව තුළ පමණක් සිරවීම හැර වෙන කළ දෙයක් නෑ කියල හිතුනු සිසුවෙක් සටහන් කරලා තිබුණු කවියක් මොරටුවෙන් හොයා ගත්තා.
රුහුණේ එවුන් හොඳ හොඳ ආතල් ගත්තා
කොලඹ එවුන් හොඳ පොෂ් කොකු දා ගත්තා
පේරේ එවුන් සෙනෙහසකට හිත බැන්දා
මොරටුවේ අපි කලේ මොන කරුමෙද මන්දා
රුහුණු සරසවිය (beautyofruhuna.blogspot.com)

මේ වගේ කවි තවත් බොහෝ ප්‍රමාණයක් සරසවි තුළින් හොයා ගන්න පුළුවන්. අපි දැක්වුයේ අපුරු රසයක් කැටිවූ කවි කිහිපයක් පමණයි.
කවරයේ පින්තුරය: sundaytimes.lk
අන්තර්ජාලයෙනි