Viral News Site with Adsense Guide (සිංහල)

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    VIRAL NEWS SITE
    +
    ADSENSE

    ( Adsense 2nd Goal Achieved )

    Google_Adsense_Logo1_720x340.png


    ගොඩ කාලෙකට පස්සේ මේ පැත්තට ඇවිත් යන්න හිතුනා මොකද අද මගේ ජීවිතේට සතුටුම දවසක් වෙලා.:D:D

    දැන් ටිකකට කලින් බලනකොට මගේ Viral Adsense Earnings $2700 ( This month earning) සීමාවත් පහු කරලා. ( මේ PropellerAds Earnings නැතුව හොදේ )
    ඇත්තටම පට්ටම සතුටුයි
    . :D

    ඒ තරම් earning එකකට Adsense වලින් යන්න මට උදවු වුන Viral News සයිට් එක ගැනයි අද මම කියන්න යන්නේ ඇත්තටම.
    මේ Viral News Site සයිට් එක වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා වැඩ කලා දිවා රෑ දෙකෙදිම.



    ඒ තරම් කැපවීමකින් වැඩ කරලායි මේ තැනට මේ සයිට් එක අරගත්තේ
    .
    ඒ වගේම ඉතින් ලෝකයේ විශේෂ සිදුවීම් වෙන තරමටම,
    අලුතින් Hollywood Movies Release වෙන තරමටම
    ,
    Hollywood වල නලු නිලියන්ගේ ජීවිත වල වෙනස්කම් වෙන තරමටම මගේ
    Earning එකත් ඒ හා සමානව ඉහල යනවා.
    හේ හේ
    . :D:D



    මොනවා වුනත් මේ ත්‍රෙඩ් එක මම පල කරන්නේ එලකිරි එකේ 2007, 2008 අවුරුදු වල ඉන්න මිත්‍රයින් තිදෙනෙකු ගේ ඉල්ලීම අනූව.
    ඉතින් මම කියලා දෙන්නේ කොහොමද මම මේ Viral News සයිට් එක කලේ... සහ ඒ වෙනුවෙන් මම භාවිතා කලේ මොන වගේ ශිල්ප ක්‍රමද කියන වග.
    ඉතින මේ ත්‍රෙඩ් එක ටිකක් දිග එකක් වෙයි
    .
    ඒ නිසා කොටස් වශයෙන් දාන්න තමයි හිතන් ඉන්නේ නම්.:yes:


    තවත් දෙයක් කියන්නම් ත්‍රෙඩ් එක පටන් ගන්න කලින්. සමහර අයට මේක නිකන් මැජික් වගේ කියලා දැනේවි.
    $ වලින් ඉලක්කම් දකිද්දී.:eek::baffled:
    ඇත්තටම මටත් ඉස්සර එහෙම කාලයක් තිබුනා යකෝ මෙච්චර හොයන්න පුලුවන්ද කියන එක ගැන
    .

    ඒත් ඒ හැම පුද්ගලයෙක්ගෙන්ම මම දෙයක් උකහාගත්තු නිසාමයි අද මම මේ විදියට ජීවත් වෙන්නේ මගේ දෙපයින් හිටගෙන කාටවත් බරක් නොවී
    .
    තවත් සමහර දෙනෙක්ට ඇත්තටම මේක කරන්න පුලුවන් දෙයක්ද බැරි දෙයක්ද කියන එක අතරේ දෝලනය වෙන්න පටන් ගනීවි
    .
    ඒ අය වෙනුවෙන් නෙවෙයි මම මේ ත්‍රෙඩ් එක දාන්නේ
    .
    ඒ අය අහක බලාගෙන ගියත් කමක් නෑ
    . මොකද එහෙම මිනිහෙක් තමයි මම දැනට සම්බන්ධවෙලා කරගෙන යන මගේ එක Project එකක Giveawayසයිට් වල ලින්ක්, ඒ සයිට් එකේ අපේම අලුතින් හදලා දාපු YT චැනල් එකේ ලින්ක් එක මගේම ත්‍රෙඩ් වල නොදැන දාලා "ආ මම නම් ගත්තේ මෙතනින්, මට නම් එවුවා කියලා ආතල් දෙන්නේත්". ඒ කවුද කින්ද මන්ද කියලා කියන්න යන්නේ නැහැ මෙතන. ඒ ගැන යම් කලකිරීමට පත් වුන නිසාමයි එලකිරි එකෙන් යම්කාලයක් ඈත් වෙලා හිටියේත්. :sorry:


    සාමාන්‍යයෙන් මට වල කපන්න හදන මිනිස්සුන්ටත් උදවු කරන්න හිතෙන, අත් හැරගන්න බැරි පුරුද්දක් මට තියනවා පුන්චි කාලේ ඉදලාම.:rolleyes:
    ඒ නිසාම ගොඩාක් අවාසිදායක දේවල් වලට මූන දීලා තියනවා ඕන තරම්. ඒත් එක දෙයක් ඒ වගේ අයට කියන්න කැමතියි.
    මගේ කකුලින් මීට කලිනුත් ගොඩාක් අය ඇද්දා කියන එක
    .
    ඒ අයට මම හැමදාමත් වචනෙන් උත්තර දුන්නේ නැහැ
    .
    මම ලබාගන්න සාර්ථකත්වයෙන් ඒකට උත්තර දුන්නේ හැමදාමත්
    . හොඳයි. ඒ ගැන කියන්න නෙවෙයි මේ යන්නේ .
    හේ හේ
    .:D

    මම හැම වෙලාවකම වැඩ කරන්නේ Target එකකට.
    ඔය උඩින් දාපු
    Earnings ( $2,500) වලට මම මගේ News සයිට් එක ගන්න හිටියේ පහුගිය January වල. :sorry:
    ඒ අතින් මම පරක්කුයි
    . ඒ ගැන පොඩි දුකකුත් නැතුවම නෙවෙයි. :sorry:



    දැනටනම් මගේ Target එක GossipLankaNews සයිට් එක පරාද කරන එක.
    මොකද දන්නා විදියට එයාලා දැනටත් එකෙන් අදිනවා 4000$ කට වඩා මාසෙකට
    .
    ඒත් මට හිතෙනවා මම දැනටත් එයාලව පරාද කරලා නේද කියන එකත්
    . හේතුව එයාලා අදින්නේ Sri Lankan Traffic එක.
    ඒත් මම අදින්නේ අදින්න අමාරුම Foreign Traffic එක.
    ඉතින් මට හිතෙනවා මම ඇත්තටම සිංහල ගොසිප් සයිට් එකක් කලා නම් එයාලව මෙලාහටත් පහු කරලා ඇති කියන එකත්
    . :rolleyes:

    ඊලගට මගේ Target වෙන්නේ Premium Adsense Membership වලට සයිට් එක ගොඩ දාගන්න එක.
    මේක ගත්තා කියන්නේ මම මගේ තුන් වෙනි
    Target එක ගහනවාමයි.;)
    Target එක වෙන්නෙ ලසන්ත මහත්මයා දැනට ඉන්න තත්වයට එන එක. හැබැයි ඒකත් මම කරනවාමයි.
    ඒ මගේ කැපවීම ගැන මට විශ්වාස නිසාවෙන්ම. :yes:



    තමන්ගේම කියලා Viral news සයිට් එකක් , ශ්‍රීලංකාවේ විදියට නම් Gossip සයිට් එකක් පටන් ගන්න හිතන අයට පොඩි මගපෙන්වීමක් විදියටයි මේ ත්‍රෙඩ් එක දාන්නේ..


    මම වාසනාව විශ්වාස කරන්නේ නැහැ. :)
    නමුත් උත්සාහය සහ යමක් වෙනුවෙන් අසීමිත කැපවීම කියන දේවල් දෙකෙන් ලෝකය වෙනස් කරන්න පුලුවන් බව තරයේම විශ්වාස කරන පුද්ගලයෙක්.

    Elakiri එකේ ඕනම කෙනෙක් ට මම උදවු කරනවා.



    ගොඩාක් කියෙවුවා නේද...
    දැන් එහෙමනම් පටන් ගමු පොඩි
    Quote එකකින්ම. :D



    " FaceBook Traffic එක හරියටම Manage කලොත් මේ Target එක නෙවෙයි මීටත් එහා යන්න පුලුවන් ලේසියෙන්ම.."

    =============================================================================

    මොනවාද ඕන කරන දේවල්...:cool:

    # WordPress Self Hosted Website එකක් ( හොස්ට් එක විදියට VPS එකක් හෝ Dedicated Server එකක්.. )

    # Adsense Account එකක් සහ පසුව වෙනත් Cost Per Mile (CPM) Network එකක්.

    # FaceBook Ads account එකක් සමග Verified PayPal Account එකක්.. ( Post Boosting + FB Ads campaign )

    # FaceBook Fan Page එකක් (Fans Minimum 20,000 ක වත්) .

    # ආරම්භය විදියට $500 වත් Budget එකක්.. ( නිසි කළමනාකරණයක් ඇතුව සල්ලි වීසි කලොත් සල්ලි හොයන්න හරිම ලේසියි. ඒ වගේම මෙච්චර Budget එකකට යන්න අමාරු අයටත් කරන්න පුලුවන් දේ ත්‍රෙඩ් එකේ අගදී කියලා දෙන්නම් අනිවාර්යෙන්ම.. ;) )

    # නිතරම යාවත්කාලීන වන Twitter, Instagram, Reddit Account Set එකක්.

    # YouTube Account එකක්.



    හොදයි .. කොහොමද මේක කරන්නේ ..:cool:

    social_media.png

    එක හරිම සරලයි. නමුත් වචනෙන් සරල වුනාට වැඩේ කරද්දී නම් සරල නැහැ. :yes:
    අපි කරන්න යන මූලික දේ තමයි WordPress වලින් Viral News වෙබ් සයිට් එකක් හදලා.
    ඒ සයිට් එකට මිලියන ගනන් වලින් Social Media හරහා ට්‍රැෆික් අදින එක.
    :yes::yes:


    කොච්චර ට්‍රැෆික් එකක්ද? :cool:

    දවසකට Visitors ලා දහස් ගනනින් අදින්න පුලුවනි ඔයාගේ Budget හැටියට සහ ඔයාගේ Social Share වල තියන Creativity එක අනූව.
    Creativity එක ගැන ගැලපෙන ලිපියක් මාලින්ද කියන Member දාලා තිබුනා.
    ඒක බලන්න අනිවාර්යයෙන්
    .

    Link


    සමහර අය ඇත්තටම දවසකට 1 million+ Traffic අදිනවා එයාලගේ Viral සයිට් එකට. Ex: Viralnova , Buzzfeed) ඒ හැම කෙනෙක්ම Targeted Visitors වුනාම කොහොමට ඇද්ද එයාලගේ Earnings හෙම..
    පට්ට තමා ඉතින්
    . :D
    ලංකාවේ මම දන්න පුද්ගලයින් දෙන්නයි එහෙම කරන්නේ දැනට
    . තුන්වෙනියා ඉතින් වෙන කවුද.. හේ හේ. :D:D


    ඒත් ඔයාලා ඒවා ගැන හිතන්න යන්න හිත කලබල කරගන්න එපා.
    මුලින් පටන් ගන්න දවසට
    Visitorsලා 1000කින්.
    ඊලඟට හෙමිහිට වැඩි කරගන්න දවසට
    5K, 10K, 20K විදියට..;):yes:


    ඇත්තටම මම දැනට Social Share සයිට්ස් 48කින් මගෙ සයිට් වලට ඕන කරන Traffic එක අරගන්නවා.
    ඒත් වැදගත්ම දේ කියන්න ඕන
    FaceBook තරම් වෙනත් කිසිම ට්‍රැෆික් එකක් ලස්සනට සෙට් වෙන්නේ නැහැ මට නම්.

    හේතුව ඒ තරම් Targeted Trafficඑකක් අරගන්න වෙනත් Platform වලින ලෙහෙසියෙන් බැහැ.
    බැරි කමකුත් නැහැ
    .
    ඒත් ප්‍රායෝගිකවම
    FaceBook ලේසියි කියන මතයේ මම ඉන්නවා.
    අපි වැඩිපුරම පාවිච්චි කරන්න යන්නේත් FaceBook Traffic එක තමයි මේ Gossip එහෙම නැත්නම් Viral News සයිට් එකට.:yes:

    social_media_marketing_3.png



    හොදයි මූලික දේ මේකයි වෙන්නේ..:cool:

    කරන්න යන්නේ මේ දේ. අපි හදනවා ලස්සන, සරල Article කීපයක් දිනපතාම පට්ටම Creativity එකක් එක්ක.
    ඒ කියන්නේ කට ඇරගෙන කියවන්න හිතෙන විදියට
    , කියවන්න කියවන්න තේරුම් ගන්න පහසු වෙන්න( සරල) , කියවන්න ආස හිතෙන ( ලස්සන ) සහ වැදගත්ම දේ කියවන්නාට කුතුහලයක් ඇති වෙන විදියට එක ලියන්න ඕන ලියද්දී. දැන් මේකට Words 3000Post එකක්ද ඕන .! :eek::eek:
    අපෝ නැහැ
    . :rofl::rofl:
    එච්චර නම් කවදාවත් ඕන නැහැ සයිට් එකක පෝස්ට් ලියද්දී.
    උපරිම වචන 200ක් තිබුනාම ඇති.
    මගේ විදිය නම් උපරිම රසය එන විදියට පෝස්ට් එක රහ කරන එක. :yes:


    shocked_woman_looking_down_at_white_laptop_scree.jpg


    :shocked::shocked::shocked:

    උපරිම හරය සහ කුතුහලය ඇතුලත් කරලා
    , ( Short & Sweet ) කියවන්නාට ඒ පෝස්ට් එක කියවලා ඉවර උනාට පස්සේත් ඒ ගැන හිත ඇතුලේ ප්‍රශ්නයක් ඉතුරු කරන්න තරම් ඔයා ලියන Post එක සමත් නම් ඔයා සාර්ථකයි. :yes:

    ඇත්තටම මෙතනදී වෙන්නේ? :confused::confused:
    වෙන්නේ
    Post එක කියවන කෙනාට එන හැඟීම් වලින් ඔහුව දිගටම අපේ Web Site එක ඇතුලේ රඳවා තබාගන්නා එක ( Reduce Bounce Rate - Ranking Factor also ).
    ඒ වගේම ඊලඟ දවසේත් ඔහුව අපේ සයිට් එක කරා අනිවාර්යෙන්ම එන්න වැඩ සලස්වනවා ඒකෙන්.:yes:

    අපි ඒ ගැන ඉස්සරහටත් කතා කරමු.

    මේ
    Viral News සයිට් එකට පෝස්ට් හදාගනිද්දී ඔයාට පුලුවන් වීශ්මයජනක හැඟීම් උපද්දවන Images, Videos , Stories පාවිච්චි කරන්න, ඒ වගේම ඒ පෝස්ට් FaceBook ඔස්සේ Viral විදියට Share වෙද්දී ඒ හරහා එන පිරිස ආධාරයෙන් ඔයාගේ Adsense අදායම වැඩි කරගන්න එක තමයි කරගත යුත්තේ.



    අදට මේ ඇති කියලා හිතෙනවා.
    ත්‍රෙඩ් එකේ ඊලගට එන්නේ මෙතනින් එහාට සිද්ධ වෙන දේවල් සහ අපි පාවිච්චි කරන්න ඕන මොනවාද කියන එක.. ;)




    ඕනම දෙයක් අහන්න.
    අනිවාර්යෙන් උදවු කරනවා මම
    . :yes:
    ඒ ලාභ ප්‍රයෝජන වෙනුවෙන් නෙවෙයි
    .
    ඒක මෙච්චර කල් මාත් එක්ක හිටපු අයත් දන්නවා ඇති
    . පොරක් නෙවෙයි මම.
    කාටවත් අභියෝගයක් වෙන්නවත් පොර වෙන්නවත් නෙවෙයි මම එලකිරි එකේ ත්‍රෙඩ් දාන්නේ
    .
    මම සාමාන්‍ය කෙනෙක් විතරයි මේ එලකිරි එකේ
    . :yes:
    මට හරියන්නේ මම අනුන්ට හොදක් වෙන්න කියලා හිතන නිසා විතරමයි කියලා මම දන්නවා හොදින්ම
    . :yes:
    ඒ නිසාම මම අනිත් අයට උදවු කරනවා මට පුලුවන් උපරිමෙන්
    . එහෙම උදවු කරන්න කියලා ගිහින් පහුගිය දවසක තිබුන FB Pages දෙකකටත් ( Total 70,000+ fans both pages) කෙලවගත්තු කෙනෙක් මම.:eek::eek:
    ඒත් මම මගේ ගමන නවත්වනවාද
    ????
    නැහැ
    . කවදාවත් නැහැ. ;)


    හොදයි. මේ ත්‍රෙඩ් එක Update වෙනවා දිගටම. රැඳී ඉන්න. ඊලඟ පෝස්ට් එකත් එක්ක මුනගැහෙන්නම්.

    හැමෝටම බොහෝම ස්තූතියි.!

    ====================================

    :yes:
    :yes:
    :yes:
    :yes:

    :D:D:D:DBONUS:D:D:D:D
    ;)
    ;)
    ;)
    ;)

    Bonus විදියට දෙනවා එක YouTube රෑන්ක් කරගන්න ඉතාමත් වැදගත් වෙන Software එකක්.

    Tube Rank Jeet Professional 3.0
    tuberankjeet3boxshot.png



    මෙතනින් බලන්න මේ සොෆ්ට් එක පාවිච්චි කරන විදිය.









    මේ තියෙන්නේ Vendor සයිට් එක. :yes:
    LINK
    බලන්න එතනත් මේ සොෆ්ට්වෙයාර් එකෙන් කෙරෙන්නේ මොනවගේ දෙයක්ද කියලා බලන්න පුලුවන්.

    ඇත්තටම මම මේවායින් කරන දේ කියලා දෙන්න ඕනම නැහැ දැන්.
    මොකද ඉස්සරහට යන කෙනෙක්ට මේ දේවල් සාමාන්‍ය දැනීම වෙන්න ඕන ඇත්තටම.
    :yes::yes:


    ඒකේ Download ලින්ක් එක තියෙන්නෙ Attachment වල.
    ඉතින් ඒක Download කරගෙන ලින්ක් එක
    Follow කරන්න. Download කරගන්න.
    YouTube වලින් ඉස්සරහට යන්න ඒක උදවුවක් කරගන්න.

    මේකත් මම අපේ සයිට් එකේ දාලා තියෙන්නේ VIP Access වලට විතරයි.
    ඒත් ලන්කාවේ අපේ වෙනුවෙන් මේක නොමිලේ දෙන්නේ.:yes:

    ආ තව දෙයක්.
    තව කීප දෙනෙක්ට ප්‍රශ්නයක් වුනා ඇයි මම PM වලට විතරක් Software's/ Tools දෙන්නේ කියලා.
    ඒකට හේතුවත් මම කියන්නම්. :yes:



    මට ඇත්තටම ඕන නැහැ එලකිරි එකෙන් පිට අයට මේවා දීලා දාන්න.
    ඒකෙන් මම වක්‍රව කරන්නේ ඒ Guest Membersලාට මම දෙන මොනවාහරි දෙයක් අරගන්න නම් එලකිරි එලකිරි එකට අලුත් බැදෙන තත්වෙට පත් කරන්න.:cool:

    මම කියන දේ තේරෙන්න ඇති කියලා හිතනවා. ඒක කරන්නෙ එලකිරි එකේ සුභ සිද්ධිය තකා විතරයි.
    මොකද මම මේ දෙන ගොඩාක් සොෆ්ට්වෙයාර් අපේ VIP Access සයිට් එකේ දීලා දාන්නේ VIP Access එකකට තමයි ( Paid System ).
    එහෙම තියෙද්දී තමයි ලාන්කික සහොදර සහෝදරියන් වෙනුවෙන් මම ඒ සයිට් එකේ දෙන VIP Access Software's පවා පුලුවන් හැම වෙලාවකම මෙතනදී නොමිලේම ලබාදුන්නේ...:)


    මගේ ජීවිතේ සාර්ථකත්වයට රහසත් අද එලි කරන්නම්..

    " අද ඉන්න මමට මම හැමදාමත් අභියෝග කරලා එයාව පරාද කරන්න උත්සාහ කරනවා හැමදාමත්.."


    ඒකයි මගේ ජීවිතේ දියුනුවේ රහස.
    වෙන මොනවාත් නැහැ.
    මම පටන් ගත්තේත් 0න් තමයි.
    නමුත් අද......
    ;):cool::yes:

    11.gif
    11.gif
    11.gif


     

    Attachments

    • Link.txt
      102 bytes · Views: 728

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93


    [/SIZE] මුලින්ම කිව යුතු දේ තමයි ඔයාලට හොද ට්‍රැෆික් එකක් සෙට් වෙනකල් Adsense වෙනුවට Adversel Ad Network එක පාවිච්චි කරන්න පුලුවන්.. ඒත් Adsense තමයි මේ වැඩේට හොඳම.
    මොකද ඇත්තටම වෙනත්
    Ad networks ඇත්තටම පල කරන Ads අපේ සයිට් concept එකත් එක්ක Match වෙන්නෙ නැතුව යනවා ගොඩාක් වෙලාවට.

    Adsense තිබුනත් නැතත් පසු කාලීනව ඔයාට පුලුවන් ඔයාගේ Viral Site සයිට් එක වෙනුවෙන් වෙනත් Cost Per Mile Network ( CPM ) එකකට මාරු වෙන්න.
    මොකද CPM Networkඑකකට ඔයාගෙ Viral Trafficඑක සෙට් වුනාම ආයේ ඉතින් ඇඩ්සෙන්ස් වැඩක් නැහැ කියලාත් හිතෙන්න ඉඩ තියනවා.
    Ex: Tribal Fusion / PropellerAds
    ඔය වගේ CPM Network එකකට සෙට් වුනොත් ආයේ ඉතින් පට්ට ගහන්න පුලුවන් ඇත්තටම.
    මේ දේ ගැන දැන්ම හිත කලබල කරගන්න එපා. මුලින් කිවුවා වගේ පියවරෙන් පියවර යමු.

    Adsense වලට මම කැමතිම වෙන්න හේතුව සහ Adsense අනුමත කරන්නේ වෙනත් කිසිම Ad network එකක් හරියාකාරව Set වෙන්නෙ නැහැ ඔයාගේ Traffic එක Inorganic නම්.
    ඒ කියන්නේ Search Engine වලින් එන්නේ නැත්නම්. නමුත් Face Book වලින් ලොකු ට්‍රැෆික් එකක් වලින් වදිනකොට ( Ex: 0.25 Million Page Unique Visit ) Googleලා අපිට උපරිමෙන් සලකනවා අපේ Audience එකට ගැලපෙන, අපේ ට්‍රැෆික් එකට වඩාත්ම ගැලපෙන ලස්සන ඇඩ්ස් ලබා දීලා.
    ඒ වගේමයි අපේ
    CTR ( Click Through Rate ) එකත් ලස්සනට වැඩි වෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව .
    ඇත්තම කියනවානම් සාමාන්‍ය
    Adsense Ads වලට එහා ගිය අත්දැකීමක් විදින්න හැකියාව ලැබෙනවා ඔයාලට.
    වර්තමානයේදී මේ තත්වය තවත් ඉහල යමින් පවතිනවා සහ
    Googleලා FaceBook Traffic එක ඉහලින්ම පිලිගන්න තත්වයක් අද තියෙන්නේ.

    මොකද කාලයට සරිලන විදියට සෑම Online Advertiser කෙනෙක්ම සහ අනාගතයට ගැලපෙන විදියට තමන්ගේ තත්වයන්, ස්ථාවරයන් වෙනස් කරගනිමින් ඉදිරියට යන යුගයක තමයි අපි මේ ඉන්නේ.
    ඒ වගේම Google Company එක ඉදිරියටත් තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් විදියට Main Priority එක දෙන්නේ Advertiser Income වලට කියන එක අමතක නොකල යුතු කාරණාවක්.


    අමතර යමක්...
    මම කිවුවානේ මම මේ හැම දෙයක්ම ඉගෙන ගත්තේ අන්තර්ජාලය පාවිච්චි කරලා හොයා ගත්තු උකහා ගනිපු දැනුමින්.
    යම් කිසි
    Project එකක් කරන්න කලින් ඒ ගැන මම මාස5ක් වත් Research කරනවා. ඇති වෙන්න පොත් පත් කියවලා, Internet Browse කරලා කරුනු හොයනවා.
    අවසානෙදී කරන
    Analyses එකෙන් ඒ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ කරන්න අවශ්‍ය කරන දැනුම මට ලැබිලා ඉවරයි.
    එතන ඉදන් ඒ දේ වෙනුවෙන් මම කැප වෙලා වැඩ කරනවා. කෑම නින්ද ගැන හිතන්නේම නැහැ ඇත්තටම. මම කියන්නේ මම වගේ වෙන්න කියලා නම් නෙවෙයි.
    මම කියන්න උත්සාහ කරේ මේ දේ.:)
    ඔයා අර
    Research අධ්‍යයනය කරපු කරුනුත් එක්ක ඔයාට ඔයාගේ Target එක පැහැදිලි නම් බය නැතුව ඒ වෙනුවෙන් එක දිගට මහන්සි වෙන්න.
    :yes:
    යම් දෙයක් නිසා ඔයාගේ වැඩට බාධා වුනා නම් ඊටත් වඩා දෙගුණයක වේගයෙන් වැඩ කරන්න ඔයාගේ
    Target එක වෙනුවෙන්.
    අන්න එතකොට ඒක ඔයාගේ පුරුද්දක් වෙනවා
    .:yes:


    Some Work ( Good/ Bad ) X 10 Times of Each Every Day = Unstoppable Habit
    මේ සූත්‍රය මම මට හදාගනිපු එකක්
    . :)

    නම හොද දෙයක් පුරුද්දක් වුනාට පස්සේ ඒක අත් හරින්න ඔයාගේ මනස ඔයාට ඉඩ දෙන එකක් නැහැ.
    හැබැයි මේ වගේම තමයි නරක පුරුදුත්.. ඒ ගැන මම කියන්න ඕන නැහැනේ.

    " යන්න ඉදිරිය පැහැදිලියි නම්, කිමද බැදි වල යන්නේ මං මුලාවූ යකෙකු සේ "කියලා ජන වහරක් අහල තියනවා ඇති සමහර අය. කිසිම බාධාවකට ඔයාව යටපත් කරන්න දෙන්න එපා.
    ඔයා දක්ෂ මොකටද! අන්න ඒ දේ වෙනුවෙන් හරි ප්ලෑන් එකකට වැඩ කරන්න. ඇදුම් මාරු කරනවා වගේ දවසින් දවස එක එක වැඩෙට පනින්න එපා.
    අරක කරොත් හොඳයි. මේක කරොත් හොදයි කියලා ඔයාගේ මනස ඔයාව ඔය විදියේ එක එක සිතිවිලි වල අතරමං කරන්න වගේම , ඔයා පටන් ගත් තැනම හිර කරලා තියන්න උත්සාහ කරාවි එතනදී.
    අනිවාර්යෙන්ම එයාගේ හැටි එහෙම තමයි.
    මටත් ගොඩාක් ඉස්සර එහෙම තමයි. හරියට නිකන් දොඩම් ගොඩාක් බදාගන්න ගියා වගේ.
    එකක්වත් හරියට කරන්න බැරි වුනා මුල්ම කාලේදී.ඒ මීට අවුරුදු 5කටත් කලින්.
    පස්සෙ මට තේරුම් ගියා මේක එහෙම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියන දේ. එදා ඒ වෙනස් විදියට පටන් ගනිපු සිතිවිල්ල නිසා අද මම මෙතන ඉන්නවා. :yes:

    ලෝකය වෙනස් කරන්න නම් අපි ලෝකය යන පැත්තට ගිහින් වැඩක් නැහැ. වෙනස් විදියට හිතන්න පුරුදු වෙන්න ඕන.
    ලෝකය වෙනස් කරපු මිනිස්සු කිසිම කෙනෙක් ගතානුගතික විදියට හිතපු මිනිස්සු නෙවෙයි
    . වෙනස් විදියට හිතපු අය. ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න ඉන්න අයට.
    වෙනස් විදියට හිතන්න. අලුත් අදහස් වලට ඉඩ දෙන්න.
    ඒවා ක්‍රියාත්මක කරන්න බය වෙන්න එපා
    . වරදිනවා තමයි.
    හැම වැරදීමකින්ම පාඩමක් ඉගෙන ගන්න.
    ඒ වැරද්ද වුනේ කොහොමද
    , කොතනද අන්න ඒකට ප්‍රථිකර්ම කරලා ඉස්සරහට යන්න.
    වැඩ කරන්න. වැඩ කරන්න.
    සාර්ථකත්වය ලැබෙන කල් උත්සාහය අත් හරින්න නම් එපා.! :no:



    ඕනම වෙලාවක මේ ක්ෂේත්‍රයේ දෙයක් සම්බන්ධයෙන් මොනවාහරි ප්‍රශ්නයක් ආවොත් මට PM එකක් දාලා තියන්න.
    මට ඉඩ ලැබුන ගමන් මේ පැත්තට ඇවිත් යනවා මම.
    එතකොට අනිවාර්යෙන්ම උදවු කරන්නම් මට පුලුවන් උපරිමෙන්
    .;)


    හොදයි .දැන් ආයෙත් මාතෘකාවට එමු...

    Step by Step යමු මේ වැඩේදී..:cool:


    Step 1 : WordPress බ්ලොග් එක Viral News සයිට් එකක Interface එකකට අනුරූපව සකස් කරගන්න ආකාරය. :cool:

    Step 2 : කොහොමද Viral විදියට, Visitorsලාගේ අවධානය ආකර්ශනය දිනා ගන්නා විදියට Blog Post සකස් කරගන්නේ කියන එක. :cool:

    Step 3 : FaceBook Fan Page එකක් සකස් කරගැනීම සහ FaceBook අලුත් වුන Algorithm එක හමුවේ Audience එක වර්ධනය කරගන්නේ කොහොමද කියන එක. :cool:

    Step 4 : Traffic එක අතරමග වැටෙන්න දෙන්නේ නැතුව පවත්වගෙන යන්නේ කොහොමද කියන එක. :cool:

    Step 5 : Viral සයිට් එකේ Stability එක වෙනුවෙන් පාවිච්චි කරන්න පුලුවන් හොදම Software සෙට් එක සහ ඒවා උපයෝගී කරගන්නා හැටි. ( Download Included ) :cool:

    Step 6 : අනෙකුත් Social Share වලින් ට්‍රැෆික් අරගන්නා හැටි සහ ඒ එක නිවැරැදිව හසුරවන විදිය. :cool:

    Step 7 : FaceBook Ads Campaign එකක් Run කරගන්න ආරම්භක Budget එක නැති අයට යම් කිසි කාලයක්, ඒ වගේම ශ්‍රමයක් වැය කරලා එකෙන්ම Budget එක හොයාගෙන ඒ Budget එක FaceBook Ads Campaign එකට හරිහැටි යොදවන්නේ කොහොමද කියන එක සහ කලමණාකරනය කරන විදිය.. :cool:


    දෙවන පියවර. Update 2 වෙත යන්න...
     
    • Like
    Reactions: Kshenko and lilD

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Ela Ela :) Keep up the good work :D

    Wede kiyanne apita oya wage target ekakata digatama weda karanna ba ne magadi epa wenawa neththan mokak hari case ekak wetenawa.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Bookmarked
    ෆෝන් එකෙන් ඉන්නේ බන්
    රෑට කියවන්න ඕන
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    එල එල.බොහොම ස්තුතියි අපිත් එක්ක ශෙයාර් කරගත්තට :)

    මේක අහන එක කොච්චර සාධාරණද මං දන්නෙ , :sorry: මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ඔය ගොසිප් සයිට්, viral පේජ් වලට තොරතුරු මූලාශ්‍ර හොයාගන්නෙ කොහෙන්ද කියන එක ..
     

    ranga 84

    Banned
    Mar 11, 2017
    50
    6
    0
    ඔක්කොම සතුට ඉවර වෙනවා බන් ටික දවසකින් උබේ අකවුන්ට් එක බෑන් උනහම සයිට් එකත් එක්ක :yes: :D
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,684
    2,755
    113
    ඔක්කොම සතුට ඉවර වෙනවා බන් ටික දවසකින් උබේ අකවුන්ට් එක බෑන් උනහම සයිට් එකත් එක්ක :yes: :D

    ai ban wenne?