අදෝමැයි !

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    maithripala-sirisena-speaking.jpg


    ජනපති සිරිසේන වියරු වැටී තිබීම ගැන අප පුදුම වන්නේ නැත. ඔහු කතා කරන්නේ සොහොනක් අසලින් යන තැති ගත්තෙකු ලෙස ය. තම බෙල්ල මුලින් දැන් දැන් අල්ලා ගනීවිය යන බිය නිසා තොර තෝංචියක් නොමැතිව ඉතිපිිසෝ ගාථාව කියවන අයෙකුගේ සෙයක් සිරිසේනගෙන් දිස්වේ. මේ දිනවල සිරිසේනට නින්ද යන්නේ නැත. ඔහුට යන යන තැන සොහොන් ලකුණු පෙනේ. සිරිසේන කල්පනා කළේ බලහත්කාරයෙන් ශ්‍රිලනිපයේ සභාපතිකම ගත් සැණින් එම පක්‍ෂයේ සාමාජිකයින් තමන් පසුපස වැළ නොකැඩී එතැයි ය. අදෝමැයි ! ආවේ පරාජිත කුම්භාණ්ඩයින් හා පිසාචයින් පිරිසක් පමණි. මොවුන් ද අවසන් මොහොතේ තමා හැර යන බව සිරිසේන නොදනිතියි කිව නොහැකි ය. මහින්ද වන් නායකයෙකු හැර දැමූ මොවුන්ට සිරිසේන හැර යෑම කජ්ජක් නොවේ.
    රාජපක‍්‍ෂවරුන් ගේමට බැස ඇත. ඔවුන්ට ගේම නම් ගේම ය. ඔවුන් ඇත්තට ම ගේමට බැස්සහොත් එය අවසන් වන්නේ ජයග්‍රහණයෙන් මෙහා නොවන බව සිරිසේන ඉතා හොඳින් දනි. පක්‍ෂයේ නාමික මහ ලේකම් ලෙස සිටින කාලයේ බැසිල් රාජපක්‍ෂ විසින් ශ්‍රිලනිපය පෙර කිසිදා නොතිබූ තැනට ගෙනා ආකාරය සිරිසේන හොඳින් දනී. අද සිරසේනට ඇත්තේ රාජපක්‍ෂ ෆෝබියාවයි. වි‍ශේෂයෙන් බැසිල් ෆෝබියාවයි. රාජපක්‍ෂ පවුලේ මොළය බැසිල් බව නොදන්නේ අතදරුවන් පමණි. ඔහු රට පුරා දැල එලමින් යන්නේ ය. මහින්ද ඊට පූර්ණ ශක්තිය යොදවා ඇත්තේ ය. ගෝඨා පසෙක සිට ජීවය පිඹින්නේ ය. රාජපක්‍ෂවරුන් තුන් අතකින් වැඩට බැස අවසන් ය. පෙරදා ශ්‍රිලනිප කොඩි ලෙලදුන් සෑම තැනක ම අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොඩි ලෙලදේ. ගම් නියම්ගම් කැටි ව පැරණි රූස්ස ශ්‍රිලනිප ගස් දැන් සහමුලින් ගැලවී විත් පොදුජන පෙරමුණ වත්තේ පැලවෙන්නේ පුදුමය දනවන සෙයිනි. ඒ පසුබිමෙහි, කළ යුතු කිසිදෙයක් දන්නේ නැත සිරිසේන මයික් පලන්නේ ය. විලාප දෙන්නේ ය.
    එකක් කිව යුතු ය. තාම ඔහුට රස්සනය දැනුනේ ටිකක් පමණි. කබල රත්වෙමින් තිබෙන්නේ ය. බලලෝභය නිසා, ශ්‍රිලනිපය, එහි නායකයා මතු නොව, මුළු රටම විනාශ කර දැමීමේ පාපයේ තාපය මුළු බරින් ඔහු වෙත එන්නේ ය. ලඟ ලඟ ම එන්නේ ය. මේ සියල්ල එජාපයට ද අදාළ ය.
    Mahinda Pathirana
     
    • Like
    Reactions: kinkon

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ...
    පක්‍ෂයේ නාමික මහ ලේකම් ලෙස සිටින කාලයේ බැසිල් රාජපක්‍ෂ විසින් ශ්‍රිලනිපය පෙර කිසිදා නොතිබූ තැනට ගෙනා ආකාරය සිරිසේන හොඳින් දනී. අද සිරසේනට ඇත්තේ රාජපක්‍ෂ ෆෝබියාවයි. වි‍ශේෂයෙන් බැසිල් ෆෝබියාවයි.
    ...
    Mahinda Pathirana



    බැසිල් මාර වැඩකාරයා නෙහ් :shocked:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,788
    40,438
    113
    බැසිල්ගේ මැයි වෙඩි මුරයට සියල්ල සූදානම්ය. උණ බඩ කපා පිලිවෙලට අඩුක්කර ඇත. භූමිතෙල් ඉතාමත් ආරක්ෂාකාරි ලෙස තැන්පත් කර ඇත. කියත් පටිද ග්‍රීස් ගා සුරක්ෂිත කොට ඇත. අවස්ථාව පැමිණුන විට කිරීමට ඉතිරිව ඇත්තේ උණ බට අවශ්‍ය ප්‍රමාණය කපා ගැනීමත්. භූමිතෙල් ගබඩා විවෘත්ත කිරීමත් හා ග්‍රීස් ගෑ කියත් පටි රෙද්දකින් පිස දැමීමත් පමනය. වැඩ කරුවො හුලං පිඹීමට දෑඟිලි ගනිමින් පෙල ගැසී ඇත.

    හමුවෙමු තවත් වෙඩි මුරයකින්.
    අපට ජය


    zuQ1R4q.jpg
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අහෝ මගේ රට ....

    රට කරන්නෝ කරන්නේ හිගන්නෝ මෙනි , අන්ධයන් මෙනි , අවජාතකයන් මෙනි , සක්වලින් මෙලොවට බට රැලක් මෙනි ,
    කර කෙරුවො රට කා ඉතුරු මස දරුවන්ට ඉතිරි කෙරුවෝය ,
    දෙවියෝ රට අතහැර ගොසින් ,
    හොරුන් දේවාලය මංකොල්ල කා , එහිම වැතිරී ගණිකාවන් සමග අහවල් කාර්යයේ යෙදෙන්නෝය ,
    අහෝ මගේ රට ....

    එකෙක් අභය භුමි කපා නගර තනන්නෝ ය ,
    අනෙකෙකු මහබැංකුව තම නමට ලියා ගත්තෝය ,
    හිටපු එකා දුන්නා ට වඩා විසි තිස් ගුණයක් දැන් එකා චීනා ට පිදුවෝය ,
    කියන්නට දෙයක් නැත , රටට වෙන්නට දෙයක් තවත් නැත ,

    ජනතාවට යැදීම පිරිසක් නැත ,
    දෙවියෝ ආවරණ කලාපයෙන් බැහැර ගොසිනි ,
    පිටසක්වලයෝවත් මෙපැත්තේ රවුමක් ගහදී ,
    එකෝ ...... අප අරගෙන පල ,
    නැත්තම් ..... හොරු (හිටපු සහ දැන් සිටින) අරගෙන කොහේ හෝ ඇත හරිනු මැන //
    අහෝ මගේ රට ....
    :no::no: