ජනපති සිරිසේන වියරු වැටී තිබීම ගැන අප පුදුම වන්නේ නැත. ඔහු කතා කරන්නේ සොහොනක් අසලින් යන තැති ගත්තෙකු ලෙස ය. තම බෙල්ල මුලින් දැන් දැන් අල්ලා ගනීවිය යන බිය නිසා තොර තෝංචියක් නොමැතිව ඉතිපිිසෝ ගාථාව කියවන අයෙකුගේ සෙයක් සිරිසේනගෙන් දිස්වේ. මේ දිනවල සිරිසේනට නින්ද යන්නේ නැත. ඔහුට යන යන තැන සොහොන් ලකුණු පෙනේ. සිරිසේන කල්පනා කළේ බලහත්කාරයෙන් ශ්‍රිලනිපයේ සභාපතිකම ගත් සැණින් එම පක්‍ෂයේ සාමාජිකයින් තමන් පසුපස වැළ නොකැඩී එතැයි ය. අදෝමැයි ! ආවේ පරාජිත කුම්භාණ්ඩයින් හා පිසාචයින් පිරිසක් පමණි. මොවුන් ද අවසන් මොහොතේ තමා හැර යන බව සිරිසේන නොදනිතියි කිව නොහැකි ය. මහින්ද වන් නායකයෙකු හැර දැමූ මොවුන්ට සිරිසේන හැර යෑම කජ්ජක් නොවේ.
රාජපක‍්‍ෂවරුන් ගේමට බැස ඇත. ඔවුන්ට ගේම නම් ගේම ය. ඔවුන් ඇත්තට ම ගේමට බැස්සහොත් එය අවසන් වන්නේ ජයග්‍රහණයෙන් මෙහා නොවන බව සිරිසේන ඉතා හොඳින් දනි. පක්‍ෂයේ නාමික මහ ලේකම් ලෙස සිටින කාලයේ බැසිල් රාජපක්‍ෂ විසින් ශ්‍රිලනිපය පෙර කිසිදා නොතිබූ තැනට ගෙනා ආකාරය සිරිසේන හොඳින් දනී. අද සිරසේනට ඇත්තේ රාජපක්‍ෂ ෆෝබියාවයි. විශේෂයෙන් බැසිල් ෆෝබියාවයි. රාජපක්‍ෂ පවුලේ මොළය බැසිල් බව නොදන්නේ අතදරුවන් පමණි. ඔහු රට පුරා දැල එලමින් යන්නේ ය. මහින්ද ඊට පූර්ණ ශක්තිය යොදවා ඇත්තේ ය. ගෝඨා පසෙක සිට ජීවය පිඹින්නේ ය. රාජපක්‍ෂවරුන් තුන් අතකින් වැඩට බැස අවසන් ය. පෙරදා ශ්‍රිලනිප කොඩි ලෙලදුන් සෑම තැනක ම අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොඩි ලෙලදේ. ගම් නියම්ගම් කැටි ව පැරණි රූස්ස ශ්‍රිලනිප ගස් දැන් සහමුලින් ගැලවී විත් පොදුජන පෙරමුණ වත්තේ පැලවෙන්නේ පුදුමය දනවන සෙයිනි. ඒ පසුබිමෙහි, කළ යුතු කිසිදෙයක් දන්නේ නැත සිරිසේන මයික් පලන්නේ ය. විලාප දෙන්නේ ය.
එකක් කිව යුතු ය. තාම ඔහුට රස්සනය දැනුනේ ටිකක් පමණි. කබල රත්වෙමින් තිබෙන්නේ ය. බලලෝභය නිසා, ශ්‍රිලනිපය, එහි නායකයා මතු නොව, මුළු රටම විනාශ කර දැමීමේ පාපයේ තාපය මුළු බරින් ඔහු වෙත එන්නේ ය. ලඟ ලඟ ම එන්නේ ය. මේ සියල්ල එජාපයට ද අදාළ ය.
Mahinda Pathirana




