කිරි අම්මා දානය හෙවත් පත්තිනි දේව පූජාව

Matsola

Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    කිරි අම්මා දානය හෙවත් පත්තිනි දේව පූජාව



    මෙම දානය සඳහා කිරිබත්, කිරි අළුවා කිරිකැඳ, කිරි ඉතිරවීම් වැනි කැවිලි, ක්‍රියා කිරිදෙන අම්මාවරුන් පිරිසක්‌ ඉදිරියේ පුදනු ලබයි.පත්තිනි මෑණියන්ට, සිද්ධ පත්තිනි, සලඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිණි යන සත් පත්තිනි යනුවෙන් ව්‍යවහාර කෙරෙන අතර අම්මාවරු 07 ක්‌ මීට සහභාගි කරගනු ලැබේ.

    මෙම සුවිශේෂී දානය සඳහා අම්මාවරුන් තෝරා ගැනීමේදී පහත සඳහන් අය තෝරා ගැනීම සුදුසු නැත.

    1. හැරමිටි වාරුවෙන් ගමන් කරන ඉතා මහළු අය.
    2. කල් අල්ලන සුව කළ නොහැකි රෝගවලින් පෙළී සිටින අය.
    3. අන්ධ හෝ බිහිරි අය
    4. අංග විකල අය, අපස්‌මාර රෝගීන්
    5. කලින් දරුවන් ලැබී ඔවුන් මිය ගියේ නම් එවැනි අය.
    6. සැමියා මිය ගිය වැන්දඹු කාන්තාවන්.
    7. වඳ ස්‌ත්‍රීන්
    8. මස්‌ මාළු විකුණ හෝ මත්පැන් පානය කරන ස්‌ත්‍රීන්
    9. අභිචාරිකාවන් (ගණිකාවන්)
    10. කේලාම් කියමින් උනුන් කොටවන අය.

    කිරිඅම්මා දානය සඳහා පහත සඳහන් උපකරණ කලින් ලැහැස්‌ති කර ගත යුතුවේ. මැටිපහන් 08, කිරිබත් කෑලි 56, කෙසෙල් ගෙඩි 56, බුලත් විට 08, කෝපි කෝප්ප 08 යි. කපුරු පෙත්තක්‌, පහන්තිර 15 යි, කැවුම් 56 යි, කිsරිදොදොල් 56 යි. බුලත් 07 යි, පඬුරු 08 යි. පඬුරු වෙනුවෙන් කාසි තැබීම යෙහෙකි. දානය දීමට පෙර නිවස පිරිසිදු කර සුදුහඳුන් සමග කහපොල් කිරිවලට දියකර ගෙයි පුරා ඉස සාම්බ්‍රානි කට්‌ටකුමංජල් දුම් ඇල්ලිය යුතුය. මෙම කාර්යයට පුර පක්‍ෂයේ දිනයක්‌ යොදා ගැනීම වඩාත් සුදුසුය.

    ගෙබිම සාලය මත සුදු රෙදි ඇතිරිල්ලක්‌ දමා ඒ මත කිරි අම්මාවරුන් වාඩි කරවිය යුත්තේය. අම්මාවරුන් නිවසට ඇතුල් වන විට ඔවුන්ගේ පා දෝවනය කිරීමද අත්‍යවශ්‍යයි.පිදවිලි තැබීමේදී උස්‌ අසුනක්‌ මත සුදු පිරුවටයක්‌ එළා ඒ මත කෙසෙල් කොළයක්‌ තබා දෙවියන් වෙනුවෙන් පළමු දානය තැබිය යුතුයි. කිරිබත්, කැවුම්, කෙසෙල් ගෙඩි 07 බැගින් තබා පහනක්‌ දල්වා බුලත්විටක්‌ද ආසනයේ තබන්න.

    කිරි අම්මාවරුන් උදෙසා තැබූ කෙසෙල් කොළවල කැවිලි සමග කෙසෙල් ගෙඩි එක්‌ වර්ගයකින් 07 බැගින් තබා, පඬුරුද බුලත්විටද කෝපි කෝප්පයද (වෙනත් පාන වර්ගයක්‌ වුව කම් නැත) පහන් තිර දෙක බැගින්ද දල්වා තැබිය යුත්තේය.

    නිවසේ ප්‍රධාන දායිකාව දෙවියන් උදෙසා තැබූ ආසනය ඉදිරියේ දෙදන බිම තබා වැඳගෙන දෙවියන්ට ආරාධනා කළ යුත්තේය. ආරාධනාව මෙසේය

    (ශ්‍රී සිද්ධ පත්තිනි දේව මෑණියනි, ඔබ වහන්සේ ඇතුළු කිරි අම්මාවරු 07 දෙනකු ඉදිරියේ ඉතා ප්‍රනීතව පිරිසිදුව සකස්‌ කරන ලද කැවුම්, කිරිබත් කෙසෙල් ආදියෙන් හා කපුරු සහිත සුවඳ දැහැත් විටද, පඬුරුද ඉතා ගෞරවයෙන් පිළිගන්වන ලද මෙම දානය පිළිගෙන අප පවුලට යම් ඇස්‌වහක්‌, කටවහක්‌, අතුරු අන්ත්‍රාවක්‌, රෝග ව්‍යසනයක්‌ යෙදී ඇත්නම් ඉදිරියට යෙදෙන්නට ඇත්නම් එකී නොකී සියලු දුක්‌ඛ දෝමනස්‌සයන්, දුරින්ම දුරුකරවා සිරිසෙත ළඟා කර දෙන සේක්‌වා.)​

    ඊට පසු දාන පිළිගැනීම සහ යාදින්නද කළ යුතු වන්නේය. යාදින්න කියවීමෙන් පසු තමන් වෙත පිළිගැන්වූ දානය කිරි අම්මාරුන් විසින් වැළඳීම සිදු කෙරෙයි. දානය වළඳා අවසන්වීමෙන් පසු කිරි අම්මාවරුන් ඉදිරියේ දල්වා ඇති පහන්වල පහන් වැටි දෙකින් එක බැගින් එක්‌ එක්‌ කිරිඅම්මා වරුන් විසින් ගෙන තමන්ගේ අසුනින් නැගිට දේව ආසනයට නමස්‌කාර කර, පහන් වැටියේ ඇති තෙල් ඇඟිලි තුඩින් ගෙන නිවසේ සියලු දෙනාගේම හිසේ ආලේප කරමින් පහත සඳහන් ගාථාව කියවිය යුතු වන්නේය.

    "යං දුන්නි මිත්තං, අවමංගලංච, යොවා මනා සො සකුණස්‌ස සද්දෝ, පාපග්ග හෝ දුස්‌ සුපිනං අකන්තං බුද්ධානු භාවේන ධම්මානු භාවේන සංඝානු භාවේන, දේවානු භාවේන විනාසමෙත්තු.අවසානයේදී කිරි අම්මාවරුන් සියලු දෙනාම යළි පන්සිල් ගෙන දෙවියන්ට පිංදී කටයුතු අවසන් කළ හැකිය.


    මුලාශ්‍රය - දිවයින
     
    Last edited:
    • Like
    Reactions: forbidden

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කියන්න ඕනෙම දෙයක් කියල නෑනෙ :D :D
    කිරි භාරයක් වුනාම ගෙදර තෙල් බැදුම් හදන්න හොඳ නෑ :no: :no:
    පපඩනයක්වත් බඳින්නෑ අවුරුද්දටවත් කැවුම් කොකිස්වත් හදන්නෑ :no: :no:
    අද්භූතම සීන් එක තියෙන්නෙ අතිරහ එහෙම හදන්න ගියාම :yes: :yes:
    කිරිභාරෙ වුන කෙනා වෙන ගෙදරක කැවුම් උයන්න ගිහිං හරි තෙල් තාච්චියට කොණ්ඩ කැවුමක් අතිරහක් වගේ දැම්මොත් ඒක මැද්දෙ හිලක් එනව :yes: :yes:
    කිරි භාරෙ ඔප්පු කලහම තමා හිල එන එක නවතින්නෙ :yes: :yes:
     

    blue_in_rio

    Well-known member
  • කියන්න ඕනෙම දෙයක් කියල නෑනෙ :D :D
    කිරි භාරයක් වුනාම ගෙදර තෙල් බැදුම් හදන්න හොඳ නෑ :no: :no:
    පපඩනයක්වත් බඳින්නෑ අවුරුද්දටවත් කැවුම් කොකිස්වත් හදන්නෑ :no: :no:
    අද්භූතම සීන් එක තියෙන්නෙ අතිරහ එහෙම හදන්න ගියාම :yes: :yes:
    කිරිභාරෙ වුන කෙනා වෙන ගෙදරක කැවුම් උයන්න ගිහිං හරි තෙල් තාච්චියට කොණ්ඩ කැවුමක් අතිරහක් වගේ දැම්මොත් ඒක මැද්දෙ හිලක් එනව :yes: :yes:
    කිරි භාරෙ ඔප්පු කලහම තමා හිල එන එක නවතින්නෙ :yes: :yes:

    මූ යකෝ :shocked::shocked:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කියන්න ඕනෙම දෙයක් කියල නෑනෙ :D :D
    කිරි භාරයක් වුනාම ගෙදර තෙල් බැදුම් හදන්න හොඳ නෑ :no: :no:
    පපඩනයක්වත් බඳින්නෑ අවුරුද්දටවත් කැවුම් කොකිස්වත් හදන්නෑ :no: :no:
    අද්භූතම සීන් එක තියෙන්නෙ අතිරහ එහෙම හදන්න ගියාම :yes: :yes:
    කිරිභාරෙ වුන කෙනා වෙන ගෙදරක කැවුම් උයන්න ගිහිං හරි තෙල් තාච්චියට කොණ්ඩ කැවුමක් අතිරහක් වගේ දැම්මොත් ඒක මැද්දෙ හිලක් එනව :yes: :yes:
    කිරි භාරෙ ඔප්පු කලහම තමා හිල එන එක නවතින්නෙ :yes: :yes:

    මොකා..... විස්වාස කල නොහැක..:baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකා..... විස්වාස කල නොහැක..:baffled:

    දැකපු දේ කියන්නෙ :yes: :yes:
    පුලුවන්නං කිරි භාරයක් වෙලා ඉන්න කෙනෙක් ලව්වා කැවුම් උයවල බලන්න උලුඳු වඩේ එක වගේ වෙනව :yes: :yes: