ළගදි දවසක නිවාඩු ලැබිලා මින්නේරියෙ ඉදන් ගෙදර එන්න බස් එකකට නැග්ගා..
හීනියට පොඩි නින්දක් දාගෙන එනකොට මගදි එක පාරටම ඇහැරුනා.. බැලින්නම් බස් එකට සින්ඳු කියන මහත්මයෙක් නැගලා පරණ සින්ඳු වගයක් ගහනවා ගතියට..
සමහරක් ඒවා මම ජිවිතේට අහලා නැහැ.. ඒ අතරින් ගතියටම කියපු එක සින්ඳුවක් මට අල්ලලා ගියා. හැබැයි ඒක කාගෙ සින්ඳුවක්ද, මුල් පද ටික මොනවද කියල මට මීටර් නැහැ ගෙදර ආවට පස්සේ....
පස්සේ දවස් දෙක තුනක් නෙට් එකේ කරක් ගහලා, මතක වචන ටිකෙන් කොහොම හරි හොයාගත්ත නම්බ(ර්) එක..
පස්සේ යූටියුබ් අප්ලෝඩ් කරා.. එච්චර කොලිටි එකක් නැහැ ඕඩියෝ එකනම්.. ඔයාලත් අහලා බලන්න මට දැනිච්ච දේ ඔයාලටත් දැනෙනවද කියලා.. ඒ වගේම මීට වඩා කොලිටි එකක් තියේ නම් දාන්න, ඕකේ, ජය වේවා!