මට කෙලවුනා.....

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,989
    113
    -In Darkness-
    පුකේ අමාරුව හොඳ වුනා නේද? බස් එකක දෙයක් තියෙනවා නම් බස් එකේ ඩ්‍රයිවර් ට දීපන්. ඕකේ ඔය බඩු මුට්ටු එක්ක කුඩු හරි ඉලීගල් දෙයක් හරි තිබ්බා නම් ඒවත් උඹේ පිටින් යන්නේ. අර පොලිසියේ පොර කියපු දේ ඇත්ත. චේතනාව හොඳ වුනාට කරපු විදිය වැරදියි. උඹ ඕකට අදාලම නැති පාර්ශවයක්. එක්කෝ බස් එකේ ඩ්‍රයිවර් ට හරි කොන්දාට හරි දෙන්න ඕනේ. නැත්තම් පොලිසියට දෙන්න ඕනේ. ඔය දෙකටම නැතිව ගෙදර ගෙනාව එක වැරදියි.

    katha kalaa, u kiiwa katha karala shape karala dennam kiyala, eth mata uta bala karanna ba, pinsendu wennath ba heme unoth mn weredda kala wenawa wage neda, anika e manussaya patta salli karayek e manussaya kamethi ne wediya prasidda wenawata uta tharjana ethi salli nisa.
    අමෝ අමෝ සල්ලි නිසා තර්ජන තියෙන අය යන්නේ බස් එකේ :rofl: :rofl:
    ------ Post added on Mar 12, 2023 at 10:38 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකේ වැලපෙන්නේ නැතිව ෆේස්බුක් ශෙයා කරපු පෝස්ට් එක පෙන්නපං HR එකට. දවසයි වෙලාවයි තියෙන නිසා කවුරු බොරු කිව්වත් වැඩක් නෑ.

    උඹ ඔතනින් හොරෙක් විදියට අයින් වුනොත් ඒක උඹට ප්‍රශ්ණයක්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,669
    113
    ඔයාගේ හොඳ හිත නිසා තමයි ඔය ඔක්කොම, කර්මය හොඳ දෙයක් කරයි.

    රෑට ගමන් යද්දී එක එක මිනිස්සු අත දානවා. කළාතුරකින් කෙනෙක් නංවා ගත්තත් ඉස්සර දැන් එහෙම වත් කරන්නේ නෑ.

    අන්තිමට නන්වා ගත්තු මනුස්සයා අහනවා. භයයි ද සර් කියලා.

    මම කිව්වා මම නම් භය නෑ. මම එකේ ඉඳලා බෙලි කපලා හොඳට පුරුදුයි, ඔයා භය වෙන්න කියලා.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,125
    9,419
    113
    මගෙ යාලුවෙක් පාරෙ හැප්පිලා උන්න එකෙක් ව ඉස්පිරිතාලෙ අරං ගිහිල්ල,
    සිහිය ආවම ඌ කියල මගෙ යාලුව තමා හැප්පුවෙ කියල.
    උගෙ නෑයො සෙට් එකක් උසාවි ඇවිල්ල සාක්කිත් දීල.
    දැං නඩු.
    ඔයිං ගියා ඇති කියල හිත හදා ගනිං.
    අනාගතේ පරිස්සං වෙයං
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔය වගේ අඩුකුලේ තුප්පැහි කොම්පැනි වලට කොම්පැනි කියන්න එපා.අයින් වෙලා පලයන් අයින් කරන්න කලින්
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    උඹට ඕක ඕනෙමනම් සද්ද නැතුව හොරෙන් ගන්න තිබ්බා, එහෙම නැත්තන් දාලා එන්න තිබ්බා.

    ඕනෙම වෙලාවක, මොකක්ට හරි උදව්වක් කරන්න යනවට වැඩිය, තමුන්ගේ පාඩුවේ ඉන්න එක තමා රිස්ක් එක අඩුම දේ මේ සමාජේ.

    හිඟන්නෙක්ට කීයක් හරි දුන්නත් හෙන ගෙඩියක් පාත් වෙන්න පුලුවන් සම්භාවිතාවය වැඩී සත පහක්වත් නොදී අහක බලං ඉන්නවට වැඩිය.
    this :yes: :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මගෙ යාලුවෙක් පාරෙ හැප්පිලා උන්න එකෙක් ව ඉස්පිරිතාලෙ අරං ගිහිල්ල,
    සිහිය ආවම ඌ කියල මගෙ යාලුව තමා හැප්පුවෙ කියල.
    උගෙ නෑයො සෙට් එකක් උසාවි ඇවිල්ල සාක්කිත් දීල.
    දැං නඩු.
    ඔයිං ගියා ඇති කියල හිත හදා ගනිං.
    අනාගතේ පරිස්සං වෙයං
    පාරේ යන එකෙක්ව බල්ලෙක් හපන්න යනවා ඌව බේරන්න බල්ලට ගලක් ගහලා එව්ලෙව්වා ම අර මිනිහා ආවා බල්ලා මගේ කියලා රණ්ඩුවට කිසි එකෙක් ට උදව් කරන්න හොද නැති කාලයක් මේක
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,630
    8,808
    113
    kandy
    policiyath ekka gema elluwa eka thamai okkotoma mula. me lankawa ban. Americawa newei. naduth unge baduth unge
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    ඔයා resignation දෙන්න යන්න ඕන නෑ. ඔයාට පරීක්ෂණයක් කරොත් ඒක labor office එකට කියනවා කියන්න. මොකද ඕක company අදාල දෙයක් නෙවෙයිනේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දිග කතාවක්, කෙටි කරලා කියන්නම් උබලටත් දවසක මෙහෙම වෙයි, ඒ නිසා පරිස්සමින්.

    සිකුරාද රෑ 8ත් නමයත් අතර, මම දම්බුල්ලේ කැකිරාව බස් හෝල්ට් එකෙන් නැග්ගා බස් එකකට, ඒ වෙලාවේ බස් තිබුනේ නෑ, මම නැග්ගේ ac බස් එකකට, මගෙ තව යාලුවො දෙන්නෙක් එක්ක, ඒ නැගලා මම ඉදගන්න ගිය සීට් එකේ ෆයිල් කවරයක් තරම් pouch එකක් තිබ්බා, ඒක අමතක වෙලා ගියපු බවක් තමා පේන්න තිබ්බේ, ඉතින් ඒක මගේ යාලුවොත් දැක්කා, මම බස් එකටම ඇහෙන්න කීවා මෙතන බෑග් එකක් තියෙනවා කාගෙද කියලා, ඒත් ඒ කිසිම කෙනෙක් මොකුත් කීවේ නෑ, මම වට පිටත් බැලුවා, ඒත් නෑ කවුරුත් මීක් කීවේ, ඉතින් මම ඊට එහා පැත්තෙන් ඉදගත්තා, මම ඒ pouch එක ඇරල බැලුවා, මොනාද තියෙන්නේ කියලා, ඒකේ තියෙන ඒවාලින් මේ අයිත් කෙනා හොයගන්න පුලුවන් කියල හිතාගෙන, ඒත් එහෙම මොකුත් තිබ්බේ නෑ, තිබ්බේ කැකිරාව කියලා ගහපු envelope දෙකක්, apple macbook එකක්, ඊට අල්ලපු සීට් එකෙ හිටිය එකත් බලන් හිටියා මම ඌ දිහාත් බැලුවා අරක අතෙන් පෙන්නලා, ඒත් නෑ ඌ කතා කලේ, ඉතින් ඒක වටිනවා කියලා පෙනුන නිසා, කුඩුකරයෙක්ටවත් අහු වෙයි කියලා හිතුන නිසා, යාලුවෝ දෙන්නත් එක්ක කතා කරලා ඒක මම අරං බැස්සා, අයිති කාරයා හොයලා දෙන්න හිතාගෙන, ඒ තිබුන දේවල් මගේ පාවිච්චියට ගන්නවත් විකුනන්නවත් හිතේ තිබ්බෙ නෑ මොකද මම ඇපල් ඒවට කැමති නෑ. ගෙදර ආව ගමන් මම මල්ලිට කියාලා පෝස්ට් එකක් හදලා fb දැම්මා, යාලුවෝ කිහිප දෙනෙකුත් ටැග කලා කැකිරාවේ සහ මාතලේ, ඊට පස්සෙ අපි නිදාගත්තා,

    රැ 11:40ට වගේ අර මගේ යාලුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් කතා කලා අර pouch එකේ අයිති කාරය පොලිසියත් එක්ක ඇවිල්ල ඉන්නවා කියලා, පොලිසීයේ දෙන්න කියනවා මට ඒකත් අරං දැන් එන්න කියලා, මම කීවා දැන් එන්න බෑ, පාරේ අලි ඉන්නවා හෙට උදේම මම එන්නම් කියලා, තව ඒක අරං බැස්සට මට එහම කරන්න අයිතියක් නෑ කියලා ඒ ගොල්ල මට ඉතින් අනම් මනම් ටෝක් දුන්නා, මාත් ඒකට එක ඒවා කීවා, හොරකන් කරන්න ගත්තේ නෑ කියලා, ඔහොමම මම මගේ ගේ ලග තියෙන පොලීසියට ගිහින් විස්තරේ කියලා, ඒ පොලීසිය හරහා අර අනිත් පොලිසියට කතා කලා, මෙහේ පොලිසිය කීවා දැන් ඕක අරං යන්නෙපා රෑ වෙලා නිසා හෙට උදේ ගිහිල්ල අයිතිකාරයට භාරදීලා එන්න කීවා, pouch එක පොලිසියේ තියලා යන්නද කියල ඇහුවම එපා අරං යන්න, ඔයා ආවානෙව් දැන් අපි දන්නවනේ ඔයා ඕක හොරකම් කලේ නෑ කියලා ඒ ඇති ප්‍රශ්නයක් නා කීවා, ඉතින් අපි ආවා.

    පහුවදා උදේම මම මල්ලි එක්ක ගියා ඒක දීලා එන්න, පොලිසියට ගිහිල්ල ඒ අයිති කෙනා ආවාට පස්සේ oic ඉස්සරහ ඒවා බලලා, කැඩිලා බිදිලා අඩුපාඩුවක් නෑ කියලා ඒ මනුස්සය ඒක අරං ගියා, පොලීසියේ උන් මාතෙ එක්ක මලෙන් හිටියේ මම රෑ උන් එක්ක ආගියු කරපු නිසා, උන් මට එක එක ටෝක් දුන්නා, මම හොරෙක්ලු හොයලා බලන්න ඕනිලු අනිත් පොලිසී වලට කතා කරලා කියලා, මම වැඩ කරන තැන කීවාට පස්සේ, ඒ හිටිය පොලිස් කාරයෙක් ඇහුවා මගෙන් නමක් කියලා අදුනනවාද කියලා, මම ඔව් කීවා, ඊට පස්සෙ මූ ඒ නම කීවා කෙනාට කෝල් එකක් අරං එකපාරටම මෙහෙම කෙනෙක් ඉන්නවා මේ මනුස්සයා ( ඒ කියන්නෙ මම) හොරෙක්ද ඔයාලගේ company එකේ කියලා, අර මනුස්සයා මොනා කීවාද දන්නෙ නෑ, මටත් ඌ කතා කලා, මාත් ඉතින් විස්තරේ කීවා, ටිකක් කතා කරලා ඒ මනුස්ස්සය පෝන් එක තිබ්බා, ඒ හිටිය රාලහාමි කෙනෙක් මගේ නම ගම විස්තර අහල බස් එකට නැග්ග වෙලාව අහලා මොනාදෝ ලියල මට අතසනක දාන්න කීවා, ඒත් ඒක කට උත්තර ලියන පොත නෙමෙයි ( pouch එකේ අයිති කාරය පැමිනිල්ලක් වත් මොනවත් එහෙම නීතී මාර්ගෙන් කරලා තිබ්බේ නෑ ඌ එහෙම ඕනී නෑ කියලා පොලිසියට ) ඒ අයිතිකාරයක් තිබ්බ දේවල් හරියට තිබ්බ කියලා විස්තරයක් අර පොලිස් කාරයාම හිතලා ලියලා අරූගෙනුත් අත්සනක් දාගත්තා, ඌත් ආවා oic මට කතා කලා, හොද දෙයක් කරන්න ගියත් කරපු විදිය වැරදියි ආයේ එහෙම කලබලේට වැඩ කරන්නෙපා, පොලිසිය එක්ක ආගියු කරන්නෙපා, මේ වෙච්ච මොකුත් පොලිස් පොත් වල ලියලා නෑ, acuser කෙනෙක් නැතිව එහෙම නිකන් මේවා ලියාගෙන බොරුවට රස්තියාදු වෙන්න ඕනී කවුරුත් කියලා, මටත් යන්න කීවා, මම ගෙදර ආවා,

    හොදම හරිය,
    අර කතා කරපු කෙනා, මම වැඩ කරන තැන, ඌ කතාව එහෙට මෙහෙට කරලා CM ට කියලා, දැන් HR එකෙන් මට resignation එක ඉල්ලන්න යනවා කියලා ආරංචියක් ආව, මම එයාලට threat එකක් කියලා, මම කරන්නෙ IT, SYSTEMS DATA පැත්ත තමා මම බලන්නේ, අපි ANDROID TABS, LAPTOPS එහෙම ගොඩාක් පාවිච්චි කාරනවා, අර TABS වලින් කිහිපයක් නැති වෙලා තියෙනවා පහු උන අවුරුදු කිහිපයට, මම ඒවා අදාල තැන් වලට INFORM කරලත් තියෙනවා, ඒවාට ඇක්සන් ගන්න කියලා මට INFORM කරලානෑ මේ වෙනකම්ම, ඒත් දැන් ඒවා නැති කරලා තියෙන්නෙ මමයි කියලා, ගොතලා, INQUIRY එකක් කරන්න ඕනීලූ අර රැ උන සිද්ඩියට COMPANY එකේ ඒවා නැති උනාට නෙමෙයි, 😋 අර බස් එකේ වෙච්ච සිද්ඩියට,

    ඉතින් මම උබලට කියන්නේ, උබලා කොහේ කොහොම වැඩ කලත් උන්ට උබලව එපා කියල හිතුනම, උබලවා රොඩ්ඩක් වගේ විසික්කරලා දානවා, මම මේ වෙනකම් COMPANY එකේන් වැරදියු කියලා කියන්න පුලුවන් දේවල් මොනවත්ම කරලා නෑ, මගේ රාජකාරිය අකුරටම කරලාතියෙනවා, ඒත් මම කොච්චර කලත් දැන් ඒවා වැඩක් නෑ, හෙට මාව අයින් කරනවා.

    උබලට අනාගතේ මෙහෙම දෙයක් නොවෙන්න වග බලා ගනිල්ලා.....

    Just migrate

    සිංහලුන්ට හොද කරන්න ගියොත් කෙලවෙනවා
    දුටු තැන මග හැරලා ජීවත් වෙයන් 🥲
     
    • Like
    Reactions: Solo Rider

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,793
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    umbath ithin hari welawata hari de katin pita karaganna danne nathi nisai kelawagena thiyenne...
    ara policiyen katha karapu wele case daganna deyak thibune nahane... kelinma himin kiyanna thibuna..me de nisai mehema genawe...umbata yanna barinam unta enna kiyanna thibuna gedara Ali inna nisa yanna barinam umbata....

    Anith unta benala wedak naha...umba thawa mature weyan...katha karanna baya wenna deyak naha...eth case daganna mattamin newei..down to the ground inna puluwanne katha karaddi..wereddak neweinam karanne...