වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව

වලස්මුල්ලේ අභය හිමි අනිච්ච සහ අනිච්ඡ පටලවා ගැනීම

ඉහත දැක්වෙන්නේ වලස්මුල්ලේ අභය හිමිගේ "අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු විකෘතියකි (20-11-2016)|(Season 08)8/30" යන මාතෘකා ඇතිව පළ කොට ඇති වීඩියෝවක්.

බුදු දහමේ තිලක්ඛණය ගැන කියැවෙන විට යෙදෙන අනිච්ච යන පාලි වචනය අනිත්‍ය ලෙසින් මනාව සිංහලට පරිවර්තනය කොට තිබෙන අයුරු ත්‍රිපිටකයේ දැකිය හැකියී. එසේ උවත් වලස්මුල්ලේ අභය හිමි අනිච්ච යන චචනය අනිච්ඡ යන වචනය සමඟ පටලවා ගෙන තවත් බොහෝ ධර්ම කරුණුත් පටලවා ගෙන මහා පරිමාණයේ ව්‍යාකූල ධර්මයක් අන් අයට දේශනා කරන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

බුදු දහමේ තිලක්ඛණය විස්තර වන්නේ අනිච්ච, දුක්ඛ සහ අනත්ත ලෙසින් මිස අනිච්ඡ, දුක්ඛ සහ අනත්ථ ලෙසින් නොවේ. ඒ බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ මහාවග්ගයේ ඤාණකථා වල එන සුතමයඤාණ විස්තරයේ ලක්ඛණතතික නිද්දෙසයේ [ http://thripitaka.org/view/bjts/sp29/91 ] දැකිය හැකියී. අනිච්ච, දුක්ඛ සහ අනත්ත යන වචන ත්‍රිපිටකයේ තව බොහෝ තැන් වල සඳහන් වෙනවා.

පහත දැක්වෙන්නේ වලස්මුල්ලේ අභය හිමිගේ පටලවාගැනීම දැක්වෙන තවත් වීඩියෝවක්:

"සෝවාන් වන්නේ බණ අසාය, භාවනාවෙන් නොවේ (06-11-2016)|(Season 08)1/30" යන මාතෘකා ඇතිව පළ කොට ඇති ඉහත වීඩියෝවේ විනාඩි 37යි තත්පර 35න් පමණ ඉදිරියට ආසන්නයේ වලස්මුල්ලේ අභය හිමි පහත දක්වා ඇති පරිදි අකුරු හරඹයක් කරනවා දැකිය හැකියී:

"... අන්න අනිච්ඡයි. මොකක්ද අනිච්ඡ කිව්වෙ? ඉච්ඡ කියනවා කැමැත්ත. ඉච්ඡාච, ඉච්ඡා භංගත්වය, ඉච්ඡාව. ඉච්ඡාව කියන්නේ කැමැත්ත. ඉච්ඡා සූත්‍රය, සංයුක්ත නිකායේ. ඉච්ඡාවට නැත්තං යමක්, ඒකට කියනවා අපි අනිච්ඡයි. එහෙනං මෙන්න මේ ලෝකෙ තියෙන සියළුම දේවල් කැමැත්තට නෑ, කැමැත්ත ඉෂ්ඨ කරන්නෑ, ඔක්කෝම අනිච්ඡයි. සියල්ල අනිච්ඡයි. අනිච්ච කියලා සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකයේ, ඒකේ පෙන්නනවා සබ්බං අනිච්චං. සබ්බං අනිච්චං..."

[සැලකිය යුතුයි: වලස්මුල්ලේ අභය හිමි වචන සහ අර්ථ පටලවා ගැනීම නිසා එහිමියන් පවසන ලද්ද ලිවීමේදී ඒ ඒ තැන් වල භාවිතා කළ යුත්තේ අනිච්ච යන වචනයද, නැත්නම් අනිච්ඡ යන වචනයද යන්න නිශ්චය කර ගැනීමට අපහසු නමුත් එහිමියන්ගේ පටලවා ගැනීම වඩාත් මද ලෙස පෙනේ යැයි සිතන ලද පරිද්දෙන් අනිච්ච සහ අනිච්ඡ යන වචන ඉහත ලිවීමේදී භාවිතා කරන ලදී. එහිදීද එහිමියන් අනිච්ඡ සහ ඉච්ඡ යන වචනයන් ගැන ඉච්ඡා සූත්‍රයද දක්වමින් පළමුව විස්තර කොට අවසානයේ එම අර්ථයන් අනිච්ච යන වචනයේ අර්ථය සමඟ අනිච්ච සූත්‍රයද දක්වමින් පටලවා ගන්නා අයුරු පෙනේ. ]

අනිච්ච යන වචනය අනිත්‍ය, එනම් නිත්‍ය නොවන යන අර්ථය දක්වනවා. අනිච්ඡ යන වචනය කැමැත්ත රහිත, ආශා රහිත, තෘෂ්ණා රහිත යන අර්ථයන් දක්වනවා.

අනිච්ච යන වචනය නිච්ච යන වචනයේ විරුද්ධාර්ථය දෙනවා. අනිච්ඡ යන වචනය ඉච්ඡ යන වචනයේ විරුද්ධාර්ථය දෙනවා. අනිච්ච සහ අනිච්ඡ යන වචන දෙකේ අර්ථයන් එකම නොවෙයි. එම වචන දෙකේ අර්ථයන් වෙනස්.

ත්‍රිපිටකයේ අනිච්ච යන වචනය භාවිතා වී ඇති තැන් අතිශය බහුල ප්‍රමාණයක් තිබෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතනවග්ගයේ විසයසූචිය [ http://thripitaka.org/view/bjts/sp9/14 ] සහ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ ඛන්ධකවග්ගයේ විසයසූචිය [ http://thripitaka.org/view/bjts/sp10/12 ] දෙස පමණක් බැලුවත් අනිච්ච යන වචනය සූත්‍ර නමේම යෙදී ඇති සූත්‍ර ගණනාවක් ඇති බව දැකිය හැකියී. අනිච්ච යන වචනය ත්‍රිපිටකයේ බහුලව භාවිතා වී ඇති වචනයක්.

ත්‍රිපිටකයේ අනිච්ඡ යන වචනය භාවිතා වී ඇති තැන් ඇත්තේ බොහෝම සීමිත ප්‍රමාණයයි. එම වචනය භාවිතා වී ඇති තැනක් ලෙස සූත්‍ර පිටකයේ දීඝ නිකායේ ශීලස්කන්ධවග්ගයේ සාමඤ්ඤඵල සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp1/98 ] දැක්විය හැකියී. අනිච්ඡ යන වචනයෙන් සෑදුනු අනිච්ඡාරෙත්වා යන වචනය පහත දැක්වෙන ආකාරයෙන් එම සූත්‍රයේ තැන් කිහිපයක කිය හැකියී:

92 පිටුව [ http://thripitaka.org/view/bjts/sp1/107 ] :
"අනභිනන්‌දිත්‌වා අප්‌පටික්කොසිත්‌වා අනත්‌තමනො අනත්‌තමනවාචං අනිච්‌ඡාරෙත්‌වා තමෙව වාචං අනුග්‌ගණ්‌හන්‌තො අනි‌කුජ්‌ජන්‌තො උට්‌ඨායාසනා පක්‌කාමිං."

අනිච්ඡ යන වචනය භාවිතා වී ඇති තවත් ස්ථානයක් ලෙස ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තියපාළියේ භික්ඛුනීවිභඞ්ගයේ පාරාජිකකාණ්ඩයේ පළමුවන පාරාජිකය [ http://thripitaka.org/view/bjts/vp2p2/34 ] ගැන විස්තරය දැක්විය හැකියී. අනිච්ඡ යන වචනයෙන් සෑදුනු අනිච්‌ඡන්‌තං යන වචනය එහි මෙසේ දැක්වෙනවා:

4 පිටුව [ http://thripitaka.org/view/bjts/vp2p2/35 ] :
"එවඤ්‌හෙතං ආවුසො හොති යා අනිච්‌ඡන්‌තං ඉච්‌ඡතීති."

ත්‍රිපිටකයේ අනිච්ඡ යන වචනය භාවිතා වී ඇති ස්ථාන තවත් කිහිපයක් පවතිනවා. ත්‍රිපිටකයේ අනිච්ඡ යන වචනය භාවිතා වී ඇති තැන් ඇත්තේ බොහෝම සීමිත ප්‍රමාණයයි.

අනිච්ච යන වචනය යෙදෙන තැන් වලට අනිච්ඡ යන වචනය යොදා බුදුරජානන් වහන්සේ දේශනා කළ දහම් පද වල අර්ථය වෙනස් අර්ථයකින් ප්‍රකාශ කිරීම බොහෝ දෙනා නොමඟ යවන ක්‍රියාවක්. යම් අයෙක් අනිච්ච යන වචනය "අන+ඉච්ඡ" ලෙස පද බෙදීම නිවැරදි නැහැ. යම් අයෙක් ඉච්ඡ යන වචනයේ අර්ථය ගෙන එය ඉච්ච යන වචනයක අර්ථය යැයි දැක්වීමත් නිවැරදි නැහැ.

"අනිච්ච දුක්ඛ අනත්ත" යන පද "අනිත්‍ය දුක්ඛ අනාත්ම" ලෙස සිංහලට පරිවර්තනය කර තිබීම මනා පරිවර්තනයක්. එහි ඇති විකෘතියක් නැහැ. "අනිච්ච දුක්ඛ අනත්ත" යන්නෙහි අනිච්ච යන වචනය වෙනුවට අනිච්ඡ යන වචනය යොදා, අනිච්ඡ යන වචනයේ අර්ථය විස්තර කොට, "අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු විකෘතියකි" යැයි දැක්වීම වලස්මුල්ලේ අභය හිමි විසින්ම ඇති කරනා විකෘතියක්.

අනිච්ච යන වචනය වෙනුවට අනිච්ඡ යන වචනය භාවිතා කොට දහම් පද වල අර්ථ විකෘති කරමින් වලස්මුල්ලේ අභය හිමි කරන්නේ "හරකා තණ කයි" යන වාක්‍යයේ අර්ථය "හරකා තන කයි" යන වාක්‍යයේ අර්ථය ලෙස අන් අයට කියා දෙන්න උත්සාහ ගන්නවා බඳු ක්‍රියාවක්.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දුක නිපාතයේ පඨම පණ්ණාසකයේ සමචිත්තවග්ගයේ දසම සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp12/171 ] මෙසේ සඳහන්:

"යෙ තෙ භික්‌ඛවෙ භික්‌ඛූ දුග්‌ගහිතෙහි සුත්‌තන්‌තෙහි බ්‍යඤ්‌ජන‌පතිරූපකෙහි අත්‌ථඤ්‌ච ධම්‌මඤ්‌ච පටිබාහන්‌ති, තෙ භික්‌ඛවෙ භික්‌ඛූ බහුජනාහිතාය පටිපන්‌නා බහුජනාසුඛාය බහුනො ජනස්‌ස අනත්‌ථාය අහිතාය දුක්‌ඛාය දෙවමනුස්‌සානං. බහුඤ්‌ච තෙ භික්‌ඛවෙ භික්‌ඛූ අපුඤ්‌ඤං පසවන්‌ති. තෙචිමං සද්‌ධම්‌මං අන්‌තරධාපෙන්‌ති."

යම් භික්ෂුවක් වරදවා ගන්නා ලද පදප්‍රතිරූපක වූ සූත්‍රාන්තයෙන් අර්ථ ද ධර්ම ද වළකා නම් එම භික්ෂුව බොහෝ දෙනාට අහිත පිණිස ද, බොහෝ දෙනාට නොසුව පිණිස ද, බොහෝ දෙනාට අනර්ථ පිණිස ද, දෙවිමිනිසුනට අහිත පිණිස ද, දුක් පිණිස ද පිළිපන් වෙනවා. එම භික්‍ෂූව බොහෝ පව් ද රැස් කරනවා. එම භික්ෂුව ම සම්මා සම්බුද්ධ සාසනය ද අතුරුදන් කරනවා.

Skylark
 
Last edited:

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113

    සාදු! සාදු! ස්කයිලාක්, ඔබ පැහැදිලිවම අභය හිමිගේ අනිච්ඡ විකාරය සුනු විසුනු කර තිබෙනවා.

    අභය හිමි වැනි අයගේ හැසිරීමෙන්, කතාවෙන් පවා පැහැදිලි වෙනවා "මහා මමංකාරයකින්-අහංකාරයකින්" කටයුතු කරන කෙනෙක් බව. භාෂාවන් ගැන සෑහෙන පමණකට ඉගෙනගත් කෙනෙකු පමණයි මේ වගේ සම්ප්‍රදායික මතයට අභියෝග කල යුත්තේ. එසේ නැතත් සාමාන්‍ය දැනුම (common sense) තියෙන කෙනෙක්ට තේරුම් යා යුතුයි "මම පමණක් නෙවෙයි භාෂා විශාරදයන් පවා ත්‍රිපිටකය කියවන්නට ඇති, මට පමණක් මේකේ වැරද්දක් පෙනෙන්නේ මගේ වරදක් නිසා විය හැකියි කියා". හිමි වරු බහුසෘත නැති වුනාම, තමනුත් විහිලුවක් වෙලා බුදුසමයත් විහිලුවක් කරනවා.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    අකුරු හරබ නොකර හැකිනම් එම ධර්මයේ අඩුපාඩුවක් පෙන්වන්න.

    EIJWs2O.jpg
     
    Last edited:

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    කැමැත්ත ඉශ්ට නොවන නිසා ( අනිච්ඡ ) දුක ඇතිවන බව පහත ලෙස ( වීඩියෝවේ 1:09:13 සිට ) ත්‍රිපිටකයේ (මහා සතිපට්ටාන සූත්‍රය) දක්වා ඇත. අනිත්‍ය නිසා දුක ඇතිවන බව ත්‍රිපිටකයේ දක්වා ඇති තැනක් හැකිනම් පෙන්වන්න.

    pcRrwIT.jpg
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    සච්චවිභංග සූත්‍රයේ කැමැත්ත ඉටු නොවීම දුකට හේතුව බව දක්ව ඇති අයුරු

    z1YcTWN.jpg

    FoYBtKX.jpg

    දැන් මෙතන දුක උපදින්නෙ අනිත්‍ය නිසා කියල කිවුවද?
    :rolleyes:

    පිය ජාතික සූත්‍රයේ ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස ප්‍රිය දේවල් නිසා ඇතිවන බව විස්තර කර ඇති අයුරු

    Pu8a8zZ.jpg

    දැන් මෙතන දුක උපදින්නෙ අනිත්‍ය නිසා කියල කිවුවද?
    :rolleyes:

    අනිත්‍ය නිසා දුක ඇතිවන බව ත්‍රිපිටකයේ දක්වා ඇති තැනක් හැකිනම් පෙන්වන්න
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    වලස්මුල්ලේ අභය හිමි අනිච්ච සහ අනිච්ඡ පටලවා ගැනීම

    ඉහත දැක්වෙන්නේ වලස්මුල්ලේ අභය හිමිගේ "අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු විකෘතියකි (20-11-2016)|(Season 08)8/30" යන මාතෘකා ඇතිව පළ කොට ඇති වීඩියෝවක්.

    බුදු දහමේ තිලක්ඛණය ගැන කියැවෙන විට යෙදෙන අනිච්ච යන පාලි වචනය අනිත්‍ය ලෙසින් මනාව සිංහලට පරිවර්තනය කොට තිබෙන අයුරු ත්‍රිපිටකයේ දැකිය හැකියී. එසේ උවත් වලස්මුල්ලේ අභය හිමි අනිච්ච යන චචනය අනිච්ඡ යන වචනය සමඟ පටලවා ගෙන තවත් බොහෝ ධර්ම කරුණුත් පටලවා ගෙන මහා පරිමාණයේ ව්‍යාකූල ධර්මයක් අන් අයට දේශනා කරන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

    බුදු දහමේ තිලක්ඛණය විස්තර වන්නේ අනිච්ච, දුක්ඛ සහ අනත්ත ලෙසින් මිස අනිච්ඡ, දුක්ඛ සහ අනත්ථ ලෙසින් නොවේ. ඒ බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ මහාවග්ගයේ ඤාණකථා වල එන සුතමයඤාණ විස්තරයේ ලක්ඛණතතික නිද්දෙසයේ [ http://thripitaka.org/view/bjts/sp29/91 ] දැකිය හැකියී. අනිච්ච, දුක්ඛ සහ අනත්ත යන වචන ත්‍රිපිටකයේ තව බොහෝ තැන් වල සඳහන් වෙනවා.

    පහත දැක්වෙන්නේ වලස්මුල්ලේ අභය හිමිගේ පටලවාගැනීම දැක්වෙන තවත් වීඩියෝවක්:

    "සෝවාන් වන්නේ බණ අසාය, භාවනාවෙන් නොවේ (06-11-2016)|(Season 08)1/30" යන මාතෘකා ඇතිව පළ කොට ඇති ඉහත වීඩියෝවේ විනාඩි 37යි තත්පර 35න් පමණ ඉදිරියට ආසන්නයේ වලස්මුල්ලේ අභය හිමි පහත දක්වා ඇති පරිදි අකුරු හරඹයක් කරනවා දැකිය හැකියී:

    "... අන්න අනිච්ඡයි. මොකක්ද අනිච්ඡ කිව්වෙ? ඉච්ඡ කියනවා කැමැත්ත. ඉච්ඡාච, ඉච්ඡා භංගත්වය, ඉච්ඡාව. ඉච්ඡාව කියන්නේ කැමැත්ත. ඉච්ඡා සූත්‍රය, සංයුක්ත නිකායේ. ඉච්ඡාවට නැත්තං යමක්, ඒකට කියනවා අපි අනිච්ඡයි. එහෙනං මෙන්න මේ ලෝකෙ තියෙන සියළුම දේවල් කැමැත්තට නෑ, කැමැත්ත ඉෂ්ඨ කරන්නෑ, ඔක්කෝම අනිච්ඡයි. සියල්ල අනිච්ඡයි. අනිච්ච කියලා සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකයේ, ඒකේ පෙන්නනවා සබ්බං අනිච්චං. සබ්බං අනිච්චං..."

    [සැලකිය යුතුයි: වලස්මුල්ලේ අභය හිමි වචන සහ අර්ථ පටලවා ගැනීම නිසා එහිමියන් පවසන ලද්ද ලිවීමේදී ඒ ඒ තැන් වල භාවිතා කළ යුත්තේ අනිච්ච යන වචනයද, නැත්නම් අනිච්ඡ යන වචනයද යන්න නිශ්චය කර ගැනීමට අපහසු නමුත් එහිමියන්ගේ පටලවා ගැනීම වඩාත් මද ලෙස පෙනේ යැයි සිතන ලද පරිද්දෙන් අනිච්ච සහ අනිච්ඡ යන වචන ඉහත ලිවීමේදී භාවිතා කරන ලදී. එහිදීද එහිමියන් අනිච්ඡ සහ ඉච්ඡ යන වචනයන් ගැන ඉච්ඡා සූත්‍රයද දක්වමින් පළමුව විස්තර කොට අවසානයේ එම අර්ථයන් අනිච්ච යන වචනයේ අර්ථය සමඟ අනිච්ච සූත්‍රයද දක්වමින් පටලවා ගන්නා අයුරු පෙනේ. ]

    අනිච්ච යන වචනය අනිත්‍ය, එනම් නිත්‍ය නොවන යන අර්ථය දක්වනවා. අනිච්ඡ යන වචනය කැමැත්ත රහිත, ආශා රහිත, තෘෂ්ණා රහිත යන අර්ථයන් දක්වනවා.

    අනිච්ච යන වචනය නිච්ච යන වචනයේ විරුද්ධාර්ථය දෙනවා. අනිච්ඡ යන වචනය ඉච්ඡ යන වචනයේ විරුද්ධාර්ථය දෙනවා. අනිච්ච සහ අනිච්ඡ යන වචන දෙකේ අර්ථයන් එකම නොවෙයි. එම වචන දෙකේ අර්ථයන් වෙනස්.

    ත්‍රිපිටකයේ අනිච්ච යන වචනය භාවිතා වී ඇති තැන් අතිශය බහුල ප්‍රමාණයක් තිබෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතනවග්ගයේ විසයසූචිය [ http://thripitaka.org/view/bjts/sp9/14 ] සහ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ ඛන්ධකවග්ගයේ විසයසූචිය [ http://thripitaka.org/view/bjts/sp10/12 ] දෙස පමණක් බැලුවත් අනිච්ච යන වචනය සූත්‍ර නමේම යෙදී ඇති සූත්‍ර ගණනාවක් ඇති බව දැකිය හැකියී. අනිච්ච යන වචනය ත්‍රිපිටකයේ බහුලව භාවිතා වී ඇති වචනයක්.

    ත්‍රිපිටකයේ අනිච්ඡ යන වචනය භාවිතා වී ඇති තැන් ඇත්තේ බොහෝම සීමිත ප්‍රමාණයයි. එම වචනය භාවිතා වී ඇති තැනක් ලෙස සූත්‍ර පිටකයේ දීඝ නිකායේ ශීලස්කන්ධවග්ගයේ සාමඤ්ඤඵල සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp1/98 ] දැක්විය හැකියී. අනිච්ඡ යන වචනයෙන් සෑදුනු අනිච්ඡාරෙත්වා යන වචනය පහත දැක්වෙන ආකාරයෙන් එම සූත්‍රයේ තැන් කිහිපයක කිය හැකියී:

    92 පිටුව [ http://thripitaka.org/view/bjts/sp1/107 ] :
    "අනභිනන්‌දිත්‌වා අප්‌පටික්කොසිත්‌වා අනත්‌තමනො අනත්‌තමනවාචං අනිච්‌ඡාරෙත්‌වා තමෙව වාචං අනුග්‌ගණ්‌හන්‌තො අනි‌කුජ්‌ජන්‌තො උට්‌ඨායාසනා පක්‌කාමිං."

    අනිච්ඡ යන වචනය භාවිතා වී ඇති තවත් ස්ථානයක් ලෙස ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තියපාළියේ භික්ඛුනීවිභඞ්ගයේ පාරාජිකකාණ්ඩයේ පළමුවන පාරාජිකය [ http://thripitaka.org/view/bjts/vp2p2/34 ] ගැන විස්තරය දැක්විය හැකියී. අනිච්ඡ යන වචනයෙන් සෑදුනු අනිච්‌ඡන්‌තං යන වචනය එහි මෙසේ දැක්වෙනවා:

    4 පිටුව [ http://thripitaka.org/view/bjts/vp2p2/35 ] :
    "එවඤ්‌හෙතං ආවුසො හොති යා අනිච්‌ඡන්‌තං ඉච්‌ඡතීති."

    ත්‍රිපිටකයේ අනිච්ඡ යන වචනය භාවිතා වී ඇති ස්ථාන තවත් කිහිපයක් පවතිනවා. ත්‍රිපිටකයේ අනිච්ඡ යන වචනය භාවිතා වී ඇති තැන් ඇත්තේ බොහෝම සීමිත ප්‍රමාණයයි.

    අනිච්ච යන වචනය යෙදෙන තැන් වලට අනිච්ඡ යන වචනය යොදා බුදුරජානන් වහන්සේ දේශනා කළ දහම් පද වල අර්ථය වෙනස් අර්ථයකින් ප්‍රකාශ කිරීම බොහෝ දෙනා නොමඟ යවන ක්‍රියාවක්. යම් අයෙක් අනිච්ච යන වචනය "අන+ඉච්ඡ" ලෙස පද බෙදීම නිවැරදි නැහැ. යම් අයෙක් ඉච්ඡ යන වචනයේ අර්ථය ගෙන එය ඉච්ච යන වචනයක අර්ථය යැයි දැක්වීමත් නිවැරදි නැහැ.

    "අනිච්ච දුක්ඛ අනත්ත" යන පද "අනිත්‍ය දුක්ඛ අනාත්ම" ලෙස සිංහලට පරිවර්තනය කර තිබීම මනා පරිවර්තනයක්. එහි ඇති විකෘතියක් නැහැ. "අනිච්ච දුක්ඛ අනත්ත" යන්නෙහි අනිච්ච යන වචනය වෙනුවට අනිච්ඡ යන වචනය යොදා, අනිච්ඡ යන වචනයේ අර්ථය විස්තර කොට, "අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු විකෘතියකි" යැයි දැක්වීම වලස්මුල්ලේ අභය හිමි විසින්ම ඇති කරනා විකෘතියක්.

    අනිච්ච යන වචනය වෙනුවට අනිච්ඡ යන වචනය භාවිතා කොට දහම් පද වල අර්ථ විකෘති කරමින් වලස්මුල්ලේ අභය හිමි කරන්නේ "හරකා තණ කයි" යන වාක්‍යයේ අර්ථය "හරකා තන කයි" යන වාක්‍යයේ අර්ථය ලෙස අන් අයට කියා දෙන්න උත්සාහ ගන්නවා බඳු ක්‍රියාවක්.

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දුක නිපාතයේ පඨම පණ්ණාසකයේ සමචිත්තවග්ගයේ දසම සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp12/171 ] මෙසේ සඳහන්:

    "යෙ තෙ භික්‌ඛවෙ භික්‌ඛූ දුග්‌ගහිතෙහි සුත්‌තන්‌තෙහි බ්‍යඤ්‌ජන‌පතිරූපකෙහි අත්‌ථඤ්‌ච ධම්‌මඤ්‌ච පටිබාහන්‌ති, තෙ භික්‌ඛවෙ භික්‌ඛූ බහුජනාහිතාය පටිපන්‌නා බහුජනාසුඛාය බහුනො ජනස්‌ස අනත්‌ථාය අහිතාය දුක්‌ඛාය දෙවමනුස්‌සානං. බහුඤ්‌ච තෙ භික්‌ඛවෙ භික්‌ඛූ අපුඤ්‌ඤං පසවන්‌ති. තෙචිමං සද්‌ධම්‌මං අන්‌තරධාපෙන්‌ති."

    යම් භික්ෂුවක් වරදවා ගන්නා ලද පදප්‍රතිරූපක වූ සූත්‍රාන්තයෙන් අර්ථ ද ධර්ම ද වළකා නම් එම භික්ෂුව බොහෝ දෙනාට අහිත පිණිස ද, බොහෝ දෙනාට නොසුව පිණිස ද, බොහෝ දෙනාට අනර්ථ පිණිස ද, දෙවිමිනිසුනට අහිත පිණිස ද, දුක් පිණිස ද පිළිපන් වෙනවා. එම භික්‍ෂූව බොහෝ පව් ද රැස් කරනවා. එම භික්ෂුව ම සම්මා සම්බුද්ධ සාසනය ද අතුරුදන් කරනවා.

    Skylark

    සාදු! සාදු! සාදු!

    පිංවත් ස්ක්යිලාක්,

    ඔබේ විස්තරය මුනින් නැවූ කලයක් නිවැරදි පිට හැරවූවා වැනිය, නිවා දැමූ පහනක් යලි අවුලුවා හාත්පස ඒකාලෝක කලා සේය! ඇසෙහි ස්වේතය වැඩී අන්ධ වූවෙකුගේ ඇසට ශ්වේතය දියකර නැවත පෙනීම ලබා දෙන දිව ඔසුවක් වැනිය. නිවැරදි ශ්‍රී ධර්මයම දිදුලන්නේය.

    බට-අභය පිටුපස යන, මෝහ-මුලාවෙන් දෑස් අන්ධවී අධර්මය
    ධර්මය ලෙස ගන්නා දුහුනන් ගේ ඇස අරවන්නේ මය, බට-අභය අනුගාමිකයන්ට ප්‍රති-උත්තරද, කට උත්තරද නැති කරවා, උන් ද්වේශ ගින්නටද ලැජ්ජාවටද පත් කරවන්නේය.

    සාදු! සාදු! සාදු!
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අනිච්ච සහ අනත්ත යන්න අනිත්‍යයි අනාත්මයි ලෙස අර්ථගැන්වීම බුද්ධ දේශනාව විකෘති කිරීමකි. මේ ආකාරයට පණ පිහිටුවා , පුන පුනා මෙයම සත්‍යයැයි පවසමින් බුද්ධ දේශනාව විකෘති කර තමාගේත් අන් අයගේත් නිවන් මග වසාදැමීමට කටයුතු කරන පුද්ගලයින් සංඝභේදය නම් වූ ආනන්තරීය පාපකර්මය සිදුකරගෙන සතර අපාගත වෙති.මෑත කාලයේ විසූ සමාජය අදටත් ඉතා ඉහලින් ගරුකරන ගිහි පැවිදි බොහෝ උගතුන් වියතුන් පවා මේ ආකාරයට බුද්ධ දේශනාව වැරදි ලෙස අර්ථගන්වා සමාජගත කර දැන හෝ නොදැන බොහෝ පිරිසකගේ නිවන් මග වසා දැමීමට කටයුතු කිරීම හේතුවෙන් සතර අපාගත වන තැනට පත්වී තිබීම කණගාටුදායකය.
     
    ඔබේ profile picture එකෙන්ම ගොඩක් දේ කියවෙනව.
    අනාත්ම දිරවන්නේ නැහැ නේද? ආයි මැරිලා උපදින නොබිඳෙන ආත්මයකට කැමතියි නේහ්?:lol:

    ඒක නිසා බුදුන් උපන්නේ ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදෙ කියා ඔප්පු කර ලෝ පතල කීර්තියක් අත් කරගත් මීවනපලානේ සිරි සත්තම ගුරුන්නාන්සෙගේ බන මෙතන කියන්න එපා පිංවත.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    සාදු! සාදු! ස්කයිලාක්, ඔබ පැහැදිලිවම අභය හිමිගේ අනිච්ඡ විකාරය සුනු විසුනු කර තිබෙනවා.

    අභය හිමි වැනි අයගේ හැසිරීමෙන්, කතාවෙන් පවා පැහැදිලි වෙනවා "මහා මමංකාරයකින්-අහංකාරයකින්" කටයුතු කරන කෙනෙක් බව. භාෂාවන් ගැන සෑහෙන පමණකට ඉගෙනගත් කෙනෙකු පමණයි මේ වගේ සම්ප්‍රදායික මතයට අභියෝග කල යුත්තේ. එසේ නැතත් සාමාන්‍ය දැනුම (common sense) තියෙන කෙනෙක්ට තේරුම් යා යුතුයි "මම පමණක් නෙවෙයි භාෂා විශාරදයන් පවා ත්‍රිපිටකය කියවන්නට ඇති, මට පමණක් මේකේ වැරද්දක් පෙනෙන්නේ මගේ වරදක් නිසා විය හැකියි කියා". හිමි වරු බහුසෘත නැති වුනාම, තමනුත් විහිලුවක් වෙලා බුදුසමයත් විහිලුවක් කරනවා.

    පින්වත් ex-muslim Ahmed,

    මම මුලින් දැනගෙන සිටියේ නැහැ වලස්මුල්ලේ අභය හිමි ඇති කර ගෙන තියෙන පටලැවිල්ල කෙතරම්ද කියා. බුදු දහමට නොගැළපෙන මාතෘකා ඇති එහිමියන්ගේ වීඩියෝ සමහරක් දුටුවාට මම හිතුවේ පොඩි පොඩි කාරණාවන් වරදවා ගන්නවා ඇතැයි කියා. නොගැළපෙන මාතෘකා යටතේ මොනවා කියනවා ඇති දැයි කුතුහලයකුත් තිබුනා. එහිමියන්ගේ දේශනා ටිකකට සවන් දුන්නහමයි මම දැන ගත්තේ ඇති කරගෙන තියෙන අවුලේ ප්‍රමාණය. සූත්‍ර ගණනාවක වචනත් පටලවාගෙන, අර්ථත් පටලවාගෙන මහා පරිමාණ විකාරයක් බුද්ධ දේශනාව යැයි එහිමියන් අන් අයට පවසනවා.

    එබඳු පටලැවිල්ලකට හොද හැටි රැවටුනු සමහර අයට එක ලිපියක් කියවූ පමණින් එහිමියන් පවසන දෑ වැරදි බව වැටහෙන එකක් නැහැ. තව ටිකක් ලියන්න වේවි.

    ඔබ පවසන ආකාරයටම වලස්මුල්ලේ අභය හාමුදුරුවෝ ත්‍රිපිටක භාෂාව පිළිබඳව මීට වඩා සැලකිලිමත් වෙන්න තිබුනා. සිංහල පරිවර්තනයේ යම් යම් වැරදි තිබෙනවා තමයි. නමුත් සිංහල පරිවර්තනයේ බොහෝ කරුණු මනා ලෙසින්ම පරිවර්තනය කොට තිබෙනවා. මේ හාමුදුරුවෝ මනාව පරිවර්තනය කොට ඇති සමහර කරුණුත් වැරදි අර්ථයන්ගෙන් ගෙන ඒ කරුණු වැරදි යැයි පවසමින් තමන්ගේ වරදවා ගැනීම ධර්මය යැයි අන් අයට දක්වනවා. විනාසයක්මයි.

    ධර්මයට නැඹුරු වන අයට පුන පුනා කිව යුත්තේ තමන් විසින්ම ත්‍රිපිටකය හැදෑරීමට මුල් තැන දෙමින් ත්‍රිපිටක ධර්මය පැහැදිලි කර ගැනීම පිණිස අන් අයගේ උපකාර ලබා ගන්න කියලා. එහෙම කලොත් වලස්මුල්ලේ අභය හිමි වැනි අයගේ වරදවා ගත් දහම් අහන්න ලැබුනාම රැවටෙන්නේ නැතිව ඒ වැරදි දහම් වැරදි ලෙසින් වටහා ගන්න ඇති හැකියාව ඇති වෙනවා. එහෙම නොකර හාමුදුරු කෙනෙක් හෝ අන් අයෙක් කියන දහම් වලට ත්‍රිපිටකයටත් වඩා වැඩි මූලිකත්වයක් දී නිවැරදි ධර්මය දැන ගන්න උත්සාහ ගැනීම මේ කාලයේ හැටියට පහසුවෙන්ම තමන්ට වැරදෙන්නට හේතුවක් විය හැකියී. මෙයින් කියවෙන්නේ නැහැ අන් අය බොරුමයි කියන්නේ හෝ ඒ අයව පහත් කොට සැලකිය යුතුයි කියා. තවද මෙයින් කියවෙන්නේ නැහැ ත්‍රිපිටක ධර්මය කිසිම වැරැද්දක් නැතිව සම්පූර්ණයෙන්ම නිවැරදිව තිබෙනවා කියා. ත්‍රිපිටක ධර්මය අතිශයින්ම පිරිසිදුයි. ඒ අතිශයින්ම පිරිසිදු බව මූලාශ්‍ර කර ගත්තොත් දහම් අවබෝධ කරගන්න එම පිරිසිදු බව දැඩි රුකුලක් වෙනවා, පහසුවක් ඇති කරනවා. අන් අය නිසා වැරදෙන්න තිබෙන ඉඩ කඩත් ඒ උපක්‍රමයෙන් අඩු වෙනවා. තවද එම උපක්‍රමයෙන් ත්‍රිපිටකයේ ඇති වැඩි පුර කතා බහට ලක් නොවන ධර්ම කාරණාත් වැඩි වැඩියෙන් කියවීම නිසා ඉස්මතු වෙනවා, විවෘත්ත වෙනවා.

    Skylark
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අපේ මහප්පත් යනව ඔයා හාමුදුරුවන්ගේ බණ අහන්න
    භාවනාත් කරනවා
    මටත් එන්න කිව්වා දවසක
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    යාලුවනේ,
    සියල්ල අනිත්‍යයිද
    සියල්ල අනිච්ජයිද?
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ape kemeththata anuwa pawathina ho, nopawathina , kisima sthira wu deyak me lokaya thula netha. siyalla mohothin mohotha. kshanayak pasaa ethi wemin nethiwemin yayi, siyalla anithyayi..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ape kemeththata anuwa pawathina ho, nopawathina , kisima sthira wu deyak me lokaya thula netha. siyalla mohothin mohotha. kshanayak pasaa ethi wemin nethiwemin yayi, siyalla anithyayi..

    සියල්ල අනිත්‍යයි නමි අනිත්‍ය කියන වචනේ වත් නිත්‍ය වෙන්න බැහැනේ. නොදන්න දේවල් නොකිය හිටපන් බන්. සියල්ල අනිත්‍යයි නම් 1+1 = 2, 3, 5 හෝ වෙන ඉලක්කමක් වෙන්න ඔීන. එහෙත් එහෙම නැහැ. ඒක නිත්‍යයිනේ.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ape kemeththata anuwa pawathina ho, nopawathina , kisima sthira wu deyak me lokaya thula netha. siyalla mohothin mohotha. kshanayak pasaa ethi wemin nethiwemin yayi, siyalla anithyayi..

    සියල්ල අනිත්‍ය නම් මේ සංසාර චක්‍රය ද අනිත්‍ය වේ. එසේ නම් ඉබේම නිවන් දැකිය යුතු නොවේද?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    සියල්ල අනිත්‍ය නම් මේ සංසාර චක්‍රය ද අනිත්‍ය වේ. එසේ නම් ඉබේම නිවන් දැකිය යුතු නොවේද?

    :rofl::rofl::rofl:

    ඔය එලියට එන්නේ බට-අභය ගේ අන්තේවාසිකයන්ගේ දැනුමේ තරම!

    අහවල් තැනිනුත් සිනා!

    :D:D:D
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113

    සියල්ල අනිත්‍යයි නමි අනිත්‍ය කියන වචනේ වත් නිත්‍ය වෙන්න බැහැනේ. නොදන්න දේවල් නොකිය හිටපන් බන්. සියල්ල අනිත්‍යයි නම් 1+1 = 2, 3, 5 හෝ වෙන ඉලක්කමක් වෙන්න ඔීන. එහෙත් එහෙම නැහැ. ඒක නිත්‍යයිනේ.

    anithya kiyana wachanaya thawa kochchara kalayak tiyewida???????

    anithya kiyala wachanayak thiyenawada??????
     
    Last edited:

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113

    සියල්ල අනිත්‍යයි නමි අනිත්‍ය කියන වචනේ වත් නිත්‍ය වෙන්න බැහැනේ. නොදන්න දේවල් නොකිය හිටපන් බන්. සියල්ල අනිත්‍යයි නම් 1+1 = 2, 3, 5 හෝ වෙන ඉලක්කමක් වෙන්න ඔීන. එහෙත් එහෙම නැහැ. ඒක නිත්‍යයිනේ.

    oya inne me mattame nam, me wage sanwada karala thawa aya nomaga yawala pawu karaganna epa...mamath wediya sanwada karanna kemathi ne, mokada mamath godak danne nethi nisa..eth mekata uththa denna ona nisa dunne..
     
    Jul 5, 2012
    1,773
    265
    0

    සියල්ල අනිත්‍යයි නමි අනිත්‍ය කියන වචනේ වත් නිත්‍ය වෙන්න බැහැනේ. නොදන්න දේවල් නොකිය හිටපන් බන්. සියල්ල අනිත්‍යයි නම් 1+1 = 2, 3, 5 හෝ වෙන ඉලක්කමක් වෙන්න ඔීන. එහෙත් එහෙම නැහැ. ඒක නිත්‍යයිනේ.

    ඔබගේ ප්‍රශ්නය වැරදියි. බුදු පියානන් කිසිම තැනක "සියල්ල අනිත්‍යයි " කියා දේශනා කර නැහැ. බුදු පියාණන් දේශනා කලේ "සබ්බේ සංඛාරා අනිච්චා " කියායි. සංස්කාර වලින් හට ගන්න දේ අනිත්‍යයි කියායි. ඔබේ වැරදි ප්‍රශ්නය වැරදියි කියන්නටවත් හැකියාවක් නැති අය ඒ වැරැද්ද උඩ හිටගෙන බට-අභය ගේ වියවුල් අනිඡ්චය තොරොම්බල් කරන්නට දැඟලීම අතිශයින් ශෝචනීයයි.

    (අනිත් කරුණ නම් ඔය අංක ආදිය අයිති වන්නේ ප්‍රඥප්ති ගණයට. ඒවා සංස්කාර ධර්මයන්ගෙන් හට ගත්තක් නෙවෙයි. :D:D )
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;21519243 said:

    "සංස්කාර" කියන්නෙ මොනවද කියල පැහැදිලි කරන්න පුලුවන්ද ?
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ජිංතක ජිල්ලබකිට;21519243 said:
    ඔබගේ ප්‍රශ්නය වැරදියි. බුදු පියානන් කිසිම තැනක "සියල්ල අනිත්‍යයි " කියා දේශනා කර නැහැ. බුදු පියාණන් දේශනා කලේ "සබ්බේ සංඛාරා අනිච්චා " කියායි. සංස්කාර වලින් හට ගන්න දේ අනිත්‍යයි කියායි. ඔබේ වැරදි ප්‍රශ්නය වැරදියි කියන්නටවත් හැකියාවක් නැති අය ඒ වැරැද්ද උඩ හිටගෙන බට-අභය ගේ වියවුල් අනිඡ්චය තොරොම්බල් කරන්නට දැඟලීම අතිශයින් ශෝචනීයයි.

    (අනිත් කරුණ නම් ඔය අංක ආදිය අයිති වන්නේ ප්‍රඥප්ති ගණයට. ඒවා සංස්කාර ධර්මයන්ගෙන් හට ගත්තක් නෙවෙයි. :D:D )

    :yes: (mamath liyala tibbe e widihata sorry...)
     
    Last edited: