බොහෝ දෙනා අතර බහුලව දක්නට ලැබෙන කතිකාවතට මැලිකමක් දක්වන එහෙත් හිසරදයක්ව පවතින මාතෘකාවක් ලෙස මුඛ දුගඳ දැක්විය හැකිය.මෙම තත්වය නිසා අද වනවිට බොහෝ දෙනා පිඩාවට පත්ව සිටියද ඒ සඳහා සුදුසු ප්රතිකාරයක් තවමත් ඔවුනතට පත්ව නැතුවා විය හැක.එනිසාවෙන්ම අද මුඛ දුගඳ සඳහා නිවසේදීම කළහැකි ප්රතිකාර ඔබ වෙතට.
මුං ඇට, විළඳ, බාර්ලි ඇට, තිප්පිලි මුල්, සැවැන්න මුල්, සුදුහඳුන්, කලාඳුරු අල, බැවිල මුල් කලං 1 ½ බැගින් ගෙන හොදින් පිරිසිදූ කොට වතුර පත අටක් දමා පත එකට සිඳ පෙරා සිනි, මී පැණි දමා පත භාගය බැගින් දින 7ක් බොන්න.
මුඛය සේදීමට කලාඳුරු අල, සුවද කොට්ටන්, කොත්තමල්ලි, වැල්මී, එලවාලුක සමසේ ගෙන තම්බා පෙරා දිනකට තුන් වරක් භාවිත කරන්න.
ඔබ මෑතකදී විරේකයක් සිදු කර නොමැති නම් විරේකයක් සිදු කිරීමෙන් අනතුරුව ඉහත ඖෂධ භාවිත කරන්න.
මත්පැන් හා උෂ්ණාධික ආහාර පාන ගැනීම හැකි තරම් සිමා කරන්න.නිතර මුඛය පිරිසිදුව තබාගන්න.

මේ බෙහෙත් හදාගන්න අමාරුම නම් හැමදාම උදේට එලියට බහිනකොට එනසල් ඇට 2,3ක් කටේ දාගෙන හපන්න.