කට ගඳයි

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    බොහෝ දෙනා අතර බහුලව දක්නට ලැබෙන කතිකාවතට මැලිකමක් දක්වන එහෙත් හිසරදයක්ව පවතින මාතෘකාවක් ලෙස මුඛ දුගඳ දැක්විය හැකිය.මෙම තත්වය නිසා අද වනවිට බොහෝ දෙනා පිඩාවට පත්ව සිටියද ඒ සඳහා සුදුසු ප්‍රතිකාරයක් තවමත් ඔවුනතට පත්ව නැතුවා විය හැක.එනිසාවෙන්ම අද මුඛ දුගඳ සඳහා නිවසේදීම කළහැකි ප්‍රතිකාර ඔබ වෙතට.

    මුං ඇට, විළඳ, බාර්ලි ඇට, තිප්පිලි මුල්, සැවැන්න මුල්, සුදුහඳුන්, කලාඳුරු අල, බැවිල මුල් කලං 1 ½ බැගින් ගෙන හොදින් පිරිසිදූ කොට වතුර පත අටක් දමා පත එකට සිඳ පෙරා සිනි, මී පැණි දමා පත භාගය බැගින් දින 7ක් බොන්න.

    මුඛය සේදීමට කලාඳුරු අල, සුවද කොට්ටන්, කොත්තමල්ලි, වැල්මී, එලවාලුක සමසේ ගෙන තම්බා පෙරා දිනකට තුන් වරක් භාවිත කරන්න.

    ඔබ මෑතකදී විරේකයක් සිදු කර නොමැති නම් විරේකයක් සිදු කිරීමෙන් අනතුරුව ඉහත ඖෂධ භාවිත කරන්න.

    මත්පැන් හා උෂ්ණාධික ආහාර පාන ගැනීම හැකි තරම් සිමා කරන්න.නිතර මුඛය පිරිසිදුව තබාගන්න.

    මේ බෙහෙත් හදාගන්න අමාරුම නම් හැමදාම උදේට එලියට බහිනකොට එනසල් ඇට 2,3ක් කටේ දාගෙන හපන්න.:lol:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මගේ නම් කට ගඳ මගේ Tonsil Stones හැදෙනව... අර කටේ ඉඳල පොඩි සුදුපාට ගල් කෑලි වගේ එන්නෙ...
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    Mcn mageth enawa. Ekata karanna deyak nedda. Ugure thenakin enne.

    නෑ බං ඔ්ව හැදෙන්නේ සෙම් ගෙඩි වල.. මම නම් අතින් අයින් කරනව... මුලදි අමාරුයි.. ඔක්කාරෙට එනව එ් හරිය සෙන්සිටිව් නිසා... අයින් කරලම දැන් වැඩිය හැදෙන්නෙ නෑ...

    648x364-Tonsil_Stone_4.jpg

    සෙම් ගෙඩි කපල අයින් කරනව සීන් එක අමාරුම නම්...
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    Mcn mageth enawa. Ekata karanna deyak nedda. Ugure thenakin enne.

    ගෙදර ඉන්න දවසට මචන් උණු වතුර ටිකක් අරන් කටට දාගෙන ඒකම ටික ටික ගිලින්න..එතකොට අරව ගැලවෙනවා..මටත් ඩොක්ටර් කෙනෙක් කිව්වේ..

    නැත්තම් උණු වතුර ලුණු වතුර මික්ස් කරලා උගුර සෝදන්න..ඕක සුව කරන්න බැහැ..ඕව එන්නේ අර උගුරේ දෙපැත්තේ තියෙනවා ටොන්සිල්ස්..සෙම් ගෙඩි හැදුනම එහෙම රිදෙන්නේ..ඒවායේ තියෙන කුහර වලට කෑම කොටස් එකතු වෙලා පල වෙලා.කන්නාඩියකින් බැලුවම පේනවා..

    ඔය දෙක කපල අයින් කරොත් නම් එන්නේ නැහැ..
     
    මං ඉස්සර හිතන් හිටියෙ පෙනහලු කෑලි ගැලවිලා ඒනව කියල :rolleyes:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ

    Mcn mageth enawa. Ekata karanna deyak nedda. Ugure thenakin enne.

    පොල් මුල්,පුවක් මුල්, පිලමුල්,පොල්පලා මුල්, මේ බෙහෙත් තම්බලා උදේට හැමදාම කට හෝදන්න.නින්දට යන්න කලින් ඉරිමේදාදිය තෙල් ටිකක් කටේ දාගන්න.
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo

    දවසට තුන් පාරක් දත් මදින්න.උදේට සහ රෑට මවුත් වොශ් එකකින් කට හෝදන්න.නිකන් ඉන්න වෙලාවට කුරුදු හපන්න.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මන් මස්මාලු කන්න්නෙ නැ ඒක නිස වැඩි අවුලක් නැ
    LISTERINE මවුත් වොස් එක පාවිච්චි කරනව ඒ උනට සුවර් නැනෙ :rofl:
     
    ananthaya123

    Member
    Apr 4, 2017
    43
    6
    0
    නෑ බං ඔ්ව හැදෙන්නේ සෙම් ගෙඩි වල.. මම නම් අතින් අයින් කරනව... මුලදි අමාරුයි.. ඔක්කාරෙට එනව එ් හරිය සෙන්සිටිව් නිසා... අයින් කරලම දැන් වැඩිය හැදෙන්නෙ නෑ...

    648x364-Tonsil_Stone_4.jpg
    ,

    සෙම් ගෙඩි කපල අයින් කරනව සීන් එක අමාරුම නම්...

    Ow mcn math ain karanawa hitiyama. Ook karetaenawa inna be. Oya photi eke wagema ethulen thiyenne bn mageth. Mn amaruwenain karanawa. E mokada bn ahema hedenne