story telling 2

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    ඇදගෙන යන්න තෝ බීලද ? යකෝ බැටරිය ඩේත්.. jump start පාරක් දාන්න වයර් දෙකක් ගෙනාවෙ නැද්ද හරකො :growl: ටිකිර ඇහුව

    දැන් මොකද කරන්නේ කෙල්ලෙකුත් ඇතුලෙ ඉන්නවානේ, යාලුවා කිව්වා. මොකද ඒකිට ඕනි වෙලා තියෙන්නේ යාලුවා ඇහුවා, උඹ පණ්ඩිතයා නොවි ගිහින් හොයාගෙන වරෙං ටිකිරා කිව්වාම යාලුවා ආයේ යන්න ගියා, ඉතින් ටිකිරා ආපහු වාහනේ ඇතුලට ගියා, පොඩි එකා නිදිද ටිකිරා බොරුවට කෙල්ලගෙන් ඇහුවේ කෙල්ල කතාවට අල්ල ගන්න.

    ඔව් නිදි ඔයාගේ නම මොකක්ද කිව්වෙත් නෑ. කෙල්ල කිව්වා, මම ටිකී.. ටිකිරා කිව්වා, ඔයා ?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දැන් මොකද කරන්නේ කෙල්ලෙකුත් ඇතුලෙ ඉන්නවානේ, යාලුවා කිව්වා. මොකද ඒකිට ඕනි වෙලා තියෙන්නේ යාලුවා ඇහුවා, උඹ පණ්ඩිතයා නොවි ගිහින් හොයාගෙන වරෙං ටිකිරා කිව්වාම යාලුවා ආයේ යන්න ගියා, ඉතින් ටිකිරා ආපහු වාහනේ ඇතුලට ගියා, පොඩි එකා නිදිද ටිකිරා බොරුවට කෙල්ලගෙන් ඇහුවේ කෙල්ල කතාවට අල්ල ගන්න.

    ඔව් නිදි ඔයාගේ නම මොකක්ද කිව්වෙත් නෑ. කෙල්ල කිව්වා, මම ටිකී.. ටිකිරා කිව්වා, ඔයා ?

    "මම හසිනි අයියේ..."
    ඇඟේ සිත්ගන්නා සුළු කටහඬ ඔහුට ගෙන ආවේ අමුතුම ආකාරයේ සුන්දර හැඟීමකි.

    "පට්ට කෑල්ලක්... කටහඬ වුනත් අමුතු ගතියක් තියනවා... මෙයා එක්ක බලද්දී ශානිකා හෙම මොක්කුද කියලා හිතෙනවා..."

    ඔහුගේ සිතේ හටගන්නා වූ අමුතුම පෙරළිය ඔහුට පැහැදිලි කළ හැකි මට්ටමේ එකක් නොවීය.‍
    ඈ ඉදිරියේ ඔහුගේ වදන් පවා විනීත වන සෙයකි.

    "ඔයා කොහේද ගියේ...?"

    "අපේ ලොකු අයියා ලෙඩ වෙලා... හොස්පිටල් එකේ... එහේ ගිහින් එනගමන්..."

    "ආහ්... මක් වෙලාද?"

    "අයියට උණ තිබුනා දවස් දෙක තුනක්...
    බේත් ගන්න ගියාම කියලා තිබුනා කෝකටත් නවතින්න කියලා...
    තෑන්ස්ක් ඔයා මට උදව් කළාට... කාර් එකේ ඉඳගන්න දුන්නේ නැත්තං බබා තාම අඬනවා ...
    මට වැඩිය බබාව පුරුදුත් නෑ... ගෙදරින් එනකොට බොන්න දෙන්න හදාගෙන ආව කිරි එකත් ඉවරයි..."

    "ඒ ඇයි?" ඔහු විමසුවේ විශ්මිත හැඟීමකිනි.

    "මොකක්ද අයියේ...?"

    "නෑ, බබාව පුරුදු නෑ කිව්වේ? අම්මා කෙනෙක්ට බබාව පුරුදු නැති වෙන්න බෑනේ?"

    "අනේ මේ මගේ බබා නෙමෙයි අයියේ, අක්කගේ බබා...
    මං අර කිව්වේ ඉස්පිරිතාලේ ඉන්නවා කියලා අපේ අයියා... එයාගේ බබා... අක්කත් මාත් එක්ක හොස්පිටල් ගියා...
    අක්කට බැංකුවට යන්න වුනා අයියට බේත් ගන්න සල්ලි ගන්න...
    බබාටත් අමාරු නිසා මම බබත් එක්ක ආවා..."

    "අහ්... එහෙමද? හරි හුරතල් කොළු පැටියා..."

    "අනේ ඔව් අයියේ... මේකා පොඩි වුනාට හරි දඟයා, හරි පණ්ඩිතයි..."