PS4 එක රිලීස් වෙලා දැන් ගොඩක් කල් නිසා PS4 Pro තියෙද්දි PS4/PS4 Slim එකක් ගන්න එක අපරාදෙ.
PS4 එක රිලීස් වුනේ 2013, PS4 Slim එකේ තියෙන එකම වෙනස නමේ තියෙන විදියටම PS4 (2013) එකට වඩා "Slim" වුන එක විතරයි.
ෆීචර්ස්, ස්පෙක්ස්/පර්ෆෝමන්ස් වෙනසක් නෑ, ඒත් PS4 Pro එක ස්පෙක්ස් වලින් Advance PS4/PS4 Slim එකට වඩා.
කොහොමත් ඊලඟ අවුරුද්දෙ අන්තිම වගේ වෙනකොට අලුත් ජෙනරේශන් PlayStation (hopefully PS5) එක එයි.
AMD එකේ Zen CPU architecture එක දැනටම රිලීස් වෙලා තියෙන්නෙ AMD Radeon Vega GCN එකත් තව මාසෙකින් දෙකකින් රිලීස් කරන නිසා
2018 වගේ වෙද්දි අනිවා අලුත් PS එක එයි.
ඒක නිසා පර්ෆෝමන්ස් වැඩි PS4 Pro එක ගන්න එක හොදයි, නැත්නම් අපරාදෙ සල්ලි.
මොකද PS5 එනකොට ඒකෙ පර්ෆෝමන්ස් ගොඩක් වැඩි නිසා PS5 එක රිලීස් කලාට පස්සෙ එන ගේම්ස් ගොඩක් වෙලාවට PS4 Slim අතඇරල PS4 Pro & PS5 එකට හදයි.