ආයෙමත්_ඇවිදින් - පළමු දිගහැරුම

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ආයෙමත් ඇවිදින් - 6 වැනි දිගහැරුම

    මෙතෙක් කතාව ..

    Part 01
    http://www.elakiri.com/forum/showthread.php?p=18833962#post18833962

    Part 02
    http://www.elakiri.com/forum/showthread.php?t=1693593&page=4

    part 03
    http://www.elakiri.com/forum/showthread.php?p=19819153#post19819153

    part 04
    http://www.elakiri.com/forum/showthread.php?p=20780756#post20780756

    part 05
    http://www.elakiri.com/forum/showthread.php?t=1693593&page=10


    ආයෙමත් ඇවිදින් - 6 වැනි දිගහැරුම


    මා හට ඉදිරියේදී කිරීමට ඇති සියලුම දේ මම එකිනෙක ගලපා බැලුවේ ජීවිතයේ දැනුන තනිකම පාලුව විඳදරා ගනිමින් උවද සමහර මතකයන්ගෙන් මගේ දෙනෙත් බොඳවී ගියේ මටද හොරාවටය. අලුත් රැකියාවක්, අලුත් පිරිසක් සමග සඳුදා සිට මගේ ජීවිතය නැවත ලියවන නිසා මම එයට සූදානම් වූයෙමි. මම මගේ කාමරය අස් කර පිළිවෙල කිරීමට සිතුවේ මගේ අලුත් රැකියාවත් සමග මගේ ජීවිතය කාර්යය බහුල වේ යැයි සිතූ නිසා නමුත් මගේ වැඩ කටයුතු මදකට ප්රමාද වූයේ මා ආදරය කල සමීරාගේ කවි පද පේලි කීපයක් මා අතට හමු වූ නිසාය. එය පරිස්සමට රැගෙන අකුරින් අකුර මා කියෙව්වේ මගේ අතීතයේ මොහොතකට තනිවෙමින්ය. ඇගේ මතකයන් තුල මොහොතකට තනි වෙමින්ය. කාලය මෙතරම්ම නපුරුදයැයි මා මටම කියා ගත්තේ තමත් ඇගේ මතකයන් ගෙන් මගේ සිත සම්පූර්ණයෙන් මුදවා ගැනීමට නොහැකි වූ නිසාවෙනි.

    "පුතේ මොකද මේ .. අසනීපයක්වද්ද"
    "ආ... නැහැ අම්මෙ. සඳුද ඉදන් වැඩනෙ. ඉතින් මම මේ කාමරේ ටිකක් අස් කලා. මහන්සි නිසා ඇලවෙලා හිටියෙ"
    "කවද ඉඳන්ද අම්මට බොරු කියන්න පුරුදු උනේ. මහන්සි නිසාද ඔය ඇස්වල කඳුලු"
    "එහෙම එකක් නැහැ අම්මෙ. ම්ම්ම්ම්ම්ම්.. කාමරය අස්කරද්දි ..."
    "මට උඹව නොතේරෙනව නෙමේ පුතේ. හිත හයියට තියා ගනින්. උඹලට දිනන්න පුලුවන් මයෙපුතේ"


    අම්මා ලඟටවිත් මා සනසා මගේ හිස පිරිමදිනා විට මට දැනුනේ පුදුමාකාර සනීපයකි. සැහැල්ලුවකි. ඇය මගේ කාමරයෙන් නික්ම යන තුරුම මා නිහඬව ඇයට ඇහුන්මක් දුන්නේ ඇගේ වචන මගේ හිත සැනසූ නිසාය. ඇගේ වචන මට දුන් අලුත් බලාපොරොත්තු නිසාය.

    කරුනු කාරනා මේසේ සිදුවෙද්දී මම මගේ ඇලුත් රැකියාවේ වැඩ ආරම්භ කෙරුවෙමි. පළමු දවස් දෙක තුනම ගෙවුනේ මට මගේ රාජකාරිය පිළිබඳව මනා අවබොදයක් ලබා ගැනීම සඳහාය. එය සිතුවාට වඩා තරමක් අපහසු වූයේ ආයතන්යේ තිබූ නීති රීතින් නිසාය. කෙසේ වෙතත් ගෙවී ගිය පළමු සතියේම සියලුම වැඩ කටයුතු පිළිබඳව මනා අවබෝදයක් ලබා ගැනීමට මට හැකි වූයේ මට හමු වූ ඇලුත් මිතුරා වූ ලසිතගේ උදව් උපකාර නිසාය. මගේ ජීවිතටට කිසිම යහලුවෙකුට ඇතුලු වීමට නොදෙනවායැයි සිතුවද ලසිත මට හොඳ මිතුරෙකු වේ යැයි මම සිතුවෙමි. ඔහු ඉතා ප්රිය මනාප පුද්ගලයෙකු වූ අතර අපගේ "ඩේට බේස්", දත්ත කලමනාකරන අංශයේ ප්රබලයෙකු විය.

    මා බලාපොරොත්තු වූවාට වඩා වැඩ රාජකාරි තිබූ නිසා පළමු සතියේම මා නිවසට පැමිනෙන විට රාත්රී නවය පසු විය. එමෙන්ම මට පැවරූ වැඩ මා ඉතා හොඳට නිම කල නිසාද කැපවීමෙන් පළමු දිනයේ සිටම වැඩකටයුතු සිදුක ල නිසාද ආයතනේ සියලුම දෙනාම මා කෙරෙහි පැහදීමක් තිබුනේය. සෙනසුරාදා මා හට නිවාඩු දිනයක් වූ නිසා මා මදක් පමා වෙනකම් නිදා ගත්තේ පසුගිය දවස් කීපයම මා පමා වී නිවසට පැමිනි නිසාය. තවත් පැයක් දෙකක් නිදා ගැනීමට සිතුවද කලකට පසුව මගේ මිතුරා වූ ලහිරුගෙන් ලැබූ දුරකථන ඇමතුම නිසා මම ටවුමට යාමට සූදානම් වූයේ අම්මා සාදා දුන් තේ එකද උගුරට දෙකට හිස් කරමින්ය
    .

    "ලහිරුවා .. කාලෙකින් .."
    "නැතුව නැතුව.. උඹට කොහොමද. අලුත් ජොබ් එක කොහොමද"


    මගේ මිතුරා වූ ලහිරුද ව්යාපාර කටයුතු නිසා හෙම්බත් වි ඇති බව ඔහුගේ කතාවෙන් මම තේරුම් ගත්තෙමි. අප්ගේ ආගිය තොරතුරු, ගයාන්ගේ තොරතුරු, මගේ අලුත් රැකියාවේ තොරතුරු කතා කරමින් අප දෙදෙනාම පළමු විනාඩි හතලිය ගත කලේ ලහිරු විසින් ඇනවුම් කර තිබූ බියර් කෑන් කීපයද හිස් කරන අතර තුරදීය. කාලය කොතරම් වෙනස් වී ඇතිද, කාලය කොතරන්නම් අපේ ජීවිත වෙනස් කර ඇතිති, අපෙන් එකිනෙකා ඈත්කර ඇතිද යන්න මට මෙන්ම ඔහුටද වැටහුනු බව නොඅනුමානය.

    "ඒක නෙමේ .. හදිසියේම උඹ මට එන්න කිව්වෙ ඇයි ලහිරුවා"
    "පොඩි දෙයක් උඹට දෙන්න. උඹ අහිතක් හිතන්න එපා. "
    "අහිතක් හිතන්න හරි නොහිතන්න හරි කියහන්කො බලන්න දැන් උඹ මට දෙන්න යන් දේ"
    "උබට මතකද අපි ගයියගෙ ගෙදර ගෙස්ට් හ්වුස් එකක් කලා"
    "ඔව්.. තාමත් ඔය තියෙන්නෙ ඒක. ඒකෙ මගෙ කොටස තාම මගෙ එකවුන්ට් එකට එනව මම් හිතන්නෙ"
    "තිනුර.. මම ඒක උඹෙ නමට ලිව්වා."
    "මොකක්.. උඹට වෙරිද බොල"
    " නැහැ නැහැ මේ අහපන්කො.. මේක මම අපේ තාත්තත් එක්ක ගත්ත තීරනයක්. මම ඒක ලාස්ට් වීක් එකේ ෆොරින් ගෙස්ට් හ්වුස් එකක් විදිහට හැදුවා. ෆොරිනස්ල අවුලක් නැහැ බන්. මන් ෆොරිනස්ලට උවමනා කරන සියලුම ෆැසිලිටීස් දාල හදල තියෙන්නෙ.උඹට තියෙන්නෙ කරගෙන යන්න. ෆුල් ඉන්කම් එක උඹ ගනින්. උඹේ නන්ගිගෙ වියදමට හරි දීපන්"
    "මොනාද බන් මේ කියන්නෙ ලහිරුවා.. මට ඒක එහෙම ගන්න බැහැ බන්. අනික .."
    "ඕකනෙ ඉතින්.. මේක මගෙන් උඹට තෑග්ගක්. කරන් යමන් බන් කොහොම හරි. ෆොරිනස්ල එන්වනෙ අනික මේ පැත්තට. කීයක් හරි හොයාගන්න පුලුවන් උඹට."
    "ඒත් මචෝ .."
    "උඹ මේක ගන්නම ඕන. උඹල දෙන්න මට කරපුවට මේක මොකද්ද බන්. කරන් යමු මචන්. උඹට ඕන වෙලාවක මට කෝල් එකක් දියන්."
    "තෑන්ක්ස් මචෝ.. "
    "තෑන්ක්ස් ඕනි නෑ බොල. අහ් තව එකක්, ඒකෙ ප්‍රයිවට් රූම් එකක් තියනවා. වෙලාවක සෙට් වෙමු. උඹ පරිස්සමෙන් ඉඳපන්."
    "එල ලහිරුවා."


    ලහිරුගේ පැමිනීම හා ඔහුගේ මේ ක්‍රියාව මට අදහාගත නොහැකි තරම්ය. මා ලහිරු හා යෙදුනු සියලුම කතාබහ අම්මාට පැවසුවේ මගේ මිතුරා වූ ලහිරු මා හට ලබාදුන් සියලුම ලියකියවිලි අම්මාට දෙනගමන්ය. ඇයද එය එකින් එක පරිස්ස්මට පෙරලා බැලුවේ ඇයටද එය අදහා ගත නොහැකි වූ නිසාය.

    මගේ මිතුරා වූ ලහිරුගේ අදහසකට අනුව ගෙස්ට් හසුස් එක ඉක්මනින්ම ආරම්භ කලයුතුව තිබූ නිසා මා අම්මාද සමග එක්ව එයට අවෂ්යය සියලුම වැඩකටයුතු සූදානම් කලේය. පන්සලේ නායක හාමුදුරුවන්ගේද උදව් උපකාර ඇතුව අපට ඉදිරි දින කීපය තුල නැකත් වෙලාවන් කීපය්ක්ද බලා ගැනීමට හැකි වූ අතර අවෂ්‍ය සේවකයන් කීපදෙනෙක්ම නොසුතූ ඉක්මනටම සොයා ගැනීමට හැකි වූයේ නායක හාමදුරුවන්ගේ උදව් උපකාරනිසාය. අප අලුතින් පටන් ගන්නා යන ව්‍යාපාරය නිසාදෝ අම්මාගේ මුහුනේද වෙනදාට වඩා එලියක් වැටී තිබුනේය. කෙසේ නමුත් මගේ නිවාඩු දිනයන් වූ සෙනසුරාදා හා ඉරිදා දිනයන් මටත් හොරාවටම ගෙවී යාම පිළිබඳව මා තුල තිබුනේ තරමක නොරිස්සුම් ගතියකි.

    "දැන් උඹට මේ වැඩ අස්සෙ ගෙස්ට් හසුස් එක කරන් යන්න පුළුවන්නද තිනුර"
    "පිස්සුද ලසියා. මම ඕකට අත ගහන් නැහැ. අපේ අම්ම බලා ගනීවි සේරම වැඩ"
    "ඒක නෙමේ ලසියා මම මේ අහන්න උන්නෙ.. අර මධූ.."
    "ආ.. කොල්ලට හිත ගිහින් වගේ.. අම්මෝ කොහොමද ඇඟ. හැඩතල එහෙම හොඳටම නේද. ට්‍රයි එකක් දීපන්. උඹට බැරි වෙන එකක් නැහැ. අනික දැන් ගෙස්ට් හසුස් එකත් තියනවනෙ"
    "පිස්සුද බොල.. මම මේ ඒක නෙමේ අහන්න ගියෙ. හැබැයි උඹ කිව්ව කතාවනම් ඇත්ත"
    "ඒකනෙ මම කිව්වෙ.. හරි දැන් උඹ මොකද්ද අහන්න ගියෙ"
    "ඇයි ඒකිය අපේ ඩීබී එකට ෆුල් ඇක්සස් තියෙන්නෙ"
    "අහ්.. උඹ කොහොමද දන්නෙ."
    "උඹට ඉතින් ඒක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනි නැහැනෙ ලසිය"
    "හම්ම්ම්ම්.. අපේ ලොක්කගෙ අනුමැතියක් බන්. කොල්ල වැඩ පටන් අරන් වගේ."
    "එහෙම එකක් නැහැ බන්. මන් පොඩි ස්කෑන් එකක් දාල බැලුව ඉතින්"

    මධූ නැමති සරාගී යුවතිය පිළිබඳව බොහෝ දේ මා ලසිතගෙන් දැනගත් අතර ඇයව තරමක් දුරින් තබා ගැනීම සුදුසුම තීරනයක් බව මම සිතා ගත්තෙමි. කෙසේ වෙතත් මා මගේ කාර්ය බහුල ජිවිතය තුල සිර වෙද්දී අලුත් ව්‍යාපාරයේ වැඩකටයුතු අම්මා බලගත් නිසා මා එයින් නිදහස් විය. මගේ රැකියාව කොතරම් කාර්ය බහුල උවද දිනෙන් දින මම අලුත් දෙයක් මගේ දැනුමට එක්කලෙමි. දීනෙන් දින වැඩි වෙන සයිබර් ආක්‍රමණ ප්‍රමානය වැඩි උවද සියලුම වැඩ කටයුතු පිළිවෙලකට කරගැනීමට හැකි වූයේ මගේ අනෙක් කන්ඩායම් සගයන්ගේද මනා කැපකිරීම් නිසාය. වෙලාවකට මේ රාජකාරිය හිසරදයක් වූවද තාක්ෂනය සමග සිටිනා නිසාදෝ මම එයින් තෘප්තියක් ලැබුවෙමි.

    වැඩරාජකාරී අධික වීමත් නිවාඩු නිකේතයේ වැඩ වැඩි වූ නිසාත් මාගේ මිතුරා වූ ගයාන්ව බැලීමට යාමට හා පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ කවි බණක් ඇසීම මගහැරී තිබුනි. සතිඅන්තයේ මා දවවක් වැඩකල නිසා සතිය මැද මට නිවාඩුවක් ලබා ගැනීමට හැකි වූ අතර මම ගයාන්ව බැලීමට යාමට සැරසුනේ අම්මා පිළියෙල කෙරූ කෑම පාර්සලයද සමගය.

    "ගයිය.. කොහොමද බන්.. සමාවෙයන් බන් ලාස්ට් වීක් ආවෙ නැති උනාට උඹව බලන්න. මට ඔෆිස් යන්න උනා බන්"
    "පිස්සුද බන්. මම තරහ නැහැ. මේ බලපන් . කොහොමද ටැටූ එක"


    මගේ මිතුරා වූ ගයාන් එසේ පවසමින් ඔහිගේ අත මට පෙන්නුවේය. එහි "තිනුර" යනුවෙන් ලා නිල් පැහැහෙන් කොටා තිබුනු අතර මා මොහොතකට නිහඬ විය. මගේ හදවත වේගයෙන් ගැසෙනවා මෙන් මට දැනුනු අතර දෙනෙත් කඳුලින් තෙන් වීමට එතරන්ම කාලයක් ගත නොවීය.

    "අඩෝ උඹට දුක හිතුනද බන්. උඹ විතරනෙ බන් මට ඉන්නෙ. ඒකයි මන් .."
    "ගයිය උඹ ඔය මාව අඬවන්න හදන්නෙ."
    "හරි හරි. කොහොමද වැඩ කටයුතු"
    "කරගෙන යනවා බන්. ටිකක් වැඩ වැඩියි බන්"
    "මොකද අර වැඩේ. උඹට ඩීටේල්ස් ටික හම්බුනාද."
    "තාම නැහැ බන්, මට උන් ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරි උනා. මට උන්ගෙ ඩිබී වලට ඇතුලු වෙන්න තාම අපේ ඔෆිස් එකෙන් බැහැ බන්."
    "උඹ කිව්වෙ ලසිත ලියල පොරක් ගැන. බැරිද උගෙන් සප් එකක් ගන්න"
    "ලසිය පව් බන්. අහින්සල මිනිහ. ඌව ඕනි නැහැ බන් මේවට ගාව ගන්න. ඒත් විදිහක් තියනවා.."
    "ඒ කොහොමද"
    "උඹට මතකද මම කිව්ව ඔෆිස් එකේ ඉන්න පට්ට සෙක්සි කෑල්ලක් ගැන"
    "ඔව් ඉතින් .."
    "ඒකිට තියනවා බන් අපේ හැම සිස්ටම් එකකටම ඇඩ්මින් ප්‍රිවිලේජ්"
    "අම්මට.. ඒ කොහොමද බන්. ඒකි වැඩ කාරයද"
    "එහෙමමත් නැහැ ඉතින්. නැත්තෙමත් නැහැ. ඒකි දීල තියන සැප නිසා තමා බන්"
    "එහෙනම් ඉතින් උඹ පන්නපන් ඒකිව."
    "ඔව්.. ඒත් ඒකට ටිකක් කල් ඕන වෙයි බන් මට"
    "උඹ සමීර ගැන හොයල බැලුවෙ නැද්ද.."
    "බැලුව බන්. මන් මුල් දවස් දෙක තුනේම කලේ ඒක. ඒකි කිසිම සෝෂල් සයිට් එකක නැහැ බන්. අනික බැන්ක් එකවූන්ට්, කිසිම එකක් අප්ඩේට් වෙන් නැහැ. තියන කිසිම ක්‍රෙඩිට් කාඩ් එකක් කැන්සල් කරලත් නැහැ, යූස් කරන්නෙත් නැහැ"
    "උඹ ඒ කියන්නෙ සෑහෙන ගේමක් දීල වගේ"
    " ඔව් බන්. උඹේ කෙස් එකට තීන්දුව දෙන්න තව මාස කීයද තියෙන්නෙ. ඊට කලින් "
    "හදිසි වෙන්න එපා බන්. මම නැතත් උඹ ජීවත් වෙලා ඉන්න ඕනි. අනික පරිස්සමෙන් ඉඳපන් මචෝ."
    "මොකද්ද ගයියා ඒ කතාවෙ තේරුම. මම නෙමේ උඹත් ජීවත් වෙලා ඉන්න ඕනි"
    "හරි හරි බන්. උඹයි මමයි දෙන්නම දන්න්වනෙ මට ලැබෙන අන්තිම තීන්දුව මොකද්ද කියලා."
    "හම්ම්ම්ම්.. ඒත්"
    "ඒත් නෙමේ, උඹ පරිස්සමෙන් ඉඳපන්. හීනයක් ගිය දුර නේද බන්. උඹට මතකද සමීරව උඹ හීනෙන් දැලක හිටපු මුල්ම දවස, ඒ කෙල්ල උඹලගෙ ගෙදර ආව දවස. උඹ ගල් ෂෝටක් ගහල උන්නෙ"
    "මොකද නැත්තෙ බන්. මට ඒ හැම දේම මතකයි. මම ඒ කෙල්ලට ගොඩක් ආදරේ කලා බන්. මට ඕන උනේ මගේ මුළු ජීවිතේම ඒ කෙල්ල එක්කම ඉන්න"

    කාලයකට පසු මගේ මිතුරා වූ ගයාන් සමග අතීත මතක්යන් කීපයක කාලය ගතකිරීමට අප දෙදෙනාටම හැකි විය. අප දෙදෙනාටම ඒ මතකයන් කොපමන අමිහීරි උවද කොපමන අප්‍රසන්න උවද ඒ මතකයන් තුල මොහොතක් හොඉ කාලය ගත කිරීමට අප දෙදෙනාම ප්‍රිය කලෙමු. මගේ මිතුරා පැවසූ ආකාරයට හීනයක් අපගේ ජීවිතය වෙනස් කල අයුරු මම නිහඬව කල්පනා කෙරුවෙමි. එක හීනයක හිතුවක්කාරකම් වලට, ඒ දඟකාර යුවතියට මම ආදරේ නොකලානම් යැයි මා සිතූ වාර ගනන අනන්තය, අප්‍රමානය. නමුත් ඒ සියල්ල දැන් වෙනස් කල නොහැක. නොසිතූ නොයෙක් දේ සිදුවී හමාරය. අප ආදරය කල බොහෝ දෙනා අපගෙන් දුරස් වී හමාරය.


    ආයෙමත් ඇවිදින් ඊළඟ මොහොතට ...
    :love::love::love::love::love::love:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    මං උබට මාස ගානකට කලින් මේල් එකක් දැම්ම පොතක් ගැන අහලා. විබාග වැඩ නිසා මේ මාස ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි බං
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    මං උබට මාස ගානකට කලින් මේල් එකක් දැම්ම පොතක් ගැන අහලා. විබාග වැඩ නිසා මේ මාස ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි බං

    Sry ban .. Inbox balahan.. lol
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    උඹත් එක්ක බෑ..:growl::growl:
    මේකේ ඊළඟ කොටස දාන්නේ කවදද??:frown::frown:

    ඉතුරු ටිකත් ඉක්මනට දාපන්..:rolleyes::rolleyes:
    PM එකට Thanks

    hithan hithan danwa danwa.. wesak dwasne .. dansal kanwanee.. itin liyanna wela yanwaneeee .. :D