යූටියුබ් චැනල් සහ සල්ලි

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    යූටියුබ් චැනල් සහ සල්ලි

    සමහර විටර ඔයාල දන්නවා ඇති මම සහා මගේ යාලුවෙක් දැනට මාස 8කට වගේ කලින් යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා myhub.lk කියලා
    කියන්න සතුටුයි දැන් අපිට 12,000කට ආසන්න සබ්ක්‍රයිබර්ස්ල , 650,000+ වීව්ස් තියෙනවා

    ලසන්ත අය්යලා ( යූටියුබ් කරනවා කියල කියන්නෙ ;) ) වගේ අය ඇඩ්සෙන්ස් වලින් ( ඔව් ඔව් ෆයිවර් නෙමේ ඇඩ්සෙන්ස් ) වලින් ගොඩ ගිහින් තියෙන බව ගොඩක් අය දන්න නිසා සල්ලි හොයන්න වගේම අසාවට කරන්නත් යූටියුබ් වෙත දැන් එන බව පේනවා

    ඉතින් දැන් තියෙන ලොකුම දැවෙන ප්‍රශ්නෙ තමා " අඩෝ ඔකෙන් කීයක් හොයනවද බන්, පටන් ගත්තොත් කීයක් හොයන්න පුලුවන්ද බන් " කියන එක

    විස්වාස කරන්න අපි මෙච්චර කල් ඇඩ් දාල හොයල තියෙන්නෙ ඩොලර් 69 සත 60යි. වීව්ස් 650,000කට

    " එහෙනම් මොන මගුලක්ද? "

    හරි හරි ඉතින්, එහෙම හිතන්න එපා, ඔයාල දන්නවා ඇතිනෙ ඔය පුදුම ලෝකය, අරුම ලෝකය ගගා චැනල් තියෙන්නෙ ගොසිප් ටයිප් නිවුස්, "මුනෙ කෝමාරිකා ගාල පිටේ ගම්මිරිස් ගාල උස යමු" වගේ එව කියන චැනල්, අන්න සල්ලි, සබ්ස් 80-90,000+, මාසෙට 100,000+ ඉන්කම් ( ඔව් ඔව් ලක්ශෙ )

    "හරි දැන් මොකක්ද කරන්න කියන්නෙ"

    මේකයි, අපිට තේරුන දේ තමා යුටියුබ් එකේ ඩීසන්ට් වෙලා සල්ලි හොයන්න බෑ, එක්කො පච විකුනන්න වෙනවා එක්කො ගොසිප් විකුනන්න වෙනවා එහෙමත් නැත්නම් චනුක්ස් වගේ සබ්ස් 100,000ක් විතර ගන්න වෙනවා..අන්න එතකොට ඉන්කම් එක 100,000+, ඒ වගේම ස්පොන්සර්ස්ලා හොයගන්න පුලුවන් නම් ටෙක්ට්‍රැක්ශෝ එකේ මලින්ද අය්යා වගේ ඒත් හරි ( මලින්ද අය්ය කියන්නෙ පර්සනලි මන් ආසම කෙනෙක්, මාර දැනුමක් තියෙන කෙනෙක් )

    තව හිටියා හින්දි, ටැමිල් ෆිල්ම් අප්ලෝඩ් කරන මල්ලි කෙනෙක්, එයත් මාසෙට 100,000 වගේ හෙව්වා හැබැයි කොපිරයිට් සීන් ආපු ගමන් ජබොක් ගාල ලිඳේ

    හරි දැන් ඔයාලටත් යූටියුබ් එකෙන් සල්ලි හොයන්න ඕනි නම් කරන්න තියෙන්නෙ ( මට තේරෙන විදිහට ) මේකයි

    1.චනුක්ස් වගේ ඩයල් එකක් වෙන එක ( elakiri එකෙ ගොඩක් අය මෙයා එක්ක තරහයි කියල දන්නවා, මොනව උනත් එයා මෙයා අනිත් යූටියුබර්ස් ලා එක්ක බලනකොට ලොකු ලීඩ් එකක් තියල ඉස්සරහින් ඉන්නෙ, ඒ වගේම සින්හ්ලෙන් ටෙක් සම්බන්ද දේවල් උගන්නලා සැලකියයුතු ගානක් හම්බ කරන එකම කෙනා මෙයා නිසයි ඩයල් එකක් කිව්වෙ) ( ලොකු සබ් ප්‍රමානයක් ) - වැඩේ ගොඩාක් අමාරුයි, ගොඩක් වෙලාවට ෆුල් ටයිම් බහින්න වෙයි

    2.මලින්ද වගේ හයි කොලිටි ( වීඩියෝ එක වගේම අන්තර්ගතයත් ) තියෙන චැනල් එකක් රන් කරලා ස්පොන්සර්ස් ල ගන්න එක - ලොකු දැනුමක්, හොඳ කැමරාවක් වගේ ඕනි

    3.ජනයි ප්‍රියයි වගේ කොමඩි කරන එක - ෆේස්බුක් එකෙ ශෙයා වෙන නිසා පේජ් වලට අප්ලෝඩ් වෙලා යූටියුබ් හරහ බලන ප්‍රමානය අඩුයි ඒත් දක්ශ කම තියේ නම් හරි, ඒතනින් එහාට ටීවී ඇඩ්ස් හෝ ස්පොන්සර්ස් ලා ගලාගෙන එනවා

    4.ගොසිප්, කෝමාරිකා කාල සුදු වෙන හැටි වගේ චැනල් එකක් කරලා හෝ ගාල ස්පෑම් කරල හරි ඇඩ්ස් දාල හරි ගොඩ යන එක - මේකට ලොකුම වෙලාවක් ඕනි නෑ, ඔනි නම් පිට රට චැනල් එකක් කොපි කරා සින්හලෙන් ගැහුවා මාකට් කලා

    5.ලයන්කොල්ල, භානූබ් වගේ ඉන්ග්‍රිසියෙන් ගේම් වීඩියෝ දාන එක - මම දැනුවත්ව දෙන්නම ලක්ශෙට වඩා හොයනවා මාසෙට

    6.ගප්පියා වගේ ශර්ට් හෙම විකුනල, තමන්ගේ ස්ටෝ එකක් ඇරලා ඒකෙන් ඉන්කම් ගන්න පුලුවන් ( අපිත් පොඩ්ඩ පොඩ්ඩ එන්ටර් වෙන ගමන් ඉන්නෙ hobbyshop.lk කියල එකක් හරහා, කස්ටම් මේඩ් ක්වඩ්කොපටර් , සෙකන් හෑන්ඩ් කම්පියුටර් පාට්ස් වගේ ඔන්ලයින් මාකට් එකේ ලන්කාවෙ වැඩිය නැති එව තමා තියෙන්නෙ තාම සයිට් එක 100% ඉවර නෑ හැබැයි එන ඔඩර්ස් බාරගන්නවා හොහ් හොහ් )


    නැත්නම් අපි වගේ හෙමින් සැරෙ ඖඩියන්ස් එකක් හදාගෙන සල්ලිම ටාගට් එක නැතුව ( සල්ලිත් ඕනි නෑ කියනව නම් ඉතින් රහත් වෙල තියෙන්න ඕනිනෙ ) ෆ්‍රීටයිම් එකේ , අලුතෙන් කට්ටිය අඳුනගෙන කරගෙන ගියෑකි

    ඕක තමා ඉතින් යූටියුබ් ඉන්කම් එක ගැන තියන්න තියෙන්නෙ, ඕනිකම තියේ නම් අනිවා ගොඩ යන්න පුලුවන් සයිඩ් එකක්, ඉන්කම් එක වගේම රෙපියුටෙශන් එක පැත්තෙන් ( ගූගල් අයි ඕ එකට ගියා මෙන්න බොලෙ පොඩි උන් අය්යෙ සෙල්ෆි එකක් ගමුකො ගගා එනවා විනඩි 10න් 10ට, කවුද හිතුවෙ චැනල් එකක් නිසා මෙහෙම වෙයි කියලා, චනුක්ස් ( චනුක්ස් බ්‍රො ) , මලින්ද (ටෙක් ට්‍රැක් ශෝ) , සම්පත් ( වීඩියෝ කතා) වගේ අය පර්සනලි අඳුනගන්න පුලුවන් වෙයි කියලා,

    Kpv9QgA.png


    මෙච්චර ඇක්ටිව් ෆෑන් බෙස් එකක් හම්බෙයි කියලා ( ඒක නම් මාර එකක් පොලිම් වල ඉන්නකොට හොරෙන් ආ අර ඉන්නෙ මය්හබ් එකේ අය්ය නේද කියල ඇහෙනකොට, එලියෙ ඉඳන් ඉන්නකොට කට්ටිය අඳුනගෙන හැරි හැරි බල බල ගීක් කොල්ලො තමන්ගෙ කෙල්ලන්ට පෙන්නල කොඳුර කොඳුර යනකොට, කට්ටිය ඇවිත් අතට අත දීල සෙල්ෆි ගහනකොට සල්ලි හම්බුනේ නැතත් ඒ හැඟිම මිල කරන්න බෑ )
    /// p.s. - ලොකු පොරවල් කියලා කියාගත්ත හෙම නෙමේ, ගූගල් අයි ඕ එකට ඉතින් එන්නෙ ඉස්කොලෙ යන පොඩි අයනෙ, එයාල ඉතින් මෙව බලල අපිට දැන් කැමතියි ඒකයි සීන්ස් එක ///
    ඒ නිසා ඔයාලත් පුලුවන් නම් පටන් ගන්න, තාම කල් තියෙනවා
    සල්ලි ඕනි නම් සල්ලි , එහෙමත් නැත්නම් රෙපියුටෙශන් එක, කමෙන්ට්ස් ලයික්ස් වීව්ස් දකිද්දි එන සතුට මාරම එකක්..ඔයාලත් ට්‍රයි කරන්න , දැන්නෙ නැති එකක් තියෙ නම් අහන්න ලොකු පොරවල් නොවුනත් දන්න ඕනි එකක් කියල දෙන්නම්

    එහෙනම්, ජය වෙවා
    ආයෙ තව ගොඩ යන හැටි ගැන නූලකින් ( ක්‍රිප්ටෝ ගැන දාන්න ඉන්නවා ) හම්බෙමු

    මගේ වෙන ට්‍රෙඩ්ස්

    රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස
    දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)


    දියුනු වෙන හැටි II - computer shop

    දියුනු වෙන හැටි - 3
    දියුනු වෙන හැටි - 4
    සිංහලුන්ට බිස්නස් ට්‍රික්ස්
    තව ත්‍රෙඩ්ස්

    චැනල් එකේ වීඩියෝ ටිකක්

    මේ වගේ ගේම් ප්ලේ වීඩියෝ


    business


    වාහන ගැන එකක් කලා, පලවෙනි එක නම් කුකුල් වීඩියෝ එකක් උනා හොඳ එකක් ඉස්සරහ ගේන්නම්


    ආර්ඩියුනෝ


    ටෙක්නොලොජි
    https://www.youtube.com/playlist?list=PLZatEASB3FSLCPwxRimJo-yVpcMyXqPO3

    Build
    https://www.youtube.com/playlist?list=PLZatEASB3FSLJccW8VUud_7H0Eyl8_rcy

    ඩිබන්කින්ග්
    https://www.youtube.com/playlist?list=PLZatEASB3FSI2QIXU0ZzIQ87Zilr-nWih

    dubbing


    තව ගොඩක් මාතෘකා තියෙ ගිහින් බලන්න

    :lol:

    p.s. - මම 2010 දි ඉස්සෙල්ලාම මේ වගේ වීඩියෝ කරන්න ගත්තෙ, වීඩියෝ 3ක් යූටියුබ් දාල පස්සෙ අන්පබ්ලිශ් කලා
    පස්සෙ 2016 තමා ආයෙ හිතුනෙ මලින්ද, චනුක්ස්ල දැකලා අපරාදෙ කියලා
    ඉතින් ආයෙ මුල ඉඳන් කරා, කියන්න ඕනි උනේ ඕනිකම තියේ නම් කිසි දේකට පරක්කු නෑ..ගොඩ යන්න බැරිත් නෑ

     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Bump
    ඔයාගෙ video ගොඩක් හොඳයි english වලින් කරා නම් හොඳ income එකකුත් එක්ක ලොකු sub ටිකක් ගන්න තිබුණා.
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    kawda BN chanux kiyanne... Namanam ahala purufui wage....

    Free දෙන වැනිලා forum script එක අරන් තමන්ම හැදුවා කියලා රගපු,සයිට් එක හොස්ට් කරලා තියෙන්නේ තමන්ගේ ලැප් එකේ කියලා රගපු,linux,unix,hacking දන්නවා කියලා පෙන්නන පත බූක් background එකේ තියලා ෆොටෝ ගහලා school යන පොඩි කොල්ලෝ කුරුට්ටු අන්දපු,ෆෝරම් එකේ බාල service promote කරන්න දීලා service එක උන්ගෙන් සල්ලි ගත්ත හෙනම චාටර්ම ඩයල් එකක් :lol::lol:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Free දෙන වැනිලා forum script එක අරන් තමන්ම හැදුවා කියලා රගපු,සයිට් එක හොස්ට් කරලා තියෙන්නේ තමන්ගේ ලැප් එකේ කියලා රගපු,linux,unix,hacking දන්නවා කියලා පෙන්නන පත බූක් background එකේ තියලා ෆොටෝ ගහලා school යන පොඩි කොල්ලෝ කුරුට්ටු අන්දපු,ෆෝරම් එකේ බාල service promote කරන්න දීලා service එක උන්ගෙන් සල්ලි ගත්ත හෙනම චාටර්ම ඩයල් එකක් :lol::lol:

    hari ban. eth ada u 100K+ subs thiyana channel ekaka owner kenek.
    podi kale hujja wada kalata miniha ada thanaka innawane :rolleyes:
    anna e wenasata api garu karanna ona. nadda ha :rolleyes:
     
    • Like
    Reactions: MoneyHelper

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Free දෙන වැනිලා forum script එක අරන් තමන්ම හැදුවා කියලා රගපු,සයිට් එක හොස්ට් කරලා තියෙන්නේ තමන්ගේ ලැප් එකේ කියලා රගපු,linux,unix,hacking දන්නවා කියලා පෙන්නන පත බූක් background එකේ තියලා ෆොටෝ ගහලා school යන පොඩි කොල්ලෝ කුරුට්ටු අන්දපු,ෆෝරම් එකේ බාල service promote කරන්න දීලා service එක උන්ගෙන් සල්ලි ගත්ත හෙනම චාටර්ම ඩයල් එකක් :lol::lol:

    උඹත් අහුවුණා නේද ?:baffled::rofl:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    hari ban. eth ada u 100K+ subs thiyana channel ekaka owner kenek.
    podi kale hujja wada kalata miniha ada thanaka innawane :rolleyes:
    anna e wenasata api garu karanna ona. nadda ha :rolleyes:

    උබ channel එකේ video නිකමට වත් බලලා තියේද?

    මුලින් උ ගප්පියට බනිනවා... :lol::lol:
    ගප්පියා T-shirt එකක් එව්වා ගමන් මෙන්න උගේ ගුණ කියනවා :dull::dull:

    දෙකයි පනහේ ඩයල් එකක්...බොරුවෙන්ම ගොඩ යන්න බලන :angry:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    උබ channel එකේ video නිකමට වත් බලලා තියේද?

    මුලින් උ ගප්පියට බනිනවා... :lol::lol:
    ගප්පියා T-shirt එකක් එව්වා ගමන් මෙන්න උගේ ගුණ කියනවා :dull::dull:

    දෙකයි පනහේ ඩයල් එකක්...බොරුවෙන්ම ගොඩ යන්න බලන :angry:

    mama nam balanne na ban.
    iporn red ekai samsun s8 video ekaida koheda baluwa. :rolleyes: