වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්&

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්&



පාලි ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීමේදී අනිච්ච යන පාලි වචනය අනිත්‍ය ලෙසින් මනාව සිංහලට පරිවර්තනය කර තිබෙනවා. එම පරිවර්තනය නොගැළපෙන පරිවර්තනයක් යැයි පවසන වලස්මුල්ලේ අභය හිමි එසේ පැවසීමට හේතු ගෙන ගෙන හැර දැක්වීමේදී සූත්‍ර ආදිය වැරදි ලෙසින් අර්ථ ගන්වනවා. "නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම" යන ලිපියේ වලස්මුල්ලේ අභය හිමිගේ එබඳු වරදවා ගැනීමක් ගැන විස්තර දැක්වෙනවා. ඊටම අදාල පැහැදිලි කිරීමක් ත්‍රිකෝණය ඇසුරෙන් දැක්වීමට ගොස් වලස්මුල්ලේ අභය හිමි ත්‍රිකෝණය ගැන කරුණුද වරදවා ගන්නා ලද ආකාරය ගැන විස්තර මෙම ලිපියෙන් දැක්වෙනවා.


ඉහත වීඩියෝවේ පැය 1යි, විනාඩි 42න් පමණ ඉදිරියට විනාඩි 12ක පමණ කාලයක මෙබඳු සාකච්ඡාවක් සිදුවෙනවා දැකිය හැකියි:


අභය හිමි:
ත්‍රිකෝණයකට පාද කීයද? වෙනස් වෙනවද? පාද හතරෙ ත්‍රිකෝණ දැකපු කෙනෙක් අත උස්සන්න බලන්න. නෑනෙ කවුරුවත්. ඉතින් ත්‍රිකෝණයට පාද තුනයි කියන එක වෙනස් වෙනවද කවදාවත්? ඉතින් සියල්ල වෙනස් වෙනවා කිව්වනං සියල්ල වෙනස් වෙන්න එපැයි. ඉතින් වෙනස් වෙන්නෑනෙ ඔව්වා.
...
ත්‍රිකෝණයක පාද තුනක් යන්න පහක් වෙච්ච වෙලාවක් තියෙනවද කොහෙවත්? ඉතින් වෙනස් වෙන්නේ නෑනෙ සංකල්ප කවදාවත්? සංකල්ප ගත්තොත් සංකල්ප වෙනස් වෙන්නෙත් නෑනෙ. සංකල්ප වෙනස් වෙලා වෙනස් කරපු තැනක් තියෙනවද කොහෙ හරි? මං අහන්නෙ මේ සියල්ල වෙනස් වෙනවා කියන සංකල්පයත් එක්ක පරස්පරයි කියලා මේක කියන්නෙ.

කිව්වෙ එකක්, පරිවර්තන දෝසෙ මේ තියෙන්නේ. බුද්ධ දේශනාවෙ නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ. පරිවර්තන දෝෂෙ මේ තියෙන්නෙ. සියල්ලෙන් කැමැත්ත ඉෂ්ඨ කරන්නෑ කිව්වම පස්සෙ මේක සියල්ල ස්ථිර නෑ කියලා. ඉතින් ඒ ඒ පරිවර්තනය බුදුහාමුදුරුවො නෙවෙයි. ...
...

දහම් අසන මහත්මයෙක් (1):
... ත්‍රිකෝණෙ ස්ථිර නෑ. ත්‍රිකෝණෙ කැඩෙන්න පුළුවන්. නමුත් ත්‍රිකෝණෙ පැති තුනක් තියෙන එක සත්‍යතාවයක්. මෙතන මං හිතන්නෙ මේකයි වෙනස.

අභය හිමි:
ඔව් ඒක තමයි දැන්... දැන් මං අහන්නෙ මේ සියල්ල ස්ථිර නෑ කියනව, වෙනස් වෙනවා කියනවානේ. [දැං ඔන්න මෙන්න?] ත්‍රිකෝණයකට පාද තුනක් තියෙනවා කියලා එකක් තියෙනවානේ. දැං ඕක වෙනස් වෙලා තියෙනවද කවදාවත්?
...
ඉතින් ඒකනෙ දැං, ඒක වෙනස් වෙන්නෙ නෑනෙ ඉතින්. ඉතින් ඒක තමයි, ඒක ඒක සියල්ල අනිත්‍ය නං ඒකත් වෙනස් වෙන්න එපායැ. දැං වෙනස් වෙලා නෑනෙ. දැං මේ දෙක පරස්පරයි කියලා කියන්නේ.
...

දහම් අසන මහත්මයෙක් (2):
Triangle එකක කෝණ වල එකතුව එකසිය අසූවයිනෙ. අපි දැං තහඩු වලින් හදනවා මේ Triangle එකක්. [හදලා තියෙද්දි?] මොකක් හරි හේතුවක් නිසා බස් එකකියන් ඇවිල්ලා හැප්පෙනවා. හැප්පුනාම අටපට්ටං වෙනවා. එතකොට අර කෝණ වෙනස් වෙලානෙ...ම... ඒක වෙනස් වෙනවනේ දැං.

අභය හිමි:
එතකොට ත්‍රිකෝණයක් නෙවෙයිනෙ ඒක ඉතිං. එතකොට ඒක ත්‍රිකෝණයක් නෙවෙයිනෙ ඊට පස්සෙ. එතකොට ඒක අටපට්ටමක්.

දහම් අසන මහත්මයෙක් (2):
... නෑ, නෑ, විහිළු නෙවෙයි, ගන්න පොඩ්ඩක් ඒක. මම පොයින්ට් එකක් ගේන්නෙ.

අභය හිමි:
එතකොට ඒක ත්‍රිකෝණයක් නෙමෙයිනෙ මහත්තයා, ඒක අටපට්ටමක්නෙ.

දහම් අසන මහත්මයෙක් (2):
එතකොට අටපට්ටමක් උනේ ත්‍රිකෝණෙ. එහෙම ගත්තොත්?

අභය හිමි:
නෑ මේ කිව්වෙ එකක්. ...
...

දහම් අසන මහත්මයෙක් (2):
... ඒක වෙනස් උනානෙ. කොහොම හරි වෙනස් උනානෙ කියන එක ගැන....
...

අභය හිමි:
... මං කිව්වෙ ත්‍රිකෝණ වෙනස් වෙන්නෙ නෑ කියලා නෙවෙයි මං කිව්වෙ, ත්‍රිකෝණයේ පාද තුනයි කියන එක හතරක් වෙච්ච අවස්ථා නෑ කියලා කියන්නෙ. අන්න ඒක, ඒක ස්ථිරයි හැමදාම.
...

අභය හිමි:
... සියළු දේවල්... සියල්ල කියන්නෙ all. all කිව්වම all වලින් පිට තව එකක් තියෙනවාද? ඒ ඩබල් එල්, all කියලා එකක් කියනවානේ ඉංග්‍රීසි වල. ඒක තේරෙනවානෙ? all වලින් පිට තව මොකක් හරි තියෙනවාද? ඒ ඩබල් එල්. ඉතින් all කියන්නෙ all නිසානෙ. all කියන්නෙ සබ්බ. ...
...

දහම් අසන මහත්මයෙක් (1):
[ ශබ්දය අපැහැදිලියි. අනිච්ච සූත්‍රය කියවා සබ්බ යන්න සහ ත්‍රිකෝණය ගැන කියයි. ]

අභය හිමි:
ත්‍රිකෝණයත් අයිතියි මහත්තයෝ. මොකද ඇහැයි, රූපයි, චක්කු විඤ්ඤාණයි, කනයි, සද්දයි, සෝත විඤ්ඤාණයි, දහ අට පොළක් තියෙනවානේ පංචස්කන්ධය කියලා. ඒ පංචස්කන්ධයට මේ ලෝකෙ සියල්ල අයිතියි.
...

දහම් අසන මහත්මයෙක් (1):
[ ශබ්දය අපැහැදිලියි. ]

අභය හිමි:
ඒක තමයි දැං. රූපෙ තියෙනවානේ. ත්‍රිකෝණෙ රූපෙට අයිතියි. ...
...

දහම් අසන මහත්මයෙක් (1):
[ ශබ්දය අපැහැදිලියි. ]

අභය හිමි:
දැං සබ්බ කියන එක detail කරලා තියෙනවා දහ අට පොළක්. දහ අට පොළනෙ තියෙන්නෙ....
...
... සබ්බ කියන එකට අර ඔක්කොම අයිතියි. ...
...

එම සාකච්ඡාවේදී වලස්මුල්ලේ අභය හිමි ත්‍රිකෝණයේ වෙනස් නොවන බවක් ගැන පවසනවා දැකිය හැකියි. දහම් ඇසීමට පැමිණි මහත්වරුන් දෙදෙනෙක් වෙනස් අදහස්ද දක්වනවා දැකිය හැකියි. මෙම සාකච්ඡාවේ පැවසෙන කරුණු කෙසේ නම් නිවැරදිව වටහා ගත යුතුද? කවරෙක් නම් මෙතැන නිවැරදි දෑ පැවසුවාද?

ත්‍රිකෝණය වෙනස් නොවේ යැයි කීම නිවැරදියි. ත්‍රිකෝණය වෙනස් වේ යැයි කීමත් නිවැරදියි. ඒ ඒ කරුණ නිවැරදිව වටහා ගැනීමට නම් කවර අර්ථයකින් ත්‍රිකෝණය වෙනස් නොවේ යැයි කිව හැකිද යන්නත්, කවර අර්ථයකින් ත්‍රිකෝණය වෙනස් වේ යැයි කිව හැකිද යන්නත්, සම්මතයේ වචන භාවිතා වන ආකාරය ගැනත් දැන ගන්න උවමනායි.

ත්‍රිකෝණය වෙනස් නොවන්නේ කෙසේද? ත්‍රිකෝණයක ත්‍රිකෝණ ස්වභාවය වෙනස් වන්නෙ නැහැ. පනවන්නෙක් "මෙය ත්‍රිකෝණය" යැයි ඇද නැති පාද තුනක් ඇති සංවෘත හැඩයක් ත්‍රිකෝණය යැයි පනවන ලද නම් නම් එසේ පාද තුනක් ඇති බව ත්‍රිකෝණයේ ස්වභාවයක් දක්වනවා. පාද ඇද නැති බව ත්‍රිකෝණයේ තවත් ස්වභාවයක්. සංවෘත හැඩයක් ඇති ලෙස පාද පිහිටා ඇති බව ත්‍රිකෝණයේ තවත් ස්වභාවයක්. ත්‍රිකෝණයේ පැනවීමට අනුව එම ස්වභාවයන් වෙනස් වන්නේ නැහැ. ඒ නිසා එපරිද්දෙන් ගත් විට ත්‍රිකෝණය වෙනස් නොවේ යැයි කීම නිවැරදියි.

ත්‍රිකෝණය වෙනස් විය හැක්කේ කෙසේද? ඉහත සඳහන් කළ පරිදි "මෙය ත්‍රිකෝණය" යැයි ත්‍රිකෝණයේ පැනවීමක් කලත් එම පැනවීම ත්‍රිකෝණාකාර වස්තුවක් නොවේ. ත්‍රිකෝණාකාර වස්තු නිත්‍ය නැහැ, අනිත්‍යයි. ත්‍රිකෝණාකාර වස්තුවකටත් ත්‍රිකෝණය යැයි කීමට මිනිසුන් පුරුදු වී සිටිනවා. ඒ නිසා එපරිද්දෙන් ගත් විට ත්‍රිකෝණය වෙනස් වෙනවා යැයි කීම නිවැරදියි. එම අර්ථයෙන් ත්‍රිකෝණය අනිත්‍යයි.

"මෙය ත්‍රිකෝණය" යැයි පනවන ලද ත්‍රිකෝණය ඇසත් නොවේ, රූපයකුත් නොවේ, කනත් නොවේ, ශබ්දයකුත් නොවේ, නාසයත් නොවේ, ගන්ධයකුත් නොවේ, දිවත් නොවේ, රසයකුත් නොවේ, කයත් නොවේ, පොට්ඨබ්බයකුත් නොවේ, මනසත් නොවේ, ධර්මයකුත් නොවේ. ඒ නිසා සබ්බ සූත්‍රයට අනුව විමසීමේදී එම ත්‍රිකෝණය "සියල්ල" යන්නට අයිති නැහැ. ඒ නිසා එම වෙනස් නොවන ත්‍රිකෝණය "සියල්ල අනිත්‍යයි" ලෙස කීමට අදාළ වන්නේ නැහැ. එලෙසම "ත්‍රිකෝණයට පාද තුනක් ඇත" යන්න ඇසත් නොවේ, රූපයකුත් නොවේ, කනත් නොවේ, ශබ්දයකුත් නොවේ, නාසයත් නොවේ, ගන්ධයකුත් නොවේ, දිවත් නොවේ, රසයකුත් නොවේ, කයත් නොවේ, පොට්ඨබ්බයකුත් නොවේ, මනසත් නොවේ, ධර්මයකුත් නොවේ. ඒ නිසා "ත්‍රිකෝණයට පාද තුනක් ඇත" යන්න "සියල්ල" යන්නට අයිති නැහැ. ඒ නිසා "ත්‍රිකෝණයට පාද තුනක් ඇත" යන්න "සියල්ල අනිත්‍යයි" ලෙස කීමට අදාළ වන්නේ නැහැ.

ත්‍රිකෝණාකාර වස්තුවක් ගත් විට එය රූපයක්. ඒ නිසා සබ්බ සූත්‍රයට අනුව විමසීමේදී එම ත්‍රිකෝණය "සියල්ල" යන්නට අයිතියි. ඒ නිසා එම වෙනස් වන ත්‍රිකෝණය "සියල්ල අනිත්‍යයි" කීමට අදාළයි.

පෙර දක්වන ලද සාකච්ඡාවේදී වලස්මුල්ලේ අභය හිමි ත්‍රිකෝණයේ වෙනස් නොවන ස්වභාවය ගැන බහුල ලෙස පවසන ලද බව දැකිය හැකියි. වෙනස් නොවන ත්‍රිකෝණය ඇසට පෙනෙන රූපයක් නොවෙයි. එම ත්‍රිකෝණය අරභයා "ත්‍රිකෝණෙ රූපෙට අයිතියි" යැයි පවසන්න බැහැ. එම ත්‍රිකෝණය සියල්ලට අයිති නැහැ. "ත්‍රිකෝණයට පාද තුනක් ඇත" යන්නත් සියල්ලට අයිති නැහැ. ඒ නිසා එම ත්‍රිකෝණය හෝ "ත්‍රිකෝණයට පාද තුනක් ඇත" යන්න "සියල්ල අනිත්‍යයි" කීම මනා අර්ථ ඇති පරිවර්තනයක් වේද හෝ නොවේද යන්න පරික්ෂා කර බැලීමට භාවිතා කළ නොහැකියි. වලස්මුල්ලේ අභය හිමි එබඳු පරික්ෂණයක් කරන ලද නම් එහිදී වලස්මුල්ලේ අභය හිමිගේ වරද දැක්වෙනවා.

"ත්‍රිකෝණෙ රූපෙට අයිතියි" යන්නෙන් වලස්මුල්ලේ අභය හිමි අදහස් කරන ලද්දේ ත්‍රිකෝණාකාර වස්තුවක් නම් "ත්‍රිකෝණෙ රූපෙට අයිතියි" යැයි කීම නිවැරදි ප්‍රකාශයක්. එම ත්‍රිකෝණය සියල්ලට අයිතියි. ඒ නිසා එම ත්‍රිකෝණය "සියල්ල අනිත්‍යයි" කීම මනා අර්ථ ඇති පරිවර්තනයක් වේද හෝ නොවේද යන්න පරික්ෂා කර බැලීමට භාවිතා කළ හැකියි. ත්‍රිකෝණයද සැබැවින්ම අනිත්‍ය බැවින් එසේ ගත් විට "සියල්ල අනිත්‍යයි" කීම මනා අර්ථ ඇති පරිවර්තනයක් බව ඔප්පු වන නිසා එහිදීත් වලස්මුල්ලේ අභය හිමිගේ වරදම දැක්වෙනවා.

එම දහම් සාකච්ඡාවේදී වලස්මුල්ලේ අභය හිමිගේ වැරදි වැටහීම විද්‍යාමාන වනවා මිස "සබ්බං අනිච්චං" යන්න "සියල්ල අනිත්‍යයි" ලෙස ත්‍රිපිටකයේ සිංහලට පරිවර්තනය කර තිබීමේ වරදක් විද්‍යාමාන වන්නේ නැහැ. "සබ්බං අනිච්චං" යන්න "සියල්ල අනිත්‍යයි" ලෙස සිංහලට පරිවර්තනය කර තිබීම මනා පරිවර්තනයක්.

දහම් අසන එක් මහත්මයෙක් තහඩු වලින් සාදන ලද ත්‍රිකෝණයක් බසයක් හැපීමෙන් අටපට්‍ටම් විය හැකි බව, අටපට්ටම් වූයේ ත්‍රිකෝණයම යැයි ගත හැකි බව ගැන විමසනවා. එහිදී පිරිස තුල සිනහවක් පැතිරුනත් ඒ මහත්මයා පවසන ලද එම කාරණු නිවැරදියි. අටපට්‍ටම් වූයේ ත්‍රිකෝණයම තමයි. එහිදී ත්‍රිකෝණයේ අනිත්‍ය බව දැක්වෙනවා. තවද "සියල්ල අනිත්‍යයි" යන්න දැක්වීමට එය මනා උදාහරණයක්.

දහම් අසන තවත් මහත්මයෙක් "ත්‍රිකෝණෙ ස්ථිර නෑ. ත්‍රිකෝණෙ කැඩෙන්න පුළුවන්. නමුත් ත්‍රිකෝණෙ පැති තුනක් තියෙන එක සත්‍යතාවයක්. මෙතන මං හිතන්නෙ මේකයි වෙනස." ආදී ලෙස පවසනවා. ඒ මහත්මයා අනිච්ච සූත්‍රය කියවන අයුරුත් ඇසෙනවා. ඒ මහත්මයා ධර්මය තේරුම් ගන්න අපහසු අයෙකු යැයි හැඟවෙන පරිදි වලස්මුල්ලේ අභය හිමි යම් යම් දෑ පවසන ලද බවකුත් පෙනෙනවා. ත්‍රිකෝණය වෙනස් විය හැකි බවත්, යම් ආකාරයකට ත්‍රිකෝණය වෙනස් නොවිය හැකි බවත් ගැන ඒ මහත්මයා මනා අදහස් දක්වන බව වීඩියෝවේ දැක්වෙනවා. වලස්මුල්ලේ අභය හිමි පවසන අධර්ම කරුණු ගැන ඒ මහත්මයා මනාවම සැක ඇති කර ගෙන බව පෙනෙන්න තිබෙනවා. ඒ කරුණින් ඒ මහත්මයා නුවනැත්තෙකු බවයි පෙනෙන්නේ, තියුණුව දහම් විමසා නිවැරදිව ධර්මය තේරුම් ගන්න වැඩි හැකියාවක් ඇති අයෙකු බවයි පෙනෙන්නේ. වලස්මුල්ලේ අභය හිමි පවසන ලද අධර්ම කරුණු වලට එහි රැස්ව සිටි අන් බොහෝ දෙනෙක් පහසුවෙන්ම රැවටුණු බවයි වීඩියෝවට අනුව ගම්‍ය වන්නේ.

"අනිච්ච දුක්ඛ අනත්ත" යන පාලි වදන් "අනිත්‍ය දුක්ඛ අනාත්ම" ලෙස සිංහලට පරිවර්තනය කර තිබීම මනා පරිවර්තනයක්. එහි ඇති විකෘතියක් නැහැ. "අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු විකෘතියකි" යැයි දැක්වීම සහ "අනාත්ම යනු මිත්‍යා දෘෂ්ටියක්" යැයි දැක්වීම වලස්මුල්ලේ අභය හිමි විසින්ම ඇති කරනා විකෘතීන්.


LINK
 

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,122
    7,137
    113
    Back Bay-Beacon Hill, Boston
    මෙතන අභය හිමි කියන්නෙ සංකල්පයක් ගැන නේද? "සංකල්පීය ත්‍රිකෝණයකට ඇති පාද ගනන" ගැන නේද?
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,122
    7,137
    113
    Back Bay-Beacon Hill, Boston
    "ත්‍රිකෝනයක පාද ගනන" කියන එක සංකල්පයක් නම් ඒක පහල වෙන්නේ මනසේ නේද? ඒක නියතියක් නම් ඒ කියන්නේ අභය හාමුදුරුවෝ කියන එක හරිනේ? සබ්බ සුත්‍රයට මනසේ පහල වෙන දෙවල් අයිතියි නේද?
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    "ත්‍රිකෝනයක පාද ගනන" කියන එක සංකල්පයක් නම් ඒක පහල වෙන්නේ මනසේ නේද? ඒක නියතියක් නම් ඒ කියන්නේ අභය හාමුදුරුවෝ කියන එක හරිනේ? සබ්බ සුත්‍රයට මනසේ පහල වෙන දෙවල් අයිතියි නේද?

    ඇබ්ස්ට්‍රෑක්ට් ත්‍රිකෝණ ගැනනේ ඔය අහන්නේ. ඔය කියන්නේ ඔයා දන්න ත්‍රිකෝනයක් ගැන නෙවෙයි. අහවල් ත්‍රිකෝනය ගැන නෙවෙයි, සියලු ත්‍රිකෝණ නියෝජනය කරන සර්ව සාධාරණ ඇබ්ස්ට්‍රෑක්ට් ත්‍රිකෝනයක පාද ගනන ගැන.

    මම එහෙම අහන්නේ ත්‍රිකෝනයක් නැතුව ත්‍රිකෝනයක පාද ගනන ගැන කතා කරන්න බැහැ.


    එහෙම ඇබ්ස්ට්‍රෑක්ට් ත්‍රිකෝන ඇත්තටම නැහැ. මනසේ මවා ගන්න අපි හිතාගෙන ඉන්න, එහෙම තියෙනවා කියලා හිතාගෙන ඉන්න, ත්‍රිකෝනයක තමයි ඔය පාද ගනන ගැන කතා කරන්නේ.
    ඇත කියන දෘෂ්ඨිය මත ඉඳගෙන තමයි මෙහෙම හිතන්නේ.
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,122
    7,137
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇබ්ස්ට්‍රෑක්ට් ත්‍රිකෝණ ගැනනේ ඔය අහන්නේ. ඔය කියන්නේ ඔයා දන්න ත්‍රිකෝනයක් ගැන නෙවෙයි. අහවල් ත්‍රිකෝනය ගැන නෙවෙයි, සියලු ත්‍රිකෝණ නියෝජනය කරන සර්ව සාධාරණ ඇබ්ස්ට්‍රෑක්ට් ත්‍රිකෝනයක පාද ගනන ගැන.

    මම එහෙම අහන්නේ ත්‍රිකෝනයක් නැතුව ත්‍රිකෝනයක පාද ගනන ගැන කතා කරන්න බැහැ.


    එහෙම ඇබ්ස්ට්‍රෑක්ට් ත්‍රිකෝන ඇත්තටම නැහැ. මනසේ මවා ගන්න අපි හිතාගෙන ඉන්න, එහෙම තියෙනවා කියලා හිතාගෙන ඉන්න, ත්‍රිකෝනයක තමයි ඔය පාද ගනන ගැන කතා කරන්නේ.
    ඇත කියන දෘෂ්ඨිය මත ඉඳගෙන තමයි මෙහෙම හිතන්නේ.


    ඔව් ඔබ හරි. ඇබ්ස්ට්‍රෑක්ට් ත්‍රිකෝනයක පාද ගනන තමයි. ඔව් ත්‍රිකොනයක් නැතුව පාදගනන අහසේ පවතින දෙයක් නෙවෙයි. ඒත් මගේ ප්‍රශ්නය මේ කියන ත්‍රිකෝනයක පාද ගනන සංකල්පයක් නේද?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔව් ඔබ හරි. ඇබ්ස්ට්‍රෑක්ට් ත්‍රිකෝනයක පාද ගනන තමයි. ඔව් ත්‍රිකොනයක් නැතුව පාදගනන අහසේ පවතින දෙයක් නෙවෙයි. ඒත් මගේ ප්‍රශ්නය මේ කියන ත්‍රිකෝනයක පාද ගනන සංකල්පයක් නේද?

    No answer.
     

    ranga51

    Junior member
  • Jan 27, 2012
    173
    5
    18
    mekai mahathmaya aththtama kiyanna tiyenne ath natha prathyen kisima deyak ganna bha hethu pala dhamen thamai hamadetama pilithuru teyenne.pachchuppanna mohotha kiyana eka hariyata therunoth oya kesima deyak gana katha karala wadak nha