වාහන හින්ද කාපු කටු ...3

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න කටුවක් ලියන්න හදන්නේ...

    මේකත් බස් එකකට උන වැඩක්...මේ වෙද්දි අපිට තිබුනේ සිවිලියන් එක. FD33 එන්ජිම.
    2013 අවුරුද්දේ.. තාත්තායි මායි පිටත් උනා වෙඩිං හයර් එකක් යන්න. බදුල්ලට. ගමන පටං ගත්තේ වැලිසර කන්ටේනර් යාඩ් එකකින්. ඒකේ ඩ්‍රයිවර්ලා සෙට් එකයි, ගෝලයොයි.. මැකෑනික් කෙනෙකුයි සේරම 28 දෙනෙක් හිටියා. වෙඩිං එක තියෙන්නේ පහුවදා උදේ.. අපි ගමන පිටන් උනේ කලිං දවසේ හවස 7 ට විතර... මොකද අන්තිම ඩ්‍රයිවරුත් ටේලර් එක බාලා ගොනා ගේනකං ඉදලා තමා යාඩ් එක වහලා ගමන පිටත් උනේ.

    ඔන්න පිංවතුනි ගමන පිටත් වෙලා කිලෝ මීටරයක් යන්න කලිං... ‍හෝව් හෝව් ඩ්‍රයිවර් මහත්තයා කියනවා.. හරියටම මහබාගෙ හන්දියෙදි..

    නැවැත්තුවා.. මොකෝ .... ?
    ඔතනිං අයිං කර ගන්ඩ කියලා දෙන්නෙක් බැහැලා දුවපි කීල්ස් එකට...
    ටිකකිං මෙන්න එනවා උස්සගෙන ගල් බෝතල් 12 පෙට්ටියක්, සෝඩා, බයිට් අනං මනං ඔක්කොම...

    අන්න ඊට පස්සේ පිංවතුනි බසයේ සාදය පටං ගත්තා... මුං සෙට් එක බොන හැටියට මට හිතුනා මගුල් ගෙදර ගිහිං බොන්න මුං ඉතුරු වෙයිද කියලා...ඔක්කොටම හපං අර මැකෑනික් කාරයා ගහන්නෙ නීට්... බෝතල්ම ගත්තා ගුඩු ගුඩා ගාලා දෘ ගත්තා... හුකෑස් කියලා කෑරලා කෙල පාරක් ගහලා මස් කෑල්ලක් කටේ දා ගත්තා... ඕක රිපීට් වෙනවා විනාඩි 10න් 10 ට ...
    දුම් බොන්නෝ ‍දුම් බොති... සීල් අරක්කු බොන්නෝ සීල් අරක්කු බොති. මල් බොන්නෝ මල් බොති.. වෙල් ෆැන්ටා සුවදකුත් පැමිණි නමුදු... බෝතලයකට වඩා තිබුනේ නැතැයි මා සිතමි...

    ඉටි රූපෙ අපූරුව විද්න්න මං.....හික්...
    අරි ආශයි........
    ආ ජහ ජය.. දඩ දඩ... උඹලගෙ අම්මට.... හුක්...

    කොයි බඩුවත් මට යටයි හුත්...
    අර කැ*යා ජරා මරුවා නේ බං...

    වැල්ල සිඹින රැල්ල හුක්....
    මෙහෙම කියනවා....

    පොලිසියට නං මොකද බං.. වාහනයක් පේන්ඩ බෑ ‍නේ...
    ටහු...

    විටින් විට ඇසෙනා මෙවැනි කතා අතරේ බස් රථය තදබදය අතරින් කිරිබත්ගොඩ , බන්ඩාරවත්ත, කඩුවෙල, හංවැල්ල , අවිස්සාවේල්ල , ඇහැලියගොඩ , රත්නපුර .. පසු කරමින් ඉදිරියට ඇදේ....රත්නපුර නගරය පසුවූ පසු රෑ කඩේක නවත්වා, අවදිව, ඇවිදීමට හැකි වූ කිහිප දෙනෙක් රෑ කෑම ගති. මාද පියාණෝද රොටි කා තේ බිව්වෙමු. බීපු බීමේ හැටියට කබරයා දමාවි යැයි අනුමාන කල එකෙකු වත් කබරය‍ා නොදමා යස අගේට සිටින අයුරු ගැන පුදුම වූයෙමු.

    රෑ 12 පසු වී පැය බාගයක් පමණ ගත වද්දී සියල්ලන්ම පාහේ එකා පිට වැටී දොයිය බබෝ කියන්නට වූහ. මාත් , තාත්තාත් කයියක් දමාගෙන ගියෙමු...

    බලං‍ගොඩ,බෙලිහුල්ඔය,බඹහින්න පසු කර බෙරගල දෙසට ඇදෙද්දී.... අසාමාන්‍ය ලෙස හීට් කටුව ඉහල නගින්නට විය. වැඩි දුරක් යන්නට මත්තෙන් හීට් කටුව මුදුනටම ආවේය. ඉඩ ඇති තැනක වාහනය නැවැත්වූ අපි... පැය කාලක් පමණ එය නිවෙන්නට හැරියෙමු... සියල්ලෝම මර නින්දේ වූයෙන් එකෙකුට වත් වී ඇති දෙය නිච්චියක් නොවීය.
    රේඩියේටරයෙන් සූ..... සද්දයක් ඇසේ...
    අන්ඩයා බටයෙන් දුං යයි... නමුත් බසයේ යටිං එකදු වතුර බිදුවක් වත් නොයයි...
    පැය බාගයකට පමණ පසු පරණ රෙදි කෑල්ලක් රේඩියේටර් මූඩියට උඩිං දමා.. කෑන් එකකිං වතුර ගෙන රෙද්ද හොදට පොගවා .. අතින් දත කරගෙන.. හෙමීන් සීරුවේ මූඩිය අැර බැලුවෙමි...
    වතුර තියෙන පාටක් නං පේන්න නෑ වගේ...
    බස් එක යටින් රිංගා බැලූ විට තත්වය පැහැදිලි විය...
    යටඑ රේඩියේටර් හෝස් ක්ලිප් එකක් බුරුල් වී පීඩනය නිසා ගැලවී ගොස් වතුර සියල්ලම මහ මගම හැලී ඇත.

    හෝස් ක්ලිප් එක යලිත් සවිකර.. හොදින් තදකල පසු.. පැන නැගුනු අනිත් ගැටළුව වූවේ.. වතුර ප්‍රශ්නයයිත...
    අප සතුව තිබුනේ කෑන් එකක් සහ බීමට ජලය බෝතල් කිිහිපයකි. මේ අළුයම් කාලයේ වතුර කොහෙන් හොයන්නද. මේ අතර අවදි වූ කිහිප දෙනෙක්ද තාත්තාගෙන් තත්වය විමසමින් සිටියහ..
    ජලය සොයා දුශ්කර ගමනක් ආරම්භ වූවේ ඉන් පසුවය. විනාඩි 10කට 15කට වරක් පාරේ ඇදෙන වාහනයක් ඇරැණු කොට මිනිස් පු්‍ළුටක් වත් එහි නොවීය.. බෙරගල ටවුමට ඇත්තේ කිලෝ මීටර් කිහිපයක් නිසා.. හෙමින් හෙමින් ඇවිද ගියෙමි...
    නගරයට පෙර තිබූ පීල්ලකින් බෝතල් සහ කෑන් පුරවාගෙන යලිත් බසය අසලට එද්දී පැයක් පමණ ගත වන්නට ඇත...එන්ජිම පණ ගන්වා හෙමින් හෙමින් වතුර පිරවීම පටං ගතිමු.
    පාන්දර 3 පමණ වෙද්දී යලිත් ගමන් ආරම්භ කලෙමු.. නමුත් එන්ජිමේ ශබ්දයේ ඉදං ම වෙනසක් දැනෙන්නට විය. ඇදිල්ලේද අමුත්තක් තිබුනි... සියල්ලටම වඩා හපුතලේ මගක් දුර යද්දී හීට් කටුව යලිත් කරටියට යන්නට විය.. තාත්තාටත් මටත් හීන් දාඩිය දැම්මේ එවිටය... අමුතු ශබ්දයක් නගමින් එන්ජිම හිර වී නතර විය.
    පෙර මෙන්ම අන්ඩ බටෙං දුං දාන්න ගති.
    ගෑස්කට් වත් ගිහිංද... තාත්තායි මායි කතා වූයෙමු. නමුත් ඔයිල් ලෙවල් එකේ වෙනසක් වී නැත.

    යලිත් එන්ජිම නිවෙන්නට ඉඩ හැර රේඩියේටර් වතුර මට්ටම බැලීමේදී එහි වතුර එතරම් අඩුවී නැත.
    ඉර පායද්දී යාන්තම් කිහිප පොලක නවත්වමින් හපුතලේ ඇද ගත්තෙමු. ඊට පසුව ඉතිං ටිකක් පල්ලම නිසා කරදරයක් නැතිව බදුල්ලට ම පැමිනියේ ඇස්ලේටරය හො‍රාට පාගාගෙන ය. වෙනදාට 3 අඩියට ම පාගා 4 ට පාන බස් රාජයා අද කැහැ කැහැ කොටන හැටි දුටු විට පපුව හෝස් ගා යයි...
    මැරී වැටී මෙන් නිදා සිටි එක එකා නිදි ගැට කඩමින් නැගිට ආවේ මනමාලයාගේ නිවෙස අසල බසය නැවැත්වූ පසුවය. වෙලා ඇතිව කලිං ගමන පිටත් වීම ගැන දෙයියන්ට පින් දෙමින් තාත්තා ත් මමත් සැනසුම් සසුම් හෙළුවෙමු....


    • මගුල් ගෙදර මල කෙලි...
    • ගෙදර එද්දී වලියක්...
    • නඩේ ගුරාට මොකද උනේ...

    මීලග කොටසින් බලාපොරොත්තු වන්න....:dull:


     
    • Like
    Reactions: EvilEye

    SVChamal

    Member
    Nov 5, 2014
    20
    3
    0
    Anuradhapura
    ඔන්න මමත් set උනා. තම කියවන්නේ නම් "වාහන හින්ද කපු කටු 1"
    මටත් තියනවා පොඩි පොඩි කටු ටිකක් දන්නා.
    honda civic රාජය හින්ද මාත් හොඳ හොඳ කටු කැව මේ මස කීපයේම.
    වෙලාව තියන විදියට දාන්නම්කො.:D:D:D:D:D:D
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Car media player ekata TORQUE dagatta... JDM hariyana bluetooth ODB II scanner ekak use karana un link eka deepalla ko..

    sepiad1448355801447.jpg


     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    mehema ewa thynawada? mage eka nam JDM ekakata wath wada na Allion 240 ekakatai belta ekakatai try kora wada karanne na. Sylphy eka e dekatama kalin ne so kohomath support karana ekak na :(



    :( :(

    Ube mokadda tiyenne?

    http://www.ebay.com/itm/1pc-Useful-...ash=item3acee9f274:g:vPEAAOSwcUBYI-8E&vxp=mtr

    meke This part is compatible with 504 vehicle(s) matching Nissan.

    Sylphy eka neti unata sentra, almera 2002 wage ewa tiyenawa neh.. but JDM newe :(

    oka ne kiyanne lancer ex ekak ganin kiyala :sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,442
    2
    53,942
    113
    :( :(

    Ube mokadda tiyenne?

    http://www.ebay.com/itm/1pc-Useful-...ash=item3acee9f274:g:vPEAAOSwcUBYI-8E&vxp=mtr

    meke This part is compatible with 504 vehicle(s) matching Nissan.

    Sylphy eka neti unata sentra, almera 2002 wage ewa tiyenawa neh.. but JDM newe :(

    oka ne kiyanne lancer ex ekak ganin kiyala :sorry:

    JDM wala wenama protocol ekak thynne bn import models wala thyna eka neme. Belta ekata wada nathi wunata Yaris ekata wada. e wage thama

    kohomahari mama try karapu JDM eka waahanekatawath mage eka support na

    DDXiTnB.png
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    • මගුල් ගෙදර මල කෙලි...
    • ගෙදර එද්දී වලියක්...
    • නඩේ ගුරාට මොකද උනේ...

    මීලග කොටසින් බලාපොරොත්තු වන්න....:dull:




    එල එල,+++:):)


    මට පොඩි ලාවට මතකයක් තියෙනවා සංකල්ප අයියම ඔය වගේ කතාවක් කටු 1 කොටසේ දැම්මා වගේ, ඕකමද දන්නෑ, එන ගමන් බීපු උන් තමන්ගේ ගෑනුන්ට බැනගෙනද මොකද්ද සීන් එකකට වලියක් දාගෙන :nerd::nerd:

    හරියටම ශුවර් නෑ :nerd:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    එල එල,+++:):)


    මට පොඩි ලාවට මතකයක් තියෙනවා සංකල්ප අයියම ඔය වගේ කතාවක් කටු 1 කොටසේ දැම්මා වගේ, ඕකමද දන්නෑ, එන ගමන් බීපු උන් තමන්ගේ ගෑනුන්ට බැනගෙනද මොකද්ද සීන් එකකට වලියක් දාගෙන :nerd::nerd:

    හරියටම ශුවර් නෑ :nerd:
    matath ehema nichchiyak thiyenawa.. mu ohoma kathawak damma wage :D