කටාර්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කටාර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රික සබදතා නැති වීමේ බල පැම......

    කටාර් රාජ්‍යය හා ඇති සබද කම් අවට ඇති රටවල් අත හැරිම නිසා එම රටවල වැසියන්ට කටාර් රාජ්‍යයේ කරන රැකියා වලින් ඉවත් වීමට සිදු වන නිසා ඉන්දියාව ,ලංකාව, පකිස්තයට හා බංගලාදෙශයට වැඩි පුර රැකියා අවස්ථා ලැබෙනු ඇත . ඒසේම දැනට කටාර් රාජ්‍යයේ සේවයේ යෙදී ඉන්න අයට වෙනදට වඩා කැම බීම සදහා වැය කරන්නට සිදුවනු ඇත මන්දයත් කෑම බීම වල මිල ගනන් ඉහල යනු ඇත ඒ මන්ද සියලුම ගොඩ බිම මාර්ග වසා දමනු නිසා සවුදි අරබිය හරහා එන එලවලු පළතුරැ පැමිණීම නවතිනු ඇති නිසා මේ නිසා එදි නෙදා ජිවිතයට අවශ්‍ය සැපයුම් හිග වීමක් ඇති වීමෙන් භාණ්ඩ වල මිල ඉහළ යනු ඇත

    ලෙස්ලි හර්බට් විජේසිංහ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලොවටම පිළිලයක් වී ඇති ISIS ත්‍රස්ථ සංවිධානය සමඟින් සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා ඉල්ලවීම නිසාවෙන් කටාර් රාජ්‍යය සමග දේශසීමා වසා දමමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට හා ගුවන් ගමන් අත්හිටුවීමටද මැදපෙරදිග රටවල් හයක්‌ ඊයේ (05) තීරණ කර තිබෙනවා.

    ඒ අනුව සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේන්, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය සහ ලිබියාව යන රටවල් මෙලෙස කටාර් රාජ්‍ය සමඟින් පැවති සබඳතා නවත්වා ඇති අතර කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් එක්‌ලක්‌ෂ විසිපන් දහසක්‌ පමණ රැකියාවල නිරතවී සිටිනවා.

    එමෙන්ම කටාර් රාජ්‍යයට විරෝධය පළ කරමින් සබඳතා අත්හළ සියලු මැදපෙරදිග රටවල් ඇමරිකාවට පක්‍ෂපාතී රටවල් වන බවත් දැනගන්නට ලැබෙනවා. ඔවුන් සවුදි අරාබියා ගොඩබිම, මුහුද, ගුවන් සීමාව යන අංශ තුනෙන්ම සිය දේශ සීමා වසා දමා ඇති අතර ෆ්ලයි ඩුබායි, එමිරේට්‌ස්‌ සහ එයාර් ඇරෙබියා යන ගුවන් සමාගම් ද කටාර් දක්‌වා ගමන් කළ සිය ගුවන් ගමන් නතර කිරීමට කටයුතු කර තිබෙනවා.

    එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය හා ඊජිප්තුව පැය 48 ක්‌ තුළ තම රටින් ඉවත්ව යන ලෙස කටාර් රාජ්‍යයේ තනාපති නිලධාරීන් වෙත දන්වා තිබේ. එසේම එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය තුළ වාසය කරන සියලුම කටාර් වැසියන්ට දින 14 ක්‌ තුළ එරටින් පිටව යන ලෙසද දන්වා ඇත.

    තම රටවල සිටින සියලුම කටාර් වැසියන් හා නේවාසිකයන්ද සති තුනක්‌ ඇතුළත දී පිටව යා යුතු බව සවුදි අරාබිය හා බහරේනය දැනටමත් නිවේදනය කර තිබේ.

    මේ අතර රටවල් හයක්‌ තම රට සමඟ පවතින සබඳතා අත්හැරීම පිළිබඳව කරුණු දක්‌වා ඇති කටාර් රාජ්‍යය මෙම තීරණය අයුක්‌තිසහගත හා කිසිදු පදනමක්‌ නොමැති තීරණයක්‌ බව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් කටාර්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙයින් කිසිදු බලපෑමක් නැතියි විදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා සිටිනවා.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කටුනායක ගුවන්තොටුපලේ බැංකු ශාඛා මඟින් කටාර් රියල් වෙනත් මුදල් වර්ගවලට හුවමාරු කිරීම තාවකාලිකව නවතා තිබේ.

    අද(06) පෙරවරුවේ සිට මෙම පියවර ගෙන ඇති බව ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ දැනුම්දීමකට අනුව කටුනායක ගුවන්තොටුපලේ ක්‍රියාත්මක බැංකු ශාඛා මෙම මෙම තීරණය ගෙන ඇති බව ගුවන්තොටුපල කළමනාකාරීත්වය අද දෙරණට සඳහන් කළේය.

    මෙම තීරණයත් සමඟ කටාර්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටින බව අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කරයි.

    ත්‍රස්තවාදයට සහය පල කරන බවට චෝදනා කරමින් සෞදි අරාබියාව ඇතුළු රටවල් 6ක් කටාර් රාජ්‍ය සමඟ සබදතා නවතා දැමීමට ඊයේ(06) දිනයේ තීන්දු කරනු ලැබුවේය.

    එම තීන්දුවත් සමඟ කටාර් රියාල් වෙනත් මුදල් වර්ගවලට හුවමාරු කිරීම තාවකාලිව මෙරට තුළ ද නතර කර ඇති බව වාර්තා වෙයි.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Ammata siri oka loku case ekak ban
    Normally qatar wala kisima product ekak ne
    Serama import. Hugak enne saudi, uae.
    Me case eka nisaa Indonesia, malasiya, wage
    Ratawal walin import karanna gattoth aniwaa
    Price eka wadi wenwa. A kiyanne ehe living cost eka
    Wadi wenawa. Eka ithin wada karana unata thamaa
    Balapaanane. Monaan weida kiyala hoyanna be.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ත්‍රස්තවාදයට උදවු සපයන බවට සහ මූලධර්මවාදී අදහස් පතුරුවන බවට චෝදනා කරමින් කටාර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැර දැමීමට අරාබි රටවල් හයක් අද (5) පියවර ගැනීමත් සමඟ ඊට පිළිතුරු දීමට කටාර රාජ්‍යය කටයුතු කළේය.

    ඒ අනුව කටාර් විදේශ අමාත්‍යාංශය පහත දැක්වෙන නිවේදනය අරාබි බසින් අද (5) ප්‍රකාශයට පත් කර තිබිණි.

    “සෞදි අරාබියා රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය දේශසීමා, ගුවන් කලාප සහ කටාරය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමට ගත් තීරණය ගැන කටාර් රාජ්‍යය වෙනුවෙන් කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය සිය කනගාටුවත් පුදුමයත් පළ කර සිටිනවා. වැරැදි තීරණ, මත සහ වැරැදි චෝදනා එල්ල කරමින් මෙම තීරණය ගෙන තිබෙන බව සඳහන් කළ යුතුයි.

    කටාර් රාජ්‍යයට එරෙහිව වැරැදි තොරතුරු ප්‍රචාරය කෙරෙනවා. එමෙන්ම කටාරය සම්බන්ධයෙන් විවිධ කොටස් බොරු ගතමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරනවා. කටාර් රාජ්‍යය අනතුරු කිරීම සඳහා සැඟවුණු සැලැස්මක් තිබෙනවා.

    කටාර් රාජ්‍යය ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වගේම එහි ප්‍රඥප්තියට අනුකූලව කටයුතු කරන රටක්. කටාරය සෑම විටම අනෙක් රටවල ස්වෛරීත්වයට ගරු කරන අතර කිසිදු අවස්ථාවක වෙනත් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන්නේ නැහැ. ඒ වගේම ත්‍රස්තවාදයට සහ අන්තවාදයට එරෙහිව සටන් වැදීමේදී කටාර් රාජ්‍යය සිය උපරිම දායකත්වය දී තිබෙනවා.

    කටාර් රාජ්‍යයට එරෙහිව අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරමින් මාධ්‍ය ව්‍යාපාරයක් ගෙන යන අතර ගල්ෆ් කලාපයේදී එය විශේෂයෙන්ම දැක ගත හැකිව තිබුණා. එම අසත්‍ය තොරතුරු ප්‍රචාරය වැඩපිළිවෙළ අසාර්ථක වුවත් ඒ ඉදිරිය ගෙන යෑම සඳහා දිගින් දිගටම උත්සාහ ගන්න බව පෙනී යනවා.

    ගොතන ලද හේතූන් දක්වමින් ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ සාමාජික රටක් වන කටාර් රාජ්‍යයට එරෙහිව කටයුතු කිරීමට ඊජිප්තුවේද සහාය සහිතව මෙම රටවල් තුන ඉදිරිපත් වී තිබීමෙන්ම එය සඳහා සත්‍ය හෝ සාධාරණ හේතු ඔවුන්ට නොමැති බව සනාථ වෙයි. මොවුන්ගේ ඉලක්කය පැහැදිලිය: කටාර් රජයට එරෙහිව භාරකාරත්වයක් බලගැන්වීම මෙහි ඉලක්කයයි. මෙය කිසිසේත් පිළිගත නොහැක්කකි. මෙය කටාර් රජයේ ස්වෛරී බව උල්ලංඝණය කිරීමේ වෑයමකි.

    උක්ත රටවල් ත්‍රිත්වය විසින් කටාර් රජය සමග ඇති සබඳතා නවතා දැමීමට ගෙන ඇති තීරණයට පාදක වී ඇත්තේ ගොතන ලද අසත්‍ය කරුණු මත පදනම් වුණු මාධ්‍ය ව්‍යාපාරයක්.

    අල් ජසීරා ඇසුරිනි 055
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කටාර් රාජ්‍ය පෙන්වා දෙන්නේ, තමන්ට එරෙහව පදනම් විරහිත චෝදනා මුල් කරගනිමින් අදාළ රටවල් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමේ තීරණයට එළැ,ඹ ඇති බවයි.

    කලක පටන් කාටර් රාජ්‍යයට හානි කිරීමේ යටි අඑමුණින් යුතුව සිතා මතා කරනු ලබන පෙළඹවීමේ වැයමක ඉලක්කයක් බවට කටාර් රාජ්‍ය පත්ව ඇති බව එරට විදේශ අමාත්‍යංශය සඳහන් කළේ ය.

    තමන්ට එල්ල වන චෝදනා බැහර කරමින් කාටාර් විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ ක්‍රියාශීලි සාමාජිකයෙකු වන තමන් අනෙක් රටවල ස්වෛරීභාවයට ගරු කරන සහ අන් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන බවයි.

    එමෙන් ම තමන් ත්‍රස්තවාදයට සහ අන්තවාදයට එරෙහිව සටන් කිරීමේ වගකීම ඉටු කරන රාජ්‍යයක් බව ද එමගින් අවධාරණය කර තිබේ.
    මේ අතර කටාර් රාජ්‍ය අවධාරණය කර සිටින්නේ, අරාබි රටවල් 6ක් එක්ව ගත් තීරණය හේතුවෙන් කටාර් වැසියන්ගේ සහ එහි වෙසෙන විදේශිකයින්ගේ සාමාන්‍ය දිවි පෙවෙතට කිසිදු බලපෑමක් ඇති නොවීම තහවුරු කිරීම සඳහා සියලු පියවර ගන්නා බවයි.

    මේ අතර විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, ග්ලෆ් කලාපීය රටවල් අතර හටගත් අනපේක්ෂිත මත ගැටුමෙන් අනතුරුව කටාරයේ වෙසෙන සිය රටවැසියන්ට එරටින් ඉවත්වෙන මෙන් සෞදි අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය දැනුම් දී ඇති බවයි.

    එමෙන් ම කටාර් ගුවන් යානා සඳහා සිය ගුවන් අවකාශය තහනම් කිරීමට ඊජිප්තුව සහ සෞදි අරාබිය පියවර ගෙන තිබේ.

    කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට සහ අන්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් එරට සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා අත්හිටුවන බව සෞදි අරාබිය, ඊජිප්තුව බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය සහ ලිබියාව ඊයේ නිවේදනය කළේ ය.

    ඒ සමග එම රටවල් නිවේදනය කළේ, කටාර් රාජ්‍ය සමග සම්බධකම් පවත්න ගොඩබිම් මුහුදු හා ගුවන් දේශසීමා වසා දමන බවයි.



    629282_5_090e_carte-de-situation-du-qatar.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කල දුටු කල වල ඉහගමු කියල මෙහෙන් කෑම බීම නැවක් පිටත් කරා නං හොඳ ගානක් හොයාගන්න තිබුන
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ethakota ban food kohomada genne.

    Awulak ne ban india, europe, south asia walin gani
    Salli palenna thiyenawa. Flight walin hari adi badu.
    5star air line ekak ne. Jet thiye ambanakata. Lankawenuth
    Product gani samahara wita. Me case eka nisaa europ, russia pattata qatar yanna puluwan. Mama hitanne ne
    Case ekak wei kiyala. Ekama awula ratawal 5 ma usa frind laa.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කල දුටු කල වල ඉහගමු කියල මෙහෙන් කෑම බීම නැවක් පිටත් කරා නං හොඳ ගානක් හොයාගන්න තිබුන

    ඔවුන් සවුදි අරාබියා ගොඩබිම, මුහුද, ගුවන් සීමාව යන අංශ තුනෙන්ම සිය දේශ සීමා වසා දමා ඇති අතර ෆ්ලයි ඩුබායි, එමිරේට්‌ස්‌ සහ එයාර් ඇරෙබියා යන ගුවන් සමාගම් ද කටාර් දක්‌වා ගමන් කළ සිය ගුවන් ගමන් නතර කිරීමට කටයුතු කර තිබෙනවා.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Awulak ne ban india, europe, south asia walin gani
    Salli palenna thiyenawa. Flight walin hari adi badu.
    5star air line ekak ne. Jet thiye ambanakata. Lankawenuth
    Product gani samahara wita. Me case eka nisaa europ, russia pattata qatar yanna puluwan. Mama hitanne ne
    Case ekak wei kiyala. Ekama awula ratawal 5 ma usa frind laa.

    :love:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ආරාබි රටවල් 6ක් කටාර් රාජ්‍යය සමග තානාපති සබඳතා බිඳ දැමීමට පියවර ගැනීම හේතුවෙන් ගල්ෆ් කලාපය තුළ දැඩි අර්බුදකාරී වාතාවරණයක් උද්ගත වී තිබෙනවා.


    කලාපීය ගුවන් සේවා රැසකට මින් බලපෑම් එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ. සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය සහ ලිබියාව යන රටවල් කටාර් රාජ්‍ය සමග පැවති සියලු තානාපති සබඳතා අත්හිටුවනු ලැබුවා.



    එමෙන්ම, සෞදි අරාබිය, බහරේනය, එක්සත් අරාබි එමිරේටය, කටාර් රාජ්‍ය හා සම්බන්ධ වන ගුවන් හා දේශ සීමා වසා දැමීමට ද පියවර ගත්තා. කටාර් රාජ්‍ය, කලාපීය අස්ථාවරත්වයට හේතු වන අයුරින් ත්‍රස්තවාදීන්ට සහය ලබා දෙන බවයි, එම රටවල් චෝදනා කරන්නේ. නමුත්, එම චෝදනා අසත්‍ය හා පදනම් විරහිත බව, ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කටාර් රාජ්‍ය කියා සිටියා.

    මෙය කටාර් රාජ්‍යයට හානි ඇති කිරීමේ අරමුණින් සිතාමතා ගන්නා ලද වෑයමක ප්‍රතිඵලයක් බව ද, එම නිවේදනයේ සඳහන්. මේ වන විට අදාළ අරාබි රටවල සිටින කටාර් ජාතිකයින්ට එම රටවලින් පිටත්ව යන ලෙසට නියෝග නිකුත් කර තිබෙනවා.

    එමෙන්ම, සෞදි ගුවන් තොටුපොළවල, කටාර් රාජ්‍යයට අයත් ගුවන් යානා ගොඩ බැස්සවීමට හෝ එරට ගුවන් සීමාව හරහා ගමන් කිරීම ද තහනම්. ඊජිප්තුව හා කටාර් රාජ්‍ය අතර සියලුම ගුවන් ගමන් වාර යළි දැනුම් දෙනතුරු අත්හිටුවීමට ද පියවර ගෙන තිබෙනවා. මේ අතර, කටාර් එයාර්වේස් ගුවන් සේවය සෞදි අරාබිය වෙත ගුවන් යානා යැවීම අත්හිටුවනු ලැබූ බව, වාර්තා වනවා. කෙසේ වෙතත්, වත්මන් තත්වය හේතුවෙන් කටාර්හි වෙසෙන කිසිදු වැසියෙකුගේ ජන ජීවිතයට බලපෑමක් නොවන බව, තහවුරු කිරීමට කටයුතු කරන බව කටාර් රාජ්‍ය කියා සිටිනවා.
    Next >