ලංකාවෙ මැච් එක ප්‍රැක්ටිස් එකක් කීව කෝලිට දිනලා ඇවිත් දික්වැල්ල දුන්නු හිත රිදෙන ටෝක් එක
ලංකාව එක්ක තියෙන මැච් එක පුහුණු තරඟයක් වගේ කියලා ඉන්දියානු කණ්ඩායමේ නායක විරාත් කෝලි මාධ්‍ය සාකච්ඡාව කීවා තිබුණා කියලා සමාජ ජාල ඔස්සේ පහුගිය දවස්වල කතාබහක් ඇති වුණා.
මේ ගැන ලංකාවේ ක්‍රිකට් ලෝලීන් ගොඩක් හිටියේ හිතේ වේදනාවෙන්. ඒ නිසාම කෝලි ගැන ඔවුන් කතා කලේ පුංචි ආවේගයකුත් එක්ක.
හැබැයි ඊයේ (8) මැච් එකෙන් පස්සෙනම් ඒ කියපු කතාව ගැන කෝලිට අපේ අය හිතා වුණේ කට කොණින්. ඒ වගේම මැච් එකෙන් පස්සේ නිරෝෂන් දික්වැල්ලත් කෝලි කියලා තිබ්බ කතාවට ලස්සන උත්තරයක් දුන්නා.
ඔහු කීවේ ''ඉන්දියාව වගේ ප්‍රබල කණ්ඩායමක් පරාජය කිරීම ගැන අපිට නම් ලොකු සතුටක් තියෙනවා, මට ඇහුණා ඒ කට්ටිය කියලා තිබුණා මේ මැච් එක අපිට එරෙහිව පුහුණු තරඟයක් වගේ සෙල්ලම් කරනවා කියලා, මම දන්නේ නෑ, හැබැයි මේක තමයි ඒකට හම්බවුණු රිටන් එක, අපි ඒ වගේ කතා ගැන වැඩිය ගණන් ගන්නේ නෑ, හැබැයි සමහර අවස්ථාවල ඒ කියපු දේවල් වලින් අපේ හිත් රිදුණා, අපි හැමෝම එකම මට්ටමක ක්‍රිකට් සෙල්ලම් කරන ටීම් දෙකක්, හැබයි ඒ අය හිතුවේ මේක පුහුණු තරඟයක් කියලා.ඒ කතාවට අපි පළිය ගත්තා''
video






