ඔන්න මචංලා ඊයෙ පෙරේදා දවසක මම මගෙ
වාහනේ හදන්න ගරාජ් එකට ගිහින් ඉන්න වෙලාවක ආව mini cooper 1ක් EFI අවුලකද මොකක්ද කියල. මම වැඩිය විස්තර අහන්න ගියෙ නැ. වැඩේ ඉවර වෙලා යන අතරමග Petrol ඉවර වෙලා වාහනේ නතර වෙලා. petrol හොයාගන ඇවිත් දාල start කරන්න හදද්දි start වෙන්නෙ නෑලු. ගරාජ් එකේ බාස් අය්යාට කතා කරලා එතනට ගෙන්නල බලලා. ඒ වෙනකොට මම ගෙදර ඇවිත්.
කාටවත් ලෙඩ් හොයාගන්න බැරිවෙලා. මොනව කරත් fuel pump එකට කරන්ට් එන්නෙම නෑලු. කට්ටිය හිතල තියෙන්නෙ fuse එකක් පිච්ලා කියල.
ඊට පස්සෙ බාස් අයියා කරල තියෙන්නෙ direct line එකක් අරන් fuel pump එකට දිල වාහනේ start කරල දිල යවල
හෙට එන්න බලමු කියල. මේ වැඩේ වෙනකොට වෙලාව 6.30 විතර වෙලාලු. පහුවදා උදේම මිනිහ ආව mini cooper 1 අරන් ආයෙත්.
ඒ වෙලාවෙ මමත් එතන. මෙ කියන බාස්ගෙන් වැඩක් කරවගන්න නම් උදේම ඇවිත් මුන පෙන්නගෙන ඉන්න ඔනෙ. නැත්නම් වැඩේ කෙරෙන් නෑ. ඒකයි මමත් උදේම යන්නෙ. දැන් ඉතින් කොනක ඉඳන් fuse check කරනවා. කිසිම අවුලක් නෑ fuse සේරම හොඳට වැඩ. ඔය අතරෙ වාහනේ අයිති එකා උගෙ යාලුවෙක්ට කතා කරල ලෙඩේ කිව්වා. උත් කාලයක් තිස්සේ mini cooper පදින එකෙක්. උට කියපු ගමන්ම ඌ කිවුවා engine 1 වම් පැත්තෙ කෙලවරේ බෙනට් 1හයිවෙන තැන උඩට වෙන්න switch 1ක් ඇති ඒක ඔබන්න කියල. එක ඔබල start කලා විතරයි start වුනා. වෙලා තියෙන වැඩේ තමයි mini cooper වල fuel නැතුව නතර වෙනකොට ඒswich 1 auto off වෙනව. ආයෙත් start කරන්න නම් එ් switch 1 අතින් ඔබල on කරන්න ඔනෙ. ඒක දන්නෙ නැති කෙනෙක් නම් ලෝක අමාරැවක වැටෙනව. මාත් එක දැනගත්තෙ එදා තමයි මුල්ම වතාවට. Mini cooper පදින එවුන්ටයි ගන්න ඉන්න එවුන්ටයි මේ ගැන දන්නෙ නැත්නම් දැනගන්න කියල තමා මේක දැම්මෙ.
