මේක මීට අවුරුදු දෙකහමාරකට විතර කලින් මම මගෙ ෆේස්බුක් එකේ දාපු පෝස්ට් එකක්. කොහෙන්ද උපුටාගත්තෙ කියල දන් මතක නැහැ.
"එක්නැලිගොඩ නිලමේ, දොළොස්වල මොහොට්ටාල, මහවලතැන්න මොහොට්ටාල යනාදී රදළ නායකයින් හා විශාල සිංහල සෙනඟක්ද සමඟ සෙංකඩගලට පැමිණි ජෙනරාල් බ්‍රවුන්රිග්, කර්නල් හාඩි අඑතුළු පිරිස 1815 පෙබරවාරි 18 දින සිංහලේ අවසන් රජු ජීවග්‍රයෙන් අල්ලා ගත්හ . රජුගේ යම් යම් අඩුපාඩු දැක ඊට කළකිරිනු සිංහල නායකයින් සහ තම ආත්ම කේන්ද්‍රීය ගැටළු නිසා රජු හා විරසක වූ සිංහල නායකයන් සමහරක්ද ඊට සහයෝගය දැක්වූයේය. නමුත් තමන් ඒ ජීවග්‍රහයෙන් අල්ලා අධිරාජ්‍යවාදීන් අතට පත් කරන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජවූ කන්නසාමි... යයි ඔවහු ලඝු කොට සිතන්නට ඇත. ඒ සිංහලේ අවසන් රජු බවත් මින් මනත සිංහලයට යළි අපේ නිරිදෙකු නොලැබෙන තරමේ මහා පාවා දීමකට තමන් දායක වූ බවක් ඔවුනට මියෙන තෙක්ම අවබෝධ නොවන්නට ඇත. පටු සීමාව තුළ මනස මෙහෙය වූ ඔවුහූ තමන් රජුගේ අධර්මිෂ්ට පාලනය නිමා කරලීමට දායක වන්නන් ලෙස සුබවාදී ස්වයං අර්ථ කථනයක් සිය මනස අභ්‍යන්තරයෙන්ම සපයා ගන්නට ඇත. දේශපාලනයේදී පාලකයා යම් යම් වරද කළ පමණින් ඔහුට දඬුවම් දීමට යාමෙන් අධාර්මික කබලෙන් අධිරාජ්‍යවාදී ළිපට වැටෙන්නේ ජනතාවම බව වසර දෙසීයකට පසුවද අප උගෙන නැති බව පැහැදිලිය"