මේ වනවිට අපේ රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා. ආදායම බිඳ වැටිලා. ආණ්ඩුව කළ යුත්තේ වියදමට සරිලන විදිහට ආදායම වැඩි කරගන්න එකයි. නමුත් ආණ්ඩුව කරන්නේ ආදායමට අනුව වියදම අඩුකරගන්න හදන එකයි. අඩු කරන්න හදන්නේ මොනවද? ජනතාව වෙනුවෙන් කරන වියදම් අඩු කරනවා. නමුත් ඇමතිවරු වෙනුවෙන් දරන බර අඩු කරන්නේ නැහැ. වාහන ගේනන, බිල්ඩින්වලට කරන වියදම අඩු කරන්නේ නැහැ. මෙතැන තියෙන්නේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පිළිබඳ ප‍්‍රශ්නයක්. අධ්‍යාපනය වෙනුවෙන් තිබෙන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වැරදි එකක්.
මේ ආණ්ඩුව බලයට එනකොට ඉදිරිපත් කරපු ප‍්‍රතිපත්තියට විරුද්ධ එකක්. මේක ඊනියා යහ පාලනයක් තියෙන ආණ්ඩුවක්. ආණ්ඩුව එනකොට කිව්වේ ශිෂ්‍යයන්ට පහර දෙන්නේ නැහැ, උද්ඝෝෂණ මර්දනය කරන්නේ නැහැ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහ පාලනය දෙනවා කියලා. නමුත් අද අඳ, ගොළු, බිහිරි පාසැලක් වගේ. ජනතාවගේ ප‍්‍රශ්න ඇහෙන්නේ නැහැ. පොලීසියට පොල්ල දෙනවා ප‍්‍රශ්න විසඳන්න කියලා. පොලීසියට ප‍්‍රශ්න විසඳන්න පුළුවන්නම් රටකට ඇමති මණ්ඩලයක් ඕන නැහැ.