දොස්තර බල්ලන්ට ගහ පියවු

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මෙහෙමයි බං මෙව්වා ගැන මෙතන කියලා වැඩකුත් නැහැ මොකද ඔලුව අත් ගෑවම ලාවට මූදු වේගන එන උන් රෙද්ද උස්සන් එන්න බලාගෙන ඉන්නේ මෙහෙම පෝස්ට් එකක් දාපු ගමන්. ඒ උනාට කියන්නම්. ස්ට්‍රයික් කිව්වට කරන මහ ලොකු ස්ට්‍රයික් එකක් නැහැ. කරන්නේ වෙනදට කරන routine clinic සහ OPD එකෙන් එක එක අමාරු කියාගෙන එන ඇඩ්මිට් නොකලයුතු ලෙඩ්ඩුන්ට නිකන් බෙහෙත් දීලා යවන එක නොවෙන එක විතරයි. නමුත් ඒකෙනුත් ගොඩක් ඉස්පිරිතාල වල clinic එන ලෙඩ්ඩුන්ට මාසයක් ආයේ බෙහෙත් නොලැබෙන නිසා (ඊ ගාව සතියේ ක්ලිනික් එන්නේ නැතුව හිටියොත් විතරයි) මිනිස්සු පව්නේ කියලා කාර්ඩ් ටික බෙදා දෙන්නේ නැතුව බෙහෙත් කාමරෙන් ගේන කාර්ඩ් ටික ආව ලෙඩ්ඩුන්ගේ එව්වා ටික නම් කියෝලා ඒ ටික ‍තෝරලා කාර්ඩ් ලකුණු කරලා දෙනවා ඒ බෙහෙත් ටික ගන්න කියලා. පොඩි ළමයි වඩාගෙන ආවොත් උන්ට බෙහෙත් ගන්න හෙමින් ඇතුලට යවනවා බෙහෙත් දීලා ගෙදර යවන්න. තුවාල වලට බෙහෙත් දාන එව්වා, මැහුම් කපන එව්වා උණත් ඇතුලට අරන් කරනවා. OPD බෙහෙත් දෙන එක විතරයි නොකරන්නේ. නමුත් ඩෙංගු කාලයක් නිසා උණ ගැනිලා එන ලෙඩ්ඩු බලනවා OPD එකෙන් ගොඩාක් ඉස්පිරිතාලවල.

    ඔය උඩ ටික විතරයි ස්ට්‍රයික් කියලා කොරන්නේ. නමුත් හැම වාට්‍ටුවක්ම වැඩ. බබාල හම්බුවෙන වාට්‍ටුවක නම් ලේබ රූම් එක වැඩ, ලේබ රූම් අම්මලා මොකක් හරි අවුලක් ගිහින් සීසර් කරන්න උනොත් තියටර් දක්වලා එතන සීසර් එක කරනවා, කොටින්ම කලින් සීසර් කරලා දෙවනි බබා සීසර් කරනවනම් සති 38 න් බබා ගන්න ඕනේ. එතකොට පරක්කු කරන්න බැහැ. එහෙම එව්වා හදිසි ප්‍රතිකාර හෝ සැත්කම් නොවුනට හදිසි සැත්කම් කියලා දාලා කරනවා. එතකොට ICU - Intensive care unit,HDU - High dependancy unit, SCBU/PBU - Special babycare unit/ premature baby unit සහ ඔක්කොම වාට්‍ටු පැය 24 ම වැඩ. ස්ට්‍රයික් කිව්වට පැය 24 ම වැඩ. වෙලාවට බෙහෙත් දෙන එක වෝඩ් රවුන්ඩ් යන එක හැම දේම වැඩ. ඇක්සිඩන්ට් වෙලා අත පය කඩාගෙන එන අයට හදිසි සැත්කම් ඔක්කොම කරනවා, උණ්ඩුක පුච්චේ පුපුරලා ආවත් එව්වත් කරනවා. කොටින්ම ස්ට්‍රයික් නිසා ලෙඩ්ඩු අමාරුයි කියලා ආවොත්වෙනදට බෙහෙත් දීලා ගෙදර යවන අයව කෙලින්ම වෝඩ් වලට ඇඩ්මිට් කරන එක කරන්නේ. එතකොට ස්ට්‍රයික් දවස් වලට වෙන්නේ වෙනදට වඩා වෝඩ් එකේ ලෙඩ්ඩු වැඩිවීම සහ ඒ නිසා වාට්‍ටු වෙනදට වඩා කාර්‍යය බහුල වීම.

    වෙන ඕනේම ස්ට්‍රයික් එකක් කරන කොට ලංකාවේ වෘතීය සමිතියක් උන් කිසිම වැඩක් කරන්නේ නෑ. සරළ උදාහරණයක් කියනවනම් 2014 හෙදියන්ගේ වර්ජනයක් තිබ්බා. උන් කෙලින්ම බෙහෙත් කබඩ් ලොක් කරලා යතුරු හංගලා ගිහින් තිබ්බේ. ඒ යතුරු නැති නිසා ඉබ්බෝ කඩලා ලෙඩ්ඩුන්ට වෙනදා නර්ස්ලා කරන වැඩත් එක්ක බෙහෙත් කලේ වෛද්‍යය වරු. බස් සංගම් වර්ජනය නම් බස් දුවනවද බං පාරේ? නමුත් ස්ට්‍රයික් කියලා OPD විතරක් වහගෙන අනික් ඔක්කොම වැඩ කරන එකම කොට්ටාශය තමයි ලංකාවේ වෛද්‍යය වරු.

    විශ්වාස කරනවනම් විශ්වාස කරපන් නැත්නම් නිකන් හිටපන් අපිත් ඊයේ අපේ ක්ලිනික් එක කලා. ලෙඩ්ඩු එක්කෙනෙක් ගෙදර යැව්වේ නෑ නිකන් හරවලා. අපේ මහ එකා හැම ලෙඩෙක්වම බැලුවා අපි ලෙඩාගේ තොරතුරු පොතේ සටහන් කරලා ඌට යැව්වම. අනික මම ඔන්කෝල් ඊය උදේ 8 ඉඳන් අද උදේ 8 වෙනකන්. ඊයේ හවස සීසර් සැත්කම් තුනක් කලා තුනෙක් දෙකක් හදිසි එව්වා නෙමෙයි නමුත් සති 38 + බබා ගන්න ඕන එව්වා නිසා හදිසි කරලා දාලා කලා. මම ඊයේ රෑ නිදියද්දි 1 යි. වෙනදට කලින් නිදියනවා රෑට වාත උනොත් ඇහැරන් ඉන්න වෙන නිසා. නමුත් ස්ට්‍රයික් නිසා අමාරු වෙනකන් ඉඳලා රෑ 9 - 10 වෙද්දි බබා ලැබෙන්න අමාරු වෙලා අම්මලා 5- 6 ක් ආවා. ඒ අය එක්ක ඔට්‍ටු වෙලා නිදියද්දි අර වෙලාව. අද උදේ 5. 30 වෙද්දි වාට්‍ටුවේ පොඩි එකා කෝල් කරනවා ගෑණියෙක් ඇවිත් ලේ පෙරාගෙන ඇබෝශන් කරගෙන (septic abortion) අපි කිසිම දවසක එහෙම එන මනුස්සයෙක්ව පොලීසියට කම්ප්ලේන් කරලා නෑ. ඒ වෙලේම තියටර් දුවලා බඩ හේදුවා. අද උදේ ඉඳන් ඒත් තියටර් එකේ. අපේ වෙන කෙනෙක් ඔන් කෝල් නමුත් අපිත් ගිහින් උදව්වට සීසර් කරලා දුන්නා, ඒ අස්සේ ගර්භාශෙන් පිට බබෙක් හිටලා ඒකත් ඉක්මනට අයින් කලා. අද මම ගෙදර එඩ්දි වෙනදට වඩා පරක්කුයි. ඔය උඩ මම කිව්ව එකක් හරි බොරුවක් නම් මට හෙණ වැදිලා මැරෙන්න ඕනේ.හැබැයි මිනිස්සු කීයක් අපිට හෙණ ගහපන් කිව්වත් අපිට හෙණ ගහන්නේ නෑ නමුත් අපි වැඩ කරනවා. ඔව් අපේ රස්සාව නමුත් ස්ට්‍රයික් එකක් කරන කොට ලංකාවේ වෘතීය සංගමයක් ඒ අස්සේ ස්ට්‍රයික් කිය කියා වැඩ කරන එකම ජීවී කොට්ථාසය වෛදය වරු නිසා.. මොකද මීඩියා කාරයෝ ලකුණු දාගන්න බලාගෙන ඔය එකක්වත් මාධ්‍යයට දෙන්නේ නෑ. උන් OPD එකෙන් ඇතුලට එන්නේ නෑ වාට්‍ටු වලට කැමරාව උඩ්ඩන් එක බල්ලෙක් ICU එකට එබිලා බලන්නේ නෑ. මොකද එහෙම උනොත් උන්ට මාකට් කරන්න නිවුස් නෑ.

    අන්තිමට මේක කියන්නම් ලංකාවේ වෛද්‍යවරු හරියට ස්ට්‍රයික් කලොත් අන්න එදාට දවසක් ඇතුලේ ලංකාව පුරා ගොඩ ගැහෙන මිනී ගනන උඹට හිතා ගන්නවත් බැරි වේවි.මේ ගැන මෙතනින් එහාට කිසිම දෙයක් කියලා වැඩක් නෑ. "ඉ‍ටුකොට කළ යුතු යුතුකම් - ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුලුවන් නම් - නුඹයි මගේ පුතා උතුම්"
    :love::love:
    ගොඩක් දේවල් තියෙනව කියන්න. මෙතන කියල වැඩක් නෑ. කිව්වත් තේරුම් ගන්න උත්සාහ කරන්න තරම්වත් විවෘත මනසිකින් ඉන්නෙ කීපදෙනයි. ඇරත් නිකන් ගෙදර ඉන්න මිනිස්සුන්ට හචිං යවන්න ඕන නෑනෙ...:rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වීකෙන්ඩ් වලට ගොඩක් කොන්සෝ වාට්‍ටුවේ ඉන්න Intern Medical Officers ලගෙන් කැශුවල්ටි වීක් එන්ඩ් එකක් නෙමෙයි නම් ඒ කිව්වේ ඇඩ්මිශන් එන්නේ නැති වීකෙන්ඩ් එකක්නම් එකෙක්ට මාරුවෙන් මාරුවට ගෙදර යන්න දෙනවා. එතකොට අර ඉන්න එකා තමයි තනියම ඔක්කොම බලන්න ඕනේ වාට්‍ටුවේ.

    එක වාට්ටුවකුත් නෙමේ අරයට තිබ්බෙ කීපයක් මයේ හිතේ :D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සයිටම් එක ප්‍රමිතියකට ගෙනල්ල රජයෙන් පාලනය කරලා හරි, සල්ලි දීල යන්පින පුලුවන්ලි වෙන විදියෙ ගත් ක්‍රමවේදකට ඇතුල්වීම හැදුවොත් ඒකට කැමතිද ඔයාල :confused:

    අනේ කැමතියි. නමුත් සල්ලි වලට ERPM එක්සෑම් එක පාස් වෙලා මෙලෝ රහක් නැති ෆොරින් ග්‍රැජුවෙට් අයත් එන එක දැන් නතින් වෙලා තියෙන ලංකාවේ ඔය දේ වෙන්නේ නෑ කීයටවත්. රටක් හරියට පාලනය කරගන්න බැරි කාලකණ්නි ඉන්න රටක ඔය දේ විතරක් හරියටම වේවි කියලා උඹට ශුවර්ද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එක වාට්ටුවකුත් නෙමේ අරයට තිබ්බෙ කීපයක් මයේ හිතේ :D:D

    male and female වාට්‍ටු දෙකම බලන්න තියෙන්නේ ඇති එහෙනම්. :baffled: එහෙම වෙද්දි නම් කෙළ වෙනවා බං. එපා වෙනවා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් මේ ප්‍රශ්නෙට උත්තර දීල ම එපා වෙලා...:D:D
    ඔය ටික වෙනවා නම්, තව මොනවද? එත් ඒටික වෙන්නේ නැති එක නේ ප්‍රශ්නේ.
    අඩුම ගැනේ, ආණ්ඩුවෙන් කිව්වම ළමයි ගන්න එක නවත්තන්න කියල, එකවත් ඇහුවද? නැහැ නේ. ඉතින් එතනින් එහාට කවර කතා ද?

    මෙන්න මේකත් බලල ම ඉන්න.
    https://www.facebook.com/donnipuna.dilshan/posts/801691473313933

    :D:D

    ඒත් කැම්පස් අය කියන්නෙ ඇබොලිශ් කියලමනේ, no pmc කියල,:confused::confused:
    මගේ යාලුව්කුත් ඉන්නවා, ඌත් ඇබොලිශ් ගාගත්තගන්මයි ඉන්නෙ :baffled:

    ඒකට කොහොමත් මිනිස්සු කැමති නෑනෙ තහනං කරන්න කීවාම , , :nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :love::love:
    ගොඩක් දේවල් තියෙනව කියන්න. මෙතන කියල වැඩක් නෑ. කිව්වත් තේරුම් ගන්න උත්සාහ කරන්න තරම්වත් විවෘත මනසිකින් ඉන්නෙ කීපදෙනයි. ඇරත් නිකන් ගෙදර ඉන්න මිනිස්සුන්ට හචිං යවන්න ඕන නෑනෙ...:rofl:

    ඔය පෝස්ට් එක මම වෙලා අරගෙන කෙ‍ටුවෙත් ඊයේ ඔය ඔක්කොම කරලා අද දවස්ල් තව ලෙඩෙක් එනකන් තියටර් එකේ වාඩි වෙලා ඉන්න ටිකට TV එකේ ප්‍රවුත්ති වලට කට්ටිය හෙණ ඉල්ලපු හැටි දැකලා ඇති වෙච්ච කළකිරීමට. නැත්නම් මෙතනත් ඔය කතා ටික කිව්වයි කියලා සත පහක වැඩක් වෙන්නේ නෑ. තව ටිකකින් මාව ජෝක් එකක් වෙනවා ලොවෙත් :D:D
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    :D:D

    ඒත් කැම්පස් අය කියන්නෙ ඇබොලිශ් කියලමනේ, no pmc කියල,:confused::confused:
    මගේ යාලුව්කුත් ඉන්නවා, ඌත් ඇබොලිශ් ගාගත්තගන්මයි ඉන්නෙ :baffled:

    ඒකට කොහොමත් මිනිස්සු කැමති නෑනෙ තහනං කරන්න කීවාම , , :nerd:

    මුලදී standard කරන්න කියපු එවුනුත් , රජයට පවර ගන්න කියන්නේ, දිගටම වෙන වංචා වල හැටියට සහ ආණ්ඩුව කියන දේ වත් අහන්නේ නැති මාෆියා වක් වගේ ව්‍යාපාරයක් නිසා.. ඉතින් උබල හිතනවද, රජයට පවර ගන්නේ නැතුව මේක හරි හමන් විදියකට හදන්න පුළුවන් වෙයි කියල.?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ කැමතියි. නමුත් සල්ලි වලට ERPM එක්සෑම් එක පාස් වෙලා මෙලෝ රහක් නැති ෆොරින් ග්‍රැජුවෙට් අයත් එන එක දැන් නතින් වෙලා තියෙන ලංකාවේ ඔය දේ වෙන්නේ නෑ කීයටවත්. රටක් හරියට පාලනය කරගන්න බැරි කාලකණ්නි ඉන්න රටක ඔය දේ විතරක් හරියටම වේවි කියලා උඹට ශුවර්ද?

    ඕව ඇබොලිශ් කරන්නම කීවාම මිනිස්සුත් කැමති නෑනෙ ඒකයි :D

    ඔව්, ඉතිං ඔය දේනම් වෙන්නෙ නෑනෙ මේ අවුරුදු 60ගානක් ගිහිල්ලත් ජනාදිපතිකම ගැනවත් හරි ස්තාවරේක නැතිව :rofl::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :rofl::rofl:ඒක ඇත්ත තමා, ජනාදිපතිටත් කොන්දක් නෑනෙ:baffled::rofl:, මිනිහම ඕක මෙහෙම කරන්න ඕන කීවට කරන්නෙත් නෑනෙ :rofl::rofl:

    උසස් අද්‍යාපන හා මහාමාර්ග ඇමති කීවාම ඉතිං කොච්චර ගැලපෙනවද :rofl::rofl:

    ඌ පිස්සෙක් බන්.ඕකා කියන ඒවා ගනන් ගන්න එපා.
    ඔන්න අද මම අහගෙන ජල කළමණාකරනයට ආයතනයක් නෑ කියලා කියනවා.ළඟදී තවත් ඇමති කමක් දෙන්න වගේ ලෑස්තිය.ඒ මදිවට මූ කියනවා ලංකාවේ ගෙවල් වලයි රාජ්‍ය නොවන ආයතනවලයි ජල කළමණාකරනය අන්තිමයි කියලා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුලදී standard කරන්න කියපු එවුනුත් , රජයට පවර ගන්න කියන්නේ, දිගටම වෙන වංචා වල හැටියට සහ ආණ්ඩුව කියන දේ වත් අහන්නේ නැති මාෆියා වක් වගේ ව්‍යාපාරයක් නිසා.. ඉතින් උබල හිතනවද, රජයට පවර ගන්නේ නැතුව මේක හරි හමන් විදියකට හදන්න පුළුවන් වෙයි කියල.?

    රජයකට පවරගෙන සල්ලි වලට ඇතුල් කර ගන්නවානම් එල, z score එකෙන් නැතිව , ඕපන් යුනිවසිටි වගේ :confused:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔය පෝස්ට් එක මම වෙලා අරගෙන කෙ‍ටුවෙත් ඊයේ ඔය ඔක්කොම කරලා අද දවස්ල් තව ලෙඩෙක් එනකන් තියටර් එකේ වාඩි වෙලා ඉන්න ටිකට TV එකේ ප්‍රවුත්ති වලට කට්ටිය හෙණ ඉල්ලපු හැටි දැකලා ඇති වෙච්ච කළකිරීමට. නැත්නම් මෙතනත් ඔය කතා ටික කිව්වයි කියලා සත පහක වැඩක් වෙන්නේ නෑ. තව ටිකකින් මාව ජෝක් එකක් වෙනවා ලොවෙත් :D:D

    :yes::yes::yes:

    කලකිරෙනවා, ඊට පස්සේ උන්ටම නැහී ගෙනම වැඩ කරනවා. ආයි කලකිරෙනවා චක්කරේ වගේ ඔය ටික තමයි.

    strike නොකර අකුරට වැඩ කරා, නම් බලන්න තිබ්බ දොස්තරලගේ අගේ, එත් ඉතින් එහෙම කලොත් මිනිස්සු පව් නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඕව ඇබොලිශ් කරන්නම කීවාම මිනිස්සුත් කැමති නෑනෙ ඒකයි :D

    ඔව්, ඉතිං ඔය දේනම් වෙන්නෙ නෑනෙ මේ අවුරුදු 60ගානක් ගිහිල්ලත් ජනාදිපතිකම ගැනවත් හරි ස්තාවරේක නැතිව :rofl::rofl:

    ඇබොලිශ් කියන්නේ රජයට පවරගන්න කියලා North Colombo Medical Faculty එක රාගමක් කලා වගේ SAITM මාලඹේ කරන්න කියලා. එතකොට මුන් ඔය කියන z එක නූලෙන් මිස වෙලා යන්න බැරිවෙන සැබෑ දක්ෂ ලමයින්ට චාන්ස් එක ලැබෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes::yes::yes:

    කලකිරෙනවා, ඊට පස්සේ උන්ටම නැහී ගෙනම වැඩ කරනවා. ආයි කලකිරෙනවා චක්කරේ වගේ ඔය ටික තමයි.

    strike නොකර අකුරට වැඩ කරා, නම් බලන්න තිබ්බ දොස්තරලගේ අගේ, එත් ඉතින් එහෙම කලොත් මිනිස්සු පව් නේ.

    මචන් අකුරට වැඩ කරනවා කියන්නේ මොකක්ද?
    පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    රජයකට පවරගෙන සල්ලි වලට ඇතුල් කර ගන්නවානම් එල, z score එකෙන් නැතිව , ඕපන් යුනිවසිටි වගේ :confused:

    medicine වලට නම් entry criteria එකක් තිබිය යුතුමයි. අනිත් ක්ෂේත්‍ර ගැන නොදනී. අනිත් ක්ෂේත්‍ර ගැන දන්නා අය ඒ ගැන කියාවි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඌ පිස්සෙක් බන්.ඕකා කියන ඒවා ගනන් ගන්න එපා.
    ඔන්න අද මම අහගෙන ජල කළමණාකරනයට ආයතනයක් නෑ කියලා කියනවා.ළඟදී තවත් ඇමති කමක් දෙන්න වගේ ලෑස්තිය.ඒ මදිවට මූ කියනවා ලංකාවේ ගෙවල් වලයි රාජ්‍ය නොවන ආයතනවලයි ජල කළමණාකරනය අන්තිමයි කියලා.

    :yes::yes: අන්තිමේදි 225ම ඇමතිලා කරනවා :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :yes::yes::yes:

    කලකිරෙනවා, ඊට පස්සේ උන්ටම නැහී ගෙනම වැඩ කරනවා. ආයි කලකිරෙනවා චක්කරේ වගේ ඔය ටික තමයි.

    strike නොකර අකුරට වැඩ කරා, නම් බලන්න තිබ්බ දොස්තරලගේ අගේ, එත් ඉතින් එහෙම කලොත් මිනිස්සු පව් නේ.

    මේ ප්‍රොෆෙශන් එකේ කළකිරීම විතරයි බං. මේ නොවැම්බර් උඹලට ඇපොයින්ට්මන්ට් දේවිනේ එදාට බලාගනින්. මැරෙනකන් කළකිරීම. හැබැයි එකක්. තමාගේ 100% රස්සාවට දීලා ඒක කැපවීමෙන් කරලා බලපන්කෝ කෙළවෙනවා, වාත වෙනවා සුපිරියටම. හැබැයි ඒකෙන් වෙන්නේ මැරෙද්දි යන්න වෙන පෙට්ටිය පුරෝගන්න තව තවත් චාන්ස් ලැබෙන එක. සොබාදහමෙන් තව තවත් දෙනවා මෙන්න මේකත් කරලා තව ටිකක් මැරෙද්දි ගෙනියන්න එකතු කරගනින් කියලා. අදටත් මගේ ඔන් කෝල් නයිට් වලට වෝඩ් ස්ටාෆ් එකේ අය සට තියරට් එකේ අය කැමති නැහැ.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මචන් අකුරට වැඩ කරනවා කියන්නේ මොකක්ද?
    පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ

    කරන්න නියමිත් වැඩ ටික විතරක් කරන එක. එහෙම කලොත් theater ලිස්ට් double වෙනවා දවසක් දෙකක් ඇතුලත. මොකද අස්සෙන් දම දම කොහොම හරි operation කරන එක නවතිනවා.
    ඒ වගේම අවශ්‍ය පහසුකම් නැත්නම්, ඒ procedure එක නොකරම අරිනවා. දැන් නම් කරන්නේ, තියෙන සම්පත් කොහොම හරි පාවිච්චි කරලා කරන එක නේ.
    ඔය එක පැත්තක් විතරයි. තව ඔය වගේ ගොඩක් වෙනවා එහෙම කලොත්. හැබැයි එකෙන් වදින්නේ අමාරු ලෙඩ්ඩුන් ට. එකයි පව් කිව්වේ.
     
    Last edited: