Chocalate Cake rahata hadanna

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    චොකලට්… චොකලට් වලට අකමැති කෙනෙක් ඉන්නව නම් ඒ බොහොම කලාතුරකින්. ලොකු කුඩා බේදයක් නැතුව චොකලට් වලට මනාප ඕනම කෙනෙක් අනිවාර්යයෙන් චොකලට් කේක් කෑල්ලක් රස බලන්න බෑ කියන්නෙ නෑ. හැබැයි සුපර් සොෆ්ට් මොයිස්ට් චොකලට් කේක් කෑල්ලක් අපිට නිතරම හම්බෙන දෙයක් නෙවෙයි. කඩේකින් ගත්තොත් වියලි පැත්තට බර, ඒ තරම්ම චොකලට් රසකුත් නැති බටර් කේක් වලටම චොකලට් පාට දාපු ගතියක් දැනෙන කේක් තමා හුඟක් වෙලාවට තියෙන්නෙ. අනිවා අපි ඉද්දි කඩෙන් මොකටද කන්නෙ කේක්? හදමුද රසම රස සුපර් සොෆ්ට් චොකලට් කේක් එකක් ගෙදරදීම? චොකලට් කේක් එකකට අනිවාර්යයෙන්ම බටර් ෆ්‍රොස්ටින්ග් එකත් එනව. මේ හදන්නෙ එහෙම කේක් එකක්. හදලම රස බලමු නේ…[/COLOR]

    1. චොකලට් කේක්
    Perfect-Chocolate-Cake-Recipe-aniwa-02.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය

    පාන් පිටි කප් 2
    සීනි කප් 2
    එළවළු තෙල් හෝ ඔලිව් තෙල් කප් 1/2
    උතුරන වතුර කප් 1
    ෆ්‍රෙශ් මිල්ක් කප් 1
    කොකෝවා පව්ඩර් කප් 3/4
    බේකින් පව්ඩර් තේ හැඳි 2
    බේකින් සෝඩා තේ හැඳි 1 1/2 (ආප්ප සෝඩා)
    ලුණු තේ හැන්දයි
    ක්ෂණික කෝපි කුඩු තේ හැඳි 1
    ලොකු බිත්තර දෙකක්
    වැනිලා තේ හැඳි 2


    පිටි, බේකින් පව්ඩර්, බේකින් සෝඩා, කොකෝවා පව්ඩර් සහ ලුණු එකට මිශ්‍ර කර තුන් වරක් හලාගන්න.
    එයට කෝපි කුඩු සහ සීනි එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. එයට කිරි, තෙල්, බිත්තර සහ වැනිලා එක් කර මධ්‍යම වේගයකින් බීට් කරන්න.
    හොඳින් මිශ්‍ර වූ පසු උණු වතුර එක් කරමින් ඉතාම අඩු වේගයකින් බීට් කරගන්න.
    අඟල් 9 x 9 තැටි දෙකකට හොඳින් බටර් තවරා, තෙල් කඩදාසි දමා කේක් මිශ්‍රණය දෙකට බෙදා දමාගන්න.
    සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 30 – 35 අතර කාලයක් බේක් කරගන්න

    2. ෆ්‍රොස්ටිංග් එකට

    බටර් කප් 1 1/2
    ක්ෂණික කෝපි කුඩු තේ හැඳි 1/2
    කොකෝවා පව්ඩර් කප් 1
    අයිසින් සීනි කප් 5
    ෆ්‍රෙශ් මිල්ක් කප් 1/2
    වැනිලා තේ හැඳි 2


    කොකෝවා පව්ඩර් සහ අයිසින් සීනි ටික වෙන වෙනම හලාගන්න. බටර් සහ කොකෝවා පව්ඩර් බෝල් එකකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.
    කිරි සහ අයිසින් සීනි මාරුවෙන් මාරුවට ටික ටික එක් කරගනිමින් මිශ්‍ර කරගන්න. අවසානයට වැනිලා සහ කෝපි කුඩු එක් කර මිශ්‍ර කරගන්න.
    මිශ්‍රණය තද වැඩි නම්, වියලි නම් තව කිරි ස්වල්පයක්ද, දියාරු ගතිය නම් තව අයිසින් සීනි ටිකක්ද එක් කරගන්න.
    කේක් දෙකම තැටි වලින් ඉවත් කර නිවෙන්නට හැර සාදාගත් බටර් ක්‍රීම් අයිසින් එකෙන් සැන්ඩ්විච් කර කැමති නම් කේක් එකම බටර් ක්‍රීම් වලින් ආවරණය කරගන්න.


    3. බිත්තර නැති චොකලට් කේක්

    බිත්තර නොදා කේක් කන අපේ වෙජිටේරියන් කට්ටියත් චොකලට් කේක් කන්න ආස නැතුව නෙවෙයිනෙ. මේ එග්ලස් චොකලට් කේක් රෙසිපි එකක් එහෙම හදන්න කැමති අයට.



    අවශ්‍ය ද්‍රව්‍ය

    පාන් පිටි කප් 4 1/2
    සීනි කප් 3
    කොකෝවා පව්ඩර් කප් 1
    එළවලු තෙල් හෝ ඔලිව් තෙල් කප් 1
    වතුර කප් 3
    බේකින් සෝඩා තේ හැඳි 3 (ආප්ප සෝඩා)
    ලුණු තේ හැඳි 1/2
    වැනිලා තේ හැඳි 3


    වියලි ද්‍රව්‍ය සියල්ල එකට එක් කර හොඳින් කලවම් කරගන්න. එයට තෙල්, වතුර සහ වැනිලා එක් කර බීට් කරගන්න.
    බටර් තවරා ඔයිල් පේපර්ස් දමාගත් 9×12 තැටියකට දමා සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උඳුනක දමා පැයක් බේක් කරගන්න.
    :yes::yes::yes::yes:[/SIZE]
     
    Last edited: