වාහන හින්ද කාපු කටු ...3

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Engine Power එකේ ප්‍රශ්නයක් නෙමෙයි බන් Evo ප්‍රශ්නේ තිබුනේ...
    Hardcore ස්පෝර්ට් කාර් එකක් කොම්ෆෝටබල් ස්පෝට් කාර් එකක් කරාම වෙන දේ තමා Evo එකට උනේ...

    Honda Integra Type R DC2 to DC5
    Honda NSX 1gen to 2nd gen
    Honda Civic Type R EK9 to EP3
    Nissan Skyline GTR R34 to R35 GTR
    Mazda RX7 to RX8
    Toyota Celica 6th Gen to 7th Gen
    BMW M3 E46 to E90

    මේවටත් කලින් කිව්ව සිද්දියම තමා උනේ...
    Soon to be Subaru WRX Sti

    :(:(:(එතකොට මෙයාල රේස් පදින එක අතාරින්ඩද මන්දා හදන්නෙ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    CV හින්දා කාපු කටු.:cool::cool:

    කටු ත්‍රෙඩ් එකේ කටු අඩු නිසා පුලුවන් විදියට ලියල දාන්නෙ. වන් මෑන් ෂෝ නිසා ගොඩක් පිලිවෙලට ෆොටෝ ගහගන්න බැරිවුනා. :sorry:

    මුලින්ම කියන්න ඕනේ ඉනර් CV ලේසියකට යන්නෙ නෑ.:yes: සෑහෙන කාලයක් දුවන්න ඕනෙ. ඒ වගේම පෙට්‍රල් එකක මේ බලපෑම අඩුයි මං හිතන්නෙ. ඩීසල් එකක එන්ජින් බ්‍රේකින් වැඩි නිසා රේස් කරනකොට ක්ලච් එක දෙනකොට මේ සීන් එක හොඳට තේරෙනව. :yes::yes:

    ඉනර් CV එකේ මෝක්හරි කේස් එකක් තියනව කියල නෝට් වුනේ මීට මීට 15000km වලට විතර කලින්. අපේ සමහරුන්ට මතක ඇති මං අර ස්ටියරින් රැක් එක එක්ක කට්ටක් කෑව. ඒ දවස්වල CV බූට් එකක් ගිහිල්ල තිබ්බ වෙලාවෙ දාන්න ගලවනකොටත් ඉනර් CV එකේ තරමක ප්ලේ එකක් තිබ්බ කියල තේරුනා.:yes: ඒ කටුව මෙතනින් බලන්න දැකපු නැති අය.:)

    http://www.elakiri.com/forum/showpost.php?p=21325530&postcount=15519

    ගොඩක් අය දන්නව CV ජොයින්ට් ගියාම තේරෙන්නෙ කොහොමද කියල. ලේසියෙන්ම තේරෙන දේ ස්ටියරින් එක කපල වංගුවක් ගන්නකොට ටක ටක ගාලා සද්දෙ එන එක. ඒ අපි CV ගිහිල්ල කියල කියන්නෙ රෝදෙ ගාව තියන CV ජොයින්ට් එක. ඒක තමා ගොඩක් වෙලාවට යන්නෙ.

    මේ ගැන ගොඩක් අය දන්නව ඇති. හැමෝටම දැනගන්න පොඩි විතරයක් දාන්නම්.:yes:

    හැබැයි ගොඩ්ක් වෙලාවට කතා නොකරන තව එක්කෙනෙක් ඉන්නව. ඒ තමා ඉනර් CV එක. නැත්නම් ගියර් බොක්ස් එක ගාව තියන CV එක.

    dl4q4Hw.jpg


    මේ ඇනිමේෂන් එක ගොඩක් අය දැකල ඇති. මේ රෝදෙ ගාවත් තියන CV එක.

    i5j1IoM.gif


    ඉනර් CV එක මෙන්න මේ වගේ.

    HiwlFfI.jpg


    w6CMGl1.gif


    මෙයාගෙ තියෙන විශේෂ වෙනස තමා මෙයාට පවර් එක ඈන්ගල් එකකට හරවල දෙන්නත් පුලුවන් ඒ වගේම ඔය තියන බැරල් එක දිගේ එහෙට මෙහෙට ගිහිල්ල ෂාෆ්ට් එකේ දිග අඩු වැඩිකරල දෙන්නත් පුලුවන්. ඒක වැදගත් වෙන්නෙ සස්පෙන්ෂන් වලින් රෝදෙ උඩපාත යනකොට.:yes::yes:

    දැන් ඉතින් වුනේ මෙන්න මේකා ගෙවිලා වාතවෙන්න ගත්ත එක. මේක ගෙවුනම කෙලින් පාරෙ යද්දි සද්ද වෙන්න ගන්නව. ලෝ ගියර් එකක ඇක්සලරේට් කරල කකුල ගන්න වෙලාවට. ගියර් එකකට දාල ක්ලච් එක ගන්න වෙලාවට. ට්‍රැෆික් එකේ පිකප් කරල ආයිත් ස්ලෝ වෙනකොට ටක් ටක් ගගා වැදි වැදි යනව තේරෙනව. :yes::yes::yes:

    ඔන්න දැන් මේක මාරුකරනව කියල හිතාගෙන. බඩු අරන් එන්න කියල ගියා. අපේ පැත්තෙ මොබිල් ගියර් ඔයිල් තිබ්බෙ නැති නිසා අපේ කිරියෙම යාලුවෙක්ගෙ මාම කෙනෙක්ගෙ කඩේකින් ඔයිලුත් අරගෙන එන්න ගියෙ. 110 CV ජොයින්ට් ගොඩක් කඩවල තියනව වාතවෙන්න දෙයක් නෑ. හැබැයි පුතෝ බඩු ගන්න ගියාම තමා තේරුනේ තියෙන්නෙ රෝදෙ පැත්තෙ CV එක විතරයි කියල. අනික අලුතින් එන්නෙ නෑලු.:growl:

    ටොයොට ලංකා එකේ ඇහුව ඇක්සල් සෙට් එක තියනව කිව්වෙ එක පැත්තක් 1යි 22ක් කිව්ව.:lol: උන්ගාවත් CV එක වෙනම නෑ කිව්ව.

    ඔන්න සිංහලු ඔයිලුත් අරගෙන එදා මහරගම දෙල්කඳ හරියෙ බලන්න පුලුවන් වෙච්ච කඩවල ඇහුව බඩු තියෙයිද කියල රීකන්ඩිෂවත් ගන්න. ම්හු. හැම එකාම නෑ කියනව. එක තැනක තියනව කිව්ව ඇක්සල් එක පිටින් ඒත් ඉනර් CV එක නෑ කිව්ව. :sorry:

    තරමක් අඳුරණ අංකල් කාරයෙක් ඉන්නව මහරගම කිට්ටුව කයක් කරන. පොර ගාවට ගියාම පොර කිව්ව ගලවන් එන්න හොයල බලමු ගැලපෙන එකක් හොයාගන්න පුලුවන් වෙයි කියල. ඔන්න සිංහලු ඊලඟ දවසෙ කාර් එක කොට උඩ තියල ගලවන්න ගත්ත.:yes::yes:

    CV පන්නන කලින් ඇක්සල් නට් එක ගලවන් ඉන්න ඕනෙ. ඒකට ඉතින් මුලින්ම රෝදෙ ගලෝල පින් එකක් තියනවනම් පින් එක පන්නල, කොලර් එක තලන නට් එකක්නම් ඒක ආපහු දිග ඇරල ඉන්න ඕනෙ.:yes:

    Ug7k1EZ.jpg


    ඊට පස්සෙ ඉතින් ආපහු රෝදෙ දාල තඩි (හොඳ) බොක්ස් කෑල්ලක් දාලා හෙන ගේමක් දීල ගලවගන්න තියෙන්නෙ.:yes:

    6Az5qq8.jpg


    yDUYONZ.jpg


    ඔය බටෙත් දාලා ඒක උඩ නැගලා උඩ පැනල තමා ගැලෙව්වෙ. පේනවනෙ කොහොම තදටද තිබ්බෙ කියල.:baffled:


    Mcvbkc8.jpg


    ඊට පස්සෙ බ්‍රේක් කැලිපර් ඩිස්ක් එහෙම ගලවලා ඉන්න ඕනෙ.:yes:

    jM7l0lZ.jpg


    0FLSRD0.jpg


    ඊට පස්සෙ තියනව ලෝවර් කන්ට්‍රෝල් ආර්ම් එක පන්නගන්නයි රැක් එන්ඩ් එක පන්නගන්නයි. මේව හිරවෙලා තිබිල වාතවෙන්න පුලුවන් තැන්. :dull:(කොයිවෙලේවත් කෙලින් මිටිවලින් ඇණ වලට තඩි බාන්න එපා.:no:)

    1HxvAxq.jpg


    IdZHuWD.jpg


    ඊට පස්සෙ දිග නියනක් වගේ එකක් අරගෙන ඒක ඉනර් CV එකේ එලියට තියල මිටිපාරක් දීල CV එක පන්නගන්න පුලුවන් ගියර් බොක්ස් එක ගාවින්. (ගියර් ඔයිල් අයින් කලේ නැත්නම් ඔයිල් නාන්න පුලුවන්.:yes::P)

    Lafg90t.jpg


    ඊට පස්සෙ හෝ කලින් රෝදෙ ගාවින් පන්නගන්නත් පුලුවන්.:yes: පාරක් ගහල පන්නගන්න හදන්නෙ මෙන්න මෙයාව. මෙයාගෙන් තමා ගියර් බොක්ස් එක ගාවින් ලොක් වෙලා තියෙන්නෙ. සමහරවෙලාවට පනින්නෙ නැතුව වාතවෙන්න පුලුවන් ඒ නිසා ඕනවට වඩා තඩි බාන්නත් එපා.:)

    W0GO79z.jpg



    ඔන්න යන්තම් ඇක්සල් දෙක පිටින්ම පන්නගත්තා. අරගෙන ගියා අඳුරන අංකල් කාරය ගාවට. ගිහිල්ල පොරගෙ මුලු කඩේම ඇද්දා. සන්තෝසයි සිංහලුනේ හම්බවුනා එකක්. හැබැයි එක පැත්තක ඇක්සල් එකක් විතරයි. එකක් විතරක් දාල වැඩක් තියනවයෑ. අංකල් කාරය කිව්ව ඒ පාර යාඩ් එකේ හොයල බලන්න අනිත් පැත්ත තියෙන්න ඕනෙ හෙට හියල ගෙනත් තියන්නම් කියල. මං ඉතින් ඒපාර එකක් පොරගාව තියල හෙට එන්නම් කියල ගියා.

    ඊලඟ දවසෙ උදේම ගියා තාත්තත් එක්ක. වාසනාවන්තයි සිංහලු අනිත් පැත්ත නැහැලු.:sorry:

    දැන් ඉතින් කොරපන්කො. :growl:ඒපාර මගදිගට තියන කඩ හැම එකක්ම පීර පීර හොයන්න ගත්ත. මං කලින් ගියපු කඩවලටත් දන්නෙ නෑ වගේ ඇක්සල් එක උස්සගෙන ගිහිල්ල ඇහුව.:lol:

    තව තැනක තිබ්බ එක පැත්තක්. ඒත් අර අංකල් ගාව තිබ්බ පැත්තමයි. :sorry: කොට්ටාවෙ ඉඳන් නුගේගොඩට එනකම් ඔක්කොම තැන වල බැලුව. දෙක තුනක් විතරයි යන්න බැරිවුනේ. ඔන්න ඒපාර ආපහු හරවගෙන ආව මග ඇරිච්ච තැන් වල බලන්න. එහෙම බලාගෙන එද්දි එක තැනක CV ගොඩක් ඇදල බැලුව බඩු තිබ්බෙ නෑ.

    පස්සෙ කඩේ අයිතිකාරය ඇවිල්ල විස්තර අහල වාහනේක මූනක්ද කොහෙද තිබ්බ කියල උන්ගෙ යාඩ් එකක අහල බලන්නම් කියල වටේට කෝල් කලා. ඒත් හරි උත්තරයක් හම්බවුනේ නෑ. පස්සෙ පොරට නම්බර් එකත් දීල හම්බවුනොත් කියන්න කියල ආව. මගදි කනකොට කඩේ එකා කෝල් එකක් දුන්න දැපැත්තම තියනව ගෙනත් දෙන්න පුලුවන් යාඩ් එකේ තියෙන්නෙ කියල. ඒපාර ඉතින් ආපහු ගියා කඩේට. ගිහින් බඩු ටික ගේනකම් වාහනේට වෙලා පැය දෙකක් විතර බලන් හිටිය.:sorry::sorry:

    හම්මේ යන්තම් කඩේ එකා වාහනේක පටවල බඩු ටික එවල තිබ්බ. සන්තෝසයි සිංහලු ඇක්සල් සෙට් එක හොඳ තත්වෙන් තිබ්බ. කඩේ එකා බිස්නස් එක කරගත්ත කියල දන්නව ඒත් ඉතින් බඩු තිබ්බෙ නෑනෙ. කරන්න දෙයක් නෑ එක පැත්තක් 14500ක් වුනා. අරගෙන ආව ඉතින්.:dull: යට තියෙන්නෙ අලුත් ඇක්සල් දෙක.

    j0D4I90.jpg


    ගෙදර එද්දි හොඳ පන ගිහින්.මගෙ කකුලෙ කේස් එකක් තියනව කලින් ඇක්සිඩන්ට් එකක් නිසා. දනිස්සත් හොඳටම රිදෙන්න ගත්ත ඇක්සල් උස්සගෙන ඇවිදල. :dull:

    ඔන්න සිංහලු ඊලඟ දවසෙ උදේම පටන් ගත්ත හයිකරන්න.:yes:

    තිබ්බ CV වල අලුත් බූට් දාල තිබ්බෙ. ඒ නිසා මං හිතුව බූට් සෙට් එක මේකට මාරුකරල දානව කියල. එහෙම හිතල ඔන්න පැන්නුව එක පැත්තක ඉනර් CV එකක බූට් එකක්.

    හප්පටසිරි ඇතුලෙ කහපාට ලික්විඩ් එකක් වගේ.:shocked:

    confused-jack-sparrow-wut.jpg


    එකපාරටම හිතුනෙ බූට් එක අස්ස්ට වතුර ගිහිල්ලවත්ද කියල.:rolleyes: පස්සෙ තේරුනා එහෙම කේස් එකක් නෙමේ කියල. :yes: අනිත් පැත්තෙ තිබ්බෙ අපි නෝමල් පාවිච්චි කරන ජාතියෙ ග්‍රීස් එකක්.:yes:

    මේ තියෙන්නෙ දෙපැත්තෙ ග්‍රීස් වල වෙනස.

    VYnzYXi.jpg



    ඇත්තටම මේ ජාති දෙකක ග්‍රීස්. මාත් මෙච්චර කල් දැනන් හිටියෙ නෑ. මොකද මෙහෙ තියෙන්නෙ එක ජාතියක ඒව විතරයි ගන්න කඩ වල අය දන්නෙත් නෑ.:dull:

    මේ වෙනස තියෙන්නෙ ජොයින්ට් දෙකේ ඇතුකෙ තියන කැලිවල වෙනස්කම් නිසා. ඉනර් CV එකේ තියනව පොඩි නීඩ්ල් බෙයාරින් සෙට් එකක්.

    JmdeRq0.jpg


    ඉතින් මේ පැත්තට එන්නෙ ලික්විඩ් එකක් වගේ ග්‍රීස් එකක්. ඒකෙ තව ඇඩිටිව් ගොඩක් තියනව කියල දැක්ක හොයල බැලුවම.:yes:

    ඒ වගේම රෝදෙ පැත්තෙ CV එකේ එන්නෙ ලොකු බෙයාරින් බෝල සෙට් එකක්. ඒකට ඉතින් එවල තියෙන්නෙ ඊට වඩා ඝනකම එතනට සුදුසු ග්‍රීස් එකක්. :yes:

    F720Reo.jpg



    උදාහණෙකට අපේ හොන්ඩ අනාථයගෙ බ්‍රෑන්ඩ් එකේ එන විදිය මේ.:yes:

    lZTAZIY.jpg
    7u7SkdF.jpg



    (නෙට් එකේ සමහර අය නම් දෙකටම ගැලපෙන එක ජාතියක් පාවිච්චි කරන්න කියල තිබ්බ. ඒත් මෙහෙම එවල තියන එකේ ඉල්ලන් කන්න ඕනෙ නෑනෙ)

    බූට් මාරුකරන්න ගියොත් ඉනර් CV එකේ ග්‍රීස් ටික අහක යන නිසා රෝදෙ ගාව එකට විතරක් ගෙනල්ල තිබ්බ ග්‍රීස් එකෙන් ටිකක් දාල ඔන්න ඇක්සල් සෙට් එක හයිකරන්න ගත්ත.

    යන්තම් එහෙමෙහෙ කරල තාත්තගෙත් උදව් ඇතුව ඇක්සල් සෙට් එක ඔබාගත්ත ආපහු ඇතුලට.:yes::yes:

    XTAR3Rw.jpg


    d23rZII.jpg


    uHBnnei.jpg


    දැන් ඊලඟට තව වැඩක් තිබ්බ. ගියර් ඔයිල් මාරුකරන එක. සැහෙන කාලෙකින් ගියර් ඔයිල් මරුවෙලා තිබ්බෙ නෑ. මේකට ආසන්නව ලීටර් දෙකහමාරක් විතර අල්ලනව.

    HKq7D4r.jpg


    ගියර් ඔයිල් දාන්න මේ වගේ අයිටම් එකක් අටෝගන්න වුනා. නැත්නම් දාන්න බෑ.:no:

    msVuFSG.jpg


    ඩ්‍රේන් නට් එක ගැලෙව්වා...:yes:

    JAMdedv.jpg


    Wdlj5ov.jpg


    දාන්න තියන තැනින් ඔයිල් එලියට එනකම් දැම්ම. :yes:

    hUomR3o.jpg


    එච්චරයි.:cool:

    හම්මේ ඔන්න යන්තම් වාත කේස් එක ඉවර වුනා. කෑලි මුකුත් ඉතුරුවුනේ නෑ නේද කියල බැලුව. සේරම ටික ආයි මතක් කරල බැලුව. දාල බැලුව වටයක්.:yes::yes:


    DX1wthu.gif


    එලකිරි සිංහලු වැඩේ ගොඩ. හොඳට කපල පිකප් කරල එහෙම බැලුව රෝදෙ ගාව CV දෙකත් හොඳයි ඇක්සල් එකේ. ඒකත් කාලයක් දුවාගන්න පුලුවන් වෙයි කියල හිතනව.:) සද්ද බද්ද ටික ඔක්කොම ගියා යන්තම්.:D

    ඔන්න ඔහොමයි ඉතින් බඩු හොයාගන්න නැතුව හෙන කට්ටක් කන්න වුනේ.:yes: ඔයින් ගියා මදෑ කියල හිතාගත්ත ඉතින්. :rofl:

    අන්තිම වශයෙන් කියන්න දෙයක් තියනව. වාහනේ යට රිංගනවනම් වාහනේට එන ජැක් එක විතරක් ගහල යට රිංගන්න එපා. ජැක් ස්ටෑන්ඩ් දෙකක් ගන්න වැඩි ගානක් වෙන්නෙ නෑ. ඒවත් තියල ජැක් දෙකකුත් බැකප්ප් එකට තියල රෝදෙත් වාහනේ යටට දාල තමා තිබ්බෙ ඔය වැඩ ටිකට.

    WGjrjKl.jpg



    මොකද සස්පෙන්ෂන් කෑලි පන්නන තඩි බාන වෙලාවට එහෙම ජැක් පනින්න පුලුවන්.:dull:

    අමාරුවෙන් කියවපු සැමට ස්තූතියි. :D:D:D

     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Mitsubishi lost their popularity not because they couldn't sell their flagship car, their management is to blame for the company going downhill. They had the worst dealerships in many countries which couldn't provide a satisfactory ASS, their dealership / service networks were small compared to other manufacturers; Mitsubishi turned a deaf ear towards the customers who were complaining of the quality of service they received - they kept pushing outdated vehicles when other manufacturers atleast offered a cosmetic facelift once every two years. There are many more reasons but ultimate result was their sale figures going down year by year.

    To add injury to insult Mitsubishi caught red-handed falsifying gas-mileage tests from 1991. This paved the way for Renault - Nissan alliance to buy the controlling stake of shares of MMC.

    Now they're trying to make a comeback by offering longer warrenty periods and new vehicle models (Eclipse cross) and the Lancer, too, got a cosmetic facelift after 9 years in 2016.

    Let's see what the future holds for the MMC under new management :yes:

    :lol: :lol: :lol: :lol:
    Unsuccessful Company and a Failed Business

    අම්මෝ...හිත හදාගෙන මිට්සුබිෂියක් ගන්නේ කෝමද.... :shocked: :shocked: :shocked:

     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    CV හින්දා කාපු කටු.:cool::cool:

    කටු ත්‍රෙඩ් එකේ කටු අඩු නිසා පුලුවන් විදියට ලියල දාන්නෙ. වන් මෑන් ෂෝ නිසා ගොඩක් පිලිවෙලට ෆොටෝ ගහගන්න බැරිවුනා. :sorry:

    ...........


    කටු කතරට දිය දෝතක් :love::love::love:
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    GTR - 540HP - 1740Kgs
    Civic EF - should be around 200hp, also around 800Kgs considering the stripped interior

    which give these Power to Weight ratios,

    GTR - 3.2kg/hp
    Civic EF - 4kg/hp

    Also less Weight = Better Handling

    I'm 100% sure that even with the same driver, that Civic will record a faster lap time compared to the GTR.


    මේ කතාවටනම් එකග වෙන්න බෑ මචන් කොහෙත්ම torque+DCT
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113

    :lol: :lol: :lol: :lol:
    Unsuccessful Company and a Failed Business

    අම්මෝ...හිත හදාගෙන මිට්සුබිෂියක් ගන්නේ කෝමද.... :shocked: :shocked: :shocked:


    In my case the Lancer was the car which made me a Mitsubishi fan. Lemme tell how I made my mind to buy a Mitsubishi - The main reason was how the car made me feel when test driving it. I had never experienced that much confidence when driving - the confident feeling you get when clearing a corner, that tight feel of the steering, the suspension keeping the car on the road like it's on rails... I had experience driving almost all the cars in this segment, Toyota models, Honda FDs, Mazda Axelas etc. None of them felt this much "right". It wasn't the most comfortable ride, the suspension whilst helping with handling didn't do much to hide road imperfections. Tyres made a phenomenal road noise :lol:
    ...But it was perfectly put together, the engine room was well protected from road debris, the underside was coated with rust-proof paint, had 16'' wheels with 205/60R16 tyres (bigger than most of the cars of this segment), had the ol' reliable conventional auto transmission while most cars on this segment had CVTs, overall everything about the car felt really solid. The authorized agent for Mitsubishi was well praised by the Mitsubishi owners for their after sales service - so I made my mind at last and pulled the trigger.

    After owning the car for nearly 3 years I think I've attained the highest form of Mitsubishi fanboyhood :D I'm in love with the car to the point that I'm determined to never ever sell this car - even if I buy another car in the future I won't let go of this till my last breath leaves my lips. :yes: (touch wood) this car proved to me again and again this is the perfect car for me - it was the only car which didn't scrape its underside when I drove it through rough terrain with my friends who owned JDM Toyotas. I could keep up with any speeding vehicle I meet on my commute to work. It didn't burn a hole in my pocket to get the routine maintenance done by the agent. It gives good gas mileage. It's reasonably comfortable. It's a definite head-turner, and a rare sight on Sri Lankan roads.

    What more could I possibly ask for? :)

    Edit: Like isurueka said, Maruti Suzuki is a very successful company and a thriving business - but we all know how their cars make us feel when driving one don't we?
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡

    Ganna Car ekak Kiyapallako Lankawen newei dubai walin :yes: Ona karana jathi

    Sporty look ekak thiyenna ona
    issaraha passe disk break thiyenna ona
    daily use wenawa 60KM ta wada

    Denata hodai kiyala hithena hithata allapu nethi models

    camery :sorry:
    ultima :sorry:
    civic :nerd:

    Ah ganath below 35000 thami ithin max:( ekath mase gane gewagena yanna hadaganna ona so eka nisa second hand new model ekak balanne help ekak diyallako 1st experience nisa car gena melo hasarak nodinimi :)


    bump
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේ කතාවටනම් එකග වෙන්න බෑ මචන් කොහෙත්ම torque+DCT

    You sure???

    1st Example:

    80 මැද බාගේ Formula 1 වලට පාවිච්චි කරපු Engine වල power output එක සාමාන්‍යයෙන් 1300hp-1500hp විතර... 1989 Turbo Engines Ban කරට පස්සේ Power Levels සෑහෙන්න පහලට බැස්ස.. 1995-2005 කාලේ පාවිච්චි කරපු 3.0L V10 එන්ජිමක සාමාන්‍ය Power output එක 950hp, ඊට පස්සේ 2006-2013 කාලේ පාවිච්චි කරපු 2.4L V8 වල පවර් එක සාමාන්‍යයෙන් 700-750hp වගේ පවර් එකක් තිබ්බ.. 2009න් පස්සේ KERS System allowed කරපු නිසා එතනින් පස්සේ ඒවා අමතක කරමුකෝ..

    2009 වෙද්දී පවර් එක 80 මැද බාගේ තිබුන ප්‍රමාණෙන් අඩකට අඩු උනා කියල Lap Times දෙගුනෙකින් වැඩි උනේ නෑ... 2009 වෙනකොට 80 කාලේ තිබ්බ Lap Records ඔක්කොම වගේ අලුත් වෙලා තිබ්බේ... ඇත්තම කතාව මේ වෙනකොට අලුත් 1.6L Turbo V6 වලිනුත් පරණ Records බහුතරයක් අලුත් වෙලා තියෙන්නේ...

    ඔය වාහන හැම එකකම වගේ බරෙත් ලොකු වෙනසක් නෑ... පරණ ඒවාට වඩා පවර් ඒකයි Torque දෙකම අඩුයි නම් කෝමද අලුත් වාහනේ ඔච්චර ෆාස්ට් උනේ ?


    Aero Dynamics :cool: :cool: :cool: :cool:

    2nd Example:
    250cc vs Moto2 Bikes

    250cc era - 2 stroke, 250cc, ~100Hp, around 95Kgs

    Moto2 (2010 onward) - 4 Stroke, 600cc, ~140hp, around 130Kgs

    බැලූ බැල්මට අලුත් 600cc Bikes වල Lap times පරණ 250cc බයික් වලට වඩා අඩු වෙන්න ඕනි නේ... හැබැයි ඇත්ත කතාව 250cc Lap Records සහ 600cc Lap Records ගත්තම සමහර Tracks වල තත්පර 3කටත් වඩා අලුත් 600cc බයික් වල ටයිමින් වැඩි..ගොඩක් ට්‍රැක් වල තාමත් Record තියෙන්නේ 250cc බයික් වල...ඒ කියන්නේ පරණ 250cc ඒවා තරම් Fast නැහැ කියන එක... Power and Torque Figures වෙන වෙනම කියන්න ඕනි නෑනේ... 2 Stroke වලට වඩා 4 Stroke වල Powerband eka පළලයි, Low RPM වල Torque එක වැඩි... අනික 250cc බයික් ඔක්කොම Carb Engines... 600cc ඔක්කොම EFI....


    Main Reason : Power to weight Ratio
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    සිංහලු.............


    අලුත් ආරංචියක් තිබේ....අලුත් ඇල්ටෝ එකට එයාර් බෑග් එකක් එනවා ස්ටීරියන් වීල් එකේ...ගානනම් 23.75 ක්....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකෙ ඔය ලොකු කහ ප්ලාස්ටික් කෑල්ලක් එක්ක එන නොසල් එක විතරක් නෑ. කාවොෂ් එකක් හම්බවුනා තව. මං ගත්ත එකේ තියෙන්නෙ කාර් කිට් එක. ඕක හෝම් ඇන්ඩ් ගාඩ්න් කිට් එකද මොකක්ද එක. :yes:

    අර අපේ බඩ තඩියගෙ උපදෙස් පිට තමා ගත්තෙ. :yes:

    :growl::growl: මම උපදෙස් දුන්නේ නෑ..... !! :growl::growl:
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    You sure???

    1st Example:

    80 මැද බාගේ Formula 1 වලට පාවිච්චි කරපු Engine වල power output එක සාමාන්‍යයෙන් 1300hp-1500hp විතර... 1989 Turbo Engines Ban කරට පස්සේ Power Levels සෑහෙන්න පහලට බැස්ස.. 1995-2005 කාලේ පාවිච්චි කරපු 3.0L V10 එන්ජිමක සාමාන්‍ය Power output එක 950hp, ඊට පස්සේ 2006-2013 කාලේ පාවිච්චි කරපු 2.4L V8 වල පවර් එක සාමාන්‍යයෙන් 700-750hp වගේ පවර් එකක් තිබ්බ.. 2009න් පස්සේ KERS System allowed කරපු නිසා එතනින් පස්සේ ඒවා අමතක කරමුකෝ..

    2009 වෙද්දී පවර් එක 80 මැද බාගේ තිබුන ප්‍රමාණෙන් අඩකට අඩු උනා කියල Lap Times දෙගුනෙකින් වැඩි උනේ නෑ... 2009 වෙනකොට 80 කාලේ තිබ්බ Lap Records ඔක්කොම වගේ අලුත් වෙලා තිබ්බේ... ඇත්තම කතාව මේ වෙනකොට අලුත් 1.6L Turbo V6 වලිනුත් පරණ Records බහුතරයක් අලුත් වෙලා තියෙන්නේ...

    ඔය වාහන හැම එකකම වගේ බරෙත් ලොකු වෙනසක් නෑ... පරණ ඒවාට වඩා පවර් ඒකයි Torque දෙකම අඩුයි නම් කෝමද අලුත් වාහනේ ඔච්චර ෆාස්ට් උනේ ?


    Aero Dynamics :cool: :cool: :cool: :cool:

    2nd Example:
    250cc vs Moto2 Bikes

    250cc era - 2 stroke, 250cc, ~100Hp, around 95Kgs

    Moto2 (2010 onward) - 4 Stroke, 600cc, ~140hp, around 130Kgs

    බැලූ බැල්මට අලුත් 600cc Bikes වල Lap times පරණ 250cc බයික් වලට වඩා අඩු වෙන්න ඕනි නේ... හැබැයි ඇත්ත කතාව 250cc Lap Records සහ 600cc Lap Records ගත්තම සමහර Tracks වල තත්පර 3කටත් වඩා අලුත් 600cc බයික් වල ටයිමින් වැඩි..ගොඩක් ට්‍රැක් වල තාමත් Record තියෙන්නේ 250cc බයික් වල...ඒ කියන්නේ පරණ 250cc ඒවා තරම් Fast නැහැ කියන එක... Power and Torque Figures වෙන වෙනම කියන්න ඕනි නෑනේ... 2 Stroke වලට වඩා 4 Stroke වල Powerband eka පළලයි, Low RPM වල Torque එක වැඩි... අනික 250cc බයික් ඔක්කොම Carb Engines... 600cc ඔක්කොම EFI....


    Main Reason : Power to weight Ratio


    ඒක හරි මචන් එත් formula 1 ගැන කතා කරද්දී power එක වැඩී කියල lap time fast වෙනවා කියලම කියන්න බෑ නේද මචන්. power to weight ratio එකට අමතරව Tires, Aerodynamics, Transmission (1980 - 2009), Fuel consumption, driver's and team skills, weight වගේ ගොඩක් දේවල් බලන්න වෙනවා 1980 සහ 2009 කාලය ඇතුලත technology වෙනස්කම් වගේ. පොඩි උදහරනයක් ගමු කලින් V10 එකක fuel flow rate එක 190-210kg/hour අද වෙනකොට V6 1.6L එකක 100kg/hour වගේ වෙනකන් අඩු කරලා power එක ආසන්නව සමානයි torque එක අඩුයි V10 එකට වඩා එත් efficiency වැඩි.

    nissan GTR = 1740kg , 540HP
    power to weight ratio = 540/1740 ------> 0.31HP/kg

    Honda civic = 800kg , 200HP
    power to weight ratio = 200/800 -------> 0.25HP/kg

    power to weight ratio එක වැඩි nissan gtr එකේ ඔයා බලල තියෙන්නේ weight to power ratio එක.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒක හරි මචන් එත් formula 1 ගැන කතා කරද්දී power එක වැඩී කියල lap time fast වෙනවා කියලම කියන්න බෑ නේද මචන්. power to weight ratio එකට අමතරව Tires, Aerodynamics, Transmission (1980 - 2009), Fuel consumption, driver's and team skills, weight වගේ ගොඩක් දේවල් බලන්න වෙනවා 1980 සහ 2009 කාලය ඇතුලත technology වෙනස්කම් වගේ. පොඩි උදහරනයක් ගමු කලින් V10 එකක fuel flow rate එක 190-210kg/hour අද වෙනකොට V6 1.6L එකක 100kg/hour වගේ වෙනකන් අඩු කරලා power එක ආසන්නව සමානයි torque එක අඩුයි V10 එකට වඩා එත් efficiency වැඩි.

    nissan GTR = 1740kg , 540HP
    power to weight ratio = 540/1740 ------> 0.31HP/kg

    Honda civic = 800kg , 200HP
    power to weight ratio = 200/800 -------> 0.25HP/kg

    power to weight ratio එක වැඩි nissan gtr එකේ ඔයා බලල තියෙන්නේ weight to power ratio එක.


    Which means as I said, a 200hp Civic can beat a 540hp GTR.... Torque+DCT doesn't matter..