ඩෙංගු

nalinsen

Member
Nov 6, 2016
716
90
0

(උපුටා ගැනීමකි)

ඩෙංගු ගැන ලොකු කතාබහක් යන නිසා, මේ ටික කියන්නට සිතුනි,

ඩෙංගු රෝග විනිශ්චය කිරීමට පට්ටිකා ප්‍රමාණය බලන බැවින්, සාමාන්‍ය ජනයා හිනන්නේ, ඩෙංගු වල ප්‍රධාන අවුල පට්ටිකා අඩුවිම ලෙසයි. පට්ටිකා යනු දර්ශකයක් පමණක් බව, හොඳින් සමාජගත වන්නේ නැහැ. ඩෙංගු වල භයානක කම, පට්ටිකා අඩු වීම නොව, ප්ලාස්මාව ලීක් වීම(රුධිර නාලවලින් පිටතට යාම) බව, සමාජ ගත විය යුතුයි. ප්ලාස්මාව ලීක් වන ප්‍රමණය වැඩි පුද්ගලයකු කලින් හඳුනා ගැනීමට, පට්ටිකා අඩුවීම දර්ශකයක් ලෙස භාවිත කල හැකි බවත්, එය රෝගයේ බරපතල බවට සෘජුව දායක නොවන බව සමාජ ගත විය යුතුයි .

ඩෙංගු මරන අවීම ආරම්භ වන්නේ ඩෙංගු සාදන වෛරස එකිනෙකට බෙහෙවින් සමාන, ඒත් වෙනස්කම් දරන වෛරස වර්ග කීපයක් ඇති බැවිනි, මෙය ඩෙංගු 1,2,3,4 ලෙස හඳුන්වයි.
ඩෙංගු මුල්වර ආසාදනය හැම විටම සාමාන්‍ය වෛරස උණකි. එමනිසා ඩෙංගු ආසාදනයේ 99%ම සාමාන්‍ය වෛරස උණකි. මෙය බොහොදෙනා සාමාන්‍ය වෛරස උනක් ලෙස පමණක් ගනන් ගන්නකි.
ප්‍රශ්නය ඇති වන්නේ දෙවන වර ආසාදනයෙනි. පෙලවන වර ආසාදනයේදී සෑම වෛරස ආසාදනයකට මෙන්ම මෙයටත් සිරුර ප්‍රතිදේහ නිපදවනු ලබයි. එම ප්‍රතිදේහ නිපදවන සෛල දෙවන වර ආසාදනයක් පැමිණෙන තෙක් නිද්‍රශීලී සවභාවයක සිරු‍රේ වෙසෙනු ලබයි දෙවන වර ආසාදනයක් පැමිණි පසු, කලින් නිද්‍රශීලී වූ සෛල අවදි වී ප්‍රතිදේහ නිපදවනු ලබයි. දෙවන ආසාදනය වෙනත් ඩෙංගු වර්ගයකින් වූ විට සිදුවන්නේ, අනෙක් වර්ගවල ඇති සුලු අසමානතා නිසා, නිපදවන ලද ප්‍රතිදේහ එම වෛරස සඳහා 100%ගැපපෙන්නේ නැති වීමයි. එබැවින් වෛරස විනාශ කිරීම සාර්ථක නොවේ, එබැවින කලබල වන ප්‍රතිශක්තිකරණ පද්ධතිය විශාල ප්‍රමාණ වලින් ප්‍රතිදේහ නිපදවනු ලබයි. කෙසේ හෝ දින දෙක තුනකින් වෛරසය විනාශකිරීමට ඔවුන්ට මෙවරද හැකි වේ. නමුත් සිදුවු කලබල වීම දිගටම පවතී. ඩෙංගු වල මාරාන්තික වන්නේ මේ කලබල වීමයි. එසේ සෑදෙන අතිරික්ත ප්‍රතිදේහ නිසා, ඇතිවන ප්‍රතික්‍රියා නිසා, රුධිර නාල වල සියුම් සිදුරු ඇති වේ. මෙවායින් රුධිර ප්‍ලාස්මාව අන්තර්ශෛලීය අවකාශයට ලීක් වීම ආරම්භ වේ. ඩෙංගු critical වීම යනු මෙයයි. විශාල ප්‍රෝටීන හා රුධිර සෛල ව්ශාල බැවින් ලීක් නොවී රුධිර නාල තුල රැඳේ ලික් වන්නේ වතුර පමණකි. මෙසේ ලීක්වීම ක්‍රමයෙන් වැඩීවී මුල් පැය 24 උපරිම වී, පසුව ක්‍රමයෙන් අඩු වී පැය 48දී අවසන් වේ.
මේ ලීක් වන අවධියේදී ප්‍ලාස්මාව ලීක්වීම නිසා, රුධිර පරිමාව අඩුවන බැවින්, රුධිර පීඩනය පවත්වාගැනීමට සිරුරේ යාමනය කරන යාන්ත්‍රණ වලට හැකියාව ගිලිහීමෙන් shock තත්වයට පතිවිය හැක.
එබැවින් ලීක්වන ප්‍රමාණයට ගැලපෙන පරිදි රුධිර පීඩනය පවත්වාගැනීමට හැකි පරිදි මනින ලද දියර එම පැය 48 තුල ලබා දීම ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීමේ ප්‍රධාන සිද්ධාන්තයයි.

මෙසේ රුධිර පීඩනය පවත්වාගැනීමට කියා හිතුමතේ දියර ලබාදිය නොහැක්කේ, ලීක් වන පැය 48 පසු වු පසු, එසේ ලීක් වු දියර නැවත උරා ගන්නා බැවිනි. ඩෙංගු මරණ බහුතරය සිදුවුයේ මේ අවස්ථාවේදීය. ඕනැවට වඩා දියර දීම, වැඩි දියර ප්‍රමාණයක් ලීක් කිරීමට හේතු වන අතර, එසේ වැඩි දියර ප්‍රමාණයක්,වැඩි පරිමාවක් රුධිර සංසරණ පද්ධතියට කෙටි කාලයකදී ඇතුලු වීම, හදවතට දැරිගත නොහැකි අතර, heart failure තත්වය ඇතිවීමට මෙය හේතුවන අතර, එමගින් පුද්ගලයා මිය යා හැක.
රුධිර පීඩනය අඩුවන විට වකුගඩු මගින් මුත්‍රා පෙරීම අඩු කරන අතර, එබැවින් මුත්‍රා මැනීම, රෝගියාගේ ලීක්වීම ගැන අදහසක් ගැනීමට හොඳ දර්ශකයකි.

උපුටා ගැනීම
"වෙෙද්‍ය ජලිත ලියනගේ,
 

ipsaranga

Active member
  • Jan 2, 2007
    572
    31
    28
    එතකොට ගස්ලබු කොල මිරිකලා බොන්න දෙන එක මෝඩ වැඩක් නේද ? එකෙන් පට්ටිකා ප්‍රමාණය වැඩි වෙලා ඩෙංගු රෝගයේ සැබෑ තත්වය බලා ගන්න බැරි වෙනවා නේද?
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    එතකොට ගස්ලබු කොල මිරිකලා බොන්න දෙන එක මෝඩ වැඩක් නේද ? එකෙන් පට්ටිකා ප්‍රමාණය වැඩි වෙලා ඩෙංගු රෝගයේ සැබෑ තත්වය බලා ගන්න බැරි වෙනවා නේද?


    මේකේ කියන විදියට එහෙමයි. මාත් උස්සපු එකක්.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අඩෝ වටිනවා බං..
    අපේ අයිය කෙනෙක්ට ඩෙංගු හැදිලා උව බලන්න ගියා එතන ඇඳලගට වෙලා ඉන්නකොට නර්ස් අක්කල කරන්නේ මෙකේ කියපු ඒව තමා..:shocked:

    මට ප්‍රශ්ණයක් වෙලා තිබ්බේ ඩෙංගු රෝගින්ට ඇයි වතුර දෙන්නැත්තේ සුදු ඇපල් ජූස් විතරක් දෙන්නේ කියලා මේකෙන් වැඩේ තේරුනා:) තැන්කු
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට ගස්ලබු කොල මිරිකලා බොන්න දෙන එක මෝඩ වැඩක් නේද ? එකෙන් පට්ටිකා ප්‍රමාණය වැඩි වෙලා ඩෙංගු රෝගයේ සැබෑ තත්වය බලා ගන්න බැරි වෙනවා නේද?

    :no::no:ඔක දෙන්ඩ ඔනෙ පේට්ලට් 50 000 අඩු උනාම, ගොඩක් වෙලාවට ඔක දුන්න ගමන් පේට්ලට් වැඩි වෙලා තවත් අවදානම් පැත්තට යාම නවතිනව...:yes::yes: අනික උන ගැනුන දවසෙ ඉදන් පස්වෙනි දවසෙ දෙන්ඩ ඔනෙ.:yes::yes:.ඔව නොදැන හැදුන ගමන් දුන්න කියල මෙලෝකෙ වැඩක් නැ...
     
    Last edited:

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    අඩෝ වටිනවා බං..
    අපේ අයිය කෙනෙක්ට ඩෙංගු හැදිලා උව බලන්න ගියා එතන ඇඳලගට වෙලා ඉන්නකොට නර්ස් අක්කල කරන්නේ මෙකේ කියපු ඒව තමා..:shocked:

    මට ප්‍රශ්ණයක් වෙලා තිබ්බේ ඩෙංගු රෝගින්ට ඇයි වතුර දෙන්නැත්තේ සුදු ඇපල් ජූස් විතරක් දෙන්නේ කියලා මේකෙන් වැඩේ තේරුනා:) තැන්කු

    එල එල