රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -3-

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -3-

    නිදහස්‌ අධ්‍යාපනයට ධවල භීෂණය එල්ල කළ ධවල පත්‍රිකාව

    srilankanpm1-kZ0--621x414@LiveMint.JPG

    davala.jpg

    රාජ්‍ය මන්ත්‍රණ සභාවේ එවකට අධ්‍යාපන ඇමැතිව සිටි සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් ඉදිරිපත් කොට සම්මත කරගනු ලැබූ නිදහස්‌ අධ්‍යාපන පනතින් පසු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ විශාල වෙනසක්‌ ඇතිකිරීම අරමුණු කොටගත් අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා හෙවත් අධ්‍යාපන ධවල පත්‍රිකාව එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවේ යෞවන කටයුතු, රැකීරක්‍ෂා සහ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 1982 ජනවාරි මස 21 දාය.

    එහෙත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා මුලින්ම ප්‍රකාශයට පත්කරන ලද්දේ 1981 අගෝස්‌තු මාසයේ දීය. පවතින අධ්‍යාපන ක්‍රමය උඩුයටිකුරු කිරීමට හේතුවන මෙම අධ්‍යාපන ධවල පත්‍රිකාවට රටපුරා සිව්දෙසින් දැඩි විරෝධයක්‌ එල්ල විය.

    මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා වල අඩංගු වී තිබූ ප්‍රධාන යෝජනා කිහිපයක්‌ මෙසේය.

    * පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ.

    * බාලාංශ පංතිය අහෝසි කෙරේ.

    * පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ.

    * ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක්‌ පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි. එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි.

    * අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ.

    * එසේම අ.පො.ස. උසස්‌ පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ.

    * පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ.

    * පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ පිහිටුවීමටද අවසර දෙනු ඇත.

    * රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත.

    * ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය.

    * පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.

    * විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස්‌ පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටිය හැක්‌කේ දෙවතාවක්‌ පමණි.

    මෙවැනි යෝජනා රාශියකින් යුත් අධ්‍යාපන ධවල පත්‍රිකාවට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවලින් මෙන්ම රටේ සෑම දෙසින්ම දැඩි විරෝධතා එල්ලවන්නට වූයෙන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමද කිහිපවරක්‌ම කල් දැමීමට අධ්‍යාපන ඇමැතිවරයාට සිදුවිය.

    මහාචාර්ය විශ්වා වර්ණපාල, මහාචාර්ය මැන්දිස්‌ රෝහණධීර, මහාචාර්ය බන්දුසේන ගුණසේකර ආදීන් ඇතුළු ප්‍රවීණ අධ්‍යාපනඥයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරු සංගම් ද මෙම අධ්‍යාපන ධවල පත්‍රිකාවේ අදාළ යෝජනා පිළිබඳව මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කළහ.

    මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා ඇතුළත් අධ්‍යාපන ධවල පත්‍රිකාව මගින් බෞද්ධ අධ්‍යාපනයට සිදුවන හානිය පෙන්වාදෙමින් මඩිහේ පඤ්Æසීහ මහ නාහිමියන්, බද්දේගම විමලවංශ අනුනායක හිමියන්, අකුරැටියේ අමරවංශ නායක හිමියන් වැනි සම්භාවනීය පැවිදි නායක හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන්ද ගිහි බෞද්ධ නායකයකු වූ අධිනීතිඥ සිරි පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා බෞද්ධ සමිති නියෝජිත සභාව රටපුරා ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක්‌ ගෙන ගියේ මේ පිළිබඳව ගිහි බෞද්ධ ජනතාව සහ භික්‍ෂුන් වහන්සේලා දැනුවත් කිරීම සඳහාය.

    ඉතිරිය මෙතනින් කියවන්න

    http://www.divaina.com/2014/08/18/mano05.html
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    මේ හැර කොළඹ පරම විඥනාර්ථ බෞද්ධ සංගමයද මෙම ධවල පත්‍රිකාව මගින් සිංහල භාෂාවට සහ බෞද්ධ අධ්‍යාපනයට සිදුවන විනාශය පැහැදිලි කරමින් දීර්ඝ ප්‍රකාශනයක්‌ නිකුත් කොට තිබිණි.

    එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා ගෙන එන්නේ ශ්‍රී ලංකාවට ණය ලබාදීමේ දී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අධ්‍යාපනය කප්පාදු කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති කොන්දේසි ඉටු කිරීමක්‌ වශයෙන් යෑයි විපක්‍ෂ නායකයෝ පෙන්වා දුන්හ.

    රජයේ පාසල්වලින් වැඩි ප්‍රමාණයක ඉංග්‍රීස s ඉගැන්වීම සඳහා අවශ්‍ය තරම් ගුරුවරුන් නොමැති වීම හා පහසුකම් නොතිබීම හේතුවෙන් (විශේෂයෙන් ගම්බද පාසල්වල) සිසුන්ගෙන් බහුතරයකට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවස්‌ථාවක්‌ නොමැති තත්ත්වයක්‌ තුළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට හා විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට ඉංග්‍රීසි අනිවාර්ය කිරීම අධ්‍යාපනඥයන්ගේ හා දේශපාලන පක්‍ෂවල දැඩි විරෝධයට හේතු විය. ගම්බද දුප්පත් දෙමවුපියන්ගේ දරුවන්ට මේ නිසා උසස්‌ අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්‌ථාව අහිමි වන බවත් උසස්‌ අධ්‍යාපනය ධනවතුන්ගේ දරුවන්ට සීමාවන බවත් ඔවුහු පෙන්වා දුන්හ.

    එසේම ප්‍රධාන නගරවල තිබෙන සියලු පහසුකම් වලින් යුත් පාසල් ඒකීය පාසල් වශයෙන් හඳුන්වා, ඒවා පවත්වාගෙන යැම දෙමවුපියන්ට පැවැරීමට යැමෙන් දුප්පත් දෙමවුපියන්ගේ දරුවන්ට ඒවායේ දොර වැසී එම පාසල් ධනවතුන්ගේ දරුවන්ට සීමාවන බවටද ඔවුහු චෝදනා කළහ.

    පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට ඉඩදීම හා ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවීමට යැම හේතුවෙන් එම පාසල්ද ධනවතුන්ගේ දරුවන්ට සීමාවනු ඇතැයිද මෙරට අධ්‍යාපනය හැසිරවීම පෞද්ගලික අංශය යටතට පත්වනු ඇතැයිද බොහෝ අධ්‍යාපනඥයන් පෙන්වා දී තිබිණි.

    තවද ධවල පත්‍රිකාව මගින් යෝජිත තාක්‍ෂණික අධ්‍යාපන ආයතන පිහිටුවීම හා ඒවා පවත්වාගෙන යැමට පෞද්ගලික අංශයට පැවැරීමෙන්, ඒවායේ අධ්‍යාපනය ලැබීමට දුප්පත් දරුවන්ට අවස්‌ථාව නොලැබෙන අතර ඒවාද ධනවතුන්ගේ දරුවන්ට සීමාවනු ඇතැයි ද විද්වත්හු පෙන්වා දුන්හ.

    සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් ආරම්භ කළ නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා ක්‍රියාත්මක වුවහොත් මුළුමනින්ම විනාශ වී ගොස්‌ අධ්‍යාපන පහසුකම් සියල්ල සුපිරි පන්තියට සීමාවන බව පවසමින් විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන්, වෘත්තිය සමිති, මහජන සංවිධාන මෙයට විරුද්ධව රටපුරා විශාල උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරන්නට විය.

    මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා ඇතුළත් අධ්‍යාපන ධවල පත්‍රිකාව කෙසේ හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි උත්සාහයක්‌ ගත්තේය. ඒ අනුව 1982 ජනවාරි 6 දින මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. එහෙත් ආණ්‌ඩු පක්‍ෂයේ සෙසු මැති ඇමැතිවරුන්ගෙන් එයට යහපත් ප්‍රතිචාර නොලැබිණි. එදින පෙරවරුවේ පැවැති ආණ්‌ඩු පක්‍ෂ පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීමේදී කතා කළ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු තමන්ට මෙම ධවල පත්‍රිකාවේ අඩංගු යෝජනා තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍ය බැවින් එය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීම කල් දමන්නැයි ඉල්ලා සිටියහ. ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා එම ඉල්ලීමට ඉඩදීම නිසා ධවල පත්‍රිකාව එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වූ අතර එය 1982 ජනවාරි 21 වැනි දින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට තීරණය විය.

    ඒ අනුව යළිත් ජනවාරි 21 දා මෙම ධවල පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී රටපුරා පාසල්, විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාලවල සිසුන් පාරට බැස එයට විරුද්ධව උද්ඝෝෂණ කරන්නට වූහ.

    ගාලුමුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල අවට දැඩි පොලිස්‌ ආරක්‍ෂාව යොදවා තිබූ නමුත් දහස්‌ ගණන් සරසවි සිසුන් හා භික්‍ෂුන් වහන්සේලා අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරෝධය පළ කිරීම සඳහා ගාලු මුවදොර පාර්ලිමේන්තුව ඉදිරිපිට රැස්‌වූහ.

    එහිදී පොලිසිය සිසුන්ට පහරදුන් අන්දම 'ඇත්ත' පුවත්පත වාර්තාකොට තිබුණේ මෙසේය.

    "අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉරාදමව්, නිදහස්‌ අධ්‍යාපනය කප්පාදු නොකරනු, වරප්‍රසාද ලත් කොටසකට උසස්‌ අධ්‍යාපනය යළි සීමා නොකරව්" ආදී වශයෙන් වූ සටන් පාඨ ලියූ පුවරු ප්‍රදර්ශනය කරමින් සාමකාමීව පදිකවේදිකාවේ පෙළගැසී සිටි භික්‍ෂුන් වහන්සේලාට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පොලිසිය පහරදුන්නේය. අශ්වයින් පිට නැඟුණු පොලිස්‌ නිලධාරීහු පිරිසක්‌ සිසුන්ගේ ඇඟට අශ්වයන් පැන්නවූහ. කරකියා ගන්නට දෙයක්‌ නැතිවූ අහිංසක සිසුහු මුහුදට පැන්නාහ. මෙහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙක්‌ම තුවාල ලැබූහ.

    අශ්වාරෝහක පොලිස්‌කාරයන් සිසුන් වෙත අශ්වයන් පන්නා ඔවුන් පලවා හැරියේ අශ්වයාට තලන කසයෙන් සිසුන්ට පහර දෙමිනි. ඇතැම් භික්‍ෂුන් වහන්සේලාටද එම පොලිස්‌කාරයෝ අශ්ව කසයෙන් පහර දුන්හ.

    මේ අවස්‌ථාවේදී ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේත්, ඇතැමුන් එම බිම් ප්‍රදේශයේත් සිට මේ දර්ශනය නරඹනු දක්‌නා ලදී.

    පොලිසියේ මෙම අස්‌ප පහරදීම වරින්වර සිදුවූ නමුත් සිසුහුද සටන් පාඨ කියමින් යළි යළිත් පදික වේදිකාවේ පෙළ ගැසුණාහ.

    කීප වතාවක්‌ම මෙසේ සිදුවෙද්දී කුළු පොලු රැගත් කැරලි මර්දන පොලිස්‌ හමුදාවක්‌ද එම ස්‌ථානයට පැමිණ සිසුන් පසුපස එළව එළවා පහර දෙන්නට වූයේය. එයින් සිසුහු කීප දෙනෙක්‌ම තුවාල ලැබූහ.

    විරෝධතා සටන් පාඨ කියමින් මුලින්ම රැස්‌ව සිටි පිරිස පන්සියයක්‌ පමණ වූ අතර, පසුව එම පිරිසට හතරවටින්ම පැමිණි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහ මහා සංඝරත්නයද එක්‌වූහ. අන්තිමේදී මේ විරෝධතා ව්‍යාපාරයට දෙදහසකට අධික පිරිසක්‌ එක්‌ව සිටියහ".

    මේ අතර කොළඹ ආනන්ද ,නාලන්ද, තර්ස්‌ටන්, ඉසිපතන ආදී ප්‍රධාන පාසල්වල සිසුන්ද වෛද්‍ය විදයාලය, නීති විද්‍යාලය, කාර්මික විද්‍යාලය ආදී ප්‍රධාන අධ්‍යාපන ආයතනවල සිසුන්ද පිට පළාත් වල පාසල් සිසුන්ද අධ්‍යාපන ධවල පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ (21 දා) පාර ට බැස උද්ඝෝෂණ පැවැත්වූහ.

    අන්තිමේදී රටේ සෑම දෙසින්ම එල්ල වූ විරෝධය මධ්‍යයේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ ඇතුළත් අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉවත්කර ගැනීමට එවකට අධ්‍යාපන ඇමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවිය.

    එහෙත් වර්තමාන විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්‌සත් ජාතික පක්‍ෂය, වර්තමාන රජය, අධ්‍යාපනයට වෙන් කරන මුදල් කපා හරිමින් නිදහස්‌ අධ්‍යාපනය අහෝසි කිරීමට ක්‍රියාකරන බවට චෝදනා කරමින් රටපුරා රැස්‌වීම් පැවැත්වීමට තීරණය කොට තිබීම දෛවයේ සරදමක්‌ නොවන්නේද?

    අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරෝධය පළකිරීම සඳහා ගාලු මුවදොර පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වූ සරසවි සිසුන්ට පොලිසිය අසුන් පන්නමින් ප්‍රහාර එල්ලකොට ඔවුන් පලවා හැරි අවස්‌ථාව.

    'ඇත්ත' පුවත්පතේ පළකොට තිබූ මෙම ඡායාරූපය ගෙන තිබුණේ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය විසිනි.

    - දයා ලංකාපුර

    • Dislike
    Reactions: EVC

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    මු ලෝක බැංකුව කියපු විදියට මේවා කරන නම් අපිත් ඉගෙනගෙන ඉවරයි
    ගොඩක් දෙනෙක් අතීතය දන්නේ නැති නිසා දැම්මේ. බම්ප් එකක් වත් දීල යන්න
     
    • Dislike
    • Angry
    Reactions: FlashBoz and EVC

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා ගෙන එන්නේ ශ්‍රී ලංකාවට ණය ලබාදීමේ දී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අධ්‍යාපනය කප්පාදු කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති කොන්දේසි ඉටු කිරීමක්‌ වශයෙනි ‍‍........ මඩු වලිගයක් අරන් තලාගනියව් ෙම් වෙේ
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada

    මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා ගෙන එන්නේ ශ්‍රී ලංකාවට ණය ලබාදීමේ දී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අධ්‍යාපනය කප්පාදු කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති කොන්දේසි ඉටු කිරීමක්‌ වශයෙනි ‍‍........ මඩු වලිගයක් අරන් තලාගනියව් ෙම් වෙේ

    yes
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රනිල් ජීවිත කාලෙම රජ වෙලා හිටපු නිසා ඕවා වෙනස් කරන්න බැරි උනේ නෙ බන්
    මහින්ද දිනවමු, ධවල පත්‍රිකාව වෙනස් කරමු :)
    * පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ - මහින්ද දිනවමු! පෙර පාසල් රජයෙන් ආරම්භ කරමු

    * බාලාංශ පංතිය අහෝසි කෙරේ - කෝ එහෙම එකක් වෙලා නැහැ නෙ :baffled:

    * පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ - කෝ එහෙම එකක් වෙලා නැහැ නෙ :baffled:

    * ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක්‌ පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි. එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි - කෝ එහෙම එකක් වෙලා නැහැ නෙ :baffled:

    * අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ - මහින්ද දිනවමු! ඉංග්‍රීසි අයින් කරමු!

    * එසේම අ.පො.ස. උසස්‌ පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ - මහින්ද දිනවමු! ඉංග්‍රීසි අයින් කරමු!

    * පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ - මහින්ද දිනවමු! ඉංග්‍රීසි පාසල් අයින් කරමු!

    * පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ පිහිටුවීමටද අවසර දෙනු ඇත - මහින්ද දිනවමු! වෛද්‍ය විද්‍යාලයඅයින් කරමු!

    * රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත - මහින්ද දිනවමු! වර්ග අයින් කරමු!

    * ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය - මහින්ද දිනවමු!

    * පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ - මහින්ද දිනවමු!

    * විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස්‌ පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටිය හැක්‌කේ දෙවතාවක්‌ පමණි - මහින්ද දිනවමු! පාස් හැමෝම කැම්පස් යවමු!

    මහින්ද රජතුමා එක පාරක්වත් දින්නා නම් මේවා කරනවා. ආහ් අමතක උනා නෙ
    ගං කබරයා දිනලා මේවා වෙනස් කලේ නැහැ නෙ!
    ඇයි දන්නෙ නැහැ

    අවුලක් නැහැ
    මහින්ද නැවත ගේමු.... ධවල පත්‍රිකාව වෙනස් කරමු :lol::lol:
     
    Last edited:
    • Haha
    Reactions: king solomon

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,136
    113
    maharagama
    මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා ගෙන එන්නේ ශ්‍රී ලංකාවට ණය ලබාදීමේ දී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අධ්‍යාපනය කප්පාදු කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති කොන්දේසි ඉටු කිරීමක්‌ වශයෙනි ‍‍........ මඩු වලිගයක් අරන් තලාගනියව් ෙම් වෙේ

    :lol::lol: mu eka aragenada me Ranil kara wage danne. :lol::lol: naya ganna oita wada athal yojana genalla tiyenawa bn, Samanal nithiyath genna haduwe. owa itin yoojanaama vitarai. :lol:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    රනිල් ජීවිත කාලෙම රජ වෙලා හිටපු නිසා ඕවා වෙනස් කරන්න බැරි උනේ නෙ බන්
    මහින්ද දිනවමු, ධවල පත්‍රිකාව වෙනස් කරමු :)
    * පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ - මහින්ද දිනවමු! පෙර පාසල් රජයෙන් ආරම්භ කරමු

    * බාලාංශ පංතිය අහෝසි කෙරේ - කෝ එහෙම එකක් වෙලා නැහැ නෙ :baffled:

    * පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ - කෝ එහෙම එකක් වෙලා නැහැ නෙ :baffled:

    * ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක්‌ පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි. එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි - කෝ එහෙම එකක් වෙලා නැහැ නෙ :baffled:

    * අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ - මහින්ද දිනවමු! ඉංග්‍රීසි අයින් කරමු!

    * එසේම අ.පො.ස. උසස්‌ පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ - මහින්ද දිනවමු! ඉංග්‍රීසි අයින් කරමු!

    * පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ - මහින්ද දිනවමු! ඉංග්‍රීසි පාසල් අයින් කරමු!

    * පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ පිහිටුවීමටද අවසර දෙනු ඇත - මහින්ද දිනවමු! වෛද්‍ය විද්‍යාලයඅයින් කරමු!

    * රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත - මහින්ද දිනවමු! වර්ග අයින් කරමු!

    * ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය - මහින්ද දිනවමු!

    * පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ - මහින්ද දිනවමු!

    * විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස්‌ පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටිය හැක්‌කේ දෙවතාවක්‌ පමණි - මහින්ද දිනවමු! පාස් හැමෝම කැම්පස් යවමු!

    මහින්ද රජතුමා එක පාරක්වත් දින්නා නම් මේවා කරනවා. ආහ් අමතක උනා නෙ
    ගං කබරයා දිනලා මේවා වෙනස් කලේ නැහැ නෙ!
    ඇයි දන්නෙ නැහැ

    අවුලක් නැහැ
    මහින්ද නැවත ගේමු.... ධවල පත්‍රිකාව වෙනස් කරමු :lol::lol:

    :lol::lol:

    kokakth ekai bn.... Api thamai paw...:(:(
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා වල අඩංගු වී තිබූ ප්‍රධාන යෝජනා කිහිපයක්‌ මෙසේය.

    * පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ.-මෙක නම් දැනට කරලා තියෙන්නෙ නේද ? රජයෙ එව්ව නැහැ නෙ ? වරදක් නැහැ මෙකෙ නම්

    * බාලාංශ පංතිය අහෝසි කෙරේ.- මෙකෙන් අර්ථවත් කරපු වයස් සීම්ව් කුමක්ද ?

    * පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ.- මෙක නම් හොඳ දෙයක් .ළමයින් තරඟෙකට වැටිලා පිස්සො වගෙ දුවන එකෙන් ඈත්වෙනවා.

    * ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක්‌ පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි. එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි.- මෙක ටිකක් හරි ටිකක් වැරදි. ඒ ත්ම 5 ශිෂ්‍යත්වය අහොසි කරලා 8 වසරට ගෙන එක හොඳයි. එත් පාස් වෙන උන් විතරක් ඔලෙවල් කරල ෆෙල් වෙන උන් ඉස්කොලෙන් අවුට් වෙන සීන් එකක් තියෙන්නෙ. එක අවුල්. ඊට පස්සෙ එහෙම අවුට් වෙන උන් කැලෙ පනිවි, අපරාධ කරාවි.

    * අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ.- මෙක තෙරුමක් නැහැ. ඔ ලෙවල් ඉංග්‍රිසි වලින් කරන්න පුළුවන් ලබ්බක් නැහැ. ඉංග්‍රීසි ඔනෙම නම් පොඩි කාලෙම හදන්න ඔනෙ.

    * එසේම අ.පො.ස. උසස්‌ පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ.-

    මෙක තෙරුමක් නැහැ. ඔ ලෙවල් ඉංග්‍රිසි වලින් කරන්න පුළුවන් ලබ්බක් නැහැ. ඉංග්‍රීසි ඔනෙම නම් පොඩි කාලෙම හදන්න ඔනෙ.
    * පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ. - වරදක් පෙන්න නැහැ

    * පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ පිහිටුවීමටද අවසර දෙනු ඇත.- ප්‍රමිතියෙන් යුතු වෙන්න ඔනෙ .

    * රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත. -මෙ වර්ග වල වෙනස්කම් මොනවාද කියලා විස්තර මදි

    * ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය. -මෙකත් හොඳ වැඩක් නෙමෙ.

    * පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.-මෙක හරියන වැඩක් නෙමෙ,

    * විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස්‌ පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටිය හැක්‌කේ දෙවතාවක්‌ පමණි. -මෙක හොඳයි හැබැයි දෙවතාව අවුල්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,005
    6,914
    113
    Nawala

    * පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ.

    * බාලාංශ පංතිය අහෝසි කෙරේ.

    * පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ.

    * ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක්‌ පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි. එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි.

    * අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ.

    * එසේම අ.පො.ස. උසස්‌ පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ.

    * පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ.

    * පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ පිහිටුවීමටද අවසර දෙනු ඇත.

    * රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත.

    * ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය.

    * පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.

    * විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස්‌ පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටිය හැක්‌කේ දෙවතාවක්‌ පමණි.

    මොලයක් ඇතුව බලනවනම් ඉතාමත් බුද්දිමත් තීරණ සමුදායක් !!! මේවා ක්‍රියාත්මක කිරීමට නොහැකිවීමේ ප්‍රතිපල අද අපි මහපාරේදීත් බුක්තිවිදිනවා ....
     
    • Like
    Reactions: FlashBoz

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මු ලෝක බැංකුව කියපු විදියට මේවා කරන නම් අපිත් ඉගෙනගෙන ඉවරයි
    ගොඩක් දෙනෙක් අතීතය දන්නේ නැති නිසා දැම්මේ. බම්ප් එකක් වත් දීල යන්න

    Umbala wage ewun Lankawe minissunge salli walin igena gena Canada wata ne sewaya karanne?

    Ithin ban me thiena kramayen bihiwena ugaththu ratata satha 5 wedak neththan me kramaya thiyagena umbala wage ewun bihi karanne mokatada?
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    මොලයක් ඇතුව බලනවනම් ඉතාමත් බුද්දිමත් තීරණ සමුදායක් !!! මේවා ක්‍රියාත්මක කිරීමට නොහැකිවීමේ ප්‍රතිපල අද අපි මහපාරේදීත් බුක්තිවිදිනවා ....

    :yes::yes::yes: