ඩෙංගු රෝගය වසංගතයක් වගේ පැතිරෙනවා. එලකිරියේ ජේෂ්ඨ සාමාජික Sriboysl සහෝදරයාත් Madushankads සහෝදරයත් මේ වෙනකොට මේ වෙනකොට ඩෙංගු වසංගතයේ ගොදුරු බවට පත්වෙලා ඉවරයි. ඔවුන් දෙදෙනා පුද්ගලික රෝහල් දෙකක මේ වෙනකොට ප්‍රථිකාර ලබනවා. ඒ විතරක් නෙමෙයි. ජේෂ්ඨ සාමාජික Minimuthu Mora සහෝදරයාගේ බිරින්දෑත් ඩෙංගු වෛරසයේ ගොදුරක් උනා. ඇයත් මේ වෙනකොට පුද්ගලික් රෝහලක ප්‍රථීකාර ලබමින් පසුවෙනවා. එලකිරියේ අපි හැමෝම ඔවුන් තිදෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.
මේ වෙනකොට රෝහල්වල තත්වය ගොඩාක් සෝචනීයයි. බලන බලන රෝහල රෝගින්ගෙන් පිරී ඉතිරි ගිහිලා. පුද්ගලික රෝහල් බොහොමයක් Admissions suspend කරලා. පාලනය කරගන්නට බැරි තරමට රෝගීන්. නවලෝක රෝහලේ ශ්‍රවනාගාරය පවා වාට්ටුවක් බවට පරිවර්ථනය කරලා තියෙනවා. රජය විසින් පුද්ගලික රෝහල් වෙත කල ඉල්ලීමක් අනුව තමන්ගේ බොහොමයක් පුද්ගලික රෝහල් තමන්ගේ Pediatric wards ඇරෙන්න අනිත් සියලුම කාමර මහජනතාව වෙත විවෘත්තකරලා තියෙනවා. ඒත් පාලනය කරගැනීමට නොහැකි තරමට රෝගීන්.
මේ අවස්ථාවේ Online Forum එකක් විදියට අපිට කරන්න පුලුවන් වෙන්නේ ඩෙංගු රෝගය සම්බන්ධ තම තමන්ගේ අත්දැකීම් අනෙක් සාමාජිකයන් එක්ක බෙදාගන්න සහ තම තමන්ගේ contacts සහ influence පාවිච්චි කරලා උදව් කරන්නට පමනයි. උදව් අවශ්‍ය සාමාජිකයන් මෙතන පෝස්ට් කරන්න තම තමන්ගේ අවශ්‍යතා.
ඩෙංගු කියන්නේ මාරාන්තික රෝගයක්. අපි ඉන් වැලකෙමු.
ඩෙංගු ගැන අපේ හිත හොඳ දත් මාමාගෙන් බොහෝම වටින වචන ටිකක්.
ඩෙංගි වල මූලික ම ලක්ෂන මේ වෙනකොට අම්බානක් වෙනස් වෙමින් පවතිනවා.
නමුත් මූලික ම ලක්ෂණ වන උණ, ඇග පත වේදනාව සහ හිසරදය තියනවා.
මේ ලක්ෂණ ඇති වී මුල් දවස් 3 ඇතුලත ඩෙංති ඇන්ටිජන් එක පොසිටිව් කියල පෙන්වනවා රුධිර පරීක්ෂාවලදී...
දින 3කට පස්සේ ඩෙංගි ඇනිටිජන් එක නෙවෙයි ඩෙංගි ඇන්ටිබොඩි එකයි පොසිටිව් වෙන්නේ. ඒ නිසා සැක සහිත උණ දවස් 3කට වඩා පවතිනවා නම් ඩෙංගි ඇනිටිබොඩි එක සදහා රුධිර පරීක්ෂනය කළ යුතුයි.
මේ පරීක්ෂණ දෙක කරන කොට අනිවා ෆුල් බල්ඩ් කවුන්ට් (FBC) එකක් ගන්න. ඒකේ
1-රුධිර පට්ටිකා ප්‍රමාණය එක් ලක්ෂ පණස් දහසට අඩු නම්,
2-රුධිරයේ සෛළ ප්‍රතිශතය (මේක සදහන් වෙන්නේ HCT-haematocrit හෝ PCV-Packed cell Volumeලෙසට) ඉහල ගිහිල්ල නම්,
ඩෙංගි වල ක්‍රිටිකල් ෆේස් එකට, ඒ කියන්නේ රුධිර මස්තු(blood water componant ) උදරයට සහ පෙනහැළි වලට කාන්දු වීමේ (Leakage or Acities)දැඩි අවදානමක් පවතින නිසා රෝගියා
1- නිවසේ සිටී නම් බොන දියර ප්‍රමාණය පැයකට මිලි ලීටර් 100 දක්වා අඩු කර, පිට කරන මූත්‍රා ප්‍රමාණය මැන බලන්න. ඒ ප්‍රමාණය අඩු වේ නම් වහා රෝගියා රෝහල් ගත කරන්න.
2- රෝහල් ගත වී සිටී නම් සහ ඉහත 1 හි සදහන් මූත්‍රා පිට කරන ප්‍රමාණය අඩු නම් වහා උදරයේ ස්කෑන් පරීක්ෂාවකට යොමු කරන ලෙස රෝහල් බලධාරීන් හට දන්වන්න.
ඉහත පරීක්ෂණ කරන පළමු අවස්ථාවේ දී ම රුධිර පට්ටිකා ප්‍රමාණය එක් ලක්ෂ විසි දහසට අඩු වී තිබේ නම් සහ PCV/HCT - 48% ඉක්මවයි නම් වහා රෝගියා රෝහල් ගත කළ යුතු අතර, ඩෙංගි ක්‍රිටිකල් ෆේස් මැනේජ්මන්ට් නම් වෛද්‍යාධාර ක්‍රියාවලිය ආරම්භ කළ යුතුය.
Last edited:
කාට කියන්නද බන්.ලංකාවේ මිනිස්සුත් වැරදියි.කුණු ගොඩවල් ගහගෙන ඉදලාමයි පුරුදු.

