බාස්ලගේ rates ?

eyepea

Active member
  • May 9, 2009
    696
    154
    43
    ගෙයක් හදන කොට එක එක වැඩ වලට බාස්ලා අයකරන මුදල් මට දැන ගන්න අවශයි.
    ගෙයක් ලගදි හදල experience තියන අය bass rates share කරොත් ලොකු උදව්වක්.
    If this info already exists in Elakiri as a dedicated thread please indicate.
    මේක මට වගේම තවත් ගොඩක් කට්ටියට ප්‍රොයෝජනවත් වෙයි කියල හිතනවා.

    මේ rates ඉතින් බාස්ලා අනුව ටිකක් වෙනස් ඇති. Average idea එකක් ගන්න පුලූවන් වෙයි.

    අනික කාලයත් සමග rates වෙනස් ඇති. ඒ නිසා rate එක දාන කොට කවද වගේද කියලත් කියන එක හොඳයි නේ.
    For example, අනිවාර්යෙන්ම 2017 Apr-May rates, 2016 Jan rates වලට වඩා වැඩි වෙයි නේ.

    තවත් දෙයක්. Ground floor, first floor අනුව උඩට යනකොට rate එක වැඩි නේ. එකත් සදහන් කලොත් වටිනවා.
    උඩට යනකොට තට්ටුවක 10% add කරොත් හරිද?

    බාසා rate එක කියන්නේ කොහොම මැනලද කියලත් කියන්න.
    For example :
    බිත්ති බඳින කොට total square foot area = total wall area minus doors / windows opening area.
    හොඳ බාස් කෙනෙක් නම් column area in wall අඩු කරනවා. ගොඩක් එවුන් එහෙම කරන්නේ නැ.
    Another example :
    කපරාරු කරන කොට total square foot area = total wall area including doors / windows opening area.
    සමහ බාස්ලා total square foot area = total wall area minus doors / windows opening area.
    හැබැයි window / door edge වලට වෙනම rate එකක් ගන්නවා.
    බාස්ලා මනින විදියයි quatity surveyer කෙනෙක් මනින විදියයි ටිකක් වෙනස් නේ.

    පහත සදහන් වැඩ වලට අමතර වැඩ ගැනත් දන්න කට්ටිය rates දැම්මොත් ගොඩක් අයට උදව්වක්.
    අනික මේ thread එක දිගටම පවත්වාගෙන ගියොත් ගෙදර repair එකක් උනත් කරන කොට ඒ කාලේ rates ගැන අදහසක් ගන්න පපුළුවන් වෙයි.

    - Double brick (ඉංජිනේරු ගල ) 9" wall - ground floor - rate per square foot ?

    - Single brick (ඉංජිනේරු ගල ) 4.5" wall - ground floor - rate per square foot ?

    - Single brick (මෝඩ ගල ) 9" wall - ground floor - rate per square foot ?

    - Cement block ගල 4" wall - ground floor - rate per square foot ?

    - Column Concrete reinforced 9" x 9" - ground floor - rate per linear foot ?
    (roughly 12mm rods x 4 with 6mm stirrups every 6").
    සාමාන්යෙන් column එකේ height එක ගන්නේ up to beam sofit ද නැත්නම් beam depth එක්කද?
    එක බාස් කෙනෙක් කිව්වා column එක beam එකෙන් නැවතී නම් column height = up to beam sofit ,
    column එක උඩට යනවා නම් column height includes beam deapth.
    අනිත් බාස්ලට් වඩා මේක සාදාරනයි වගේ.
    බිත්තිය බැඳලා දාන column සහ stand alone column rate වෙනසක් තියනවද?

    - Column Concrete reinforced 4.5" x 4.5" - ground floor - rate per linear foot ?

    - Beam Concrete reinforced 12" x 9" - ground floor - rate per linear foot ?
    (roughly 12mm rods x 4 with 6mm stirrups every 6").
    බිත්ති උඩ දාන beam සහ unsupported beam rate වෙනසක් තියනවද?

    - Beam Concrete reinforced 9" x 9" - ground floor - rate per linear foot ?

    - Tie Beam Concrete reinforced 9" x 6" (9" බිත්ති වල) - ground floor - rate per linear foot ?

    - Tie Beam Concrete reinforced 4.5" x 6" (4.5" බිත්ති වල) - ground floor - rate per linear foot ?

    - Lintel Concrete reinforced 6" x 9" (9" බිත්ති වල දොර ජනෙල් උඩ) - ground floor - rate per linear foot ?

    - Lintel Concrete reinforced 6" x 4.5" (4.5" බිත්ති වල දොර ජනෙල් උඩ) - ground floor - rate per linear foot ?

    - Slab concrete (1st slab on top of ground floor walls) - rate per square foot ?
    ගොඩක් බාස්ලා ගන්නේ total area = slab square feet + beams linear feet ද?
    slab එක 5" thick and beams 12" x 9" හිතමු.
    Shuttering only, rate per square foot ?
    Shuttering + iron rod work, rate per square foot ?
    Iron rod work only, rate per kilogram of rods ?
    Concreting only rate per square foot ?
    Concreting only rate per cubic foot ? (ගොඩක් බාස්ලා මෙහෙම මනිනවා අඩුයි.)
    Concreting only rate per bag of cement ? (සමහර බාස්ලා මෙහෙම නේ rate එක කියන්නේ.)

    - Ground floor concrete (තලපු පස් උඩ 4" thick) - rate per square foot ?

    - Plastering brick wall - ground floor - rate per square foot ?

    - Plastering brick wall - door / window edges - ground floor - rate per liniear foot ?

    - Apply skim coat on wall - ground floor - rate per square foot ?

    - Plastering under slab (දළඹ ගහනවා) - ground floor - rate per square foot ?

    - Apply skim coat under slab - ground floor - rate per square foot ?

    - Tiling floor - ground floor - rate per square foot ?
    tile size 1' x 1' ?
    tile size 2' x 2' ?

    - Tile walls - ground floor - rate per square foot ?
    (tile එක 12" ෂ් 6" වගේ හිතමු).

    මම සදහන් කරේ ground floor විතරයි.
    ඔබ ලගදී 2nd floor වැඩ කරා නම් එකේ rate share කරන්න. හැබැයි මතක ඇතුව 2nd floor කියන්න.
    සමහරවිට floor, story , තට්ටුව, මහල පැටලෙනවා.
    2 story ගෙදරක ground floor + 1st floor නේ. 2nd floor නෑ නේ.
    මම අහල තියෙන්නේ 9x9 සහ 4.5x4.5 column. ඔබ වෙන size column කරා නම් එකේ rate අනිත් අයටත් ඕන වෙන්න පුළුවන්.
    වෙනත් dimension වලට rate ත් share කරන්න.
    මම අහල නැති තවත් ගොඩක් ඒවා තියනවනේ - column footing , foundation, roofing ...
    ඒවගේ rates ත් most welcome.

    මේවා ඔක්කොම BOQ එකක් කරානම් හොයා ගන්න පුළුවන් ඇති.
    හැබැයි ඉතින් පොඩි වැඩ සහ ටිකෙන් ටික කරන ඒවාට BOQ ගැලපෙන්නේ නෑ නේ.
    බාස්ලා කීප දෙනෙක්ගෙන් rate ඉල්ලන්නත් පුළුවන්.
    අවුල තියෙන්නේ කීප දෙනෙක්ගෙන් rate අරගෙන එකෙක්ට වැඩේ බාර දුන්නම, වැඩේ හම්බවුනු නැති එවුන්ගෙන් වෙන වැඩකට rate ඉල්ලන්න බෑ. එන්න කැමති නැ.

    මේ වගේ thread එකක් කාලයත් සමග update වේවි තිබ්බොත් ගොඩක් අයට ප්‍රොයෝජනවත් කියල හිතනවා.

    ඉතාමත්ම ඉස්තුති
    All of your contribution will be much appreciated.
    :yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ගෙයක් හදන්නද?
    ඔයාට කන්ට්‍රක්ශන් ගැන දැනුමක් තියනවද?
    මොකද ඔයාට ෆීල්ඩ් එක ගැන දැනුමක් නැතිව ගෙයක් බාස්ල දම්මවල හදන්න නම් යන්නෙ ඔයා ඉවරයි... ඉල්ලන් කන්න වෙන්නෙ.. එහෙමනම් හොදම කන්ස්ට්‍රක්ශන් කම්පැනි එකක් කතාකරගන්න වැඩිපුර 20% වගේ ගියාට බාස්ල පඩිය වැඩිකරගන්න දවස් ගාන අදින එකයි, මෙටීරිටල් වලින් ගහන ගැහිල්ලයි බැලුවහම ඒක වාසි

    ඔයාට කන්ස්ට්‍රක්ශන් ගැන දැනුමක් තියනවනම් ඔයාට ලාබම දවස් පඩියට බාස්ල දම්මවල වැඩ ගන්න එක.. මතක තියාගන්න මේකට අනිවාර්යයෙන්ම ඔයාට දැනුමක් තියෙන්නම ඕනෙ.. ඔයාට දැනුමක් නෑ කියල බාස්ලට දැනුන ගමන් ඔයාව වටේ යවනම ගසාකනව...

    සාමන්යයෙන් තට්ටුවෙන් තට්ටුවට 10% රේට් එක වඩි වෙන්නෙ දවස් පඩියට වැඩ කරන අයගෙ නෙමේ.. කොන්ටිටීස් වලට වැඩකරන අයගෙ
    මේ වෙද්දි සාමන්යයෙන් බාස් කෙනෙක්... 2000- 2500 ගානක් ගන්නව ගෝලය 1500 -1750 අතර ගානක් වෙනව...
     
    • Like
    Reactions: eyepea

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    මේ thread එකට එන්න. උදව් ලැබෙයි
    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    මේ මට ලගදි පොඩි වැඩකට ලැබුන rates ටිකක්.

    19622700_10213810459522349_776124427_n.jpg


    19621571_10213810459322344_1804180752_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: eyepea

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    thanks very much for all the valuable input.
    office වැඩ පොඩ්ඩක් හිරවෙලා. ඔක්කොම post and thread link බලන්න තාම බැරි උනා.
    I will go through them one by one.

    What am looking for is bass rates like what @jasz put. :yes:

    many thanks all :cool:
     

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    ගෙයක් හදන්නද?
    ඔයාට කන්ට්‍රක්ශන් ගැන දැනුමක් තියනවද?
    මොකද ඔයාට ෆීල්ඩ් එක ගැන දැනුමක් නැතිව ගෙයක් බාස්ල දම්මවල හදන්න නම් යන්නෙ ඔයා ඉවරයි... ඉල්ලන් කන්න වෙන්නෙ.. එහෙමනම් හොදම කන්ස්ට්‍රක්ශන් කම්පැනි එකක් කතාකරගන්න වැඩිපුර 20% වගේ ගියාට බාස්ල පඩිය වැඩිකරගන්න දවස් ගාන අදින එකයි, මෙටීරිටල් වලින් ගහන ගැහිල්ලයි බැලුවහම ඒක වාසි

    ඔයාට කන්ස්ට්‍රක්ශන් ගැන දැනුමක් තියනවනම් ඔයාට ලාබම දවස් පඩියට බාස්ල දම්මවල වැඩ ගන්න එක.. මතක තියාගන්න මේකට අනිවාර්යයෙන්ම ඔයාට දැනුමක් තියෙන්නම ඕනෙ.. ඔයාට දැනුමක් නෑ කියල බාස්ලට දැනුන ගමන් ඔයාව වටේ යවනම ගසාකනව...

    සාමන්යයෙන් තට්ටුවෙන් තට්ටුවට 10% රේට් එක වඩි වෙන්නෙ දවස් පඩියට වැඩ කරන අයගෙ නෙමේ.. කොන්ටිටීස් වලට වැඩකරන අයගෙ
    මේ වෙද්දි සාමන්යයෙන් බාස් කෙනෙක්... 2000- 2500 ගානක් ගන්නව ගෝලය 1500 -1750 අතර ගානක් වෙනව...

    විස්තර, අදහස් උපදෙස් වලට ඉතාමත්ම ඉස්තුතියි! :yes:

    මම complete ගෙයක් හදන්නේ නැ.
    එක තැනක තාප්පේ උස්සන්න ඕනේ. තවත් තැනක කණු දාලා පොඩි ස්ලැබ් එකක් දාන්න ඕනේ. ඒ වගේ පොඩි වැඩ ටිකක් තියනවා money + time හම්බවුනාම කරනවා.
    Slab එකට technical drawing මට ලැබුණා.
    දවස් පඩියට කරොත් ඔයා කියන විදියට බාස් දවස් ඇද්දොත් මට පාඩුයි.
    Material දීලා බාස්ට labour contract එකක් දෙනවා.
    එතකොට වැඩේ දවසින් කරත් දවස් දෙකෙන් කරත් මට බලපානවා අඩුයි නේ.
    සමහර දේවල් වලට quantity අහගත්තා. අවට කට්ටියත් ඉන්නවා. එතකොට බාස්ට් ගල් සිමෙන්ති උස්සන්නත් බෑ.
    දැන් rates තමයි ඕනේ.
    හිතමු ground floor column දික් අඩියක් රු 200, average rate එක කියලා.
    බාස් කිව්වොත් 190 කියලා very good
    බාස් කිව්වොත් 210 කියලා කමක් නෑ ඉතින්.
    හැබැයි බාස් 280 කිව්වොත්, මම දැන් දන්නවා ඌ නටන්න එන්නේ කියලා.
    එක්කෝ ඇස් ලොකු කරලා හපොයි කියලා අඩු කරගන්න බලනවා, බැරිනම් bye bye කියනවා.
    මොකද බාස් එක්ක fight කරලා වැඩ ක‍රන්න බෑ නේ. මම නැති කොට සිමෙන්ති අනයි 1:20!
    :D
     

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    මේ thread එකට එන්න. උදව් ලැබෙයි
    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    ඔව් වටිනා thread එකක්. ඉතාමත්ම ඉස්තුත්යි.

    මේ මට ලගදි පොඩි වැඩකට ලැබුන rates ටිකක්.

    මේ rate sheet එක ලොකු උදව්වක්. ඉතාමත්ම ඉස්තුත්යි.
    ලගදි කිව්වම 2017 first half වෙන්නැති නේ.

    :yes: