ජෝඩුවක්

Terra Nova

Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    අපේ යාළුවෙක් ළඟඳි විවාහ වුනා. නම කියන්න බෑ. ඒක ඉතින් හරි නෑ නේ.ඉතින් යාළුවා බැඳලා හනිමූන් එහෙම ගිහිල්ලා ඒ දෙන්නගෙ පුංචි ගෙදරට පදිංචියට ආවා කියමුකෝ.
    බැඳලා සති දෙකකට විතර පස්සෙ දවසක හැන්දෑවේ අපේ යාළුවා වැඩ ඇරිල ඇවිල්ලා ඇඳුමක් ඇඳගෙන ලෑස්ති වෙනව එළියට යන්න .දැන් අහන්න එපා එයා වැඩ කරන්නේ කොහෙද අරව මේව එහෙම. එතකොට අපේ යාළුවගේ මනමාලි ඇහුවලු,

    "කොහෙද බබා මේ හැන්දෑවේ යන්න හදන්නෙ" කියලා.
    එතකොට අපේ යාළුවා කිව්වලු,
    " මම යනවා වස්තුව බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්ඩ " කියලා.

    "අනේ පැටියෝ... ඔයාට ඕනේ බියර් එකක්ද? "කියලා අහපු වයිෆ් ෆ්‍රිජ් එක ඇරියම ඒකේ තියෙනවලු හොඳට කූල් කරපු බියර් කෑන් දොළහේ පෙට්ටි හතරක්.කර්ල්ස්බර්ග්, ලයන්,ස්පෙෂල් බෲ,ත්‍රී කොයින්ස් ඕනෙ දෙයක් තෝර ගන්න පුලුවන්.

    අපේ යාළුවට හිතාගන්න බෑ මොනව කියන්නද කියලා.ඒ වුනත් එයා කිව්වලු "මේකනේ රත්තරන්,බාර් එකට ගියාම ඒකේ ග්ලාස් එහෙමත් කූල් කරලයි තියෙන්නේ" කියලා.

    කතාව ඉවර කරන්නත් හම්බ වුනේ නෑ. " අනේ බබා ඔයාට ඕනෙ ෆ්‍රීෂ් කරපු ග්ලාස් එකක් ද?" කියල අහපු වයිෆ් ඩීප් ෆ්‍රීෂර් එක ඇරලා හොඳටම කූල් වෙලා අයිස් බැඳිච්ච මග් එකක් අරන් දුන්නලු.

    අපේ යාළුවා දැන් හොඳටම හිර වුනා.ඒත් එයා කිව්වා " මේකනේ වස්තුව,බාර් එකට ගියාම එතන නියම බයිට් එකක් තියෙනවා.ඒක නැතිව ඉතින් බියර් එකක් බීලා වැඩක් නෑ.මම සින් ගාලා එන්නම් පැටියෝ ඔයාව බලන්න" කියලා.

    "ඔයාට ඕනේ බයිට් ද පැටියෝ...?" කියලා අහපු වයිෆ් අවන් එක ඇරලා බයිට් ජාති ගණනාවක් එළියට ගත්තම අ⁣පේ යාළුවට කට උත්තර නැති වුනා.

    " අනේ පැටියෝ.ඔයාට තේරෙන්නෙ නෑනේ වස්තුව.බාර් එකට ගියාම ඉතින් එතන මිනිස්සු කුණුහරුප කියනවා... කෑ ගහනවා... දන්නවනේ ඒ⁣කේ අමුතු ගතියක් තියෙනවා.ඒක⁣යි මම කොහොමහරි බාර් එකටම ගිහින් බියර් එකක් ගහන්න හදන්නේ" . අපේ යාළුවා අන්තිමේදී කිව්වේ කොහොමහරි එළියට පැන ගන්නයි. එතකොට වයිෆ් කිව්වලු,

    "එහෙම කියන්න එපා වස්තුව.ඔයාට ඕනෙ කුණුහරුපෙන් බනින කෑ ගහන ඒවා අහන්නද? උඹලගේ අම්මට********* නැතිව ඔය මග් එකට බියර් එක දාගෙන මේ හදල තියෙන බයිට් එක කාලා බොන තරමක් බීපිය බූරුවෝ. තෝ ගෙදරින් අඩියක් හරි එළියට තිව්වොත් කකුල් දෙක කඩලා එල්ලනවා බාල්කේ."


    උස්සව්වේ පරණ "සමබිම" සඟරාවකින්
     
    • Like
    Reactions: hzr27 and suicxde

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අනේ පැටියෝ.ඔයාට තේරෙන්නෙ නෑනේ වස්තුව.බාර් එකට ගියාම ඉතින් එතන ලස්සන බඩු කෑලි ඉන්නවාන‍ෙ.
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    අනේ පැටියෝ.ඔයාට තේරෙන්නෙ නෑනේ වස්තුව.බාර් එකට ගියාම ඉතින් එතන ලස්සන බඩු කෑලි ඉන්නවාන‍ෙ.

    ah yako mona bar ekeda badu kali inne