සද එළියේ රෑ සීතේ...
දීප්තිමත් ආකාසේ....
දිදුලන තරු කැට ගනින්න..
එන්න නදීරා.......
සවන පුරා විහිද යන්න...
ඔය කන්කළු හඩ නගන්න...
මා මනසේ රැදී ඉන්න...
එන්න නදීරා.......
සුන්දර කදු යායක් මැද..
හමා ඇදෙන සීත සුලග...
ඔය කෙහෙරැලි නලල් තලය..
පුරා දුවනවා.................
දෑතින් දෑතට වෙලිලා...
ඔබ මගෙ තුරුලට අරගෙන..
ඇගිලි තුඩින් හිස පිරිමැද...
ඉන්න හිතෙනවා........
සද එළියේ රෑ සීතේ...
රෑ සිහිනෙන් මට පෙනෙන්න..
ඔය හුරතල් මතක් වෙන්න....
ආදරයෙන් ඉගි කරන්න...
සීත රැය පුරා..........
ආයෙත් ඔබ මුන ගැහෙන්න...
ආසයි පැතුමක් පතන්න....
ජීවිතයෙම මගේ වෙන්න
එන්න නදීරා.............
සද එළියේ රෑ සීතේ...






