රේගු නිලධාරීන් 3ට ස්ථාන මාරු
ඔරුගොඩවත්ත රේගු මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංගණයේ සේවය කළ රේගු නිලධාරීන් තිදෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී තිබේ.
රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි එම නිලධාරීන් ඔරුගොඩවත්ත රේගු පරිපාලන අංශය වෙත මාරුකර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.
පසුගිය 19දා රත්මලාන සතොස ගබඩාවක් වෙත ගෙන ආ සීනි කන්ටේනරයක් තුළ තිබී කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු හේතුවෙන් අදාළ නිලධාරීන්ට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
එම කන්ටේනරය තුළ තිබී රුපියල් කෝටි 320ට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 218යි ග්‍රෑම් 600ක තොගයක් සොයා ගැනුණි.



