වාස්තු - විද්‍යාවක්ද මිථ්‍යාවක්ද?

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    වාස්තු - විද්‍යාවක්ද මිථ්‍යාවක්ද?

    ගෙයක් හදනකොට හරි හදපු ගෙයක් ගන්නකොට හරි වාස්තු බලනවනේ හැමෝම වගේ. නමුත් මේකත් අර වගේ වෙනම මිථ්‍යා විශ්වාසයන් ටිකක් කියලා හිතෙන්නේ නැද්ද? හැමෝම වාස්තු බලනවා අනිත් අය බලනවට වගේ කියලා හිතෙන්නෙ නැද්ද? උදාහරනයක් විදිහට වාස්තු අවුල් ගෙයක් කියලා හිතමු. ඒක අයිති කෙනා ඒ හේතුව නිසා ගෙදර rent කරනවා. Rent එකට ගන්න එවුන් වාස්තු බලන් නෑ නේ උන් සාමාන්‍ය විදිහට ඉන්නවා. එතකොට වාස්තු හරියටම බලපාන්නේ ගෙදර අයිති එකාට විතරයිද.

    ජනෙල් ඔත්තේ වෙන්න ඕනෙලු. දොරවල් ඉරට්ටේ වෙන්න ඕනෙලු. (මේකේ අනිත් පැත්ත වෙන්නත් පුලුවන්. මට හරියට මතක නෑ) හරි එහෙම වෙන්න ඕනේ නම් හේතුවත් කියන්න ඕන නේ. කවුරුවත් එහෙම පැහැදිලි කිරීමක් කරලත් නෑ.

    මන් හිතනවා මිත්‍යා නොවන සාමාන්‍ය දේවල්, ඉර එලිය වැටෙන දිශාව, වතුර බහින විදිහ, පසෙහි පිහිටීම වගේ ඒවා හරියටම බලලා ගෙයක් හැදුවා නම් වාස්තු කියලා ආයි අමුතුවෙන් බලන්න අවශ්‍ය නෑ. හඳහන්, ජොය්‍ය්තිශ්‍ය, ගෙවල් ආරක්ශා කරන ඒවා, වාස්තු මම නම් සිරාවට මේ දේවල් විශ්වාස කරන් නෑ. මේ දේවල් හරි නම් මේවා අදාල සිංහල මිනිස්සුන්ට විතරක්ද? හරි මෙහෙම ශාස්ත්‍රයක් ඉස්සර තිබ්බා කියමු. නමුත් මේ වෙනකොට ඔක්කොම තත්වය වෙනස් නේ. හද්ද පරන concepts අපි තාම පාවිච්චි කරනවා වගේ දෙයක් නේ.

    ගොඩක් එවුන් කියන කතාවක් තමයි, "මන් නම් එච්චර ඕවා විශ්වාස කරන් නෑ, නමුත් දෙමව්පියෝ කිව්ව නිසා බලනවා." වගේ කතා. (හැම එකකටම අදාලයි) උනුත් කාලෙකහරි තනියෙන් decision ගන්න කාලෙක ඔය දේවල් බලනවා. "මේ දේවල් බලන්න ඕනේ අපෙ දෙමව්පියොත් ඕවා බැලුවා කියලා." උන්ගෙත් ලමයි ඉන්න කාලෙක ඔය story එකම තමා.

    හරි life එකක් ගෙනියන්න බුද්ධ ධර්මයේ අපිට ඕනතරම් දේවල් තියෙනවා. මේ වගේ දේවල් වලට කාලය නාස්ති කරන එකත් අපරාදයක් කියලා මට හිතෙන්නේ. හිතපන් අපි මේ දේවල් තවත් කරන් යනවා කියන්නේ ආයි මේ විදිහටම outdated වෙච්ච දේවල් generation ගානක් ඉස්සරහට යන්න උදව් කරනවා වගේ වැඩක් නේ.

    උඹලා මොකද හිතන්නේ මේ ගැන?
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පැරණි වාස්තු පොත පත කියෙව්වම තේරෙනවා ඒවායේ යම්කිසි විද්‍යාත්මක පදනමක් තිබ්බ බව. ඒත් ක්ෂේත්‍රයක් විදියට ඒක update වෙලා නෑ.

    අද වෙද්දී ඒකෙන් ප්‍රයෝජනේ අරගෙන වාස්තු ගුරාලා මිනිස්සුන්ව බය කරලා කියක් හරි කඩා ගන්නවා. රටේ හොඳම වාස්තු විද්යාඥයා කියල කියන එකෙක් ගෙනල්ලා ගෙදරක වාස්තු බලලා හදලා ගියත්, ඊළඟට එන එකා ආයෙත් මොනවහරි කියනවා.
    එක්කෝ බිත්තියක් ගලවලා අඟල් දෙකක් එහායින් බඳින්න කියයි. එක්කෝ උළුවස්සක් ගලවල වෙන තැනක හයි කොරන්න කියයි.

    ඒත් Architect කෙනෙක් විදියට වාස්තු ලොකුවට විශ්වාස කරන කෙනෙක්ව අපි ඒවා බොරු කියලා ඒවා නොබලන තැනට හිත වෙනස් කරන්න යන්නේ නෑ. මොකද පස්සෙ ඔය මනුස්සයගේ ඔලුවට එක එක දේවල් එන්න පුළුවන්. ප්‍රශ්නයක් උන ගමන් මිනිස්සු කියනවා අරම කරේ නෑ මෙහෙම කරේ නෑ කියලා. ඒක නිසා බලන වාස්තුවක් බලාගන්න කියනවා.

    අපිනං සාමන්යෙන් හුඟක් වෙලාවට වාස්තු බලන අයගේ වැඩ වැඩිය බාරගන්නේ නෑ. මොකද හොඳ modern design එකක් කරන්න හරි අමාරුයි. අනික දැන් තියෙන ඉඩම් වල ස්වභාවය, client requirement, අලුත් තාක්ෂනය, කුඩා ඉඩකඩ වගේ දේවල් එක්ක වාස්තු බලන එක තේරුමක් නැති වැඩක්. උඹ කිව්වා වගේ මචන් අපි ඊට වඩා උත්සාහ කරන්නේ ගෙදර හොඳට හැම තනකටම වාතාශ්‍රය සහ හිරු එලිය ලැබෙන විදියට design කරන්න.

    අපි ගාවට එන අය එන්නෙම වාස්තු බලන්න අවශ්‍ය නෑ කියල කැමැත්තෙන්ම. ඒක නිසා අවුලක් නෑ. ඉතිං සමහර වෙලාවට එකම client එනවා දෙවෙනි තුන්වෙනි ගෙදරත් design කරගන්න. නැත්තං අලුතෙන් hotel, showroom, factory වගේ දේවල් තව තව design කරගන්න. අනික අපි කරපු ගෙවල් මේ දක්වා කඩලා වෙනස් කරලත් නෑ. අපේ පරණම clients ලා තාමත් අපි එක්ක බොහොම කිට්ටුවෙන් ඉන්නවා. වාස්තු නොබලා හදපු එකෙන් කිසි අව්ලක් වෙලා නෑ කියල හිතාගන්න අපිට ඒ සාක්කිය ඇති.
     
    ඒකනේ බන්. මේ මත්තේ නැහෙන එවුන් ඉන්නවා.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    පිරමීඩ වල අනුපාතෙට පොඩි පිරමීඩ හෑදුවම සමහර ශක්තියක් තියනවා .(පරවෙන්න කල් ගතවන මල් )
    වාස්තුත් ඒ වගේ තමා
    එකම අවුල බොරු කාරයො තම වෑඩි..
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    බොරු වැඩ ඉස්සර හිටපු නුගත් හැත්තගෙන් ආපු රෙද්දවල් ... හැම මගුලකටම කෙන්දරයි ,,, වස්තුයි ... ඔය මිනිස්සු සල්ලි හොයන්න බලාගෙන ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද බොරු මිත්‍යා මත තමයි ...
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    පිරමීඩ වල අනුපාතෙට පොඩි පිරමීඩ හෑදුවම සමහර ශක්තියක් තියනවා .(පරවෙන්න කල් ගතවන මල් )
    වාස්තුත් ඒ වගේ තමා
    එකම අවුල බොරු කාරයො තම වෑඩි..

    ඔය පිරමීඩ කතන්දරේ ගැන දන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරනවද?
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    දැන් මට කියපන් කතෝලිකය මුස්ලිම් මිනිහා ඕව බලනවද?
    අයි මේ බෞද්ධයෝන්ට විතරක් ඔය මානසික ලෙඩ.
    උබ බුද්ධාගම අදහනවානම් උබට ඕනේ විදිහට ගේ ගහපන් අතේ තියන ගානට. ඒ කිව්වේ හැදුවයින් පස්සෙත් අතේ ගානක් ඉතිරි වෙන විදිහට. ඊට පස්සේ හදල ගෙදර පිරිතක් කියපන් . මම දන්නවා වියදම් යනවා කියල. එත් බෞද්ධ විදිහට ඕක කරන්න.
    මගේ ඇත දැකීමක් කියන්නම්. අපි ඉන්න ගේ හදල තියෙන්නේ අපේ සියා, තාත්තාගේ තාත්තා. එය වස්තු බලලා නෑ. තව මුස්ලිම් බසුන්නාහැ කෙනෙක් එයාගේ දැනුමට අනුව හදල තියෙන්නේ . හැබැයි අපේ තාත්තා ටිකක් මානසිකව දුර්වලයි ඔය මිත්‍යා ප්‍රශ්නේ යනවා. පහුගිය දවසක ගෙදර renovation එකෙක්ට තාත්තා ප්‍රසිද්ද එකෙක් ගෙනත් බැලුව වස්තු. උ තැන 10 විතර ලකුණු කරලා කිව්වා මේවා වෙනස් කරන්න මේවා වෙනස් කරන්න කියල. මට කොහොමත් ඕව අදාල නෑ මම බෞද්ධ නිසා. මම උගෙන් ඇහුවේ ඔය මුකුත් බලන්නේ නැතුව හදපු ගෙදර කිසි කරදර යක් නැතුව අපේ සීයයි ආච්චි අවුරුදු 80 වැඩ හිටියා හොදට. ඒගොල්ලන්ට මුකුත් උනේ නැනේ. අයි දැන් වෙන්නේ. උට මල පැන්න. අපේ ගෙදර එවුන්ටත් මල පැන්න.
    ඕකයි යථාර්තය අපේ මිනිස්සු බයයි. මහා ලොකුවට බෞද්ධ කිව්වට තමුන්ගේ ආගම ගැන හෝ ආගමක් අදහන්නේ නැත්තම් (Atheist නම්) තමුන් ගැන හෝ විශ්වාසයක් නෑ. ඕව විකාර බන්.
    නිකන් උබම හිතපන් උබේ දියුණු හෝ පරාජය උබම කරන මානසික ක්‍රියාවලියක ප්‍රතිපලයක් විදිහට එන්නේ. එතකොට ඔය භ්‍රක්ම පාද මගුල් වැඩක් නෑ. උබ බෞද්ධානම් බුදුන් දේශනා කරලා නැනේ නිශ්චිත විදිහක් එහෙම නම් එවිදිහට ඉන්න.
    එතකොට වෙනත් රටවල එවුන්ට ඕක බලපාන්නේ නැද්ද? විකාරනේ ඕයි.
     
    සිරාවට මචන්. අපේ සමහර මිනිස්සු පොර talk දුන්නට පට්ට බයයි. නැකැත්, වාස්තු, පොරොන්දම් බලලා ඔක්කොම කරනවා. ගති ගුණ බිංදුවයි.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉස්සර ඕව බැලුවේ ඒ කාලේ තිබුන තාක්ෂනේට සාපේක්ෂව. කුරුසේ එන්න හොඳ නෑ කියනවා, මුදුන් ලීයට මෙහෙම වෙන්න හොඳ නෑ කියනවා, ඒවගේ දේවල් වල ගත යුත්තක් තිබුන. ඒකෙන් කාටවත් අද්භූත බලපෑමක් වෙන්නෙ නෑ. බිල්ඩින් එකේ කල්පැවැත්මට ඒකෙන් රුකුලක් තිබුන. ගං ගොඩේ මෝඩ මිනිස්සු ඒවා තේරුම් ගත්තේ වෙන විදිහකට. ඒකට අමුතු බලයක් ආරෝපණය කරා.

    දැන් තියන තාක්ෂනේ වෙනස්, බිල්ඩින් මටීරියල් වෙනස් ඒ හින්ද ඔය යල් පැනපු අදහස් අද කාලෙට ගැලපෙන්නේ නෑ. මම ගෙයක් හැදුව ඔය කිසි දෙයක් බැලුවේ නෑ.
     
    "හොඳ නෑ කියනවා", කවුද කියලා තියෙන්නේ, ඇය් හොඳ නැත්තේ.හෙතූ අදාලම නෑ අපේ එවුන්ට. ඒ තරම් මොළ කාරයෝ ඉන්නේ
     
    • Like
    Reactions: lodbrok

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    වස්තු විද්‍යාව, ජෝතිෂ්‍ය වගේ ශාස්ත්‍ර ඉරිශිවරු (පෙරුම් පුරන බෝධිසත්වයෝ) ලෝකානුකම්පාවෙන් ලෝකෙට දායාද කල ශාස්ත්‍ර.
    ප්‍රගුණ කරපු පරම්පරාවේ අන්තිම පුරුක් නිසා බොහොම ටික දෙනයි ඉන්නේ හොඳ දැනුමක් තියන.
    මේ ශාස්ත්‍ර නැති වෙලා යන්න හේතුව තමා පරම්පරාවෙන් පිටට යන්න දෙන්නේ නැතුව ආත්මාර්ථකාමී විදිහට තියාගෙන හිටපු එක. ඒ කතා ඇති.

    බුදුරජාණන් වහන්සේත් දේශනා කරලා තියනවා කාර්ම විෂය බුදු කෙනෙකුට පමණයි 100% නිවැරදිව තේරුම ගන්න පුළුවන්. එත් කර්මය පල දෙන හැටි අපි උනත් අහල තියනවා. කර්මයක් පල දෙන්න සුදුසු පරිසරයක් ඕනේ කියන එක. එහෙම පල දෙන්න පරිසරයක් හැදුනේ නැත්තම් කාර්ම පල දෙන්නේ නැහැ කියන එක.

    වස්තු මුඋලධර්ම කියන්නේ පරිසරයේ තියන ශක්තිය අහිතකර ශක්තිය අවම වෙන්න හිතකර ශක්තිය වැඩිපුර තියා ගන්න පුළුවන් වෙන විදිහට දෙයක් නිර්මාණය කරන්න පුළුවන් ශාස්තයක්. කෙනෙක් ජිවිත කාලේ වැඩිපුරම ඉන්න තැන තමා තමන්ගේ ගෙදර. තමන්ගේ කාර්ම ශක්තියට අනුව කෙනෙක්ට හොඳ ශක්තියක් තියන ගෙදරක ඉන්න හම්බෙන්න පුළුවන්. එක හරියට අප කාර්ම ශක්තිය අනුව අපේ දෙමවුපියන් හම්බෙනවා වගේ. එක එහෙම උනත්, අපිට නරක වාසස්ථානයක් හම්බුනොත් ප්‍රයෝග සම්පතියකින් මේ පසුබිම යම් තාක් දුරකට වෙනස් කර ගන්න පුලවන්. ඒ කියන්නේ අර හොඳ කාර්ම තියන කෙනෙක්ට නිරායාසයෙන් හොඳ වාසස්ථානයක් ලැබෙන්න වගේ තව කෙනෙක්ට ඒහෙම වාසස්ථානයක් වස්තු විද්‍යාව පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්.

    විදිමත් විදිහට දත්ත එකතු කරලා ගත්ත නිගමන නැතත්, සමහර අවුරුදු ගණන් ලෙඩ අදට වැටිලා කොච්චර බෙහෙත් කලත් හොඳ වෙන්නේ නැති ලෙඩ ගෙදර පොඩි වෙනස් කමක් කරහම හොඳ වෙන හැටි එහෙම, සමහර ගෙවල් වලට පදිංචියට ගිහින් ටික කාලෙකින් ගෙදර ගෘහ මුලිකයා මරුන අවස්ථා එහෙම, සමහර ගෙවල් වලට පදිංචියට ගිහාම බලාගෙන ඉදිද්දී දිවුණු වෙනවා, සමහර ගෙවල් වලට ගිහාම ඉන්න හරිම ආස ගතියක් තියනවා, සමහර ගෙවල් වලට ගිහාම මහා මුසල ගතියක් තියනවා කියනවා අහලත් ඇති සමහර අය. අපි විද්‍යාවෙන් ඉගෙන ගන්න දිග, පළල, උස, කාලය මානයන් වලින් පැහැදිලි කරන්න බැහැ තම මේ දේවල්.

    මොනවා උනත් ගත උත්හක් නැත්තේම නැහැ මේ දේවල් වලින්. තමන් ජිවිත කාලෙටම ඉන්න ගෙදර නම්, අඩුම ගානේ ගෙදර බ්‍රහ්ම පාදය ඒ කියන්නේ ගෙදර plan එක තල වස්තුවක් විදිහට ගත්තොත් ගුරුත්ව කේන්ද්‍රය පිහිටන තැන වත් පගෙන්නේ නැතුව පිරිසුදුව තියන්න බලන්න. එකට කාවවත් හම්බෙන්න යන්න ඕනේ නැහැ. youtube ගියා නම් තමන්ටම ගණනය කරගන්න පුළුවන්. මේ කියන්නේ ගිනි කතිරේ නෙමෙයි.
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සිරාවට මචන්. අපේ සමහර මිනිස්සු පොර talk දුන්නට පට්ට බයයි. නැකැත්, වාස්තු, පොරොන්දම් බලලා ඔක්කොම කරනවා. ගති ගුණ බිංදුවයි.

    හිත දුර්වල මිනිස්සු ,තමන්ට වැරද්දක් උනාම....වැරදුනාම....එක තවත් කෙනෙක් /දෙයක් පිට පටවන්න බලනවා....නැකැත්, වාස්තු කියන්නෙත් එහෙම දෙයක් තමයි....(අද කාලෙට...):dull:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    වස්තු විද්‍යාව, ජෝතිෂ්‍ය වගේ ශාස්ත්‍ර ඉරිශිවරු (පෙරුම් පුරන බෝධිසත්වයෝ) ලෝකානුකම්පාවෙන් ලෝකෙට දායාද කල ශාස්ත්‍ර.
    ප්‍රගුණ කරපු පරම්පරාවේ අන්තිම පුරුක් නිසා බොහොම ටික දෙනයි ඉන්නේ හොඳ දැනුමක් තියන.
    මේ ශාස්ත්‍ර නැති වෙලා යන්න හේතුව තමා පරම්පරාවෙන් පිටට යන්න දෙන්නේ නැතුව ආත්මාර්ථකාමී විදිහට තියාගෙන හිටපු එක. ඒ කතා ඇති.

    බුදුරජාණන් වහන්සේත් දේශනා කරලා තියනවා කාර්ම විෂය බුදු කෙනෙකුට පමණයි 100% නිවැරදිව තේරුම ගන්න පුළුවන්. එත් කර්මය පල දෙන හැටි අපි උනත් අහල තියනවා. කර්මයක් පල දෙන්න සුදුසු පරිසරයක් ඕනේ කියන එක. එහෙම පල දෙන්න පරිසරයක් හැදුනේ නැත්තම් කාර්ම පල දෙන්නේ නැහැ කියන එක.

    වස්තු මුඋලධර්ම කියන්නේ පරිසරයේ තියන ශක්තිය අහිතකර ශක්තිය අවම වෙන්න හිතකර ශක්තිය වැඩිපුර තියා ගන්න පුළුවන් වෙන විදිහට දෙයක් නිර්මාණය කරන්න පුළුවන් ශාස්තයක්. කෙනෙක් ජිවිත කාලේ වැඩිපුරම ඉන්න තැන තමා තමන්ගේ ගෙදර. තමන්ගේ කාර්ම ශක්තියට අනුව කෙනෙක්ට හොඳ ශක්තියක් තියන ගෙදරක ඉන්න හම්බෙන්න පුළුවන්. එක හරියට අප කාර්ම ශක්තිය අනුව අපේ දෙමවුපියන් හම්බෙනවා වගේ. එක එහෙම උනත්, අපිට නරක වාසස්ථානයක් හම්බුනොත් ප්‍රයෝග සම්පතියකින් මේ පසුබිම යම් තාක් දුරකට වෙනස් කර ගන්න පුලවන්. ඒ කියන්නේ අර හොඳ කාර්ම තියන කෙනෙක්ට නිරායාසයෙන් හොඳ වාසස්ථානයක් ලැබෙන්න වගේ තව කෙනෙක්ට ඒහෙම වාසස්ථානයක් වස්තු විද්‍යාව පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්.

    විදිමත් විදිහට දත්ත එකතු කරලා ගත්ත නිගමන නැතත්, සමහර අවුරුදු ගණන් ලෙඩ අදට වැටිලා කොච්චර බෙහෙත් කලත් හොඳ වෙන්නේ නැති ලෙඩ ගෙදර පොඩි වෙනස් කමක් කරහම හොඳ වෙන හැටි එහෙම, සමහර ගෙවල් වලට පදිංචියට ගිහින් ටික කාලෙකින් ගෙදර ගෘහ මුලිකයා මරුන අවස්ථා එහෙම, සමහර ගෙවල් වලට පදිංචියට ගිහාම බලාගෙන ඉදිද්දී දිවුණු වෙනවා, සමහර ගෙවල් වලට ගිහාම ඉන්න හරිම ආස ගතියක් තියනවා, සමහර ගෙවල් වලට ගිහාම මහා මුසල ගතියක් තියනවා කියනවා අහලත් ඇති සමහර අය. අපි විද්‍යාවෙන් ඉගෙන ගන්න දිග, පළල, උස, කාලය මානයන් වලින් පැහැදිලි කරන්න බැහැ තම මේ දේවල්.

    මොනවා උනත් ගත උත්හක් නැත්තේම නැහැ මේ දේවල් වලින්. තමන් ජිවිත කාලෙටම ඉන්න ගෙදර නම්, අඩුම ගානේ ගෙදර බ්‍රහ්ම පාදය ඒ කියන්නේ ගෙදර plan එක තල වස්තුවක් විදිහට ගත්තොත් ගුරුත්ව කේන්ද්‍රය පිහිටන තැන වත් පගෙන්නේ නැතුව පිරිසුදුව තියන්න බලන්න. එකට කාවවත් හම්බෙන්න යන්න ඕනේ නැහැ. youtube ගියා නම් තමන්ටම ගණනය කරගන්න පුළුවන්. මේ කියන්නේ ගිනි කතිරේ නෙමෙයි.

    බුදුන් ඉතා විශාල විද්‍යාත්යමක දහමක් ඉදිරිපත් කරා, එත් පසුකාලීනව එකට ඔය වගේ අදහස් එකතු උනා. කර්මය බලපාන්න සුදුසු පරිසරයක් තියෙන්න ඕනේ: එක තැනක් පෙන්නන්න මට බුදුන් එහෙම දේශනා කරපු. එතකොට ඔබ කියන්නේ බුදු දහමට අනුව පිරිත හා කුසල් ක්‍රියා කිරීම ට වඩා ඔය බ්‍රක්ම පාදය වැදගත් කියලද?
    අද කාලයට කොහොමත් ඕව ගැලපෙන්නේ නෑ මොකද ඔය කිසි දෙයක් නැතුව මම වහලක් යට ඉන්නවා පරම පරා දෙකක් තිස්සේ: ගෝත්‍රික වෙන්න ඕනේ නෑ: දානයේ, ශීලයේ හැසිරෙන්න, බෞද්ධ විදිහට හෝ තම අගමික විදිහකටහෝ වෙනත් විදිහකට ඉන්න අනිත් ඒවා වැඩක් නෑ. මොකද පලදෙන්න තියන කාර්ම යන් හොද හෝ නරක ඒ විදිහට විපාක දෙනවා. සමහරු ඒවා අතාරින්න කැමති නෑ බයට:
     
    පරම්පරා 2ක් එකම වහලක් යට ප්‍රශනයක් නැතුව ඉන්නවා නම් එහෙම තැනක ඉන්න හම්බෙන එක ඔයාගේ කර්ම ශක්තිය. අද කාලයට ගැලපෙන්නේ නැහැ කියන්නේ පරණ නිසාද? එටකොට බුදු දහමත් ඒ ගොඩටම දාන්න පුළුවන්නේ? පින් පවු, පිරිත් වල බලේ එහෙම අද කාලේ මොන මානේටද අහු වෙන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙවිවරු තව නොපෙනෙන ජීවින් මොන මානේටද අහු වෙන්නේ? නවීන විද්‍යාව කියන්නේ තවමත් දිවුණු වෙමින් පවතින දෙයක්. 1900-2000 වෙනකම් කොයි තරම් වෙනස් කම් වෙලා ඇද්ද? එදා හිටපු මනුස්සයෙකුට අද තියන දේවල් හීනෙකින් වත් පෙනිලා ඇද්ද? තව අවුරුදු 100 කින් එහෙමම තියේවි. එත් දැන් තියන විද්‍යාව තවමත් මාන 4කින විතරයි නිගනනෙකට එන්නේ. එත් ඊට වඩා මානයන් තියෙන්න පුළුවන් කියලා විද්‍යානයොත් විස්වාස කරනවා. පුරාන ඉර්ශි වරුන්ට යම් තරමකට ගෝචර උනා. ඒ නිසා ඒ දේවල් පහදලා දුන්නා. ලෝකේ යහපතට. පුළුවන් කමක් තියනවා නම් ඔය උඩින් කිවුව ගණනය කිරීම කරලා බලන්න.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    1. ඉරිශිවරු (පෙරුම් පුරන බෝධිසත්වයෝ) ලෝකානුකම්පාවෙන් ලෝකෙට දායාද කල ශාස්ත්‍ර
    2. සමහර අවුරුදු ගණන් ලෙඩ අදට වැටිලා කොච්චර බෙහෙත් කලත් හොඳ වෙන්නේ නැති ලෙඩ ගෙදර පොඩි වෙනස් කමක් කරහම හොඳ වෙන හැටි
    3. සමහර ගෙවල් වලට පදිංචියට ගිහින් ටික කාලෙකින් ගෙදර ගෘහ මුලිකයා මරුන අවස්ථා
    4. සමහර ගෙවල් වලට පදිංචියට ගිහාම බලාගෙන ඉදිද්දී දිවුණු වෙනවා, සමහර ගෙවල් වලට ගිහාම ඉන්න හරිම ආස ගතියක් තියනවා, සමහර ගෙවල් වලට ගිහාම මහා මුසල ගතියක් තියනවා
    5. ගෙදර බ්‍රහ්ම පාදය ඒ කියන්නේ ගෙදර plan එක තල වස්තුවක් විදිහට ගත්තොත් ගුරුත්ව කේන්ද්‍රය පිහිටන තැන වත් පගෙන්නේ නැතුව පිරිසුදුව තියන්න බලන්න.
    ඔය ඉතින්:baffled::baffled::baffled:
    රට දියුණු වෙනකම් බලා ඉන්නවා :lol::lol:
     
    • Like
    Reactions: lodbrok