පිය සටහන් පමණක් තැබූ සොඳුරු මානිගල මතකය

IreshOnline

Active member
  • Nov 24, 2014
    128
    122
    43
    Colombo
    පිය සටහන් පමණක් තැබූ සොඳුරු මානිගල මතකය

    ආ පලවෙනියෙමට කියන්න ඕනේ මේ මගේ පලවෙනි ට්‍රිප් රිපෝට් එක වැරදි ඇති ගණන් ගන්න එපා වැරද්දක් දැක්කොත් කියන්ඩ .. ඒ වගේම සමාවෙන්න ඕනේ ෆොටෝ ටික පොඩි කරන්න බැරි උනාට ..

    පාර දිගේ අපේ මානිගල සංචාරය ......

    ඉස්සල්ලම කියන්න එපැයි මානිගල කියන්නේ මොකද්ද කියල .. මානිගල මේක පිහිටල තියෙන්නේ මාතලේ ලග්ගල ප්‍රදේශය ඉලුක්කුඹුර ආසන්නයේ පිහිටා තියන අලංකාර කන්දක් තම මානිගල කියන්නේ මේ ආසන්නයේ තම ඇටන්වල කියන ගම පිහිටලා තියෙන්නෙත් දැනට ඔය ටික ඇති ..මේ තියෙන්නේ මානිගල තමා
    31hQU4C.jpg


    2017.07.14 අපි අපේ සංචාරය සඳහා පිටත්ව යන්න සුදානම් වුනා අපේ කණ්ඩායම 6 දෙනෙකුගෙන් සමන්විත වුනා එදින සවස මා සහ තාරක මාතලේ මාගේ නිවෙස වෙත පිටත්ව ගිය අපට අවශ්‍ය ආහාර හා අනෙකුත් දේවල් ලෑස්ති කර ගන්න .. අනෙක් හතර දෙන නිසල් , වෙරෝන් , හේෂාන් සහ හසරැල් සිකුරාදා පාන්දර නුවර බස් රථයෙන් මාතලේ ට එන්නට පිටත් වෙලා තිබ්බ කොහොම හරි උදේ 7 වගේ වෙනකොට අපි හැමෝම මාතලේට ආවා අපේ ගමන ආරම්භ වෙන්නේ මාතලේ ඉදල .. උදේ මාතලෙන් 8 ට පිටත්වෙන පල්ලේපොල බස් එකේ තමා අපි යන්න ලෑස්ති වෙලා හිටියේ මේ තියෙන්නේ බස් එක
    mcfY5Ib.jpg


    කොහොම හරි අපි බස් එකට නැග්ග අපේ පලවෙනි බලාපොරොත්තුව උනේ පතන බලන්න මොකද අපි මේ යන්නේ රිවස්තන් හරහා යන ගමනක් කොහොම වෙතත් අපිට රිවස්තන් කනුව බලන්න විදියක් නැති බව මන් කට්ටිය කිව්වා මොකද අපි එතනින් බස් එකෙන් බැස්සොත් කිලෝමිටර 10 විතර අය පයින් යන්න ඕනේ පතනට එතන ඉදල අය කිලෝමීටර 8 වගේ යන්න ඕනේ මානිගල කන්දට යන්න එක නිසා අපි පතනෙන් බැස්ස පතනෙන් අපි පහින්කොට 10.30 වගේ ඇති උදේ
    මේ පතනට යන ගමන්
    ONw3EBF.jpg

    hjpC2S0.jpg

    UPdoSiK.jpg

    L8k2xau.jpg

    42xBXh7.jpg

    45nQXmO.jpg

    sq4rDdy.jpg


    මේ රිවස්ටන් ඉදල පතනට යනකොට ගත්ත ෆොටෝ ටිකක්

    NJVQwuR.jpg

    8694MC5.jpg

    TE7DX8W.jpg


    රිවස්ටන් වල ඉදල පතනට යනකොට පතන පේන විදිය ...
    XPxPjtG.jpg


    රිවස්ටන් සුන්දරත්වය .... :love::love::love:
    rPssPzQ.jpg


    මානිගල පේන විදිය ...
    d1not1L.jpg


    රිවසටන් සම්පේෂණ කනුව
    Cji6abi.jpg



    පතනේදී කට්ටිය පොඩ් පොටෝ සුට් පාරක් දැන්ම අයිනට යන්න බෑ එදා හුලං පාර වෙනදට වඩා සැරයි කියල යන්න දුන්නේ නෑ ..
    පතනේදී හම්බ උනා මෙයාව ..
    ZhRRoPH.jpg


    කොහොම හරි පතන බලල කරලා අපි පතනෙන් පිටත් වෙනකොට දවල් 12 වගේ උනා..

    දැන් තමා ඉතින් ගමන් පටන් ගන්නේ අපේ camping එකට, කියන්න බැරි වුනා නේ අපි මේ යන්නේ දවස් දෙකක ගමනක් ඒ කියන්නේ අපි මානිගල උඩ camping කරන්න තමා මේ ගමන යන්නේ කොහොම හරි ඔන්න අපි පතනෙ ඉදල ගමන පටන් ගත්තා බඩු මුට්ටු උස්සන් පයින් යන එක තමා ඉතින් පොඩ්ඩක් කට්ට පතනෙ ඉදල කිලෝමීටර එකක් එක හමාරක් වගේ එනකොට පාර දෙකට බෙදෙනවා එකක් ඉලුක්කුඹුර පැත්තට අනිත් එක රත්නින්ද / පිටවල එහෙමත් නැත්තම් මානිගල පැත්තට
    මේ තියෙන්නේ එතන තමා
    gEzDhQV.jpg


    එතන ඉදල රත්න්න්දට යන ගමන්
    oSdz1NH.jpg

    LJllI5t.jpg

    LQDJJvR.jpg


    Another view of Manigala
    QptVvv5.jpg

    G9lfXGt.jpg

    UItLXqz.jpg

    Bnmhp4h.jpg

    UeEbxTD.jpg

    t9kTel9.jpg

    p3zIMS1.jpg


    අපි එතනින් මානිගල පැත්තට (දකුණු පැත්තට) හැරිලා එතන ඉදල කිලෝමීටර 4ක් 5ක් වගේ ආවා .. එතකොට අපිට හම්බ වෙනව රත්නින්ද අපි උදේ ආව බස් එක එනවා රත්නින්දට එනකන් පස්සේ තම හිතුනේ අපරාදේ පත්නෙන් බැස්ස මෝඩකම කියල මොකද මේ දවස් වල පතනෙ අයිනට යන්න අමාරුයි ඒ තරම් හුලග සැරයි .. රත්කිද්දී අපි ටිකක් නතර වෙලා ඉදල තමා අපි ගමන පටන් ගත්තේ ..
    රත්නින්ද ඉදල තව කිලෝමිටර එක හමාරක් විතර ගියාම අපිට හම්බ වෙනවා තුන්මන් හන්දියක් එතැනදී අපිට අපේ ගමනට තවත් එක්කනෙක් එකතු වෙනවා ඒ තමා අජිත් අයියා මෙයා තමා අපිව මානිගලට එක්කන් යන්නේ ,
    රත්නින්දට ඇවිත් ටිකක් වෙලා හිටිය මහන්සිය නිවා ගන්න
    JcMUwUp.jpg
    J4u7NoT.jpg


    අජිත් අයියත් එක්ක අපි කෙලින්ම ආවේ නාන්න වතුර තියන තැනකට මොකද තිබ්බ මහන්සිය නිවගන්න අනික ඒ වෙනකොට වෙලාව එක හමාරට විතර ඇති බඩගින්නත් තියන නිසා අපි තෙල්ගමුව ඔයට ගිය මොකද අපේ මානිගල ගමන වැටිලා තියෙන්නෙත් තෙල්ගමුව ඔය හරහා නිසා අපිට කිසිම ප්‍රශනයක් නැතුව තෙල්ගමුව ඔයෙන් නාල එතන ඉදල දවල්ට කාල අපි හවස තුන හමාරට විතර අපේ ගමන පිටත් වුනා තෙල්ගමු ඔයෙන් එගොඩ වෙලා ටිකක් දුර යනකොට තමා අපිට හම්බ වෙන්න ඇටන්වල ,

    තෙල්ගමු ඔය මාළු කොටනවා වතුරට බහින්න බැරි තරම්
    mklNW2X.jpg

    CYjHXHV.jpg


    ඇටන්වල ගැනත් පොඩ්ඩක් කියන්න ඇටන්වල කියන්නේ මානිගල පාමුල තියන ගමන් ඇත්තටම කිව්වොත් තාමත් ගැමි සුන්දරත්වය පවතින ගම්මානයක් කුඹුරු යායවල් වලින් ලස්සන වුන මේ ගම්මානය මානිගලට එකතු කරන්නෙත් පුදුම ලස්සනක් .

    5KIhffK.jpg


    ඇටන්වල ඉදල හරි අපුරුවට මානිගල පේනවා .. ඇටනවලට තිබ්බ හුලාගත් එක්ක අපි දැන ගත්තත මානිගලත් හුලන් පාර සැර ඇති කියල .. අටන්වලින් ගියාට පස්සේ මනිගල්ට යන පාර හැරිලා ටික දුරක් යනකොට අජිත් අයියගේ ගෙදර හම්බ වෙනවා එතනින් ඉස්සරහට යනකොට වම් පැත්තට ගල්පදිපෙලකුත් එක්ක අඩි පාරකින් තම ඔන්න මානිගල කන්ද නගින්න පටන් ගන්නේ ... එතන ඉදල කිලෝමිටර 3ක විතර ගමනක් තියනවා කැලේ මැදින් ..අපි කන්ද නගින්න පටන් ගන්නකොට ඔන්න අපිට තවත් සගයෙක් එකතු වෙනවා ඒ තමා දඩෝරියෙක් ගමන නගින්න පටන් අරන් ටික දුරක් යනකොට වෙහෙස දැනෙන්න පටන් ගත්ත මමයි හසරැල් සහ හේෂාන් නම් අජිත් අයියත් එක්කම ගියා ඒ අතරේ තරක නිසල් වෙරෝන් තුන් දෙනා මහන්සිය නිසා මග නැවතී නැවතී ආවා.. බාගයක් විතර දුර ආවම අපිට හම්බ වෙනවා දුවිලි අල්ලට යන පාරත් අපි එකෙන් හැරෙන්නේ නැතුව කෙලින්ම යන්න ඕනේ මනිගලට යන්න ..
    කොහොම වෙතත් මහන්සියත් එක්ක පැය දෙකක විතර ගමනකින් පස්සේ අපි මනිගලට ආවා ආවම දැනෙන සතුට නම් කියල නිම කරන්න බෑ ඒ වගේම වටේම පේන ලස්සන අපේ මහන්සිය ඔක්කොම අමතක කරලා දානවා එක පැත්තකින් දුවිලි ඇල්ල අනික් පැත්තෙන් රිවස්ටන් මුළු නකල්ස් කඳු පන්තියම පේනව හිතට දැනෙන්නේ මාර සතුටක් ඒ වගේම නිස්කලංක බවක් ..

    මානිගල කන්ද මුදුනට ඇතුල් වෙන තැන
    ZFodUA1.jpg


    වටේම පේන කඳු පන්ති ටික

    wX73mcv.jpg

    rnr0FJ0.jpg

    pxvGOUz.jpg

    nTfEN1i.jpg


    හැබැයි ඉතින් මේ ඔක්කොමත් හරි මේ කාලේ හුලග නම් ටිකක් සැරයි ටිකක් නෙවෙයි හොදටම සැරයි අජිත් අයියා අපිට කිව්වා විදියට නම් මැයි ඉදල සැප්තැම්බර් වගේ වෙනකන් මානිගලයි රිවස්ටනුයි හුලන් සැරයි කියල ..
    කන්ද උඩට නැග්ග වගේ නෙවෙයි නේ දැන් ඉතින් අපේ ටෙන්ට් ටික ගහ ගන්න තැනක් හොයා ගන්නත් එපැයි ටෙන්ට් ගහ ගන්න නම් ඕනේ තරම් තැන තියනවා එත් ප්‍රශ්නේ තිබ්බේ අපිට හුලන් පාර සැර නිසා ඉන්න ආරක්‍ෂිත තැනක් ඕනේ මොකද වැටුනොත් එහෙම කන්දෙන් පල්ලයහට තමා එක නිසා අපි හොයල හොයල ගස් තිබ්බ තැනක අපේ ටෙන්ට් දෙක ගහ ගත්ත ඊට පස්සේ අපි බඩු මුට්ටු ලෑස්ති කරලා ගිනිමැලයක් ගහන්න පටන් ගත්ත කියන්න බැරි උනා නේ කන්ද උඩ නම් වතුර නෑ අනිවාර්යෙන් එනවා නම් වතුර පල්ලයහින් අරන් එන්න වෙනවා ...

    එදා රැ අපේ නවාතැන ...
    zYrZesj.jpg

    5pxJKsN.jpg

    Vs0wF1W.jpg


    අපිට ඔක්කොම දේවල් ලෑස්ති කරලා දීල අජිත් අයියා එන්න පිටත් උනා ....රෑට ඉතින් උයාගෙන කාලා ගිනි මැලේ ලගට වෙලා සින්දුවක් කියල විනෝද වුනා ටිකක් රෑ වෙනකොට තමා සිතල දැනෙන්න පටන් ගන්නේ හුලගත සැර නිසා රෑ වෙනකොට පුදුම සීතලක් ඇගට දැන්නෙන් රෑ 10.30 වගේ වෙනකොට අපි නිදාගන්න කියල අපේ කුඩාරම් ඇතුලට ගියා මොන නිදිද රෑ 11 විතර වෙනකොට පුදුම හුලගක් තියෙන්නේ අපේ කුඩාරම් හුළගේ යන්න තරම් හුලන් පාර සැරයි කොහොම හරි ඉතින් එදා රෑ බොහොම සුන්දරව පහන් කරේ අහසේ තිබ්බ තරු දිහා බලාගෙන කන්දක් උඩ කුඩාරමක් ඇතුලේ ඉදල අහසේ තරු බලන් ඉන්නකොට දැනෙන සතුට නිදහස කියල නිම කියන්න බෑ මොකද ඒ අත්දැකීම දන්නේ එහෙම හිටපු කෙනෙක් විතරමයි .. රාත්‍රියේ අපේ ආරක්ෂාවට අපේ දඩෝරිය අපේ කුඩාරම් දෙක ලගටම වෙලා හිටිය .. අපි හැමෝම පාන්දර 3.30 එලාම් තියල නිදාගත්ත මොකද අපේ අරමුණ උනේ උදේ රත්කිදට 6.15 එන බස් එකට යන්න ඒක නිසා අපි පාන්දරම ඇහැරලා කුඩාරම් අකුලන් බඩු මුට්ටු ඔක්කොම අස් කරගත්ත ගෙනියපු වතුර බෝතල් ෂොපින් කිසිම දෙයක් ඒ පරිසරයට දාන්නත් එපා තියල එන්නත් එපා මොකද පරිසරේ සුන්දරත්වය තව කෙනෙක්ට විදින්න ඉතුරු කරලා එන්න අපි අපේ කුණු ඔක්කොම එක මල්ලකට දාගත්ත මොකද පහලට ආවම ඒ කුණු දාන්න වෙනම කුණු බඳුන් හදල තියනවා
    .... කොහොම හරි පාන්දර 4 වෙනකොට වැඩ ඔක්කොම ඉවර කරගෙන අපි කන්ද බහින්න පටන් ගත්ත දැන් අපේ මග පෙන්නන්න වුනේ අපේ දඩෝරිය
    StRVacH.jpg

    කන්ද බහින ගමන් ...
    Vs0wF1W.jpg

    kaiPFAS.jpg


    කැලේ මැදින් පාන්දර ජාමේ අපි කන්ද බහිනවා අජිත් අයියා නම් අපිට කියල ගියේ අපි කීයටවත් පාන්දර නම් බහින්නේ නැති වෙයි කියලා දඩෝරියත් එක්කම අපි ආව පැයකින් වගේ අපිට කන්ද බැහැල අජිත් අයියගේ ගෙදර ලගට එන්න පුළුවන් උනා අජිත් අයියට කතා කරලා වතුර එහෙම පුරවගෙන එතනින් පිටත් වුනා අහ්හ්හ්හ් අපේ දඩෝරියට ස්තුති කරන්න ඕනේ අපිට පාර පෙන්නුවට පාන්දර කළුවරේ කලේ මැද්දේ ..

    5.30 විතර වෙනකොට අපි අටන්වලට ආවා එතන ඉදල අපි හෙමින් හෙමින් බස් එක නවත්තන තැනට ඇවිල්ල වාඩි වෙලා හිටිය 6.15 වෙනකොට බස් එක ආවා ඒ බස් එකෙන් අපි ඉලුක්කුඹුරට ඇවිත් එතනින් බැහැල එතන නවත්තල තියනවා මාතලේ නුවර බස් එකෙන් අපි නුවරට ඇවිත් අපේ ගෙවල් කරා පිටත් වුනා ....

    කාලෙකට පස්සේ ලැබුන හොද අත්දැකීමක් ඒ වගේම කියල නිම කරන්න බැරි සුන්දරත්වයක් ඔබත් උත්සහ කරන්න .. හැබැයි පරිසරයට ආදරේ කරනවා නම් විතරක් යන්න මොකද ගිහින් ඒ පරිසරය විනාස කරලා එන්න යන්න එපා මොකද තවත් මේවට ආදරේ කරන පරම් පරම්පරාවකට බලන්න මේවා ඉතුරු වෙලා තියෙන්න ඕනේ .. පොලිතින් නම් රැගෙන නොයනවා නම් හොදයි .. මොකද මානිගල කියන්නේ තාමත් නොනැසී පවතින පරිසරයක් // .. මනිගලට විතරක් නෙවෙයි මුළු පරිසර පද්ධතියටම අප්‍රද්‍රවය නොදා ඉන්න කියල අපි පාර දිගේ කණ්ඩායම වශයෙන් සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා .. පරිසරය රැකගෙන සුන්දරත්වය විදින්න එයයි අපේ එකම පැතුම !!!! ..

    සටහන | ඉරේෂ්

    පාර දිගේ Team
     
    Last edited:

    IreshOnline

    Active member
  • Nov 24, 2014
    128
    122
    43
    Colombo

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    උඹල රෑත් එහේ ඉඳල නේද...?
    පට්ට මචං...පට්ට.....
    රෙප් 6+
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට මචන්.. සුපිරියි..
    අපිත් ගිය මාසෙ ගියා රිවස්ටන් + පතනෙ.. පට්ට විදිහට හුලග සැරයි.. දවසක් කෑම්පින් කරන්න බලාගෙනම ආයිත් යන්න ආස හිතුන පොටෝස් ටික දැක්කම..
    +23